ගෝ ගෝටා ගෝ කියා කෑගසා හඬලන්නේ
කවුරුවෙනුවෙන්ද මගෙ නිදි මරණ පොඩි පුතේ
දෑස් පිසලමින් කුරිරු දුමාරයේ දස දුකින්
ඇයි මෙහෙම විඳවන්නේ නුඹ බරක් නොවේ පුතේ
හෙටදවසේ කෝ ඉරක් අපට නැහැ පායන්න
හෙට දවසේ බත් පිඬක් කෝ කුසට ලැබ ගන්න
මල්ලිටයි නංගිටයි රටක් කෝ හෙට ඉන්න
එකටයි මගේ ලේ රත්වෙලා කකියන්නේ
නුඹ කියන සිස්ටම් තේරෙන්නේ නැහැ පුතේ
උගත් නුගත් උන්ට කිසි වගක් නැහැ වගේ
අද දවසේ කාබීලා ඔහේ ඉන්න උන් වගේ
ඇයි උඹට බැරි ඉන්න රටේ අන් උන් වගේ
තවත් බැහැ දෙන්න මේ හොරුන් හට රට කන්න
මම එන්නේ නැහැ ගෙදර හිස් අතින් බත් කන්න
යන්ට බැරිනම් උන්ට කැවුතු ගලවන් එන්න
හිතාගෙන ඉන්නවා මේ ගමන ගමෙ එන්න
~ හේමසුමිතුන් ~
Add comment