ජාතික ජනබලවේගය ලැබූ ඓතිහාසික ජනවරම, ජනාධිපතිවරණයට පෙර කල පොරොන්දු, ජනාධිපතිධුරයට පත්වූ පසු අනුර කුමාර දිසානායක දුන් පොරොන්දු සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරදුන් පොරොන්දු වලට ලැබුන මන්ත්‍රී ආසන 159 ක මෙතෙක් කිසිම දේශපාලන පක්ෂයක් නොලැබූ ජනවරමක් ලැබූ ජනාධිපතිවරයෙකු ක්‍රියාකරන ආකාරය ගැන ජාතික ජනබලවේගයට චන්දය දුන් නොදුන් සියලු ලාංකික ජනතාව සුභවාදීව මෙන්ම විමර්ශනාත්මකවද අධ්‍යනය කල යුතුය. ඇයි මේ සැකය, වසර 76 ක් රැවටුන අපි, තවත් කී වතාවක් රැවටිය හැකිද, රැවටෙයි ද යන සාධාරණ සැකය අපතුල තිබිය යුතුය. එසේ නොමැතිනම් ඕනෑම ජනතාවකට දේශපාලන, ආර්ථික හා මානව සමාජීය නිදහස ලබාගැනීමට අපට ඇති විශ්වීය අයිතිය හුදු සටන්පාට වලට පමණක් උණනය වේ.

පසුගිය ඔක්තෝබර 14 වෙනි දින ගෝලීය එස් සහ පී ( S&P Global) ආයතනයෙන් නිකුත් කර ඇති නිවේදනය රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇති පරිධි “ඉහළ ණය සහ ණය ගැනීමේ පිරිවැය වැඩිවීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ණයබර වූ බොහෝ රටවල්, පසුගිය දශකයට වඩා ඉදිරි දශකය තුළ ඔවුන්ගේ විදේශ මුදල් ණය ආපසු ගෙවීම පැහැර හැරීමට ඉඩ ඇති බව වාර්තා කරයි”.

2024 පෙබරවාරි වන විට, පහත රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වල විවිධ අවධීන් වල නිරත විය: (සුරිනාම්, සැම්බියාව, ශ්‍රී ලංකාව, ඝානාව සහ ඉතියෝපියාව).

IMF හි ස්වෛරී නය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු වෙමින් පවතින අතර සමහර රටවල් වේගවත් ගිවිසුම් දකිනු ඇත. මෙයට හේතුව, පාර්ශවකරුවන් එකට වැඩ කිරීමේ වැඩි පළපුරුද්ද ලබා ගැනීම සහ ආරක්‍ෂාව සහ සහතික කිරීම් පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම.

ලංකාවේ නව ජනපති අනුර කුමාර දිසානායක තවමත් මේ ආර්ථික පරිහානියේ ඉම මත්තේ ඉන්නේ බොහෝ රටවලට අනිෂ්ට ප්‍රතිපල ලබාදී ජාතීන් වශයෙන් අන්ත අසරණබවට පත්කළ ජාත්‍යන්තර ණය උගුලේද, ඔවුන්ට අවශ්‍යවන පරිදි සැකසු ණය ප්‍රතිවිවුහය ගතකරනයේද එහෙමත් නැතිනම් සැබෑ ජනසම්මතවාදී, ලැබූ ජනවරමට හිස නමන, ජනතා විමුක්ති පෙරමුණේ “බෝල්ෂෙවික්” යයි කියාගන්නා අභ්‍යන්තර යාන්ත්‍රණයේ අපේක්ෂිත උවමනාවන්ට අනුකුලවද නැතිනම් පුද්ගලයින් කේන්ද්‍රකරගත් ජනප්‍රියවාදී (Populist Centre Left ) දේශපාලනයේ යෙදී සිටින හා ඊට නායකත්වය හා අනුබල දෙන දකුණට බරවූ ජනාධිපතිගේ සියලු පාර්ශවයන් සතුටින් තැබීමේ, ඔහුගේම වචන වලින් කිවහොත් “මාගේ ධුර කාලය තුල” ජනතාව වෙනුවෙන් මා කල යුතු දේ නොව, මට සහ මගේ ආණ්ඩුවට කලහැකිදේ කිරීමද? නැතිනම්, සැබෑ ලෙසම 2022 රජුන් පලවාහරිමින් මන්දීර දෙදරවූ අරගලයට මුලිකවූ ජනතා අපේක්ෂා ඉටුකිරීමද?

පරමාර්ථ සත්‍යයට අනුව ජීවිතයේ අප ගෙවන සැම තත්පරයක්ම අරගලයකි, දිනාගැනීම සදහා සටන් කලයුතු අරගල කල යුතු ජීවිතයක, අරගලයකින් තොර  ආත්මීය, සමාජීය, මානසික හෝ දේශපාලන නිදහසක් නැත.

Add comment

Your email address will not be published. Required fields are marked *