2022 ලාංකීය දේශපාලන අරගලයෙන් මන්දිර දෙදරවා රජුන් අවතැන් කර පාඩම් උගත් “ජන අරගල සන්ධානයේ” 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂා

ජනතා බලයක් – ජනතා පාලනයක් 
ප්‍රවේශය

ලාංකීය දේශපාලනය ආසන්න වකවානුවේ අතිශය ගැඹුරැ ආර්ථික හා දේශපාලන අර්බුදයක කරවටක් ගිලී පවතියි. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියත් එහිම අතුරු පළයක් වන ණය උගුලත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලහත්කාරය හා එහි කොන්දේසි නොසලකා හරිමින් බොහෝ දෙනා මතුපිට හේතූන් හා සිදුවීම් පමණක් අර්බුධයේ මූලය ලෙස හුවා දක්වමින් සිටිති. ලාංකීය පසුගාමී ධනවාදයේ ප්‍රතිඵලයක් වන දේශපාලන සංස්කෘතියේ පිරිහීම් පමණක් හුවා දක්වමින් සිටිති. අර්බුදය ගැඹුරින් වටහා ගැනීම, එයට ස්ථාවර දිගුකාලීන විසුඳුම් සෙවීම වෙනුවට බල ක්‍රීඩාව සඳහා ව්‍යාජ හා ජනප්‍රිය විසඳුම් සිය`ඵ පාර්ශව වෙතින් යෝජනා වෙමින් පවතියි. අර්බුදය ජනිත කල ආර්ථික ප්‍රතිපත්තියම විසඳුම ලෙස නැවත වටයකින් කරලියට රැගෙන එමින් පවතියි. 
එළඹීමට නියමිත කුමන මැතිවරණයක් අවසානයේ වුව නිර්ධන පන්තියට ජයග්‍රහන හිමි වන්නේ නැත. මැතිවරණ ජයග්‍රහනයක් ඊනියා ජනවරමක් ලැබීමක් ලෙස අර්ථ ගන්වමින් මේ නව ලිබරල් වැඩපිළිවෙලම ඉදිරියට රැගෙන යාමට කුමන පාර්ෂවයක් බලයට පත් වුවත් එය අවස්ථාවක් කරගනු නියතය. 
එම නිසා කෙතරම් අසීරු වුවත් නිර්ධන පන්තියට (ජනතාවට) ජයග්‍රහන හිමි විය යුතු ධනවාදයේ අර්බුදයට විසඳුම් සෙවීමේ ප්‍රතිපත්තිමය සංවාදය සමාජවාදය සමග බැදී පවතී. ඒ සඳහා සමාජවාදී වැඩපිළිවෙලක ප්‍රතිපත්තිමය පදනම් තහවුරැ කිරීම අත්‍යාවශයෙන්  මගහැරයා නොහැකි වගකීමකි. සමාජවාදී වැඩපිළිවෙලක ප්‍රතිපත්තිමය පදනම මත නො පිහිටුවා හදිසි කර්තව්‍යයන් පිළිබඳ ඉල්ලීම් හා සටන් පාඨ ගොනු කිරීම පවා දේශපාලනිකව නිවැරදි නොවේ. 
2022 ජනතා අරගලය විසින් තහවුරැ කරන ලද අවම මූලික ප්‍රතිසංස්කරණ ඉල්ලීම් (ගෝල්ෆේස් ප්‍රකාශනයද ඇතුලත්ව) සඳහාද වන පදනම පවා ලාංකීය සමාජ ආර්ථික දේශපාලන අර්බුදයට තිබෙන එකම විසඳුම වන සමාජවාදී වැඩපිළිවෙල පමණක් බව අප ප්‍රකාශ කරන්නේ එම නිසාය.
ජන සහභාගී ගැඹුරු සංවාදයක ප්‍රථිඵලයක් ලෙස මෙම සංශිප්ත ප්‍රතිපත්තිමය පදනම් සංවර්ධනය වියයුතු බවට හා සවිස්තර වියයුතු බවට කිසිදු විවාදයක් නොමැත.
01. රාජ්‍ය වයුහය
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිළිබඳ ප්‍රශ්නයේ දී අපගේ වැඩපිළිවෙල වනුයේ ලිබරල් සීමාවේ අයිතීන් ආරක්ෂා කරන අතරම එය එතැනින් ඹබ්බට ගෙන ගොස් ජනතාවගේ සැබෑ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දිනා ගැනීමයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස වර්ධනය කල යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ අදහස පදනම් දෙකකින් යුක්තය. 
1. දේශපාලන ප්‍රජාතන්ත්‍රිකකරණයක් අනිවාර්ය ලෙස ආර්ථික ප්‍රජාතන්ත්‍රීකරණයක් සමඟ බැදී පවතින් අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකෙන රාජ්‍ය ව්‍යුහයන් නිර්මාණය කිරීම සමාජ-ආර්ථික-දේශපාලන-සංස්කෘතික ක්ෂේත්‍රයන්ගේ සිදු කෙරෙන විප්ලවීය පරිවර්තනයක් සමග බැඳී පවතී. එබැවින් රාජ්‍ය ව්‍යුහය සම්බන්ධ සාකච්ජාව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සමඟ සංයුක්තව සම්බන්ධ කල යුතුය.
2. සැබෑ ප්‍රජාතන්තවාදය දිනා ගැනීම සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සංවරණයට හා තුලනයට ලක් කිරීම පිළිබඳ සාම්ප්‍රධායික ලිබරල් චින්තන සීමාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ දේශපාලන දායකත්වය ශක්තිමත් කිරීම හා ජනතා බලය තහවුරු කෙරෙන නව ආකෘතියක් අවශ්‍ය වේ.
ජෝන් ලොග්, තෝමස් හොබ්ස් වැනි ලිබරල් දෘශ්ඨිවාදීන් විසින් ඉදිරිපත් කරන ලද මූලධර්මය වූයේ, බලය බෙදීම, (Sepration of Power)* මූලධර්මයයි. එයට අනුව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ සඳහා වන බලය එකිනෙකින් තියුණු ලෙස වෙන් වන අතර ඒවා ක්‍රියාවේ යෙදවීම සඳහා වෙනම ආයතනික ව්‍යුහයන් සකස් කෙරේ. නමුත් මීට ප්‍රතිපක්ෂව සමාජවාදීන් අතර භාවිතා වූයේ ප්‍රංශ දාර්ශනික රුසෝ විසින් ඉදිරිපත් කරන ලදුව පැරිස් කොමියුනය හරහා වර්ධනය කර ක්‍රියාවට නැංවනු ලැබූ, බල විමධ්‍යගතකරණය, (Devolution to power). පළමුවැන්න තුල ජනතා නියෝජිතයින් තෝරා පත්කරන අතර එම නියෝජිතයන් අතර ඉහළින් තිරස් ලෙස බලය බෙදාගනු ලැබේ. දෙවැන්න තුල පොදු ,ජනතා අපේක්ෂාව, :ඡදචමක්ර අසකක* ඒකාබද්ධ සමස්ථයක් ලෙස සලකනු ලබන අතර විධායක-ව්‍යවස්ථාදායක-අධිකරණ බලතල අතර ඒකාබද්ධතාවය පළමු වැන්නට වඩා වැඩිය. එම සංයුක්ත බලය සිරස් අතට ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් රාජ්‍ය ව්‍යුහයන්ගේ සිට ජනතා ඒකක දක්වාත් ඒවායේ සිට නැවත විවිධ රාජ්‍ය ව්‍යුහයන් දක්වාත් විමධ්‍යගත කරමින් නැවත ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමයක් ලෙස යොදා ගනු ලැබේ. ලිබරල් සංකල්පය තුල ජනතා පරමාධිපත්‍යයේ බලය නියෝජිත ආයතන වලට නිශ්චිත කාලයකට වරක් පැවරෙන අතර සමාජවාදී සංකල්පය වන්නේ ජනතාව සිය පරමාධිපත්‍ය බලය අඛණ්ඩව හා දෛනිකව අභ්‍යාස කිරීමයි. ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ සාම්ප්‍රධායික ලිබරල් මතවාදයට අනුව ජනතාව සතු පරමාධිපත්‍යයේ බලය යම් නිශ්චිත කාලයකට මැතිවරණ වලින් තෝරා පත් කර ගනු ලබන නියෝජිත ආයතන වලට හා නියෝජිතයන්ට පැවරේ. එම ක්‍රියාවලිය තුළ සිදුව ඇති විකෘතිතා මෙන්ම ඊනියා නියෝජිත ආයතන වලින් හා නියෝජිතයන් අතින් බලය අයුතු ලෙස භාවිතා කිරීමට අදාළව ඇති අද්දැකීම් බහුල නිසා නව යෝජනාවක් සකස් කල යුත්තේ එම රාමුව අභියෝගයට ලක් කරමිනි. එහිදී ජනතාවට නිරන්තරව සිය පරමාධිපත්‍යයේ බලය අභ්‍යාස කිරීමට අවස්ථාව සැලසිය යුතු අතර විධායකය-ව්‍යවස්ථාදායකය-අධිකරණ බලතල වෙන් වෙන් ව්‍යුහයන්ට පවරා ඒවා අතර සංවරණය හා තුළණය නිර්මාණය කරන ක්‍රමය වෙනුවට ජනතා පරමාධිපත්‍යයේ බලය ඒකාබද්ධ සමස්ථයක් ලෙස ක්‍රියාකාරී වන ක්‍රමයක් පිළිබඳව අප අවධානයට ගත යුතුය. මෙවැනි ක්‍රමයක් මගින් පොදු ජනතාව විශාල වශයෙන් දේශපාලන සක්‍රීයතාවයට ඇද ගැනීම මෙන්ම දේශපාලනයේදී ප්‍රජා සහභාගීත්වය වැඩි කිරීමටද අපේක්ෂා කරනු ඇත. වැඩබිම්, ගොවිබිම්, ධීවර තොටුපොල, අධ්‍යාපන ආයතන, ගම් හෝ නගර මට්ටමින් ජනතාව විසින් තෝරා පත් කර ගනු  ලබන මහජන සභා මෙවැනි ව්‍යුහයක පරිධියේම පවතිනු ඇති අතර ජාතික වශයෙන් නීති සකස් කිරීමේ බලය ක්‍රියාත්මක වන ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් කේන්ද්‍රයේ පවතිනු ඇත. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය පරිධීය ඒකකය දක්වා යම් නිශ්චිත අනුපාත වලින් විමධ්‍යගත කෙරෙනු ඇත්තේ රටේ මූලික නීතියට පටහැනි නොවන ලෙස ප්‍රඥාප්ති සම්මත කිරීමේ බලය, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ බලය හා ජනතා අධිකරණ වැනි ක්‍රම හරහා පරිධියේ ඒකක දක්වාම බලය අභ්‍යාස කිරීමට පෙළඹවීම මඟිනි. ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයේ බලයද යළි ජනතා පරමාධිපත්‍යයේ බලයට යටත් කෙරෙනු ඇත්තේ නියෝජිතයින් කැඳවීමේ අයිතිය (Right to Recall)*, සම්මත කළ නීති වලට පවා අභියෝග කිරීමේ බලය (Judjiciary Review)”*, නිශ්චිත අත්සන් සංඛ්‍යාවක් සහිත පෙත්සම් හරහා ජනමත විචාරණ සහ මැතිවරණ කැඳවීමේ බලය ආදී බලතල ව්‍යවස්ථානුකූලවම මහජන සභාවලට ලබා දීම මගිනි. විවිධ නියෝජිත ආයතනවල නියෝජිතයන් මහජනතාවගෙන් ඉහළට එසවුණු වෙනම ප්‍රභූ බලයක් වීම වැළැක්වීම සඳහා ඔවුන් ජනතාවට වඩා වෙනස් වරප්‍රසාද විඳීම අහෝසි කිරීම, ඔවුන්ගේ වැටුප් පුහුණු කම්කරුවන්ගේ වැටුප් නොඉක්මවීම, ඔවුන්ගේ වත්කම්-බැරකම් දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය සුරකීම, ඕනෑම ජනතා නියෝජිතයෙකු අධිකරණ ක්‍රියාවලියේදී සාමාන්‍ය ජනතාවගේ මට්ටමේලා සැලකීම, ඕනෑම ජනතා නියෝජිතයෙකු අධිකරණය හමුවට ගෙන යාම හෝ නැවත කැඳවීම සඳහා ජනතාවට ඇති අයිතිය සුරැකීම වැනි ක්‍රමවේද භාවිතා කෙරෙනු ඇත. මෙවැනි ක්‍රමයක් තුළ මහජන සභා හුදු කතා සාප්පු බවට පත්වීමෙන් මුදාගෙන ජනතා නියෝජිතයන් රාජ්‍ය පාලනයේ හා පරිපාලනයේ සක්‍රීය කොටස් කරුවන් බවට පත් කිරීමට පියවර ගැනෙනු ඇත.  
