ජුලි 9 ය 2022 ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නොඅනුමානය.

ඒ, දින අනූවකට අධික කාලයක් හරි හැටියකට කෑමක් බිමක් නොමැතිව, නිදාගන්නට නිසි තැනක් නොමැතිව, අව්වේ වේලී, වැස්සේ තෙමී, නිදි නොමැතිව, දවස පුරාවට ම උගුරේ ලේ රහ වෙන තුරා කෑගසමින් අවසානයේ හොරුන්ගේ මහා එවුන් පන්නා දැමීමට හැකිවූ නිසාය. මේ ජයග්‍රහණය කිසිදා කිසි තැනෙක නොතිබූ, ලෝක ඉතිහාසයේම ලියවෙන සිද්ධියක් වුවාට කිසිඳු සැකයක් නොවන්නේය.
දැන් අපි ඒ ජයග්‍රහණයේ සංතෘප්තිය ලබන්නේය. මීළඟට කලයුතු බොහෝ දෑ සැලසුම් කොට තිබියදී දිනාගත් දෑ ආරක්ෂා කර ගැනීම ගැනද මොහොතක් සිතා බැලිය යුතුය.

ජනතාව අත්පත් කරගත් දෑ ජනතාව සතුවෙන බව නොකිව මනාය. එම සත්‍යයයෙන් බැහැර නොවී ජනතාව අත්පත් කරගත්, ජනතාව සතු දේපල සුරක්ෂිත කිරීමේ කාර්යභාරය ජනතාවම සතුවේ. මින් වඩාත් ම වගකීමෙන් කටයුතු කල යුතු වන්නේ අදටත් අරගල භුමියට නායකත්වය දෙන කණ්ඩායම්ය.

ශ්‍රී ලංකාව 74 වසරක් පුරාවටම සුරා කෑ මේ හොරු රැල, ශ්‍රී ලංකික බහුතරයකගේ මානසිකත්වය හොඳින් අධ්‍යයනය කර සිටි බවක් අප නොවලහා පිළිගත යුතුය. හැත්තෑ හතර වර්ෂයක් ශ්‍රී ලාංකිකයින්ගේ ලේ තුල දිවූ ආත්මාර්ථකාමය මෙයට මුල්‍ය සාධකය වන්නට පුළුවන. අරගලය ආදරයේ අරගලය වුයේද මේ හෙයිනි.

අප 9 වෙනිදා අරගලයට පැමිණි ජන සංඛ්‍යාව ගැන සිතා බැලුව හොත් මිලියන 22කින් කොයි තරම් ප්‍රමාණයක් එහි එන්නට ඇතිද? අඩුම තරමේ 1/22 ක්, මිලියනයක් වත් එහි නොවිය, උපරිමය ලක්ෂයක් හෙවත් මිලියනයකින් 10න් පංගුවක් එහි එන්නට ඇත. අද ව්‍යවහාරයේ පවතින බය්යියන් ද සෑහෙන ප්‍රමාණයක් එහි ගැවසෙන්නට ඇත. එසේ නම් රට වෙනුවෙන් උණ්ඩයට හෝ මුහුණදීමට සුදානම්ව ගෝල් ෆේස් පැමිණ ඇත්තේ 1/220 යයි අනුමාන වශයෙන් කිව හැක. ප්‍රතිශතයක් හැටියට ගත හොත් 0.45% කි.
මින් අපට දෙන පණිවිඩය කුමක්ද? ඕනෑම කෙනෙකුට ඕනෑ ම සොරකමක් කිරීමට චන්දය දීමට අනෙකුත් 99.55% කැමැත්තෙන් සිටිනා බවද?
නැත. ඒ, එතරම් ප්‍රමාණයක් දූෂිතයෝය. රාජකාරිය කරනා තැනින්, පෑනක් වත් ගෙදර නොගෙනා එකෙකුවත් උන් අතර නැති නිසාය.
එසේනම් මහජනයා සඳහා විවුර්ත කරනා ලද අපගේ (මහජන) දේපළ බලා කියා ගන්නට පෙරහරක් සේ පැමිණෙනා මිනිසුන් අතරද මේ බහුතර දුෂිතයින් නො සිටින්නට ඇති කිසිවෙකුට කිව හැකිනොවේ. ඔවුනට ඔවුනගේ නිවසේ පෞද්ගලික පරිහරණයට ඇති දෑ හැර රජය සතු පොදුදේපළ ඔවුනගේ නොවේය. එසේ නොමැති නම් එවුන් ගෝල් ෆේස් අරගලයේ තරුණයින් සමග එකතුවිය යුතුව තිබිණි, නමුදු එය එසේ නොවිය. මහපාරේ කෙල ගසන මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් ඇතිද? රාත්‍රියේදී අනුන්ගේ වත්තකට හෝ පහන් කණුවක් යටට කුණු අතර දමනා මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් ඇතිද?

අරගල දිනාගැනීමෙන් පසු අරගලකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ මේ දුෂිතයින් ගේ සිත් සතන් පුනරුත්තාපනය කිරීමේ ක්‍රියාවලියයි. පොදු දේපල තමන්ගේ දේපළ ලෙසත්, මිනිසුන් සියල්ල මිනිසුන් ලෙසත්, ගැහැණිය සහ පිරිමියා අතර සමානාත්මතාවයත්, සියලූම ජාතීන් එකම මිනිසුන් වෙන බවත් විවිධ ආගම් අදහන්නෝ එකම මිනිසුන් වන බවත් අවභෝද කර ගැනීමට හැකිවෙන සේ ඔවුන්ගේ චින්තනයේ වෙනසක් ආරම්භ කිරීමය. එමගින් හැර වෙන කිසිම අයුරකින් මේ මහජන දේපල විනාශය පාලනය කර ගත හැකි නොවෙනු ඇත. දැන් මේ දේපල හානිය වී අවසානය. එ නමුත් එය දිගින් දිගටම සිදුවීම වලකාලිය යුතුය. අනාගතයේ පොදු දේපල තමන් ගේම දේපල ලෙසට සිතනා මිනිසුන් ගොඩ නැගිය යුතුව ඇත. එයින් රටට වැඩක් මිස අවැඩක් නොවන්නේය.

ගෝල් ෆේස් පිටියෙන් ආරම්භ කල ආදරයේ අරගලය මේ ඔටුනු පලන් චෞරයින් පැන්නිමෙන් පමණක් නිමා නොවෙනු ඇත. මිනිසුන්ගේ චින්තනය වෙනස්කිරීමේ මහා අරගලය ආරම්භ කොට එයද නිසැකයෙන්ම ජයගත යුතුව ඇත. එසේ නොමැති වූවොත් යලිත් වරක් ජූලි 9 වෙනිදාවක් උදා වෙනු නොඅනුමානය.

මේ ආදරයේ අරගලය ආරම්භ වූවා පමණි.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *