Yellow: The colour of the ignorant

අවැසි විටකදී තම ඇදුමේ පාට කහ පාටට මාරු කරන එක කොයි තරම් පහසු දෙයක් ද?

කහ පාට ඇඳගෙන ක්‍රිකට් මැච් එක බලන්න ගිහින් ඕස්ට්‍රේලියානුවන්ට අපේ කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් රටේ පවතින ආර්ථික අර්බුධය මදකට අමතක කර දැමිය හැකියයි බොහෝ ක්‍රිකට් ලෝලීන් හිතන්න ඇති. එදාට කහ පාට ඇඳගෙන යන්න කියල කොයි තරම් උජාරුවෙන් කතා වෙන්න ඇත්ද? කොතරම් සමාජ මාධ්‍ය හරහා මේ ගැන එකිනෙකා හා සංවිධානය වෙන්න ඇත්ද? රුපවාහිනී නාලිකා මේ ගැන කොතරම් දේශාභිමානයෙන් පම්පෝරී ගහන්න ඇත්ද ? නමුත් කහ ඇඳගෙන යාමෙන් පමණක් අප ලඟා කරගත්තේ කුමන ජයග්‍රහණයක් ද ? තරඟ අවසානයේ ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කණ්ඩායම ආපසු තමන්ගේ මවු රට බලා පිටත් වේවි, ඒත් අපි? අපි තවමත් තෙල් නැති, ගෑස් නැති, බෙහෙත් නැති රටක, නැතිවුන දිනපතා නැතිවෙමින් පවතින බලාපොරොත්තු අතර තව තවත් අතරමන් වේවි.

පිටිය මැද ශ්‍රී ලංකා කණ්ඩායම තම රට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරඟ කරමින් තරඟය ජය ගැනීමට උත්සාහ කරනා සැටි නරඹමින් සතුටු වෙන අප, හැබැහින්ම ජයගත යුත්තේ රට දිනෙන් දින අගාධයට ගෙනගිය තවමත් රට කරවන පාලකයින් පලවා හැරීමේ ක්‍රියාව බව අපට අමතකව ගිය බව ඉතා පැහැදිලිය.

ගෝල් ෆේස් හී රට වෙනුවෙන් දිවා රෑ නිදි නැතිව අනන්ත දුක් විඳිමින් අරගල කරනා ඔබේම සොයුරු සොයුරියන් අමතක කොට, පිටිය පුරාවටම ශ්‍රී ලංකා ධජය වනමින් ශ්‍රී ලංකාව ගැන ආඩම්බර වන ඔබ, ඇත්තටම රටට ආදරේ දැයි ඔබගෙන්ම ප්‍රශ්න කල යුතුය. අරගලයට නායකත්වය දෙමින් ඔබ වෙනුවෙන් රට බේරා ගැනීමට සටන් කල ඔබේම සොයුරු සොයුරියන් සිරගතව ඉඳිද්දී, ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට ක්‍රීඩා පිටියට දිව ආ ඔබ, යන්තමින්වත් රටට ආදරයක් ඇත්තෝද? එසේනම් ඔබට ශ්‍රී ලංකා ධජය වනමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ සැමරිය හැකි වේද? මෙය සිතා බැලිය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩා ජයග්‍රහණයේ උද්දාමයෙන් නැගෙන සංගීත ගෝෂාව, අරගලයේ ජයග්‍රහණය අපේක්ෂාකරන කාල ගෝට්ටිය මොහොතකට නවතා ලිය හැකිමුත්, ජයග්‍රහණයෙන් මිස අතරමග නොනවතින මේ අරගලයේ ගින්න නොනිවී දැල්වෙනු ඇත.

KeshavaArnott

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *