“ඩයස්පෝරාව” හෝ එහි වාඩාත් නිවැරදි අර්ථයෙන් ගතහොත් “සරණාගතයා” ලාංකික ජාතිවාදීන්, වර්ගවාදීන් හා ගෝත්‍රිකයින් විසින් වෙනස් කිරීමේ අරගලය අරභයා අලුතින් නිර්වචනය කිරීම
ඊයේ පෙරේදා, මුළු මහත් අරගලය පුරාම අභීතව තම අදීන අදහස් ප්‍රකාශ කල, ලංකාවේ පුංචි සිනිමාව එලියකළ රංගන ශිල්පිනි දමිතා අබේරත්නගෙන් තමන් නොදන්න බව වත් නොදන්නා මාධ්‍යවේදියෙකු “අරගලයට සල්ලි එන්නේ ඩයස්පෝරාවෙන්ද”? ඇසුවිට, ඇය නිහතමානීව සිනාසුනේ ලංකාවේ සියලුම ජාතිවාදීන්, වර්ගවාදීන් හා ගෝත්‍රිකයින් ට විය යුතුය.
අප කලින් ලියු ලිපියක සදහන් කළපරිදි “නව පරපුරේ ලාංකීය අරගලකරුවා” අපට දිනාදුන් සියලු ජයග්රහණයන් සඳහා නිරතවුයේ, අප ඉදිරියේ බෞතිකව පැනනගින “අරගලයේ” පමණක් නොව, අපට නොපෙනෙන, පැති කිහිපයකින් අමෝරාගෙන එන අවි, අවලාද, අපවාද සහ නොදන්නා බවවත් නොදන්නා සමාජයක් සමගය බව ලියා තැබුවේ එහෙයිනි. අපේ මවුබිමේ (ලංකාවේ) හැර ලෝකයේ අනෙක් සියලුම සියලුම රටවල ජීවත්වන සියලුම ලාංකිකයෝ වචනයේ පුළුල් අර්ථයෙන්ම සරණාගතයෝය නැතහොත් සිංහල, දමිල, මුස්ලිම් හා බර්ගර්”ඩයස්පෝරාව” ය. අපේ සමාජයේ සර්ව අසුභාවාදීන්, පසුගිය මාස කිහිපයක් පුරාවටම, ලංකාවේ අප දැකිය යුතු, තිබියයුතු සහා දිවිහිමියෙන් රැකගත යුතු “ජාතික සමගිය” අරගල භූමියේදී ඇස්පනාපිට දකිමින්, එහෙත් කුහක වත සඟවා ගත නොහී ප්‍රශ්න කරන්නට ඇත්තේ අරගලයට සල්ලි එවන්නේ දමිල ඩයස්පෝරාවෙන්ද? යන්න දැනගැනීමට වියහැක. එසේ නම් අරහගලයට පිටරටින් සල්ලි එවූ සිංහල, මුස්ලිම් හා බර්ගර් ජනතාව “ඩයස්පෝරාව” ට අයිති නොවන්නේද?
නොනවතින, නොනැවතෙන, නැවතිය නොයුතු අරගලයට ජයවේවා!
Add comment