IMF එකෙන් ණයක් ගන්න පාලකයෝ නොකල දෙයක් නැහැ. ණය ගෙවා ගන්න බැරුව ඒගොල්ලන්ගේ නීති රීති වලට යටත් වෙලා ඉන්න පාලකයෝ කොහොම හරි බලන්නේ කාගෙන් හරි කියක් හරි ණයට ඉල්ලගෙන වියදම් කරන්න.
මර්ධනය පටන් ගත්ත.
මැති ඇමතිවරු කීප දෙනෙක්ව උසාවි ගෙනාව, ගෙනැත් උන්ගේම නිතිපතිගේ උදව්වෙන් උන්ට ඇප දුන්න.
අරගලයේ ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ රඳවාගෙන උන්ගේ කටවල් වැහුවා. උන්ට නඩුත් නැහැ ඇපත් නැතිකළා.
තෙල් නැතිබව පෙනෙන්නෙත් දැනෙන්නෙත් නැතිවෙන්න, තෙල් වලට QR කෝඩ් එකක් දීලා තෙල් පෝලිම අඩු කළා.
අත්‍යාවශ්‍ය කියල පෝලිමේ ඉඳන් ගත්තු ගෑස් වගේ දේවල් වල මිල සොච්චමකින් අඩුකරලා ගෑස් ගෙනාවා. ගෑස් ගන්න තිබ්බ පෝලිම් නැති කළා.
විදුලිය කපන එක අඩුකරලා ගාන වැඩි කළා.
පාන්, පරිප්පු, භූමිතෙල්, බිත්තර යනාදී අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිකලා.
18න් වැඩි අය ගෙන් බදු අයකරන බව ප්‍රකාශ කළා නමුත් බදු නොගෙවා කට්ටි පැන්න හොරු අල්ලා ගන්න ක්‍රමයක් හැදුවේ නැහැ. 16න් වැඩි ඕනෑම කෙනෙක්ට රැකියාවක් කරන්න පුළුවන් කිව්වා. නමුත් රැකියා විරහිත උපාධිදාරීන් ඇතුළු අනෙකුත් අයට රැකියා හදන්න ක්‍රමයක් හැදුවේ නැහැ.
සුකෝපභෝගී භාණ්ඩ 300 ආනයනය තහනම් කළා. නමුත් රනිල්ගේ මිලියන ගණනක් වටිනා කාර් එක හදාගන්න කොටස් ගෙන්නන්නේ කොහොමද කියන එක කියන්නේ නැහැ.
දුරකථන සැටලයිට් රුපවාහිනි මිල වැඩිකලා. මේවගෙන් පාලකයිනට ගැටළුවක් වෙන්නේ නැතිබව අපි ඔක්කොටම අමතක වුනා.
නැතිවෙච්ච රත්තරන්, විශාල මැණික් ගල, රටින් පන්නපු ඩොලර් ගැන කතා කරන එක අමතක කළා.
උන්ම ගිනිතියාගත්තු උන්ගේම ගෙවල් හදාගන්න මුදල් උන්ම අනුමත කර ගත්ත.
බැංකු වලින් ගත්තු ණය ගෙව්වේ නැති පාලකයින්ගේ ණය බොල් ණය කළා. ජනතාව ගත්තු ණය වල පොළී වැඩිකලා.
එලවපු ජනාධිපති, හිටපු ජනාධිපති හැටියට ආපහු ලංකාවට එක්කගෙන ආව.
මේකට ගොඩාක් හේතු තියෙනවා. ප්‍රධාන හේතු ගැන හිතුවොත්,
ප්‍රධානම හේතුව තමයි සුද්දන්ගෙන් පස්සේ රට කරවපු උන් විශාල වශයෙන් රාජ්‍ය දේපල මංකොල්ල කෑම. අනිත් හේතුව තමයි රටේ ජනතාවට හරියන ආර්ථික ප්‍රතිපත්තියක් නැතිව මැති ඇමතිවරුන් ගේ මල්ලට කියක් හරි වැටෙන ආර්ථික ප්‍රතිපත්තිම හදන්න උන් වග බලාගත්තු එක.
මේ හේතුවෙන්, පිටරැටියන්ට දත නියවලා මුදල් ලබාගන්න හදනවා මිසක රටේ නිශ්පාදන ක්‍රියාවලිය නැත්තටම නැතිකර ගැනීම.
බලාගෙන ගියාම මේ ඔක්කොටම හේතුව ජනතාව මුලික කරගත්, ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් නොතිබීම.
එහෙමනම් අපට ප්‍රශ්නයක් එනවා.
එහෙම නම් අපි කතිරේ ගහල තියෙන්නේ ඇත්තටම උන්ව අපේ නියෝජිතයෝ හැටියට තෝරා ගන්නද එහෙමත් නැතිනම් උන්ට අපි වෙනුවෙන් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ යන්න එපා කියන්නද කියන එක.
ඔව් එහෙම හිතුවොත්, අතින් කතිරේ ගැහුවට හිතින් උන්ව එපා කියල නේද තියෙන්නේ කියල අපිට දැන් දවසින් දවස තේරුම් යනවා නේද?
කොහොම වුනත් මේ තියෙන ක්‍රමය යටතේ තව අවුරුදු ගානකට ගොඩ එන්න බැරිවෙන විධිහට රට අන්ත අසරණ තත්වයකට පත්වෙන එක නවත්වගන්න කිසිකෙනෙක්ට බැරිවෙනවා. සෑම පුරවැසියෙකුටම ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය දැනට තියෙන රුපියල් ලක්ෂ 10 ඉක්මවා යනවා. ප්රශ්නය තියෙන්නේ කිසිම දවසක ණයක් නොගත්තු අපිටත් අනුන්ගේ නයකට කරගහන්න වෙන එක. ඒගොල්ලෝ නැතිනාස්ති කරන, වංචා කරන ජනතාව සතු දේවල් වල බර, ජනතාව දරන්නවත් ගෙවන්න වත් උවමනා නැහැ.
මේ ගැටළු මද පමණකින් වත් ලිහිල් කරගෙන රට ගොඩ ගන්න නම්, මේ ක්‍රමය වෙනස් වෙන්නම ඕන.
ක්‍රමය වෙනස් වෙනවා කියන්නේ, පාලන ක්‍රමය ජනතාව සතුවෙන්න ඕන. ජනතාවට නිතර නිතර පාලකයිනට බලකිරීම් කරන්න පුළුවන් වෙන්න ඕන.
අපියි උඹලව ඔතනට යැව්වේ, උඹල අපිට හොඳ දේ, රටට හොඳදේ කරන්නේ නැතිනම් අපිට උඹලා එපා කියල ඕනෑම වෙලාවක එලියට දාන්න පුළුවන් බලයක් අපි, ජනතාව සතුවෙන්න ඕනි.
හොඳට හිතල බැලුවොත් දේශපාලකයෝ කරන්නෙත් අපිවගේම රස්සාවක්. අපි රස්සාව කරන තැන හරියට රස්සාව කලේ නැතිනම් අපිව අනිවාර්යයෙන්ම එලියට දානවා වගේ, අපිටත්, පාලකයෝ හරියට තමන්ගේ රාජකාරිය කරන්නේ නැතිනම් එලියට දාන්න පුළුවන් වෙන්න ඕනි. ඒකට අපිට අරගල කරන්න අවශ්‍ය නැහැ.
අපිට රස්සාවෙන් අස්වෙන්න කියල අපි වැඩ කරන තැන් වල හාම්පුත්තු අරගල කරන්නේ නැහැ වගේ, අපිටත් අපි වෙනුවෙන් වැඩකරන මේ පාලකයෝ අයින් කරන්න අරගල කරන්න අවශ්‍ය නොවෙන තරමට අපේ බලය අපේ අතට ගන්න ඕනි. එහෙම නොවෙන්න මේ ක්‍රමය කවදාවත් වෙනස් කරන්න බැරිවෙනවා.
මේකට අපි ඔක්කොටම අලුතින් හිතන්න පටන් ගන්න වෙනවා. පාලකයෝ කියන්නේ චන්ද කොලේ අරගෙන අපේ ලඟට රස්සාවල් ඉල්ලගෙන ආපු අය නේද කියල මතකතියා ගන්න වෙනවා. අපි ඒගොල්ලන්ගේ හාම්පුත්තු කියන එක මතක තියා ගන්න වෙනවා.
ඒගොල්ලෝ පත්කලා වගේම එලියට දාන එකත් සාමකාමිව කරන්න මහජනතාවට හැකියාවක් තියෙන්න ඕනි. අන්න ඒක තමයි අපිට පැටවිලා තියෙන අද දවසේ කාර්ය භාරය.
Add comment