පසුගිය 12වෙනිදා (දෙසැම්බර) “දුෂණ විරෝධී දිනය” සමරමින් රැස්ව සිටි මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍යය යාන්ත්‍රණයේ පාලනය සඳහා වගකිවයුතු නිලධාරීන් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ අය මෙතෙක් කර ඇති සේවය, කලයුතු සේවය සහ රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ වගකීම හා හර්දසාක්ෂිය ප්‍රශ්න කරමින් කතා කලේය. වැඩි විස්තර සඳහා වීඩියෝව බලන්න.

ලංකාවේ මෙතෙක් කිසිම ජනාධිපති වරයෙකුට කතාකරන්නට සිදුනොවුන, දසවෙනි ජනාධිපතිවූ අනුර කුමාර දිසානායක තම රාජ්‍ය නිලධාරීන් හමුවේ කල කතාවෙන් ගම්‍ය වන්නේ කුමක්ද? කිහිප විටක්ම තම ලයට අත තබාගනිමින් තමා හොබවන විධායක දේශපාලන අධිකාරියේ දුෂණය පිටුදැකීමට දියහැකි නායකත්වය දෙන්නට සහතික කරමින්, වංචා හා දුෂණ පිළිබඳව ලෝක දර්ශකයේ රටවල් 180 කින් ලංකාව 101 වැනි සිටීම ගැන වගකිවයුතු යැයි කීවේ කවුරුන් ගැනද?

ඒ අතරම – (උපුටා ගැනීම 1) “නීතිපති දෙපාර්තමෙන්තුවේ ඇති සමහරක් විමර්ශන අවසන් නොකළ ලිපිගොනු වසර හතක කාලයක් දිරාපත් වෙමින් ඇත්තේ කෙසේද?” (උපුටා ගැනීම 2) “සමහර ලිපිගොනු උඩට එන්නෙත්, සමහ ඒවා යටයන්නෙත් කොහොමද?”. (උපුටා ගැනීම 3) “වරද ඇත්තේ වෙන කොහෙවත් නොවේ, වරද ඇත්තේ මෙතැනයි” – ජනාධිපති අනුර දිසානායක.

ලංකාවේ මෙතෙක් රජකල සියලුම ජනාධිපතිවරුන්ට අඩුවැඩි වශයෙන් ආණ්ඩුබලයද රාජ්‍ය බලයද තිබුනේය. කලම්බෝ ටෙලිග්‍රාෆ් පුවත් පතට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිට්ටුම ඥාතීන් 31 දෙනෙකු රාජ්‍ය යාන්ත්‍රණයේ තීරණ ගනිමින් සිටියෝය.

මොනතරම් ජනතා ප්‍රසාදයකින් හෝ බලයකින් ආණ්ඩුබලය ලබාගත්තද, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට නැත්තේ අවශ්‍යයෙන්ම තිබිය යුතු ඒ රාජ්‍ය බලයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක අසරණව, ලය පාරවා ගනිමින්, පිළිගනිමින් ප්‍රකාශ කරන්නේ, මෙතරම් විශාල ජයග්‍රහණයක් සමග ආණ්ඩුබලයක් ලබා තිබියදීත් තවමත් රටේ රාජ්‍ය බලය හොබවන්නේ මහින්දගේ, මෛත්‍රීගේ සහ රනිල්ගේ හෙන්චයියන් කියා නොවේද? එසේත් නැතිනම් රාජ්‍යය තුල ඇති තවත් අදිසි රාජ්‍යයක් (පාර රාජ්‍යය – Deep Sate) විසින් කියා නොවේද?

පාර රාජ්‍යය – Deep Sate – නිර්වචනය (උපුටමුලාශ්‍රය ABC News)

The Deep State – The term “Deep State” refers to a cadre of career government employees who work together to secretly manipulate government policy and undermine elected leaders or political appointees. These people can hold positions in the military, intelligence, or other government areas, such as bureaucratic agencies.

Add comment

Your email address will not be published. Required fields are marked *