අපි පොලිසියට බයද? නැතිනම් පොලිසිය අපිට බයද?

police යන වචනය සෑදී ඇති අන්දම ගැන සිතා බැලුවහොත්, එය Polite, Obedient, Loyal, Intelligent, Courageous and Encouraging ලෙස අර්ථ දක්වියහැකි අතර, සිංහලයෙන් එය විනීත, කීකරු, පක්ෂපාතී, බුද්ධිමත්, නිර්භීත සහ දිරිගන්වන සුළු ලෙස අර්ථවත් වේ. ඒවායේ මුලකුරු සම්බන්ද කලවිට POLICE යන්න “විකීපබුනිදි” ලෙස භාවිතා කිරීමේ කිසිඳු වැරද්දක් නොපෙනේ. ඉංග්‍රීසීන් ගෙන් ලද බොහෝ දෑ ඉතා ආඩම්බරයෙන් වැළඳගන්නා ජාතියක් ලෙස අපි, POLICE යන්න භාවිතාකිරීමේ කිසිඳු වැරද්දක් ද නොමැත.

ඉතා ඈත අතීතයේ සිට ලාංකිකයින් ගේ මුවට හුරු වදනකින් කතිකාව ආරම්භ කිරීම වඩා සුදුසුයැයි මම සිතමි.
“මොකද නිකන් හරියට පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේ” අප මුතුන් මිත්තෝ කීහ. අතීතයේ පටන් ලාංකිකයින් මෙය හාවිතා කිරීමට හේතුව කුමක් විය හැකිද?

පොලිස් නිලධාරින් පොලිස් ඇඳුමෙන් සැරසී නොමැති අවස්ථාවල කිසිවෙකුත් ගණන් නොගන්නා කුලෑටි, ආත්මශක්තියක් නොමැති, නිතර බියෙන් පසුවන්නන් වෙන අතර, නිල ඇඳුම දාගත් සැනින් සිංහ සෙයියාවෙන් හැසිරීමත්, පැන්ෂන් ගියපසු, කල පව් පස්සෙන් එන්නා සේ කිසිවෙකුත් ගණන් නොගන්නා තත්වයට වැටීමත් මෙයට හේතුකාරකය වූ බව අප මුතුන් මිත්තන්ගෙන් අසා ඇත්තෙමු.

ඒ අතරම ඉතා කලාතුරකින් තමන්ගේ ආත්ම ශක්තියෙන් නැගී සිටිනා පොලිස් නිලධාරීන්ද අපට දැකගත හැක. අරගල සමයේ මෙවන් සිද්ධීන් කීපයක් අප දුටුවෙමු.

අඩුම තරමේ බැටන් පොල්ලක්වත් නොමැති කිසිඳු පොලිස් නිලධාරික් ඉහතකී “විනීත, කීකරු, පක්ෂපාතී, බුද්ධිමත්, නිර්භීත සහ දිරිගන්වන” ගණයට නොවැටෙන බව අප අත්දැකීමෙන්ම දන්නා කාරණයකි. එය අප මුතුන් මිත්තන් කී කාරනාව ස්ථාපිත කරවන්නට විනා එය බිඳ දමන්නට අසමත් වී ඇත.

මේ අතර ” බුද්ධිමත්, නිර්භීත සහ දිරිගන්වන” ගුණාංග ඉතා ඉහලින් ප්‍රදර්ශනය කරනු ලෑබූ සාමාන්‍ය ජනතාවේම පැතිකඩක් වූ නිරායුධ “අ ර ග ල” කරුවන් මේ පොලිස් නිලධාරීන්ට වඩා ඉතා ඉදිරියෙන් සිටි බව පසුගිය වකවානුව තුල සිදුවූ සිද්ධි මාලාවෙන් පැහැදිලිවම දක්නට ලැබුණි.

එසේ නම් ගැටලුව වන්නේ පොලිසිය හදිසිනීතිය, ඇඳිරිනීතිය, ගෑස් කැනිස්ටර් , ජල ප්‍රහාරක, බැටන් පොලු, තුවක්කු සහ බයිනෙත්තු නොමැතිව නිරායුධ අරගල කරුවන් හා හැපී ජයගත් අවස්ථා කීයෙන් කීයක් අප දැක තිබේද යන්නයි?
කාරණය ඉතා පැහැදිලිය…..

පොලිසිය අපිට බයද? නැතිනම් ජාතියේ පැතිකඩක් වෙන සාමකාමී අරගල කරුවන් වෙන අපි, පොලිසියට බයද?
හදිසිනීතිය, ඇඳිරිනීතිය, ගෑස් කැනිස්ටර් , ජල ප්‍රහාරක, බැටන් පොලු, තුවක්කු සහ බයිනෙත්තු නොමැතිව පොලිසියට නිරායුධ අරගල කරුවන් ජයගත හැකිද?

මෙය අප බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *