අද ලංකාවේ පවතින අනර්ථකාරී වාතාවරණය සහ එයට ප්රස්තුතවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රමය ගැන කතාකරන බොහෝ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිතර මතුරන දැනට බොහෝ ජනප්‍රියවූ උදෘතයක් වේ. ඒ ව්‍යවස්තානුකුලව, ප්‍රජාතාන්ත්‍රිකව, සර්වපාක්ෂිකව එසේත් නැතහොත් මහාජන අරගලයකින් හෝ කලයුතු ක්‍රම වෙනසක් පිළිබඳවයි. සැබවින්ම, පසුගිය අවුරුදු 74ක් පුරාවට සිදුවුන, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප, අප වෙනුවෙන්ම, අප අතරින්ම තෝරාගත් නියෝජිත ගොන්නුන් ලවා ( ගොනා යන යෙදුම, ගොනාට අපහාස කිරීම සඳහා නොවේ) ලගාකරගත් නස්පත්තියෙන් ගොඩ ඒමට නම් ක්‍රම වෙනසක් අවශ්‍යමය. උභතෝකෝටික ප්රශ්නය වන කලයුතු ක්‍රම වෙනස කලයුත්තේ දැනට පවතින ක්‍රමය වෙනස් කිරීමෙන්ද, එසේත් නැති නම් පවතින ක්‍රමය ඉදිරිපත් කොට, පවත්වාගෙන යමින් පැවතෙන ජරාජීර්ණ වූ මිනිසුන් වෙනස් කිරීමෙන්ද යන්න ක්‍රම වෙනසක් ගැන කතාකරන දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිකමට වත් කතා කර නොමැත. එය අහඹුවක් නොවන බව මේ ලියුම් කරුගේ අදහසයි.
මා දන්නා තරමට දැනට මේ ගැන තම පක්ෂය තුලත් බහුජන සමාජය තුලත්, ඔවුන් ක්‍රියාකාරීව ජන අරගලයේ නිරතවන වැඩබිම් තුලත්, පිටත් ප්රාමානික කතිකාවක් ගොඩනගා ඇති එකම දේශපාලන පක්ෂය පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. පුද්ගලයෙකු හෝ ඔලුගෙඩියක් මාරුකිරීමට 69 ලක්ෂයක් චන්දය දුන් ලාංකික ජනතාව, මිනුසුන් වෙනස් කිරීමෙන් සමාජය වෙනස් කරමු යනුවෙන් දේශපාලනයේ බොහෝ කැපකිරීම් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලබා දුන්නේ චන්ද 8000 ක් පමණි. ඔවුනට චන්දය දුන් ඒ මිනුසුන් තම ප්‍රජාව ගැන “සහකම්පනයෙන්” හොඳ සමාජයක් අපේක්ෂාවෙන් ස්වයංව වෙනස් වූ මිනිසුන් බව මගේ හැගීමයි.
මයිනා ගෝ ගම, ගෝටා ගෝ ගම වෙනුවෙන් ගාලුමුවදොර අරගලයට එකතුවූ ලංකාවේ මධ්‍යම පාන්තික තරුණ හා වැඩිහිටි ප්‍රජාවට අවුරුදු 30ක අමානුෂික යුද්ධයේදීත් , තරුණ නැගිටීම් දෙකකදීත් 83 කළු ජුලියේ දීත් ඇති නොවුන “සහකම්පනය – Empathy” ගාලුමුවදොර අරගලයට දායකවීමට බලපෑ බව හිතාගැනීමට අසීරුය. ගාලුමුවදොර අරගලයට එකතුවූ ලංකාවේ මධ්‍යම පාන්තික තරුණ හා වැඩිහිටි ප්‍රජාවට”සහකම්පනය” වෙනුවට තිබුනායයි සිතිය හැක්කේ එදා ගෙදරටම ගෙන්වා ගත් සියලුම අවශ්‍ය හා අත්‍යවශ්‍ය දේ ගැනීමට පෝලිං ගානේ තපින්නවීමයි. තෙල් ප්‍රශ්නයද, ගෑස් ප්‍රශ්නයද, අත්‍යාවශ්‍ය ආහාර ප්‍රශ්නයද කොහෙන් හෝ හිගාකා රනිල් වික්කම සිංහ නැමති ලාංකීය දේශපාලන පසමිතුරා යන්තමින් හෝ විසදුවහොත්, අවුරුදු 74ක් පුරාවට තම මුලික අයිතීන් දිනාගැනීම වෙනුවෙන් නිරන්තර අරගලයක යෙදුන හොඳින් සංවිධානය නොවුන ලාංකීය නිර්ධන පංතිය හැරුනුකොට මයිනා ගෝ ගම, ගෝටා ගෝ ගම වෙනුවෙන් ගාලුමුවදොර අරගලයට එකතුවූ ලංකාවේ මධ්‍යම පාන්තික තරුණ හා වැඩිහිටි ප්‍රජාව කොහේදැයි සොයාගැනීමටත් නොහැකිවෙනු ඇත.
“Yesterday I was clever, I tried to change the world. Today I am wiser, I decide to change myself” Jalaluddin Rumi – 13thCentury Persian Poet.
Add comment