අද ලංකාවේ ජනතාවගෙන් සාතිශය බහුතරය, රටේ රාජ්‍යය පාලන ව්‍යුහය පමණක් නොව, මෙතෙක් පැවති, අදටත් පවත්වාගෙන යන සියලුම ක්‍රමවේදයන් වෙනස් කොට, ජනතාවට වගකියන, ජනතාවගේ අවශ්‍යතාවයන්ට හා විධානයන්ට අනුකුලව කටයුතු කරන, නව ක්‍රම වෙනසක් ඉල්ලා නිරන්තර, නොනවතින අරගලයක නිරතව සිටී. මෙය කළහැකි කාර්යක්ද? කලහැකිනම් ඒ කෙසේද? බොක්කෙන්, හදවතෙන් නොව ඔලුවෙන් සිතා බැලිය යුතුය. එවැනි තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ඉල්ලා අරගලයක නිරතවන ජනතාවකගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නීතියේ ආධිපත්වය නොව නීතියේ ස්වාධීනත්වය ස්ථාපිතකොට පවත්වාගෙනයාමට ඇති බාධක කවරේද?
ගෝටා පමණක් නොව, පාර්ලිමේන්තුව ඇතුළු මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රනය ම ගෙදර යන්න බලකලත්, මේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ඉල්ලා අරගලයක නිරතවන ජනතාවකගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නීතියේ ආධිපත්වය නොව නීතියේ ස්වාධීනත්වය ස්ථාපිතකොට පවත්වාගෙනයාමට ඇති බාධා ඉවත් කල නොහැක. එවැනි බාධා වේ නම්, ඒ කවර බාධාද?
උදාහරණයන් ලෙස, අධ්‍යාපනය ලබාගැනීමේ අසමානතාවයන්, බෞධයන් නොවීම, සිංහල, දෙමල, ඉංග්‍රීසි හෝ මැලේ වැනි එක බාශාවකින් පමනක් ගනුදෙනු කිරීම, ජාතිය, කුලය හෝ ලිංගික නැභූරුව. අරගලය ජග්‍රහණය කරා ගෙනයාමට නම්, අපි මුලින්ම කලයුතු වන්නේ කුමක් ද?
සංවාදයට විවුර්තයි.
Add comment