අපි පසුගිය වසර 74ක් පුරා ඉගෙනගත් සමාජයට අනර්ථකාරී දේ අතහැර, යහපත් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා ඉගෙනගතයුතු අලුත් දේ ඉගෙන ගත යුතුය, අපට නිදහස ලැබුනේ 1948 පෙබරවාරී 4 නොව, 2022 ජූලී 09 ඔටුනුපලන් චෞරයන්ගෙන් අපේ රට මුදවාගැනීමෙනුයි. ආදරණීය ලාංකේය ජනතාවෙනි ජයවේවා! “We must unlearn to learn lessons that we failed to learn for the last 74 years since the so-called independence.”
Sri Lanka July 9 2022
සිද්ධීන් සිදුවෙන්නේ කොක්හඬලමින් සිනාවීමට හෝ පපුවට ගසාගනිමින් හඬා වැළපීමට නොව පාඩම් ඉගෙනගැනීමටය. මහින්ද,ගොටාභය සහ රනිල් ගෙදර යැවීමට බලකරමින් ලද අරගලයේ ජයග්රහණය, අපට පාඩම් ඉගෙන ගැනීමට හැකි බවත්, පාඩම් ඉගෙන ඇති බවත් සනාත කොට ඇත. සටන පටන්ගත්තා පමණි – දැන් මොළ ශුද්ධීකරණය කලයුතුය, වසර 70 ක් තුල ඉගෙනගත්, ඉගෙනගත යුතු නැතිව තිබු දේ ඉවතලා, අලුතින් ඉගෙනගත යුතු දේ උගත යුතුය. සමාජය යහපත්, සැමට හිතකර ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකළ හැක්කේ එවිටය.
Add comment