අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.
දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.
ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.
මම හිතනවා උඹට තේරෙනවා කියල, දවසේ අවසානයේ අපි දෙන්නගෙම ඇස් වලින් වැටෙන කඳුළු වැටෙන්නේ අපි රකින්න මහන්සිවෙන එකම පොලවටයි කියල.
නමුත් මම හිතන්නේ මම වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ.
උඹට තේරිලා නැහැ මගේ කඳුළු වල බර, මොකද ඊළඟ කඳුළු ගෑස් කැනිස්ටරේ වැටිලා අවට දුමාරයෙන් පිරෙන විට අපි වටා පැතිරෙන්නේ නුඹේ මනුෂ්‍යත්වයේ තරම.
මගේ කඳුළු නුඹට නොපෙනේවි ඉතින්, නුඹ අපි දෙදෙනාම රකින්නට තැත්කරන රට විනාශ කරන උන් වෙනුවෙන්ම පෙනී සිටිනා හෙයින්.

~ උමේෂ් ~

Add comment

Your email address will not be published. Required fields are marked *