මේ මීට වසර හයකට පෙර දකුණු කොරියාවේ සියෝල් නගරයේ දකුණු කොරියානු ජනාධිපති ට අස්වීමට බලකරමින් එරට ජනතාව මහ මගට බැස සාමකාමී විරෝධතාවයක් ප්‍රකාශ කල ආකාරයයි. මිලියන එකහමාරකට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී තිබේ.
2016 ඔක්තෝබර් අවසානයේ ආරම්භකළ මෙම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 2016 දෙසැම්බර් 9 වෙනි දින ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලදී. ඉන් තම අරගලය දිනාගත් ජනතාව සාමකාමී අරගලයේ උත්කෘෂ්ඨත්වය ලොවට පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම මෑත ඉතිහාසයේ වූ විශාලතම ජන සංඛ්‍යාවක් සහභාගිවූ විරෝධතාවක් බවට ඉතිහාස ගතවිය.
දැන් ශ්‍රී ලංකාවේ පොදු ජනතාව වන අපේ වාරය එළඹ තිබේ. අපේ ජනාධිපති ඇතුළු හොරු රැල එළවීමට මිලියන 22කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවම මහා මගට බැසීමට කාලය පැමිණ තිබේ.
ඉතිහාස ගතවන අයුරින් සාමකාමී අරගලයෙන් මේ හොරු රැල පන්නන්නට අප සියල්ලෝම පෙරමග ගතයුතු බව මෙහිලා සඳහන් කලයුතුවේ.
Add comment