අනෙක් අතට පවත්නා ධනවාදී ක්‍රමයට වඩා වෙනස්ව සමාජවාදී ආණ්ඩු ක්‍රමයකදී අප සලකා බැලිය යුතු අතිශය ප්‍රමුඛ කාරණයක් පවතී. එනම් රාජ්‍ය පාලන ව්‍යුහය මගින් නියෝජනය කරන්නේ ලාභය හෝ සූරාකෑම මත පදනම් වූ සුඵතරයකගේ අවශ්‍යතාව නියෝජනය කරන නිශ්පාදන හෝ බෙදාහැරීමේ හෝ ක්‍රමයක් නොවේ. එමගින් නියෝජනය කරන්නේ සාතිශය බහුතරයකගේ අවශ්‍යතා මුල් කොටගත් නිශ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රමයකි. එය සිදු කල හැක්කේ එම තත්වය පදනමක් වශයෙන් පිළිගන්නා රාජ්‍ය ව්‍යුහයකින් පමණි. ඒ සඳහා වත්මන් සමාජයේ සු`ඵතරයක් වූ පීඩකයන්ගේ පාලනයක් නොව වත්මන් සමාජයේ පීඩනයට පත් වී ඇති සාතිශය බයුතරයකගේ පාලනයක් අවශ්‍ය වේ. එම බහුතරයේ බලය නිරුපනය කරන හා සුරැකෙන ලෙස සමාජවාදී ආණ්ඩු ක්‍රමයක රාජ්‍ය ව්‍යුහය සකස් වේ. එය ව්‍යවස්ථාවකින් පමණක් සිදු කල හැකි කාරණයක් නොවේ. පුඵල් බහුජනතාව මෙන්ම පාලන ක්‍රියාදාමයට අඛණ්ඩව සම්බන්ධ කරගන්නා යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේ එම නිසාය. ඉහතින් සඳහන් කල ආකාරයේ මූලධර්මයන් මත පදනම්ව පමණක් එවැනි යාන්ත්‍රණයක් සකස් කර ගනු හැකි වනු ඇත. මධ්‍යගතභාවයට අනුව ආණ්ඩු ක්‍රමයක් සකස් කිරීම යනු මෙයයි. එමගින් මධ්‍යගත පාලනයක් පවත්නා අතරම එය නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කෙරෙන්නේ පු`ඵල් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම මතයි. වසර හතරකට පහකට හෝ හයකට වරක් වශයෙන් පමණක් නොව අඛණ්ඩව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් මාර්ගයෙන් ජනතා බලය අභ්‍යාස කිරීම මෙහි අරමුණයි. එය සිදුවන්නේ සමාජයේ සාතිශය බහුතර සමාජිකයන්ගේ අඛණ්ඩ සහභාගීත්වය මතයි. සමාජවාදී රාජ්‍යය මගින් ගන්නා සියඵම ක්‍රියාමාර්ග එකින් එක මහජන විමසීමට ලක් කිරීම වැනි අතාර්කික තත්වයක් මෙමඟන් අදහස් නොකරන නමුත් එවැනි තීරණ ගැනීමට පුඵල් ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත සකස් කොට ඇති විවිධ මට්ටම්වල ව්‍යුහයන් විටින් විට තෝරා පත් කර ගැනීම, අවශ්‍ය වූ විටක නැවත කැඳවීම, සමහර වැදගත් තීන්දු වලට කෙළින්ම සහභාගී වීම මගින් මෙම ප්‍රජාතන්ත්‍රවාදී ස්වරුපය ප්‍රකාශයට පත්වේ.

2022 අරගලයෙන් උගත් පාඩම් – ව්‍යවස්ථා සම්පාදනය සදහා මහජන අදහස් ලබාගැනීම

KeshavaArnott

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *