රටේ ජනතාවට මේ තරම් දුෂ්කරතා තියෙද්දී ක්‍රිකට් ගැනත් දැල් පන්දු ගැනත් කතාකරනවා හැර වෙන දෙයක් දැන් නැහැ නේද? ඒ ඇයි කියල හිතෙන්නේ නැද්ද? ජාතියක් හැටියට අපි ඒතරම් උදාසීන වගේම ආත්මාර්ථකාමී වෙලා.
මාස් පතා පඩි ගන්න මධ්‍යම පාන්තිකයින් ලැබෙන පඩියට මොනවා හරි ඔන්න ඔහේ කාලා ඉන්නවා කියල වත්තේ බතල මයියොක්කා ටිකකුත් වවා ගන්නවා. පොල් ටිකක් ගාගෙන සම්බෝලයි බතුයි හරි කාල ඉමු කියල පහල මධ්‍යම පාන්තිකයෝ හිතනවා. දුප්පත් වෙලා උපන්නේ අපේ කරුමෙට කියල දුප්පතුන් වේලක් හැර වේලක් කාල හරි ඔහේ ඉන්නවා. ඔන්න ඕක තමයි දැන් වෙන්නේ.
මේ ගොල්ලන්ට බඩේ ඇවිලෙන ගින්දර අමතක කරවන්න ඉඳල හිටලා පොඩි චූන් එකක් දෙන්න මැච් එකක් දෙකක් පෙන්නනවා. මැච් එකක් දින්නම නොකා හරි නිදාගන්න පුළුවන් නේ කියල මෙගොල්ලොත් රුපවාහිනිය ගිලින්න වගේ බලාගෙන ඉඳල වතුර වීදුරුවක් බීල නිදා ගන්නවා.
අනේ අපි ඉස්සර වගේ කෑවේ නැහැ නේද කියල හිතෙන්නේ නැහැ. බඩු ගණන් ගිහින් නේද කියල අමතක වෙලා.
අපේ රටේ මුදල් කොල්ල කාපු එවුන් නේද මේ දත් තිස්දෙක පෙන්න පෙන්න පොරොන්දු දෙන්නේ කියන එකත් අමතක වෙලා. “අපිට පුලුවන්ද උන්ව එලවන්න” කියලත් කියනවා. “ව්‍යවස්ථාව ට පිටින් වැඩ කරන්නේ කොහොමද” කියලත් කතා වෙනවා. ඊට පස්සේ නිදාගෙන උදේට නැගිටලා හිත යටින් බැන බැන පොලුයි බතුයි කාලා ආයිත් ඔහේ දවස ගෙවනවා.
ඒවුනාට මේක තමයිලු ලෝකෙන් උතුම් රට. අනේද කියන්නේ.
සාක්‍ෂරතාවය ඉතා ඉහලයි වුනාට බුද්ධිමට්ටම ඉතා පහල තත්වයක කියලවත් තේරෙන්නේ නැහැ නේද?
ඉතින් අපි තව තවත් එතෙරට ණය වෙමු. ඉල්ලගෙන කන්න මිසක් වැඩක් කරලා කන්න දන්නෙම නැහැ නේද?
ඉපදෙන්න ඉන්න එකාත් ණය කාරයෙක් කලේ අපිම නේද? දැනෙන්නේ නැහැ නේද?
අපි මෙහෙම ණය කාරයෝ වුනේ අපි මේගොල්ලෝ ඉල්ලා ගත්තු ණය වලට මොනවද කලේ කියල ඒවා ගැන හොයල බැලුවේ නැති නිසා කියල වත් හිතුනේ නැහැ නේද?
“අපිට ජීවත්වෙන්න ප්‍රශ්නයක් නැහැනේ, අපි මොකටද ඕව හොයන්නේ?” එහෙම නේද අපි හිතුවේ. ඔන්න ඔහේ අපේ පාඩුවේ ඉන්නවා එක නේද කලේ?
දැන් තේරෙනවද වැරැද්ද කොතනද? වැරැද්ද කලේ කව්ද කියල? අපි ඇස් පියාගෙන, උදාසීනව අපි ගැන විතරක් හිතපු නිසා නේද?
එහෙමනම් උන්ට අපිව වලලන්න අපේ වලවල් කපා දීල තියෙන්නේ අපිම නේද?
අඩුම තරමේ ඒක ගැනවත් හිතන්න පටන් ගන්න, නැතිනම් අපි මේකෙන් ගොඩ එනවා බොරු.
මේකත් කැමති නම් අහලා බලන්න…
Add comment