“අ ර  ග ල ය” බහ තෝරන පුංචි දරුවන් නිතරයෙන් මුමුණ අකුරු පහ. ජාතික ප්‍රශ්ණයට විසඳුමක් සොයන තාරුණ්‍යයේ එකම විකල්පය. දිනෙන් දින අහිමි වී යන අපේ මුතුන් මිත්තන් ගොඩ නැගූ දේශීය කර්මාන්ත රැක ගැනීමට ඇති එකම සීමා මාලකය. නිරාහාරව පන අදිනා දරුවන්ගේ හුස්ම පොද රැකගන්නට ඉතිරි වී ඇති එකම විසඳුම. වේලක් කා දෙවේලක් නිරාහාරව සිටිනා දිලින්දන්ගේ සුසුමට බලා පොරොත්තුව එක් කරන “අ ර  ග ල ය”.

ලක්ෂ ගණනින් එක්වී දුෂ්‍ය පාලකයෙක් පන්නා දැමූ අඩක් නිමකළ අයිතිහාසික “අ ර  ග ල ය” සතියෙන් දෙකින් දියකරන්නට හමුදාව හා පොලිසියට බලතල බෙදාදුන් නායකත්වය, මෙතෙක් ජනතාවගේ එකඳු ගැටලුවක් හෝ විසඳීමට සමත් වුවා ද? පැලැස්තර දැම්මා පමණි.

ආර්ථිකය ගොඩනගා ගන්නට දේශීය නිෂ්පාදන දියුණු කලේ නැත, අපනයන ප්‍රමාණය වැඩි කලේද නැත, වැඩිපුර ඩොලරයක් හෝ මෙරටට ගෙන ඒමට ක්‍රමවේදයක්ද නැත. එසේනම් ආර්ථික අර්බුධයට විසඳුම?

රජයට අයත් දේපල කොටසින් කොටස විකිණීම අරඹා ඇත. මෙරටට එන විදේශිකයන්ගෙන් අයකර ගන්නා වීසා ගාස්තු ඉහල දමා ඇත. රට හැර ගිය ලාංකිකයින්ගෙන් නැවත ශ්‍රී ලංකාව පැමිණීමට බලාපොරොත්තුවෙන ඉතා සුලුපිරිසකගෙන් පුරවැසිභාවය සඳහා අයකර ගන්නා ගාස්තුද දෙගුණ කර ඇත. ජාත්‍යන්තර මුලය අරමුදල් කාර්යාංශය පසුපස හඹා ගොස් මුදල් ඉල්ලා හඬා වැටීමට අමතරව රටට යහපතක් වෙන කිසිඳු ක්‍රියා මාර්ගයක් රජය විසින් ගෙන නොමැත.

“අ ර  ග ල ය” මර්ධනය කිරීමට හා අරගල කරුවන් සිරගත කිරීමට පොලිසිය සහ ආරක්ෂක හමුදා යෙදවීමට රනිල් වග බලාගත්තේය. යාන්තම් ශබ්දය අඩුකිරීමක් මිස ඉන් එහා යමක් වූ බවක් අපට පෙනෙන්නට නොමැත. දැන් දැන් මේ රනිල් ගේ, අතීසාරයට ගැසූ අමුඩයේ කොණින් කොණින් අතිසාරයේ ඕජාව ගලා එන්නට පටන්ගෙන තිබේ.

හමුදාවේත්, පොලිසියේත් සේවය කරන්නවුන් ඕපපාතිකයින් නොවේය. උන්ටත්, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දරුවන් සහ සහකරුවන් සිටින්නේය. ඔවුනටත් අනෙකුත් ජනතාව මෙන්ම ඉහත කී සියලුම ගැටලු වලට මුහුණ පාන්නට සිදුවන්නේය. ඔවුනගේත්, අපගේත් එමෙන්ම සියල්ලන්ගේම චන්දයෙන් එපා කි රනිල් දැන් අපි සියල්ලෝම පාලනය කරන්නේය.

අපි පොහොට්ටුවට චන්දය දී රනිල් ඉල්ලුවේ නැත.

අපි සජිත් ට චන්දය දී රනිල් ඉල්ලුවේ නැත.

අපි අනුර කුමාරට චන්දය දී රනිල් ඉල්ලුවේද නැත.

එසේනම් අපි කුමක් කරමුද? රනිල්ව තෝරා පත්කළ උන් සියල්ල සමග රනිල්වත් පන්නා දැමිය යුතුය.

දැන් මෙයට, දරුවන්ගේ වේදනාව දරා ගන්නට බැරි දෙමාපියන්, හොරකම දුෂණය දරා ගන්නට බැරි මහත්වරුන්, අසාධාරණය වෙනුවෙන් නැගී සිටින තරුණයින් හා එක්වන්නට, පීඩිත ජනයා සමග අත්වැල් බැඳගන්නට හමුදාවට සහ පොලිසියට කාලය පැමිණ තිබේ.

අන් කිසිවක් නොව, මෙය වාමාංශිකවත්, දක්ෂිණාන්ෂික වත් නොවෙන අප සියල්ලන්ගේම ජිවන “අ ර  ග ල ය” යි. මෙයට තත්වය, තරාතිරම, රක්ෂාව අදාළ නොවේ. අද දුක් පීඩා විඳින්නේ අපි සියල්ලෝමය. ජයග්‍රහණය විඳින්නේද අපි සියල්ලෝමය. ඉන් අත්වන සුවය ලබන්නේද අපි සියල්ලෝමය.  “අ ර  ග ල ය” හැර වෙනත් කිසිඳු විසඳුමක් අපට ඉතිරිවී නොමැත. පොලිසියට හා ආරක්ෂක හමුදාවට දැන් කාලය පැමිණ තිබේ. මේ “ආදරයේ අරගලයයි” අපි එකම  රටක එකම මවකගේ දරුවෝය. එකමුතුව මේ දුකින් එතෙර විය යුතුය.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *