මේ ඉන්නේ ලංකාව ලස්සන රටක් කරන්න ආදරෙන් කතාකරන දරුවෙක්. මේ තරුණයා මේ කතා කතාකරන්නේ මෙහි සිටින අම්මලාට තාත්තලාට. බලන්න මෙය කොතරම් දුක්ඛ දායක තත්වයක්ද? මෙහි අසුන් ගෙන සිටිනා එකදු වැඩිහිටියෙක් වත් මේ දරුවා අසලටවත් පැමිණියේද? අඩුම තරමේ ඔහු දුටු බවවත් පෙන්වීමට අකමැත්තෙන් වෙනතක් බලාසිටීමට ද දැඩි උත්සාහයක යෙදෙන්නේය.
හිතන්න මොහොතක්.
මේ තරුණයාටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බේ නැද්ද? තරුණ වයසට කෙල්ලෙක් ගේ පස්සෙන් යන්න තිබ්බේ නැද්ද? එහෙමත් නැතිනම් කොල්ලෝ රංචුවක් එක්ක එකතු වෙලා රස්තියාදුවේ යන්න තිබුනේ නැද්ද? ෆෝන් එක අරගෙන මුහුණු පොත බලාගෙන සිහින මාලිගාවක ඉන්න තිබ්බේ නැද්ද? එහෙනම්….
ඇයි ඒ ?
ඇයි මේ තරුණයා විතරක් මෙතන තනියම?
ඔන්න ඕක තමයි අද දවසේ අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුව.

ලංකාවේ අඩකට ආසන්න ප්‍රමාණයක් පිරිමින්. එයිනුත් තරුණ පරම්පරාවට වැඩි විශාලත්වයක් හිමිවෙද්දී, පදික වේදිකාවක තනිවූ එකම එක තරුණයෙක් නිදා සිටින අනෙකුත් තරුණයින් සියලු දෙනා වෙනුවෙන් රට බේරා ගන්නට දරන උත්සාහය කොයි තරම් ඛේදනීය දර්ශනයක් ද?

කලට වෙලාවට කරන්න ඕනි දේ දරුවන්ට නොකියා දීමේ ආනිසංස ලෙස, උපන් දා පටන් දරුවන් ලොකු මහත් කර ඉන්පසුවත් උන්ගේම බර අදින දෙමාපියන් විසින් නිර්මාණය කර ඇති තමන් ගැන පමණක් සිතනා තරුණ පරම්පරාවක පසුගාමී ප්‍රවණතාවය මේ දර්ශනයෙන් පැහැදිලි නොවේ ද?

පදික වේදිකාවක හුදකලා සටනක් ගෙනයන මෙම තරුණයාටත් මෙවන් දරුවන් දැරූ , වැදූ , සැදූ දෙමාපියනට අපගේ ප්‍රණාමය මින් පුද කරන්නට මේ සටහන තැබූ වෙමි.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *