Layout A

අන්ධයින් සූරාකන බාලයින්

මාස කිහිපයකට පෙර පෞද්ගලික කටයුත්තක් සඳහා සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මා, මාගේ මිතුරියක් (ගීතා ලෙස නම් කරමි) විසින් ජෙරමි ප්‍රනාන්දු ගේ Miracle Dome (ආශ්චර්‍ය ගෝලය) වෙත මාද කැඳවාගෙන ගියේ මොන අරමුණකින් ද යන්න වග මට අදටත් පවතින ගැටලුවකි.
මගේ දෑසින්ම දැක අත්විඳි යමක් ලියා තැබීම වැදගත් යයි සිතු හෙයින් සකල ජනතාවගේ යහපත පිලිබඳ මෙයා ලියා දන්වන්නට තීරණය කලෙමි.
වසර 35කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටි උපතින්ම බෞද්ධයෙකු වූ මා, බුදුන් දෙසු දහමින් පිට වෙනත් නිකායන් පිලිබඳ බොහෝ පොතපත කියවා තිබුනද ජෙරමි වැන්නෙක් ගැනවත්, ඔහුගේ ක්‍රියා කලාප පිළිබඳවත් මින් පෙර කිසි දිනෙක අසා නොතිබුණි.
ඉතා විශාල ධනස්කන්ධයක් යට කර තනා තිබූ මෙම ගෝලය ඉතා ඉහල තත්වයකින් නිමවා තිබු අතර දහස් ගණනින් රැස්වූ අනුගාමිකයින් ගිනි අව්වේ දැවෙමින් දෙවියන් යදින්නට ඇති පෝලිමේ පොර කෑ අතර, එතෙරින් පැමිණි අය උදෙසා තිබු විශේෂ දොරටුවෙන් ඉතා පහසුවෙන් ඇතුළු වී මෙය නැරඹීමට ඉදිරිපෙළ ආසනයක හිඳ ගැනීමටද මට අවස්ථාව උදා විනි.
ගෝලය තුල තිබු විශාල ඩිජිටල් තිර මත නොනවත්වා දරෂනය වෙන ජෙරමි ගේ අතීත හාස්කම් දෙස බලමින් ඔහුගේ , ඔහු අලෙවිකරණ ක්‍රියාවලිය දෙස බලා සිටියේ උඩ බලා සිටිනවාට වඩා වෙන විකල්පයක් මා හට නොතිබූ හෙයිනි. ඔහුගේ දියණිය විසින් ආරම්භ කරන ලද තරුණ කණ්ඩායම් වල ක්‍රියා කලාපද, ඔහුගේ භාර්යාවගේ ක්‍රියා සහ ජෙරමි ගේ මැජික් හැර වෙන ගතයුතු දෙයක් මේ තිර මත ප්‍රදර්ශනය නොවීම දිවැස් ලත් ඔහුගේ හාස්කමක් ද විය හැකි යැයි මට සිතිනි.

පැය කිහිපයකට පසු ජෙරමි (මාගේ මිතුරිය, ගීතාට අනුව දිවැසියානෝ) වේදිකාව මතට සම්ප්‍රාප්ත විය. වර්‍ණ දෙකකින් සමන්විත කබායක් පැළඳ සිටි ඔහු මානසික රෝගියෙක් වියහැකි යැයි ඔහු දකිනා ඕනෑම කෙනෙකුට සිතිය හැකිය. ඔහු අත තිබු මයික්රෆෝනය දෙවියන් විසින් ඔහුට ලබාදුන් බවත් එය දියමන්තියෙන් සරසා ඇතිබවත් ඔහු සඳහන් කළේය.

තත්වය බැරෑරුම් වුයේ ඉන් පසුවය. මේ ගෝලය තුල රැස්ව සිටි 5000 කට ආසන්න ජනතාවගෙන් කිහිප දෙනෙකුට හැර අනෙකුත් සියල්ලන් ම ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට පවා ඉංග්‍රීසි අක්ෂර දැක තිබේදැයි සැකසහිත වූ පරිසරයක ජෙරමි කතා කරනුයේ ඉංග්‍රීසියෙන් සහ තවත් මොකද්දෝ භාෂාවකින් පමණක් වීමය. සමහරවිට අනෙකුත් භාෂාව අප නොදන්නා දිව්‍ය මය භාෂාවක් වියහැකි හෙයින් මාද ඒ පිලිබඳ කනස්සලට පත් නොවී සිටීමට වගබලා ගතිමි.

ප්‍රහසනය වූයේ ජෙරමි පසුපස ඔහුගේ වලිගය මෙන් මයික්රෆෝනයක් රැගෙන ගමන් ගන්නා පුද්ගලයාය. ජෙරමි ඉංග්‍රීසියෙන් කියවනා වචන සිංහලයට පරිවර්තනය කර ප්‍රකාශ කිරීම ඔහුගේ කාරය්ය වූ නමුදු, බොහෝ දේ හරියාකාරව පරිවර්තනය කිරීමට ඔහු අසමත්වීම විශාල ගැටළුවක් විය. විටෙක ජෙරමි තම කතාව නවතා ඔහු පෙර කියූ වචන ජෙරමි විසින්ම සිංහලයට හරවා කීම හාස්‍ය ජනක වේදිකා නාට්‍යයක් නැරඹීමක් වැනි වූ හෙයින් වට පිට බැලූ මා, එහි මා සමග සිනාසීමට වත් කෙනෙකු නොවීමෙන් අතරමන් වුයෙමි, සියල්ලෝම ජපකළ මන්තරයකට හසුවී එහා මෙහා වැනෙන අන්ධ භූතයින් වැනි විය.

කෙසේ වෙතත් තවත් පැයකට පමණ පසු ජෙරමි, දෙවියන්ගේ පණිවිඩය සහ ඔහුගේම සොයා ගැනීම් රැස්ව සිටි ජනතාව අතරට හඳුන්වා දිනි. ඔහු පවසන ආකාරයට, (ඉංගිසියෙන්) your faith, what you see, what you hear, what you smell, what you taste and what you touch අපට දැනීම සහ අවභෝදය ලබාදෙන අතර ඔහුගේ (එදින ප්‍රථම වතාවට එලි දැක්වූ) නව සොයා ගැනීම (7th sense) වුයේ what you think. රැස්ව සිටි 5000කට අධික සෙනග මහා හඬ දී ඔහුගේ මෙම සොයාගැනීම ට තම සතුට පලකල අතර මම, බුදුන් දෙසූ දෘෂ්ටි වික්ඥානය, ශෝත්‍ර වික්ඥානය, ඝාණ වික්ඥානය, ජ්ව්හා වික්ඥානය, කාය වික්ඥානය සහ මනෝ වික්ඥානය මෙයම නොවේදැයි සිහිපත් කලෙමි. බෞද්ධ නොවෙන මහා ජනතාවකට වෙනත් අයුරකින් බුදුන් දෙසූ දහමේ කොටස් ඔහුගේ (හෝ ඔහුගේ දෙවියාගේ) මෙන් ප්‍රකාශ කිරීම ම හාස්‍යයට කරුණක් වූ අතර අන්ධ මූඩ භක්තිකයින් රවටා මුදල් ගැරීම අතීතයේ සිටම පැවත එන හෙයින් මේ පිලිබඳ දුක්වීමෙන් පලක් නොවෙන බව මම අවබෝධ කර ගතිමි.
මහා ඔල්වර සන් හඬ මධ්‍යයේ, යම් දිනෙක ශ්‍රී ලංකාවේම ප්‍රධාන ආගම ජෙරමි ගේ ආගම කිරීම ඔහුගේ පරම පවිත්‍ර චේතනාව වෙන බවද ඔහු රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කළේය. ඒ තරම ඔහුගේ සහායකයින් සංගීත වාදනයක් කල අතර තව පිරිසක් ලොකු අකුරින් “ඇවිත් බලන්න” ලියා තිබු බැනරයක් ඔසවාගෙන ශාලාව පුරා එහා මෙහා ගමන් කරන්නට විය. මෙයද, බුදුන් දෙසු වදනක් වූ “එහි ඵස්සිකෝ” හෙවත් “එව බලව” යන්න බව රැස්ව සිටි පිරිස නොදැන සිටිනවා විය හැකිය.
තවත් මෙකී නොකී බොහෝ දෑ සිදුවූ අතර, ගීතා ජෙරමි හමුවී ඔහුගේ ආශීර්වාද ලබා ගැනීමට යෑමට මටද සම්බන්ධ වෙනසේ ආරාධනා කලවිට, මා මේ කිසිවක් විශ්වාස නොකරන බව නැවතත් ඇයට සිහිපත් කර දෙමින් මා ද ඇය හා ආශීර්වාද පෝලිමට එකතු වූයෙමු. ගීතා මීට පෙර පිළිකා රෝගයකින්පෙලී ඉන් අනතුරුව යුරෝපා රටෙක වයිද්‍යයවරුන්ගෙන් නිසි ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටි අතර ඇයගේ පවුලේ පිළිකා රෝගයෙන් මියගිය සහ ඉන් පෙලෙන අයගේ චායා රුප සහිත A3 ප්‍රමාණයේ කඩදාසියක් මෙහි රැගෙන විත් තිබුණි. ඒ (ජෙරමි) දිවැසිවරයාගේ ආශීර්වාදය ලබාගැනීම සඳහාය.
මෙම චායාරුප අතර එම මොහොතේදී මහරගම පිළිකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස මාස 5ක් වූ ගීතාගේ ඥාතී ළදරු පුතෙකුගේ රුපයක් ද විය. මාගේ මිතුරිය ජෙරමි, දිවසිවරයාට මේ පිලිබඳ විස්තර දැන්වූ විගස, ඔහු එම A3 පත්‍රය බිමහෙලන ලෙස ගීතාට දැන්වීය, ඒ වහාම ඇය එම පත්‍රය බිම හෙලු අතර ජෙරමි, ඒ පත්‍රය මත ඔහුගේ දකුණු පය තබා ගීතාට ආශීර්වාද කල අතර තව මාස තුනකින් මෙම දරුවාට නිට්ඨාවටම සුව පත් වෙන බවද, මේ පිළිකා රෝගය ඔවුන්ගේ පරම්පරාවෙන්ම මුලුමනිම ඉවත් කල බවද , මින් පසු ගීතාගේ පවුලේ කිසිවෙකුත් මේ පිළිකා රෝගයෙන් නොපෙළෙන බවටත් ප්‍රතික්ඥ දී, ළදරුවාගේ පියා ට දරුවා මත තැබීමට සුදු පැහැති රෙදි කැබැල්ලක් ද ගීතා අතට ලබා දුනි. නිශ්ශබ්දව මේ සියල්ල දෙස පසෙකට වී බලා සිටි මා අසලකටවත් නොපැමිණි, මාදෙස බැලූ ජෙරමි “I Like you” ඉංග්‍රීසියෙන් කියා ඉන් ඉවතට පියමන් කල සැනින්, පැය 6කට ආසන්න කාලයක් මෙම ගෝලය තුල සිට හෙම්බත්වූ මම මින් පිටවීමට කාලය හරි බව ගීතාට දැනුම් දුන්නෙමි. ඉන් අනතුරුව අප දෙදෙනාම ජෙරමි ගේ ගෝලයෙන් පිටත් වී දවසේ ඉතිරි කටයුතු සඳහා පිටත් වූයෙමු.

උදෑසන 10ට පමණ ගෝලයට ඇතුළු වූ අප, ජෙරමිගේ ගෝලයෙන් පිටවන විට පස්වරු 4 පසුවී විනාඩි 30 වී තිබුණි. වාහනයට නැගී අප කොළඹ බලා පිටත් වීම ආරම්භ කල අතර විනාඩි කීපයකට පසු මා මිතුරිය, ගීතා මට ඇයගේ ජංගම දුරකථනයට ලැබී තිබු පණිවිඩයක් පෙන්වීය. එය ඇයට ලැබී තිබුනේ දහවල් 12 පසුවී විනාඩි 30ක් ගතවූ පසුවය. එහි මෙසේ ලියා තිබුණි. ” Our son has died this morning, funeral will be held tomorrow 2pm at Maharagama hospital cemetery”. අපේ ආදරණීය පුතා අද උදෑසන මිය ගියා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 2ට මහරගම රෝහල් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Read More

Layout A (slider)

ආණ්ඩුබලයට එරෙහිව රාජ්‍ය බලය (Deep State)

පසුගිය 12වෙනිදා (දෙසැම්බර) “දුෂණ විරෝධී දිනය” සමරමින් රැස්ව සිටි මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍යය යාන්ත්‍රණයේ පාලනය සඳහා වගකිවයුතු නිලධාරීන් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ අය මෙතෙක් කර ඇති සේවය, කලයුතු සේවය සහ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ වගකීම හා හර්දසාක්ෂිය ප්‍රශ්න කරමින් කතා කලේය. වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න.

ලංකාවේ මෙතෙක් කිසිම ජනාධිපති වරයෙකුට කතාකරන්නට සිදුනොවුන, දසවෙනි ජනාධිපතිවූ අනුර කුමාර දිසානායක තම රාජ්‍ය නිලධාරීන් හමුවේ කල කතාවෙන් ගම්‍ය වන්නේ කුමක්ද? කිහිප විටක්ම තම ලයට අත තබාගනිමින් තමා හොබවන විධායක දේශපාලන අධිකාරියේ දුෂණය පිටුදැකීමට දියහැකි නායකත්වය දෙන්නට සහතික කරමින්, වංචා හා දුෂණ පිළිබඳව ලෝක දර්ශකයේ රටවල් 180 කින් ලංකාව 101 වැනි සිටීම ගැන වගකිවයුතු යැයි කීවේ කවුරුන් ගැනද?

ඒ අතරම – (උපුටා ගැනීම 1) “නීතිපති දෙපාර්තමෙන්තුවේ ඇති සමහරක් විමර්ශන අවසන් නොකළ ලිපිගොනු වසර හතක කාලයක් දිරාපත් වෙමින් ඇත්තේ කෙසේද?” (උපුටා ගැනීම 2) “සමහර ලිපිගොනු උඩට එන්නෙත්, සමහ ඒවා යටයන්නෙත් කොහොමද?”. (උපුටා ගැනීම 3) “වරද ඇත්තේ වෙන කොහෙවත් නොවේ, වරද ඇත්තේ මෙතැනයි” – ජනාධිපති අනුර දිසානායක.

ලංකාවේ මෙතෙක් රජකල සියලුම ජනාධිපතිවරුන්ට අඩුවැඩි වශයෙන් ආණ්ඩුබලයද රාජ්‍ය බලයද තිබුනේය. කලම්බෝ ටෙලිග්‍රාෆ් පුවත් පතට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිට්ටුම ඥාතීන් 31 දෙනෙකු රාජ්‍ය යාන්ත්‍රණයේ තීරණ ගනිමින් සිටියෝය.

මොනතරම් ජනතා ප්‍රසාදයකින් හෝ බලයකින් ආණ්ඩුබලය ලබාගත්තද, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට නැත්තේ අවශ්‍යයෙන්ම තිබිය යුතු ඒ රාජ්‍ය බලයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක අසරණව, ලය පාරවා ගනිමින්, පිළිගනිමින් ප්‍රකාශ කරන්නේ, මෙතරම් විශාල ජයග්‍රහණයක් සමග ආණ්ඩුබලයක් ලබා තිබියදීත් තවමත් රටේ රාජ්‍ය බලය හොබවන්නේ මහින්දගේ, මෛත්‍රීගේ සහ රනිල්ගේ හෙන්චයියන් කියා නොවේද? එසේත් නැතිනම් රාජ්‍යය තුල ඇති තවත් අදිසි රාජ්‍යයක් (පාර රාජ්‍යය – Deep Sate) විසින් කියා නොවේද?

පාර රාජ්‍යය – Deep Sate – නිර්වචනය (උපුටමුලාශ්‍රය ABC News)

The Deep State – The term “Deep State” refers to a cadre of career government employees who work together to secretly manipulate government policy and undermine elected leaders or political appointees. These people can hold positions in the military, intelligence, or other government areas, such as bureaucratic agencies.

Read More

දඩයම, දඩයක්කරු විය

එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA – Prevention of Terrorism Act ) හා අනෙකුත් මර්ධනකාරී පනත් අහෝසි කරනලෙස ඉල්ලා විරෝධතා රැලිවල පෙරමුණ ගත් වර්තමාන අගමැතිනිය වන හරිනි අමරසූරිය ඇතුළු මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ අද සිය නිරුවත පෙන්වමින් මුනිවත රැකීම, අසීමිත බලයකින් දේශපාලන අධිකාරිය අතට ගත් ජාතික ජන බලවේගය රජය එම පනත ඔවුන්ගේ වචනවලින්ම කියතොත් “එක පෑන් පාරින්” අහෝසි නොකිරීමෙන් එල්ල කර ඇත්තේ එදා ජේ ආර් ජයවර්ධන පනත සම්මත කර ගැනීමෙන්, පාවිච්චි කිරීමෙන් සහ පවත්වා ගෙන යාමෙන් කළාටත් වඩා මාරු පහරකි.

බොරුව වැපිරූ කමතක උදුරා දැමිය යුතු වල්පැලෑටි වන්නේ “සත්‍යයයි”. ජනතා පරමාධිපත්‍යය, නීතියේ විධානය, සැමටම එකනීතියක් සහ ජනතා බලාපොරොත්තු සපුරන පුනරුදයක් යනුවෙන් ජනප්‍රියවාදී ( Populist ) දේශපාලන උදෘතයන් තෝරාගෙන දේශපාලන අධිකාරියේ බලය අතට ගන්නා ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී සහ වාම නැබුරුවක් ඇති යයි කියාගන්න සියලුම දේශපාලන පක්ෂ කරන දේ කියන, කියන දේ කරන සැබෑ ජනතා නියෝජිතයින් යයි ලාංකික ඉතිහාසයේ මෙන්ම අදද ඔප්පු කර නොමැත. රජවාසලට හකුරු සපයන්නාගේ “කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි” යන කටේ සීනි දාන්න වටින පැරණි කියමන තමන් පමණක්ම සුදනන් කියාගන්නා “මාලිමා රජයට” අනෙක් සියලුම දේශපාලන පක්ෂවලට වඩා හොදින් නොගැලපෙන්නේද?

Read More

පරිහානික සමාජයක් පුනරුද සමාජයකට පරිවර්තනය කිරීමේ අභියෝග

ජාතික ජනබලවේගය ලැබූ ඓතිහාසික ජනවරම, ජනාධිපතිවරණයට පෙර කල පොරොන්දු, ජනාධිපතිධුරයට පත්වූ පසු අනුර කුමාර දිසානායක දුන් පොරොන්දු සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරදුන් පොරොන්දු වලට ලැබුන මන්ත්‍රී ආසන 159 ක මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් නොලැබූ ජනවරමක් ලැබූ ජනාධිපතිවරයෙකු ක්‍රියාකරන ආකාරය ගැන ජාතික ජනබලවේගයට චන්දය දුන් නොදුන් සියලු ලාංකික ජනතාව සුභවාදීව මෙන්ම විමර්ශනාත්මකවද අධ්‍යනය කල යුතුය. ඇයි මේ සැකය, වසර 76 ක් රැවටුන අපි, තවත් කී වතාවක් රැවටිය හැකිද, රැවටෙයි ද යන සාධාරණ සැකය අපතුල තිබිය යුතුය. එසේ නොමැතිනම් ඕනෑම ජනතාවකට දේශපාලන, ආර්ථික හා මානව සමාජීය නිදහස ලබාගැනීමට අපට ඇති විශ්වීය අයිතිය හුදු සටන්පාට වලට පමණක් උණනය වේ.

පසුගිය ඔක්තෝබර 14 වෙනි දින ගෝලීය එස් සහ පී ( S&P Global) ආයතනයෙන් නිකුත් කර ඇති නිවේදනය රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇති පරිධි “ඉහළ ණය සහ ණය ගැනීමේ පිරිවැය වැඩිවීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණයබර වූ බොහෝ රටවල්, පසුගිය දශකයට වඩා ඉදිරි දශකය තුළ ඔවුන්ගේ විදේශ මුදල් ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ඉඩ ඇති බව වාර්තා කරයි”.

2024 පෙබරවාරි වන විට, පහත රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වල විවිධ අවධීන් වල නිරත විය: (සුරිනාම්, සැම්බියාව, ශ්‍රී ලංකාව, ඝානාව සහ ඉතියෝපියාව).

IMF හි ස්වෛරී නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු වෙමින් පවතින අතර සමහර රටවල් වේගවත් ගිවිසුම් දකිනු ඇත. මෙයට හේතුව, පාර්ශවකරුවන් එකට වැඩ කිරීමේ වැඩි පළපුරුද්ද ලබා ගැනීම සහ ආරක්‍ෂාව සහ සහතික කිරීම් පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම.

ලංකාවේ නව ජනපති අනුර කුමාර දිසානායක තවමත් මේ ආර්ථික පරිහානියේ ඉම මත්තේ ඉන්නේ බොහෝ රටවලට අනිෂ්ට ප්‍රතිපල ලබාදී ජාතීන් වශයෙන් අන්ත අසරණබවට පත්කළ ජාත්‍යන්තර ණය උගුලේද, ඔවුන්ට අවශ්‍යවන පරිදි සැකසු ණය ප්‍රතිවිවුහය ගතකරනයේද එහෙමත් නැතිනම් සැබෑ ජනසම්මතවාදී, ලැබූ ජනවරමට හිස නමන, ජනතා විමුක්ති පෙරමුණේ “බෝල්ෂෙවික්” යයි කියාගන්නා අභ්‍යන්තර යාන්ත්‍රණයේ අපේක්ෂිත උවමනාවන්ට අනුකුලවද නැතිනම් පුද්ගලයින් කේන්ද්‍රකරගත් ජනප්‍රියවාදී (Populist Centre Left ) දේශපාලනයේ යෙදී සිටින හා ඊට නායකත්වය හා අනුබල දෙන දකුණට බරවූ ජනාධිපතිගේ සියලු පාර්ශවයන් සතුටින් තැබීමේ, ඔහුගේම වචන වලින් කිවහොත් “මාගේ ධුර කාලය තුල” ජනතාව වෙනුවෙන් මා කල යුතු දේ නොව, මට සහ මගේ ආණ්ඩුවට කලහැකිදේ කිරීමද? නැතිනම්, සැබෑ ලෙසම 2022 රජුන් පලවාහරිමින් මන්දීර දෙදරවූ අරගලයට මුලිකවූ ජනතා අපේක්ෂා ඉටුකිරීමද?

පරමාර්ථ සත්‍යයට අනුව ජීවිතයේ අප ගෙවන සැම තත්පරයක්ම අරගලයකි, දිනාගැනීම සදහා සටන් කලයුතු අරගල කල යුතු ජීවිතයක, අරගලයකින් තොර  ආත්මීය, සමාජීය, මානසික හෝ දේශපාලන නිදහසක් නැත.

Read More

ඉතාම ඉක්මනින් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?

පුදුම හිතෙන, නමුත් පුදුම වෙන්නට දෙයක් නැති පණිවිඩයක් බුකියේ දාල තිබුන.
” ඉතාම ඉක්මනින් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? “
දැක්කම හිරිකිතයි, නමුත් මේක තමයි අපේ මිනිස්සුන්ගේ මානසික තත්වය.

මොකක්ද හිතෙන්නේ?

මිනිස්සු ඔක්කොටම ඉතාම ඉක්මනින් සල්ලි හම්බ කරන්න ඕනෑ වුනොත් කොයි වගේ වෙයි ද?
මුකුත් ම වෙන එකක් නැහැ. ඒ මොකද දන්නවද ඒක තමයි සියයට 90කට විතර ලංකාවේ මිනිස්සුන්ට හැමදාම තියෙන මානසිකත්වය. ඔන්න ඕක නිසා තමයි ඉතා ඉක්මනට වෙනස් වෙන්නෙත් නැති system එකක් අපේ රටේ තියෙන්නේ.

උදේ පාන්දරම දවල්ට බත් වඩියක් බැඳගෙන ගෙදරින් පිටවෙලා වීල් එකේ රවුමක් දෙකක් ගිහින් බුකියේ අතරමන් වෙන ගොඩක් මිනිස්සු හිතන්නේ ඔන්න ඔය විදිහට තමයි. මහන්සියට හරියන්න ගානක් අතට දීලත් හදිසියකට වත්තක් සුද්ද කරගන්න, පොල් ගෙඩියක් කඩා ගන්න, වහලේ උළු කැටයක් තියා ගන්න, වැටට ඉන්නක් හිටව ගන්න මිනිස් පුළුටක් සොයාගන්න නැහැ. නමුත් ඔනෑම පාරක් දිගේ ගියොත් නිකංම නිකං අලගු තියාගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? නමුත් ඒ ඔක්කොම බලාගෙන ඉන්නේ ඉක්මනින් ම සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල. දැන් ඉතින් අපි system change කරන්නේ කොහොමද?

ඉක්මනින් සල්ලි හම්බ කරන්න අවුරුදු 76ක් එක එකාට චන්දෙ දීල තවමත් ඒකට හරියන ක්‍රමයක් සොයා ගන්න බැරි වුනු මේ අය, මේ ගමන මාලිමාවේ උතුරු දිසාවට හැරිලා තියෙන කටුවේ එල්ලුනේ ඉක්මනින් ම සල්ලි ටිකක් සොයා ගන්න ක්‍රමයක් බලා පොරොත්තුවෙන් වත් ද ? මාලිමාවේ උතුරු කටුවට ඔච්චර දෙයක් කරන්න බැරි බව දැනුන දවසක මේ අයම ආයිත් මොනවා කරයි ද?

ඉතින්, මේකට මොනවද කරන්නේ? ඉහල ඉඳන් පහළටත්, පහල ඉඳන් ඉහළටත් ජරා ජීරණ වෙලා තියෙනේ මේ පාවෙන ජීවිත වලට ස්ථිර සාර අත්තිවාරමක් දාන්න අනුර ඇතුළු 22ක්ට විතරක් පුළුවන් ද? හරි, අපි 159ම ගත්තත් ලක්ෂ 55ක බලාපොරොත්තුව ඉටුකරන්න දවස් 1825ක් මාලිමාවට ඇති වෙයි ද?

ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. බහුතරයක් මිනිස්සු චන්දය දෙන්න පුරුදුවෙලා තියෙන්නේ අත මාරුවක් ගන්න බලාගෙන මිසක් අනිත් එකාට, ගමට, රටට හොඳක් වෙනවා දකින්න නෙවෙයි. ඉතින් එහෙම නම්, අනුර ඇතුළු මේ අලුත් මන්ත්‍රණ සභාවට කල්පනා කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ ආරක්ෂාව අයින් කරන්න කලින්, ජනතාව ඉල්ලන මේ නා නා ප්‍රකාර ඉල්ලීම් ඉෂ්ට කරන්න පුලුවන්ද කියල ? එහෙමත් නැතිනම් ඔන්න ඔය ඕන මගුලක් වෙච්චදෙන් කියල ආරක්ෂාව තව ටිකක් තර කරගෙන පොරොන්දු වෙච්ච system change එක කරනවද කියල. එහෙම නැතිව මේ දීගේ කන එක එතරම් ලේසි වෙන්නේ නැහැ කියන එක අපි හැමෝම දන්නවා.

එහෙම බලාගෙන ගියාම මාලිමාව ඉන්නෙත් අර ” ලිප ගිනිමොලවන තෙක් දිය සැලියේ..සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ” කියන තැනම ද?

නැවත සිහසුනේ රැඳවීමට, අරගලය ඉදිරියේ පරඩලක් වගේ සුළඟට ගසාගෙන ගිය ගෝටාභය රාජපක්ෂ ලැබුන හැටනම ලක්ෂයක චන්දයට බැරි වුනා වගේම, මෙවර මහමැතිවරණයෙන් මාලිමාවට ලැබුන මන්ත්‍රී ආසන 159 ගැනත්, විසි එක් දෙනෙකුගෙන් යුත් සකසුරුවම් කැබිනෙට්ටුව ගැනත් උත්කර්ෂවත් නොවී, එකම ලාංකික ජාතියක් ලෙස ආණ්ඩුව, රජය සහ මුළුමහත් ජනතාවම “සාමූහික වගකීමකින්, වගවීමකින්” කටයුතු කලේ නැත්නම්, අරගලය හැර වෙනත් විසඳුමක් තියේවිද?

Read More
Video

නව ජනාධිපති තුමා වෙනස් වෙච්ච ගමන් කොහොමද හාල් මිල පාලන මිලට ගෙනාවේ?

අපි අනුර කමාර ජනාධිපති වරයට කියනවා ඔබතුමා මේකට බොහොම පරිස්සමින් මුහුණ දෙන්න ඕන, මේක සංදර්ශනයක්. අපි අහන්න කැමතියි මෙච්චර කල් මිල අඩු කරන්න පුළුවන් කම තියෙද්දී මේ නව ජනාධිපති තුමා වෙනස් වෙච්ච ගමන් කොහොමද හාල් මිල පාලන මිලට ගෙනාවේ? එහෙම නම් මේක වුනේ නව ජනාධිපති තුමා දැනුවත්වම ද? පහුගියකාලේ රට කරපු ය අප්‍රසාදයට පත් කරන්න ද ඩඩ්ලි සිරිසේන පාලන මිලට හාල් දුන්නේ නැත්තේ කියන එක අපි අහනවා. මේ එක රැයින් ආණ්ඩු මාරුවත් එක්ක හාල් පාලන මිලට දෙන්න? එක බර පතල ප්‍රශ්නයක් නේ.

අනිත් එක තමයි ඔන්ලයින් වීසා ගනුදෙනුව. මේ ක්‍රියාව නිසා අපේ රටට ඩොලර් අහිමි කරපු ජාවාරමක්. අපි දන්නවා අපේ රටේ විනිමය පනත ඒ වගේම මුදල් විශුද්ධි කරන පනත මේ පනත් වලට ප්‍රකාරව මේ රටේ කිසි කෙනෙකුට මේ රටේ ඩොලර් අහිමි කරන්න බහ. මේක මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. මේකට කැබිනට් පත්‍රිකාවක් ගෙනත් මේක හරහා මේ රටට ලැබෙන්න තිබ්බ මුදල් විශාල ප්‍රමාණයක් අහිමි කළා. දැන් අපි කියන්නේ මේ කාරනාවට ආගමන විගමන හිටපු පාලක හර් ෂ ඉලුක්පිටිය අත්අඩංගුවට අරන් තියෙනවා, අපි කියන්නේ මේක මේ ආගමන විගමන පාලකට විතරක් ලඝු කරන්න බැහැ. මේක වෙනස් කරන්න කැබිනට් පත්‍රිකාව දාපු එවකට මහජන ආරක්ෂක ඇමති වරයා සම්පුර්ණයෙන්ම මේකට වගකිව යුතුයි. ඒවගේම ඒකට අනුමැතිය දුන් කැබිනට් එකේ හිටිය ඇමතිවරු මේකට වගකිව යුතුයි. එනිසා අපි කියනවා මේ අය ඔක්කොම නීතියේ ඉදිරියට අරගෙන එන්න ඕන. මේක හර් ෂ ඉලුක්පිටිය ගේ ඇඟේ තියල එතනින් මේක ඉවර කරන්න බැහැ.

අපි දන්නවා වර්තමාන ජනාධිපති බලයට පත්වෙච්ච ගමන්ම අපිට ඉටු කරනවයි කිව්වේ මේ රටේ දුෂණ වංචා කරපු චුදිතයින් අත්අඩංගුවට ගන්නවයි කියන එක. එතුමා ඒක රැස්වීමක් රැස්වීමක් ගානේ ගමක් ගමක් ගානේ ගිහින් මේ රටේ මහජතාවට පොරොන්දු වුනා ඒ පොරොන්දුව ඉෂ්ට කරයි කියල තමයි මේ රටේ මහා ජනතාව චන්දෙ දුන්නේ. අද එතුමාට වගකීමක් තියෙනවා වහාම මේ චුදිතයින් අත්අඩංගුවට ගන්න වැඩ පිළිවෙලක් සකස් කරන එක. මොකද එහෙම වුනොත් තමයි මේ කියන කාරනාවට සාධාරණයක් ඉෂ්ඨ වෙනවා කියන එක අපි ප්‍රකාශ කරන්නේ.

Read More

ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයනට බුද්ධි පරීක්ෂණයක්

2022 ලාංකීය දේශපාලන අරගලයෙන් මන්දිර දෙදරවා රජුන් අවතැන් කර පාඩම් උගත් “ජන අරගල සන්ධානයේ” 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂා

