
- ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි.
- රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය රෙජිමය බලය අත්හළ යුතුයි.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.)
- ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.
3.1 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.
- ආහාර, ඉන්ධන, ගෑස්, හා අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
- ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම.
- ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.
3.2 දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමි අරගලකරුවන් ඇතුළුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා/හෝ දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.
3.3 ඝාතන සහ අතුරුදහන් කිරීමට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
3.4 විමර්ශනයක් සහිත විගණනයක් තුළින් හොරා කෑ මුදල් දේපළ නැවත රාජ්‍යයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.
- දේශපාලකයන් අයථා ලෙස උපයන ලද ධනය.
- අධික ලාභ ලබන සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්.
*දේශපාලන අනුග්‍රහය යටතේ සමාගම් සහ පුද්ගලයන් අයුක්ති සහගත ලෙස උපයන ලද ධනය.
3.5 දැනට පවත්නා බදු ක්‍රමය (85:15)පූර්ණ වෙනසකට ලක් කොට වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමත් ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමත් අරමුණු කරමින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ අධික ලාභ ලබන සමාගම් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ බද්දක් අය කරන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම.
4. ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,
- විධායක බලතල කප්පාදු කිරීම,
- නීතිය සැමට සාධාරණ කිරීම,
- ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සදහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.
5.ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.
- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
- සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාල නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
- ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීති සම්පාදනය , සංශෝධනය සදහා ජනතාවට දායකත්වය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සදහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුලත් කිරීම.
- අධ්‍යාපනය,සෞඛ්‍යය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම.
- ජාතිවාදය, ජාතික පීඩනය මුළුමනින්ම අහෝසි කර සමානාත්මතාවය තහවුරු කිරීමටත් සෑම ජන කොටසකගේම ආගමික, භාෂා, ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතාවයන් තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමටත් අදාල මූලික නීතිමය පදනම් ශක්තිමත් කිරීම.
- ජනතාවගෙන් නිශ්චිත ප්‍රතිශතයක් විසින් ඉල්ලා සිටින මොහොතක ජනමත විචාරනයක් කැඳවීමේ බලය සහතික කිරීම.
6. අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන
ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.
- ඒ අනුව ඉහත 3,4 වගන්ති කඩිනම් අවශ්‍යතා ලෙස සලකා උපරිම මාස 6ක කාල සීමාවක් තුල ඉටුකල යුතුය.
- තවද ඉහත 5 වගන්තිය උපරිම මාස 12ක කාලසීමාවකට යටත්ව ඉටුකල යුතුය.
- ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
Add comment