
2019 වර්ෂයේදී ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාව, ඉහල මධ්‍යම පාන්තික රටක් ලෙස පිළිගෙන තිබු බව ශ්‍රී ලාංකිකයින් සුළුතරයක් පමණක් දැන සිටින්නට ඇතැයි මම විශ්වාස කරමි. අද ශ්‍රී ලංකාව දිළිඳු රටක් වී අවසානය. වසර තුනක කාලයක් තුල, රටක් මෙවැනි තත්වකට අද දැමු රාජ්‍ය නායකයින් අදත් ශ්‍රී ලංකාවේ පාලන බලය අතැතිව රට දිනෙන් දින අඝාදයට ගෙනයමින් තිබෙන බව පැහැදිලිවම දැකගත හැක.
නවීන මුල්‍ය ප්‍රතිපාදන න්‍යාය සහ කාබනික කෘෂිකර්මය මේ කඩා වැටීමට හේතූන් වූ අතර, දූෂණය සහ වංචාව එය අධිගමනය වීමට ප්‍රධාන හේතු සාධකය විය.
ප්‍රසිද්ධ සංකලනයක් වූ පවුල්වාදීන් සහ අවස්ථාවාදීන් ගේ මුලිකත්වයෙන් මෙය සිදුවුවද ඔවුන් පසුපස හඹා යමින් ඔවුනට ගැති කම් කරමින් පොදු ජනතාව අඝාධයට අද දැමීමට ඔවුන් හා එක්ව කටයුතු කරන්නාවූ සුළු පිරිසක් අප අතර තවමත් සිටී. ඔවුන්ගේ අවලාද, අනුශාසනා පැහැර හරිමින් නව ලොවක් උදා කර ගැනීමට පෙරමුණ ගන්නා තාරුණ්‍යය මේ මහල්ලන් හට වහකදුරු සේය. කුසට හරි අහරක් නොලැබ උසස් අධ්‍යාපනයේ නිරතව ඇති මෙම තරුණ තරුණියන් අද ගැන නොව හෙට ගැන සිතනා අන්දම අපහට අනන්තවත් අසන්නට ලැබිණ. හාමතින් දුර්මුඛව සුසුම් හෙළනා ජනතාවකට හුස්ම ලබාදෙන්නට පෙරමුණ ගන්නා තාරුණ්‍යයට බාල මහලු, උස මිටි, ජාති භේද සහ පක්ෂ-පාට අතහැර දමා එකතු වී මේ සටන ජයගන්නවාද යන්න අප තීරණය කළයුතුව ඇත. අප දෙමාපියන්, අප පවුලේ සැම, දරුවන් සහ දරුවන්ගේ දරුවන් ට හාමතින් මියන්නට රටක් දායාද කරමුද, එසේත් නැතිනම් අප මියෙන්නට පෙර මුන් පන්නා දැමීමට සටන් කල යුතුද යන්න පැහැදිලිවම තීරණය කිරීමට දැන් කාලය පැමිණ ඇති බව අවභෝද කරගත යුතුව ඇත.
Add comment