ජනතා බලයක් – ජනතා පාලනයක් 
ප්‍රවේශය

ලාංකීය දේශපාලනය ආසන්න වකවානුවේ අතිශය ගැඹුරැ ආර්ථික හා දේශපාලන අර්බුදයක කරවටක් ගිලී පවතියි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියත් එහිම අතුරු පළයක් වන ණය උගුලත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලහත්කාරය හා එහි කොන්දේසි නොසලකා හරිමින් බොහෝ දෙනා මතුපිට හේතූන් හා සිදුවීම් පමණක් අර්බුධයේ මූලය ලෙස හුවා දක්වමින් සිටිති. ලාංකීය පසුගාමී ධනවාදයේ ප්‍රතිඵලයක් වන දේශපාලන සංස්කෘතියේ පිරිහීම් පමණක් හුවා දක්වමින් සිටිති. අර්බුදය ගැඹුරින් වටහා ගැනීම, එයට ස්ථාවර දිගුකාලීන විසුඳුම් සෙවීම වෙනුවට බල ක්‍රීඩාව සඳහා ව්‍යාජ හා ජනප්‍රිය විසඳුම් සිය`ඵ පාර්ශව වෙතින් යෝජනා වෙමින් පවතියි. අර්බුදය ජනිත කල ආර්ථික ප්‍රතිපත්තියම විසඳුම ලෙස නැවත වටයකින් කරලියට රැගෙන එමින් පවතියි. 
එළඹීමට නියමිත කුමන මැතිවරණයක් අවසානයේ වුව නිර්ධන පන්තියට ජයග්‍රහන හිමි වන්නේ නැත. මැතිවරණ ජයග්‍රහනයක් ඊනියා ජනවරමක් ලැබීමක් ලෙස අර්ථ ගන්වමින් මේ නව ලිබරල් වැඩපිළිවෙලම ඉදිරියට රැගෙන යාමට කුමන පාර්ෂවයක් බලයට පත් වුවත් එය අවස්ථාවක් කරගනු නියතය. 
එම නිසා කෙතරම් අසීරු වුවත් නිර්ධන පන්තියට (ජනතාවට) ජයග්‍රහන හිමි විය යුතු ධනවාදයේ අර්බුදයට විසඳුම් සෙවීමේ ප්‍රතිපත්තිමය සංවාදය සමාජවාදය සමග බැදී පවතී. ඒ සඳහා සමාජවාදී වැඩපිළිවෙලක ප්‍රතිපත්තිමය පදනම් තහවුරැ කිරීම අත්‍යාවශයෙන්  මගහැරයා නොහැකි වගකීමකි. සමාජවාදී වැඩපිළිවෙලක ප්‍රතිපත්තිමය පදනම මත නො පිහිටුවා හදිසි කර්තව්‍යයන් පිළිබඳ ඉල්ලීම් හා සටන් පාඨ ගොනු කිරීම පවා දේශපාලනිකව නිවැරදි නොවේ. 
2022 ජනතා අරගලය විසින් තහවුරැ කරන ලද අවම මූලික ප්‍රතිසංස්කරණ ඉල්ලීම් (ගෝල්ෆේස් ප්‍රකාශනයද ඇතුලත්ව) සඳහාද වන පදනම පවා ලාංකීය සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට තිබෙන එකම විසඳුම වන සමාජවාදී වැඩපිළිවෙල පමණක් බව අප ප්‍රකාශ කරන්නේ එම නිසාය.
ජන සහභාගී ගැඹුරු සංවාදයක ප්‍රථිඵලයක් ලෙස මෙම සංශිප්ත ප්‍රතිපත්තිමය පදනම් සංවර්ධනය වියයුතු බවට හා සවිස්තර වියයුතු බවට කිසිදු විවාදයක් නොමැත.
01. රාජ්‍ය වයුහය
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිළිබඳ ප්‍රශ්නයේ දී අපගේ වැඩපිළිවෙල වනුයේ ලිබරල් සීමාවේ අයිතීන් ආරක්ෂා කරන අතරම එය එතැනින් ඹබ්බට ගෙන ගොස් ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගැනීමයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස වර්ධනය කල යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ අදහස පදනම් දෙකකින් යුක්තය. 
1. දේශපාලන ප්‍රජාතන්ත්‍රිකකරණයක් අනිවාර්ය ලෙස ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණයක් සමඟ බැදී පවතින් අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකෙන රාජ්‍ය ව්‍යුහයන් නිර්මාණය කිරීම සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික ක්ෂේත්‍රයන්ගේ සිදු කෙරෙන විප්ලවීය පරිවර්තනයක් සමග බැඳී පවතී. එබැවින් රාජ්‍ය ව්‍යුහය සම්බන්ධ සාකච්ජාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සමඟ සංයුක්තව සම්බන්ධ කල යුතුය.
2. සැබෑ ප්‍රජාතන්තවාදය දිනා ගැනීම සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සංවරණයට හා තුලනයට ලක් කිරීම පිළිබඳ සාම්ප්‍රධායික ලිබරල් චින්තන සීමාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ දේශපාලන දායකත්වය ශක්තිමත් කිරීම හා ජනතා බලය තහවුරු කෙරෙන නව ආකෘතියක් අවශ්‍ය වේ.
ජෝන් ලොග්, තෝමස් හොබ්ස් වැනි ලිබරල් දෘශ්ඨිවාදීන් විසින් ඉදිරිපත් කරන ලද මූලධර්මය වූයේ, බලය බෙදීම, (Sepration of Power)* මූලධර්මයයි. එයට අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ සඳහා වන බලය එකිනෙකින් තියුණු ලෙස වෙන් වන අතර ඒවා ක්‍රියාවේ යෙදවීම සඳහා වෙනම ආයතනික ව්‍යුහයන් සකස් කෙරේ. නමුත් මීට ප්‍රතිපක්ෂව සමාජවාදීන් අතර භාවිතා වූයේ ප්‍රංශ දාර්ශනික රුසෝ විසින් ඉදිරිපත් කරන ලදුව පැරිස් කොමියුනය හරහා වර්ධනය කර ක්‍රියාවට නැංවනු ලැබූ, බල විමධ්‍යගතකරණය, (Devolution to power). පළමුවැන්න තුල ජනතා නියෝජිතයින් තෝරා පත්කරන අතර එම නියෝජිතයන් අතර ඉහළින් තිරස් ලෙස බලය බෙදාගනු ලැබේ. දෙවැන්න තුල පොදු ,ජනතා අපේක්ෂාව, :ඡදචමක්ර අසකක* ඒකාබද්ධ සමස්ථයක් ලෙස සලකනු ලබන අතර විධායක-ව්‍යවස්ථාදායක-අධිකරණ බලතල අතර ඒකාබද්ධතාවය පළමු වැන්නට වඩා වැඩිය. එම සංයුක්ත බලය සිරස් අතට ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් රාජ්‍ය ව්‍යුහයන්ගේ සිට ජනතා ඒකක දක්වාත් ඒවායේ සිට නැවත විවිධ රාජ්‍ය ව්‍යුහයන් දක්වාත් විමධ්‍යගත කරමින් නැවත ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයක් ලෙස යොදා ගනු ලැබේ. ලිබරල් සංකල්පය තුල ජනතා පරමාධිපත්‍යයේ බලය නියෝජිත ආයතන වලට නිශ්චිත කාලයකට වරක් පැවරෙන අතර සමාජවාදී සංකල්පය වන්නේ ජනතාව සිය පරමාධිපත්‍ය බලය අඛණ්ඩව හා දෛනිකව අභ්‍යාස කිරීමයි. ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ සාම්ප්‍රධායික ලිබරල් මතවාදයට අනුව ජනතාව සතු පරමාධිපත්‍යයේ බලය යම් නිශ්චිත කාලයකට මැතිවරණ වලින් තෝරා පත් කර ගනු ලබන නියෝජිත ආයතන වලට හා නියෝජිතයන්ට පැවරේ. එම ක්‍රියාවලිය තුළ සිදුව ඇති විකෘතිතා මෙන්ම ඊනියා නියෝජිත ආයතන වලින් හා නියෝජිතයන් අතින් බලය අයුතු ලෙස භාවිතා කිරීමට අදාළව ඇති අද්දැකීම් බහුල නිසා නව යෝජනාවක් සකස් කල යුත්තේ එම රාමුව අභියෝගයට ලක් කරමිනි. එහිදී ජනතාවට නිරන්තරව සිය පරමාධිපත්‍යයේ බලය අභ්‍යාස කිරීමට අවස්ථාව සැලසිය යුතු අතර විධායකය-ව්‍යවස්ථාදායකය-අධිකරණ බලතල වෙන් වෙන් ව්‍යුහයන්ට පවරා ඒවා අතර සංවරණය හා තුළණය නිර්මාණය කරන ක්‍රමය වෙනුවට ජනතා පරමාධිපත්‍යයේ බලය ඒකාබද්ධ සමස්ථයක් ලෙස ක්‍රියාකාරී වන ක්‍රමයක් පිළිබඳව අප අවධානයට ගත යුතුය. මෙවැනි ක්‍රමයක් මගින් පොදු ජනතාව විශාල වශයෙන් දේශපාලන සක්‍රීයතාවයට ඇද ගැනීම මෙන්ම දේශපාලනයේදී ප්‍රජා සහභාගීත්වය වැඩි කිරීමටද අපේක්ෂා කරනු ඇත. වැඩබිම්, ගොවිබිම්, ධීවර තොටුපොල, අධ්‍යාපන ආයතන, ගම් හෝ නගර මට්ටමින් ජනතාව විසින් තෝරා පත් කර ගනු  ලබන මහජන සභා මෙවැනි ව්‍යුහයක පරිධියේම පවතිනු ඇති අතර ජාතික වශයෙන් නීති සකස් කිරීමේ බලය ක්‍රියාත්මක වන ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් කේන්ද්‍රයේ පවතිනු ඇත. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය පරිධීය ඒකකය දක්වා යම් නිශ්චිත අනුපාත වලින් විමධ්‍යගත කෙරෙනු ඇත්තේ රටේ මූලික නීතියට පටහැනි නොවන ලෙස ප්‍රඥාප්ති සම්මත කිරීමේ බලය, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ බලය හා ජනතා අධිකරණ වැනි ක්‍රම හරහා පරිධියේ ඒකක දක්වාම බලය අභ්‍යාස කිරීමට පෙළඹවීම මඟිනි. ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයේ බලයද යළි ජනතා පරමාධිපත්‍යයේ බලයට යටත් කෙරෙනු ඇත්තේ නියෝජිතයින් කැඳවීමේ අයිතිය (Right to Recall)*, සම්මත කළ නීති වලට පවා අභියෝග කිරීමේ බලය (Judjiciary Review)”*, නිශ්චිත අත්සන් සංඛ්‍යාවක් සහිත පෙත්සම් හරහා ජනමත විචාරණ සහ මැතිවරණ කැඳවීමේ බලය ආදී බලතල ව්‍යවස්ථානුකූලවම මහජන සභාවලට ලබා දීම මගිනි. විවිධ නියෝජිත ආයතනවල නියෝජිතයන් මහජනතාවගෙන් ඉහළට එසවුණු වෙනම ප්‍රභූ බලයක් වීම වැළැක්වීම සඳහා ඔවුන් ජනතාවට වඩා වෙනස් වරප්‍රසාද විඳීම අහෝසි කිරීම, ඔවුන්ගේ වැටුප් පුහුණු කම්කරුවන්ගේ වැටුප් නොඉක්මවීම, ඔවුන්ගේ වත්කම්-බැරකම් දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය සුරකීම, ඕනෑම ජනතා නියෝජිතයෙකු අධිකරණ ක්‍රියාවලියේදී සාමාන්‍ය ජනතාවගේ මට්ටමේලා සැලකීම, ඕනෑම ජනතා නියෝජිතයෙකු අධිකරණය හමුවට ගෙන යාම හෝ නැවත කැඳවීම සඳහා ජනතාවට ඇති අයිතිය සුරැකීම වැනි ක්‍රමවේද භාවිතා කෙරෙනු ඇත. මෙවැනි ක්‍රමයක් තුළ මහජන සභා හුදු කතා සාප්පු බවට පත්වීමෙන් මුදාගෙන ජනතා නියෝජිතයන් රාජ්‍ය පාලනයේ හා පරිපාලනයේ සක්‍රීය කොටස් කරුවන් බවට පත් කිරීමට පියවර ගැනෙනු ඇත.  
අනෙක් අතට පවත්නා ධනවාදී ක්‍රමයට වඩා වෙනස්ව සමාජවාදී ආණ්ඩු ක්‍රමයකදී අප සලකා බැලිය යුතු අතිශය ප්‍රමුඛ කාරණයක් පවතී. එනම් රාජ්‍ය පාලන ව්‍යුහය මගින් නියෝජනය කරන්නේ ලාභය හෝ සූරාකෑම මත පදනම් වූ සුඵතරයකගේ අවශ්‍යතාව නියෝජනය කරන නිශ්පාදන හෝ බෙදාහැරීමේ හෝ ක්‍රමයක් නොවේ. එමගින් නියෝජනය කරන්නේ සාතිශය බහුතරයකගේ අවශ්‍යතා මුල් කොටගත් නිශ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රමයකි. එය සිදු කල හැක්කේ එම තත්වය පදනමක් වශයෙන් පිළිගන්නා රාජ්‍ය ව්‍යුහයකින් පමණි. ඒ සඳහා වත්මන් සමාජයේ සු`ඵතරයක් වූ පීඩකයන්ගේ පාලනයක් නොව වත්මන් සමාජයේ පීඩනයට පත් වී ඇති සාතිශය බයුතරයකගේ පාලනයක් අවශ්‍ය වේ. එම බහුතරයේ බලය නිරුපනය කරන හා සුරැකෙන ලෙස සමාජවාදී ආණ්ඩු ක්‍රමයක රාජ්‍ය ව්‍යුහය සකස් වේ. එය ව්‍යවස්ථාවකින් පමණක් සිදු කල හැකි කාරණයක් නොවේ. පුඵල් බහුජනතාව මෙන්ම පාලන ක්‍රියාදාමයට අඛණ්ඩව සම්බන්ධ කරගන්නා යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේ එම නිසාය. ඉහතින් සඳහන් කල ආකාරයේ මූලධර්මයන් මත පදනම්ව පමණක් එවැනි යාන්ත්‍රණයක් සකස් කර ගනු හැකි වනු ඇත. මධ්‍යගතභාවයට අනුව ආණ්ඩු ක්‍රමයක් සකස් කිරීම යනු මෙයයි. එමගින් මධ්‍යගත පාලනයක් පවත්නා අතරම එය නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කෙරෙන්නේ පු`ඵල් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම මතයි. වසර හතරකට පහකට හෝ හයකට වරක් වශයෙන් පමණක් නොව අඛණ්ඩව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් මාර්ගයෙන් ජනතා බලය අභ්‍යාස කිරීම මෙහි අරමුණයි. එය සිදුවන්නේ සමාජයේ සාතිශය බහුතර සමාජිකයන්ගේ අඛණ්ඩ සහභාගීත්වය මතයි. සමාජවාදී රාජ්‍යය මගින් ගන්නා සියඵම ක්‍රියාමාර්ග එකින් එක මහජන විමසීමට ලක් කිරීම වැනි අතාර්කික තත්වයක් මෙමඟන් අදහස් නොකරන නමුත් එවැනි තීරණ ගැනීමට පුඵල් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත සකස් කොට ඇති විවිධ මට්ටම්වල ව්‍යුහයන් විටින් විට තෝරා පත් කර ගැනීම, අවශ්‍ය වූ විටක නැවත කැඳවීම, සමහර වැදගත් තීන්දු වලට කෙළින්ම සහභාගී වීම මගින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපය ප්‍රකාශයට පත්වේ.

2022 අරගලයෙන් උගත් පාඩම් – ව්‍යවස්ථා සම්පාදනය සදහා මහජන අදහස් ලබාගැනීම

Read More

ප්‍රජාතන්ත්‍ර වාදයේ රුවල සිඳගෙන “රැල්ලට හසුව” මුහුදු බත්වූ ලාංකිකයෝ…

ජාතිකවාදී රැල්ල හමන්නේ 1956 දීය. ඒ 1936දී සිංහලයින් රැවටීමට සිංහල මහා සභාව අරඹා ජාතික ඇඳුම පොරවාගත් “මහා කළු සිංහලයා” පසුව “ආසියාවේ රිදී සීනුව” යැයි විරුදාවලිය ලත් සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ආසන 51ක් වූ බහුතරයක් දිනාගනිමින් “සිංහල පමණක්” රැල්ලෙන් ගොඩ ඒමත් සමගය.
ඉන්පසු 1959 සැප්තැම්බර් 26 වෙනිදා වෙඩිතබා ඝාතනය කල සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක වෙනුවෙන් උණුවූ හදවත් වල රැල්ලෙන් ජනතාව ඔහුගේ භාර්යාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස පත් කළේය.
1971 අප්‍රේල් 5 වෙනිදා දියත් කල ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය නැගීසිටීම හෙවත් “71 කැරැල්ල” දී තරුණයින් 5000 කට අධික පිරිසක් ඝාතනය කිරීම නිසා, ඊට එරෙහිව මතුවූ රැල්ලෙන්, 1977දී ආසන 168කින් සමන්විතවූ පාර්ලිමේන්තුවේ ආසන 140 ක් දිනාගනිමින් ජුනියස් රිචඩ් ජයවර්ධන අගමැති ලෙසත් ඉන්පසුව 1978දී ලබාගත් 2/3 බලය “අව භාවිතා කරමින්” ප්‍රථම විධායක ජනාධිපති ලෙසත් පත්වීය.
ඉන්පසු වසර 30කට ආසන්න කාලයක් තිබූ කොටි ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කලයුතු යයි කියමින් නැග ආ “සිංහල” රැල්ලෙන් ආසන 225කින් සමන්විතවූ පාර්ලිමේන්තුවේ ආසන 144 ක් දිනාගනිමින් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගන්න ලදී.
වසර ගණනාවක් තිස්සේ මහින්ද සහ ඔහුගේ සහෝදරයින්ගේ සහ ඥාති හිතවතුන්ගේ කතිපයාධිපති (Oligarchic) කොල්ලකෑම් වලට හසුවූ ශ්‍රී ලංකාව බේරාගැනීමට දැන් තවත් රැල්ලක් ගොඩ නැගී ඇත.
දැන් ගැටලුව වන්නේ ශ්‍රී ලාංකිකයින් යලිත් වතාවක් මතුවූ මෙම “මහින්ද ඇතුළු හොර නඩය පන්නා දැමීමේ” මුවාවෙන් හමන තවත් රැල්ලකට හසුවී යලිත් මුදු බත්වේදැයි යන්න පිලිබඳව ඇති සැකයයි.
කලින් කලට ආ රැලි වලට හසුවී මුදුබත් වුන ලාංකිකයින් නැවත වතාවක් රැලි වලට හසු නොවී තම බුද්ධියෙන් සහ ඉවසීමෙන් ජනතාවාදී පාර්ලිමේන්තුවක් හා සැබෑ ජනතාවාදී නියෝජිතයින් පමණක්ම තෝරා, අපගේ අනාගතය අප අතට ගැනීමට කටයුතු කල යුතුය.

Read More
Video

ලූලන් නැති රටක පණ්ඩිත කණයෝ

රනිල් වික්‍රමසිංහ ගේ සහෝදරයාගේ ස්වාධීන? (පරායත්ත) රූපවාහිනී නාලිකාවෙන්ද, “රජුන්” නොව ජනතා විරෝධී දේශපාලුවන් තනන්නෙකු ලෙස කුප්‍රකට දිලිත් ජයවීරගේ පොලොවෙන්ද, ලාංකීය දේශපාලන ඉතිහාසයේ නිකන් කටට ආ පලියට හඳුන්වන සංක්‍රාන්ති සමයන් (සම යං) වලදී පිරුවටද, අනේක විධ විකාරරූපී ලාංජනද, සටන් පාඨද රැගෙන, ධනවාදීන්ද, කොමියුනිස්ට්වාදීන්ද, සමාජවාදීන්ද, ජනතාවාදීන්ද කියාගත් “බහුබූතයින්” කරලියට පැමිණෙමින් ඇත.

මේ නේක බහුබූතයින්ගේ ඒකාන්ත අරමුණ වෙන කිසිවක් නොව, ලාංකීය පොදුජනතාව අත්දකින ණය උගුලෙන්, බදු උගුලෙන්, අපට අහිමි කර ඇති නිදහසින් හා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දේශපාලන භාවිතාවෙන් බේරා ගැනීම නොව, මෙතෙක් ලාංකීය ඉතිහාසයේ සැබෑවටම ජනතාවට සේවයකරන නිර්මල වමේ ව්‍යාපාරයක් තිබුනේවීනම්, තවමත් පවතින්නේනම් හෝ අනාගතයේදී හෝ මතුවිය හැකි ප්‍රවණතාවයක්, විභවයක් ඇත්නම් එය විනාශකිරීමට කල හැකි සෑම කුමන්ත්‍රණයක්ම දියත් කිරීමයි.

ලාංකීය ජනතාවෙනි අපි අවදියෙන් සිටිමු, දේශපාලන මරාසාද්ලා “ජනතා අනුමතිය” නිෂ්පාදනය කරමින් සිටී

Read More

Layout A (combined with B)

අන්ධයින් සූරාකන බාලයින්

මාස කිහිපයකට පෙර පෞද්ගලික කටයුත්තක් සඳහා සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මා, මාගේ මිතුරියක් (ගීතා ලෙස නම් කරමි) විසින් ජෙරමි ප්‍රනාන්දු ගේ Miracle Dome (ආශ්චර්‍ය ගෝලය) වෙත මාද කැඳවාගෙන ගියේ මොන අරමුණකින් ද යන්න වග මට අදටත් පවතින ගැටලුවකි.
මගේ දෑසින්ම දැක අත්විඳි යමක් ලියා තැබීම වැදගත් යයි සිතු හෙයින් සකල ජනතාවගේ යහපත පිලිබඳ මෙයා ලියා දන්වන්නට තීරණය කලෙමි.
වසර 35කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටි උපතින්ම බෞද්ධයෙකු වූ මා, බුදුන් දෙසු දහමින් පිට වෙනත් නිකායන් පිලිබඳ බොහෝ පොතපත කියවා තිබුනද ජෙරමි වැන්නෙක් ගැනවත්, ඔහුගේ ක්‍රියා කලාප පිළිබඳවත් මින් පෙර කිසි දිනෙක අසා නොතිබුණි.
ඉතා විශාල ධනස්කන්ධයක් යට කර තනා තිබූ මෙම ගෝලය ඉතා ඉහල තත්වයකින් නිමවා තිබු අතර දහස් ගණනින් රැස්වූ අනුගාමිකයින් ගිනි අව්වේ දැවෙමින් දෙවියන් යදින්නට ඇති පෝලිමේ පොර කෑ අතර, එතෙරින් පැමිණි අය උදෙසා තිබු විශේෂ දොරටුවෙන් ඉතා පහසුවෙන් ඇතුළු වී මෙය නැරඹීමට ඉදිරිපෙළ ආසනයක හිඳ ගැනීමටද මට අවස්ථාව උදා විනි.
ගෝලය තුල තිබු විශාල ඩිජිටල් තිර මත නොනවත්වා දරෂනය වෙන ජෙරමි ගේ අතීත හාස්කම් දෙස බලමින් ඔහුගේ , ඔහු අලෙවිකරණ ක්‍රියාවලිය දෙස බලා සිටියේ උඩ බලා සිටිනවාට වඩා වෙන විකල්පයක් මා හට නොතිබූ හෙයිනි. ඔහුගේ දියණිය විසින් ආරම්භ කරන ලද තරුණ කණ්ඩායම් වල ක්‍රියා කලාපද, ඔහුගේ භාර්යාවගේ ක්‍රියා සහ ජෙරමි ගේ මැජික් හැර වෙන ගතයුතු දෙයක් මේ තිර මත ප්‍රදර්ශනය නොවීම දිවැස් ලත් ඔහුගේ හාස්කමක් ද විය හැකි යැයි මට සිතිනි.

පැය කිහිපයකට පසු ජෙරමි (මාගේ මිතුරිය, ගීතාට අනුව දිවැසියානෝ) වේදිකාව මතට සම්ප්‍රාප්ත විය. වර්‍ණ දෙකකින් සමන්විත කබායක් පැළඳ සිටි ඔහු මානසික රෝගියෙක් වියහැකි යැයි ඔහු දකිනා ඕනෑම කෙනෙකුට සිතිය හැකිය. ඔහු අත තිබු මයික්රෆෝනය දෙවියන් විසින් ඔහුට ලබාදුන් බවත් එය දියමන්තියෙන් සරසා ඇතිබවත් ඔහු සඳහන් කළේය.

තත්වය බැරෑරුම් වුයේ ඉන් පසුවය. මේ ගෝලය තුල රැස්ව සිටි 5000 කට ආසන්න ජනතාවගෙන් කිහිප දෙනෙකුට හැර අනෙකුත් සියල්ලන් ම ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට පවා ඉංග්‍රීසි අක්ෂර දැක තිබේදැයි සැකසහිත වූ පරිසරයක ජෙරමි කතා කරනුයේ ඉංග්‍රීසියෙන් සහ තවත් මොකද්දෝ භාෂාවකින් පමණක් වීමය. සමහරවිට අනෙකුත් භාෂාව අප නොදන්නා දිව්‍ය මය භාෂාවක් වියහැකි හෙයින් මාද ඒ පිලිබඳ කනස්සලට පත් නොවී සිටීමට වගබලා ගතිමි.

ප්‍රහසනය වූයේ ජෙරමි පසුපස ඔහුගේ වලිගය මෙන් මයික්රෆෝනයක් රැගෙන ගමන් ගන්නා පුද්ගලයාය. ජෙරමි ඉංග්‍රීසියෙන් කියවනා වචන සිංහලයට පරිවර්තනය කර ප්‍රකාශ කිරීම ඔහුගේ කාරය්ය වූ නමුදු, බොහෝ දේ හරියාකාරව පරිවර්තනය කිරීමට ඔහු අසමත්වීම විශාල ගැටළුවක් විය. විටෙක ජෙරමි තම කතාව නවතා ඔහු පෙර කියූ වචන ජෙරමි විසින්ම සිංහලයට හරවා කීම හාස්‍ය ජනක වේදිකා නාට්‍යයක් නැරඹීමක් වැනි වූ හෙයින් වට පිට බැලූ මා, එහි මා සමග සිනාසීමට වත් කෙනෙකු නොවීමෙන් අතරමන් වුයෙමි, සියල්ලෝම ජපකළ මන්තරයකට හසුවී එහා මෙහා වැනෙන අන්ධ භූතයින් වැනි විය.

කෙසේ වෙතත් තවත් පැයකට පමණ පසු ජෙරමි, දෙවියන්ගේ පණිවිඩය සහ ඔහුගේම සොයා ගැනීම් රැස්ව සිටි ජනතාව අතරට හඳුන්වා දිනි. ඔහු පවසන ආකාරයට, (ඉංගිසියෙන්) your faith, what you see, what you hear, what you smell, what you taste and what you touch අපට දැනීම සහ අවභෝදය ලබාදෙන අතර ඔහුගේ (එදින ප්‍රථම වතාවට එලි දැක්වූ) නව සොයා ගැනීම (7th sense) වුයේ what you think. රැස්ව සිටි 5000කට අධික සෙනග මහා හඬ දී ඔහුගේ මෙම සොයාගැනීම ට තම සතුට පලකල අතර මම, බුදුන් දෙසූ දෘෂ්ටි වික්ඥානය, ශෝත්‍ර වික්ඥානය, ඝාණ වික්ඥානය, ජ්ව්හා වික්ඥානය, කාය වික්ඥානය සහ මනෝ වික්ඥානය මෙයම නොවේදැයි සිහිපත් කලෙමි. බෞද්ධ නොවෙන මහා ජනතාවකට වෙනත් අයුරකින් බුදුන් දෙසූ දහමේ කොටස් ඔහුගේ (හෝ ඔහුගේ දෙවියාගේ) මෙන් ප්‍රකාශ කිරීම ම හාස්‍යයට කරුණක් වූ අතර අන්ධ මූඩ භක්තිකයින් රවටා මුදල් ගැරීම අතීතයේ සිටම පැවත එන හෙයින් මේ පිලිබඳ දුක්වීමෙන් පලක් නොවෙන බව මම අවබෝධ කර ගතිමි.
මහා ඔල්වර සන් හඬ මධ්‍යයේ, යම් දිනෙක ශ්‍රී ලංකාවේම ප්‍රධාන ආගම ජෙරමි ගේ ආගම කිරීම ඔහුගේ පරම පවිත්‍ර චේතනාව වෙන බවද ඔහු රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කළේය. ඒ තරම ඔහුගේ සහායකයින් සංගීත වාදනයක් කල අතර තව පිරිසක් ලොකු අකුරින් “ඇවිත් බලන්න” ලියා තිබු බැනරයක් ඔසවාගෙන ශාලාව පුරා එහා මෙහා ගමන් කරන්නට විය. මෙයද, බුදුන් දෙසු වදනක් වූ “එහි ඵස්සිකෝ” හෙවත් “එව බලව” යන්න බව රැස්ව සිටි පිරිස නොදැන සිටිනවා විය හැකිය.
තවත් මෙකී නොකී බොහෝ දෑ සිදුවූ අතර, ගීතා ජෙරමි හමුවී ඔහුගේ ආශීර්වාද ලබා ගැනීමට යෑමට මටද සම්බන්ධ වෙනසේ ආරාධනා කලවිට, මා මේ කිසිවක් විශ්වාස නොකරන බව නැවතත් ඇයට සිහිපත් කර දෙමින් මා ද ඇය හා ආශීර්වාද පෝලිමට එකතු වූයෙමු. ගීතා මීට පෙර පිළිකා රෝගයකින්පෙලී ඉන් අනතුරුව යුරෝපා රටෙක වයිද්‍යයවරුන්ගෙන් නිසි ප්‍රතිකාර ගෙන සුවපත් වී සිටි අතර ඇයගේ පවුලේ පිළිකා රෝගයෙන් මියගිය සහ ඉන් පෙලෙන අයගේ චායා රුප සහිත A3 ප්‍රමාණයේ කඩදාසියක් මෙහි රැගෙන විත් තිබුණි. ඒ (ජෙරමි) දිවැසිවරයාගේ ආශීර්වාදය ලබාගැනීම සඳහාය.
මෙම චායාරුප අතර එම මොහොතේදී මහරගම පිළිකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස මාස 5ක් වූ ගීතාගේ ඥාතී ළදරු පුතෙකුගේ රුපයක් ද විය. මාගේ මිතුරිය ජෙරමි, දිවසිවරයාට මේ පිලිබඳ විස්තර දැන්වූ විගස, ඔහු එම A3 පත්‍රය බිමහෙලන ලෙස ගීතාට දැන්වීය, ඒ වහාම ඇය එම පත්‍රය බිම හෙලු අතර ජෙරමි, ඒ පත්‍රය මත ඔහුගේ දකුණු පය තබා ගීතාට ආශීර්වාද කල අතර තව මාස තුනකින් මෙම දරුවාට නිට්ඨාවටම සුව පත් වෙන බවද, මේ පිළිකා රෝගය ඔවුන්ගේ පරම්පරාවෙන්ම මුලුමනිම ඉවත් කල බවද , මින් පසු ගීතාගේ පවුලේ කිසිවෙකුත් මේ පිළිකා රෝගයෙන් නොපෙළෙන බවටත් ප්‍රතික්ඥ දී, ළදරුවාගේ පියා ට දරුවා මත තැබීමට සුදු පැහැති රෙදි කැබැල්ලක් ද ගීතා අතට ලබා දුනි. නිශ්ශබ්දව මේ සියල්ල දෙස පසෙකට වී බලා සිටි මා අසලකටවත් නොපැමිණි, මාදෙස බැලූ ජෙරමි “I Like you” ඉංග්‍රීසියෙන් කියා ඉන් ඉවතට පියමන් කල සැනින්, පැය 6කට ආසන්න කාලයක් මෙම ගෝලය තුල සිට හෙම්බත්වූ මම මින් පිටවීමට කාලය හරි බව ගීතාට දැනුම් දුන්නෙමි. ඉන් අනතුරුව අප දෙදෙනාම ජෙරමි ගේ ගෝලයෙන් පිටත් වී දවසේ ඉතිරි කටයුතු සඳහා පිටත් වූයෙමු.

උදෑසන 10ට පමණ ගෝලයට ඇතුළු වූ අප, ජෙරමිගේ ගෝලයෙන් පිටවන විට පස්වරු 4 පසුවී විනාඩි 30 වී තිබුණි. වාහනයට නැගී අප කොළඹ බලා පිටත් වීම ආරම්භ කල අතර විනාඩි කීපයකට පසු මා මිතුරිය, ගීතා මට ඇයගේ ජංගම දුරකථනයට ලැබී තිබු පණිවිඩයක් පෙන්වීය. එය ඇයට ලැබී තිබුනේ දහවල් 12 පසුවී විනාඩි 30ක් ගතවූ පසුවය. එහි මෙසේ ලියා තිබුණි. ” Our son has died this morning, funeral will be held tomorrow 2pm at Maharagama hospital cemetery”. අපේ ආදරණීය පුතා අද උදෑසන මිය ගියා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 2ට මහරගම රෝහල් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Read More

ආණ්ඩුබලයට එරෙහිව රාජ්‍ය බලය (Deep State)

පසුගිය 12වෙනිදා (දෙසැම්බර) “දුෂණ විරෝධී දිනය” සමරමින් රැස්ව සිටි මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍යය යාන්ත්‍රණයේ පාලනය සඳහා වගකිවයුතු නිලධාරීන් අමතමින් ජනාධිපති...

Read More

දඩයම, දඩයක්කරු විය

එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA – Prevention of Terrorism Act ) හා අනෙකුත් මර්ධනකාරී පනත් අහෝසි කරනලෙස ඉල්ලා විරෝධතා රැලිවල පෙරමුණ ගත් වර්තමාන අගමැතිනිය වන හරිනි...

Read More

පරිහානික සමාජයක් පුනරුද සමාජයකට පරිවර්තනය කිරීමේ අභියෝග

ජාතික ජනබලවේගය ලැබූ ඓතිහාසික ජනවරම, ජනාධිපතිවරණයට පෙර කල පොරොන්දු, ජනාධිපතිධුරයට පත්වූ පසු අනුර කුමාර දිසානායක දුන් පොරොන්දු සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරදුන් පොරොන්දු...

Read More

ඉතාම ඉක්මනින් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?

පුදුම හිතෙන, නමුත් පුදුම වෙන්නට දෙයක් නැති පණිවිඩයක් බුකියේ දාල තිබුන.” ඉතාම ඉක්මනින් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? “දැක්කම හිරිකිතයි...

Read More

Layout A (with pagination)

aragalaya