එදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA – Prevention of Terrorism Act ) හා අනෙකුත් මර්ධනකාරී පනත් අහෝසි කරනලෙස ඉල්ලා විරෝධතා රැලිවල පෙරමුණ ගත් වර්තමාන අගමැතිනිය වන හරිනි අමරසූරිය ඇතුළු මාලිමාව සහ ජනතා විමුක්ති පෙරමුණ අද සිය නිරුවත පෙන්වමින් මුනිවත රැකීම, අසීමිත බලයකින් දේශපාලන අධිකාරිය අතට ගත් ජාතික ජන බලවේගය රජය එම පනත ඔවුන්ගේ වචනවලින්ම කියතොත් “එක පෑන් පාරින්” අහෝසි නොකිරීමෙන් එල්ල කර ඇත්තේ එදා ජේ ආර් ජයවර්ධන පනත සම්මත කර ගැනීමෙන්, පාවිච්චි කිරීමෙන් සහ පවත්වා ගෙන යාමෙන් කළාටත් වඩා මාරු පහරකි.
බොරුව වැපිරූ කමතක උදුරා දැමිය යුතු වල්පැලෑටි වන්නේ “සත්‍යයයි”. ජනතා පරමාධිපත්‍යය, නීතියේ විධානය, සැමටම එකනීතියක් සහ ජනතා බලාපොරොත්තු සපුරන පුනරුදයක් යනුවෙන් ජනප්‍රියවාදී ( Populist ) දේශපාලන උදෘතයන් තෝරාගෙන දේශපාලන අධිකාරියේ බලය අතට ගන්නා ජනතාවාදී, ප්රජාතන්ත්රවාදී, මානවවාදී සහ වාම නැබුරුවක් ඇති යයි කියාගන්න සියලුම දේශපාලන පක්ෂ කරන දේ කියන, කියන දේ කරන සැබෑ ජනතා නියෝජිතයින් යයි ලාංකික ඉතිහාසයේ මෙන්ම අදද ඔප්පු කර නොමැත. රජවාසලට හකුරු සපයන්නාගේ “කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි” යන කටේ සීනි දාන්න වටින පැරණි කියමන තමන් පමණක්ම සුදනන් කියාගන්නා “මාලිමා රජයට” අනෙක් සියලුම දේශපාලන පක්ෂවලට වඩා හොදින් නොගැලපෙන්නේද?
Add comment