
ආර්ථික අර්බුධයට අපගේ විසඳුම මූලික වශයෙන් ප්‍රග්ධන සමුච්චගත කරණයේ පරිපථය බිඳ දැමීම සහ සමාජය තුල පවතින සියලු ආකාරයේ ආර්ථික විෂමතාවයන් අහෝසි කිරීම මත පදනම් වෙයි. ඒ අනුව අපට එකී විසඳුමේ පදනම් මූලධර්ම කිහිපයක් සාකච්ඡා කල හැකිය.
සාධාරණත්වය
වත්මන් ආර්ථිකයේ පවතින බරපතලම ප්‍රශ්නය වන ආර්ථික ප්‍රථිලාභ බෙදී යාමේ පවතින අසමානතාවය හා අසාධාරණය ඉවත් කල යුතුය. වත්මන් ආර්ථිකය පදනම් වී තිබෙන්නේ ආර්ථිකයේ ප්‍රථිලාභ නිෂ්පාදනයට දායක වන බහුතර වැඩකරන ජනතාවට ලබා නොදී වරප්‍රසාද ලත් සුළුතරයක් විසින් ගසා කෑම මතය. වැඩ කරන ජනතාව සූරාකෑම උග්‍රවන අතර ජීවන තත්ත්වය ද පහත වැටේ. ආර්ථිකය තුළ විෂමතාවය පවත්වාගෙන යන අතර එම විෂමතාවය විලාසිතාවක් බවට පත්කර ඇති ආකල්පයද පවත්වාගෙන යාමට පාලක පන්තිය කටයුතු කරයි. එය ඉවත් කල හැක්කේ ආර්ථිකයේ ප්‍රථිලාභ සමානාත්මතාවයේ හා සාධාරණත්වයේ පදනම මත බෙදා හැරීමෙනි. නිෂ්පාදනයේ ඵල නිෂ්පාදකයා සතු කිරීම අපේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයයි. එහි පළමු පියවර වන්නේ එකම ක්ෂේත්‍රය තුළ පවා වර්ථමානයේ පවතින උග්‍ර වැටුප් විෂමතාවය ක්‍රමාණුකූලව අඩු කිරීමයි. කිසිසේත්ම පිළිගත නොහැකි මට්ටමේ පවතින අවම වැටුප් මට්ටම් කිහිප ගූණයකින් ඉහල නැංවීම හදිසි කටයුත්තක් සේ සලකා සිදු කල යුතුය. මෙය ආරම්භයේදීම වැඩකරන පංතියේ පහලම කොටස් වල ජීවන තත්ත්වය ඉහල නැංවීමට හේතු වනු ඇත. ආරම්භක පියවරක් වශයෙන් විවිධ වෘතීන් අතර දැනට පවතින අසමාන වැටුප් පරතරය ක්‍රමයෙන් අඩු කරමින් ඕනෑම වැටුප් පරතරයක පදනම පුහුණු ශ්‍රමය හා නුපුහුණු ශ්‍රමය මත පමනක් නිර්ණය වීමට පසුබිම සකස් කල යුතු අතරම දෙවන පියවරක් වශයෙන් පුහුණු හා නුපුහුණු වැටුප් පරතරයද ක්‍රමාණුකූලව අවම කරමින් වැටුප් තීරණය කරන ජාතික ආර්ථික ප්‍රථිපත්තියක් කරා ගමන් කල යුතුව තිබේ. සාමාන්‍ය සේවයන් සඳහා පැය 08 ක වැඩ දිනය, කායික ශ්‍රමය බහුලව වැය කරන වෘතීන් සඳහා පැය 06 ක වැඩ දිනය හා කායික හා මානසික සෞඛ්‍යයට අනතුරුදායක වෘතීන් සඳහා පැය 04 ක වැඩ දිනය ද සහතික කල යුතුය. කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍ර වලද සුළු පරිමාන කර්මාන්ත ක්ෂේත්‍රයේ ද නියුක්ත ශ්‍රමිකයන්ගේ ආධායම් මට්ටම ඉහල නැංවීම සඳහා නිෂ්පාදන වලට සහතික මිලක් හදිසි ආපදා සඳහා සමාජ ආරක්ෂණ, සමාජමය සුභසාදන ව්‍යාපෘති වෘතීය යෙදවූම් හා උපකරණ සඳහා මිල පාලනයක් ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් වූ සැලැස්මක් ක්‍රියාත්මක කල යුතුය. අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය සඳහා වන බදු අහෝසි කිරීම අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වැනි සේවාවන් වෙළඳ භාණ්ඩ බවට පත්කිරීම වෙනුවට ඒවා ලාභ මත නොව සමාජ අවශ්‍යතාවය මත පදනම් වන සමාජ ආරක්ෂණ සේවාවන් බවට පත්කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා තවදුරටත් විෂමතාවය තුරන් කිරීමේ කාර්යය සාර්ථක කර ගත හැක.
ජන සහභාගීත්වය
වත්මන් ආර්ථිකයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් වැඩ කරන ජනතාව ඉවත් කර තිබෙන අතර නිෂ්පාදකයා නිෂ්පාදන ක්‍රියාවලියේ බල අධිකාරීත්වයෙන් ඉවත් කර ඇත. ජන සහභාගී ආර්ථිකයක් ගොඩ නැගිය හැක්කේ නිෂ්පාදනයේ තීන්දූ තීරණ ගැනීම හා පාලනය වැඩ කරන ජනතාව සතු කිරීමෙනි. එවිට පාරිභෝගික භාණ්ඩ පිළිබඳව පොදු මහ ජනතාව තුළ ගොඩනැගී ඇති මහා අර්චනය හෙවත් වෙළඳ භාණ්ඩ අධි වන්දනාව හා එතුළින් නිර්මානය වී ඇති සිහින පසුපස හඹායාම හා සිහින නිර්මාණය කරමින් පොදු මහ ජනතාව අර්බුධයෙන් අර්බුධයට යවන දෘෂ්ඨීවාදය පරාජය කල හැකි වනු ඇත. වෙළඳ භාණ්ඩ තවදුරටත් මහා බලයක් සහිත, තමන්ට ළඟාකරගත නොහැකි සිහිනයක් නොව භෞතික හා අධ්‍යාත්මික අවශ්‍යතාවයන් ඉටුකර දෙන දේවල් වශයෙන් වූ අවබෝධයකට පොදු මහ ජනතාව ගෙන ආ හැකි වන්නේ ජන සහභාගී ආර්ථිකයක් මගින් පමණි. රට තුළ පවතින මහා පරිමාන කර්මාන්ත, දැවැන්ත සමාගම්, මහා පරිමාන ව්‍යවසායන්, බැර කර්මාන්ත ආදී නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක කිරීම එවැනි ආර්ථිකයක ප්‍රධාන ලක්ෂණ වෙයි. මේ වන විටත් පෞද්ගලික අයිතිය මත පදනම්ව ධනපතියන් අතලොස්සකගේ සාක්කු පුරවන ධන උල්පත් බවට පත්ව ඇති ආර්ථිකය එහි සැබෑ හිමිකරුවන් වන වැඩ කරන ජනතාව සතුකල යුතුය. එහිදි ක්‍රමිකව සාමූහික දේපල ක්‍රමය ආදේශ කිරීම අවශ්‍ය වන අතර සංක්‍රමණික කාල පරිච්ඡේදයක් තුළ රාජ්‍ය දේපල පුලුල් කිරීම හරහා රාජ්‍යයේ මැදිහත් වීමද සිදු කරනු ඇත. මෙය දැනට සිදුවන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ නව ලිබරල් ධනවාදී උපායමාර්ගයෙන් සම්පූර්ණයෙන් පරස්පර වන අතර සියළු නිෂ්පාදන මාධ්‍යයන් රජය සතු කිරීම නමින් දේශපාලන බළධාරීන් අතලොස්සක් අතට පත් කෙරෙන රාජ්‍ය ඒකාධිකාරී ධනවාදයට ද වෙනස් එකකි. නිෂ්පාදන ක්‍රියාවලිය, එහි ඉලක්ක, ගුණාත්මක භාවය ආදිය තීරණය කිරීමේ හා පාලනය කිරීමේ අයිතිය වැඩකරන ජනතාවට ලබාදීම මගින් නිෂ්පාදනය හා නිෂ්පාදකයා අතර ඓන්ද්‍රීය සම්භන්ධතාවය තහවුරු කෙරෙනු ඇත.
සැබෑ වටිනාකම් උත්පාදනය
ආර්ථික විශමතාවය සහ සූරාකෑම අහෝසි කිරීමේ අත්‍යාවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක් වන්නේ හිඟකම අහෝසි කිරීමයි. ඒ සඳහා නිශ්පාදනයේ දැවැන්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් අවශ්‍ය වේ. ඒ සඳහා මූල්‍ය සේවාවන්ට අදාළ ක්ෂේත්‍රයන් පමණක් ප්‍රසාරණය කරන එනයින් නිශ්පාදනීය ක්ෂේත්‍ර සහ අනෙකුත් සේවාවන් අතර සමතුලනය අඛණ්ව බිඳ දමමින් ආර්ථිකයේ නෛසර්ගික අර්බුදයට මගපාදන, ධනේශ්වර පන්තියට පමණක් සීමා වූ බැර කර්මාන්තය නිශ්පාදනය හා පොදු ජනතාවයේ දෛනික අවශ්‍යතාවයන් උදෙසා නිශ්පාදනය කරන පාරිභෝගික භාණ්ඩ අතර සමතුලනය නිරන්තරයෙන් බිඳ දමන වත්මන් නව ලිබරල් උපායමාර්ගයන්ගෙන් වෙනස් වූ නිශ්පාදනය සහ නිශ්පාදනය සමඟ සෘජුව සහ වක්‍රව සම්බන්ධ සේවා වර්ධනය මූලික කරගත් ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. ධනවාදයේ නිදහස් තරගයේ අවධිය, අධිරාජ්‍යවාදය දක්වා පරිවර්ථනය වීමේදී සිදුවූ මූලික වෙනස නම් මූල්‍ය ප්‍රාග්ධනය වේගවත්ව ඉදිරියට ඒම සහ එමගින් ලෝක දේශපාලන බලාධිපත්‍යය අධිරාජ්‍යවාදීන් සතු කර ගැනීමට පසුබිම සැකසීමයි. ප්‍රාග්ධනය සැබෑ ලෙස ප්‍රසාරණය වන්නේ මූලික වශයෙන් නිශ්පාදන ක්ෂේත්‍ර තුළ සැරිසරමින් අතිරික්ත වටිනාකම් උකහා ගැනීම හරහාය. මෙය ප්‍රාග්ධනයේ ප්‍රධානතම ස්වරූපය වන කාර්මික හා අනෙකුත් නිශ්පාදනීය ප්‍රාග්ධනයට සෘජු වශයෙන්ද, වාණිජ ප්‍රාග්ධනයට හා බැංකු ප්‍රාග්ධනයට වක්‍ර ලෙසද අදාල වේ. ඒ නිසා මූල්‍ය ප්‍රාග්ධනය පැතිරෙන්නේ අතිරික්ත වටිනාකම් සෘජුව හා එනයින්ම නිර්මාණය නොකරන ක්ෂේත්‍රයකය. එය අතිරික්ත වටිනාකම් නිර්මාණය කිරීමේ කර්තව්‍යයට සම්බන්ධ වන්නේ වක්‍ර ලෙසය. ආර්ථිකයක නිශ්පාදනීය ශ්‍රම ක්ෂේත්‍රය හා නිශ්පාදනීය නොවන ශ්‍රම ක්ෂේත්‍රය අතර අනිවාර්ය සමතුලිතයක් පැවතිය යුතුය. නව ලිබරල් ධනවාදී උපාය මාර්ගය තුළ මෙම සමතුලිතය වේගයෙන් බිඳී යන අතර, මූල්‍ය ප්‍රාග්ධනයේ අති විශාලම කොටස යොදවන්නේ මූල්‍ය සමපේක්ෂණ ක්ෂේත්‍රවලය. එය ප්‍රධාන වශයෙන්ම යලි ප්‍රසාරණය කරන්නේ ආර්ථිකයේ නිශ්පාදනීය නොවන ක්ෂේත්‍රයයි. එය මාක්ස් හදුන්වන්නේ අතත්‍ය ප්‍රාග්ධනය හෙවත් නිශ්පාදනීය වටිනාකම් එනයින් උත්පාදනය නොකරමින් මූල්‍ය ප්‍රාග්ධනයම නැවත නැවතත් වර්ධනය කරන ප්‍රාග්ධනයක් ලෙසිනි. ආරම්භක පැයේදී මේ බුබු`ඵ ආර්ථිකය තාවකාලික මායාකාරී වර්ධනයක් පෙන්නුම් කලද එය තාවකාලික හා ඉක්මනින්ම නැවතත් ආර්ථිකයේ අර්බුදයක්ම නැවත කැඳවනු ඇත. එබැවින් බුබු`ඵ ආර්ථිකයට විකල්පය ලෙස ගොඩනැගිය යුතුව ඇත්තේ සැබෑ වටිනාකම් උත්පාදනය කෙරෙන නිශ්පාදන හා සේවාවලට ප්‍රමුඛත්වය දෙන ආර්ථිකයකි. එය රටක් ලෙස ආහාර සුරක්ෂිතතාවයද, බලශක්ති ස්වෛරීත්වය ආදී වශයෙන් අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් ආර්ථිකය නිදහස් කර ගැනීමට අවශ්‍ය තත්වයන් ද නිර්මාණය කරයි. ඒ අනුව අප යෝජනා කරන ආර්ථික විකල්පය අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනයට ආයාචනා කරමින් එහි ඉඳුල්වලින් සංවර්ධනයක් අත්පත් කර ගැනීමේත් අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල ණය මත යැපීමේත් ආර්ථික උපාය මාර්ගයට මු`ඵමනින්ම පරස්පර නිශ්පාදන සහ සේවාවල ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනයක් හරහා සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ප්‍රමුඛත්වය ලබාදෙන විකල්පයකි. එය මු`ඵමනින්ම ජාතික ආර්ථිකයක කොටු පවුරු තුළට පමණක් සීමා වීමක් නොවන නමුත් විදේශ වෙළදාමේදී සහ ජාත්‍යන්තර ආර්ථික කටයුතු වලදී මූල්‍ය සමපේක්ෂණය, අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතනවල ආර්ථික හා දේශපාලන ඒකාධිකාරයෙන් මිදීම, දේශීය ආර්ථිකයේ ආරක්ෂාව පදනම් කර ගනිමින් ජාත්‍යන්තර ආර්ථිකයන් හා සමාන ලෙසත් සාධාරණ ලෙසත් කටයුතු කිරීම අරමුණු කරගත්තකි.
සැලසුම් සහගතභාවය
ධනවාදී නිශ්පාදනයේ මෙහෙයුම් යාන්ත්‍රණය වන්නේ ප්‍රාග්ධනය ගොඩගැසීම සඳහා වන තරගයයි. නිශ්පාදනයේ අරමුණ ධනපතියට ලාභ ගොඩගැසීම මිස සමාජමය අවශ්‍යතා තෘප්ත කිරීම නොවේ. සෑම ධනපතියෙකුම ලාභ වැඩිකර ලැනිමට උත්සාහ කරන අතර, සටන් පාඨය වන්නේ ‘වැඩි ලාභ’ ‘ඉක්මන් ලාභ’ ‘පහසුවෙන් ලාභ’ ඉපයීමය. ධනවාදයේ ප්‍රධාන තර්කනය වන්නේ ප්‍රාග්ධනය නිරන්තර ප්‍රති නිශ්පාදන ක්‍රියාවලියක පැවතීමයි. ඒ සඳහා එක් එක් ධනපතියා වෙළඳපොලෙන් විශාල කොටසක් තමා සතු කර ගත යුතු අතර, වැඩියෙන් නිශ්පාදනය කරමින් වැඩියෙන් විකිණිය යුතුය. ක්‍රියාවලිය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට නම් වැඩකරන ජනතාවගෙන් වැඩි වැඩියෙන් උදුරාගත යුතුව තිබෙනවා මෙන්ම වැඩකරන ජනතාව තුළ භාණ්ඩ මිලදී ගැනීම සඳහා වන ක්‍රය ශක්තියද පවත්වා ගත යුතුය. මෙය පරස්පර විරෝධීය. එමෙන්ම ධනේශ්වර නිශ්පාදනයේදී නිරන්තරව ලාභ සහතික කර ගැනීමට නම් නිශ්පාදන මාධ්‍යය ත් නිශ්පාදය ත්, පාරිභෝගික භාණ්ඩ නිශ්පාදනයත් අතර නිශ්චිත සමානුපාතයක් පවත්වා ගත යුතුය. ඒ සමඟම පොදුවේ ධනේශ්වර නිශ්පාදනයේදී අඛණ්ඩව වර්ධනය වන ලාභ රේට්ටු සකසා ගැනීමට නම් ස්ථාවර සහ විචල්‍ය ප්‍රාග්ධනය අතර නිශ්චිත සමානුපාතයක් පවත්වා ගත යුතුය. එහෙත් ධනවාදී නිශ්පාදනයේ ඓතිහාසික අර්බුද වකවානු සියල්ල විසින් ඉදිරිපත් කර ඇති යතාර්ථය වන්නේ ධනපති පන්තිය සිය ලාභ රේට්ටු වැඩි කර ගැනීමට දරණ උත්සාහය විසින් එනයින්ම ලාභ රේට්ටු බිඳ වැටීමට පදනම සකස් කර ඇති බවයි. මේ ලාභ රේට්ටු වර්ධනය කිරීමට දරණ වියරු උත්සාහය විසින් ධනේශ්වර නිශ්පාදනයේ නිශ්පාදනීය හා නිශ්පාදනීය නොවන අංශ අතර පවත්වා ගත යුතු සමතුලිතය අඛණ්ඩව බිඳ වැටෙන අතර එකම කර්මාන්තය තුළත් විවිධ කර්මාන්ත අතරත් මේ වියරු තරඟය විසින් නැවත නැවතත් සමස්ථ ආර්ථිකයම අර්බුදයෙන් අර්බුදයට යාම ධනේශ්වර ආර්ථිකයේ ස්වභාව නිරෑපී ලක්ෂණයක් බවට පත් වී ඇත. තනි තනි ධනපතියන් ක්‍රියාත්මක වන්නේ පෞද්ගලිකව තමන්ට වැඩි වැඩියෙන් ලාභ හිමිකර ගැනීමේ අරමුණෙනි. ඒ වෙනුවෙන් ඔවුන් එකිනෙකා අතර මාරාන්තික තරඟයක්ද ඇත. මෙම තරගය විසින් අරාජිකත්වයක් නිර්මාණය කරයි. පෞද්ගලික ලාබ ඉපයීම සඳහා වන ධනවාදී තරඟය මත පදනම් වූ නිශ්පාදනය අවිධිමත්ය. ව්‍යාකූලය. එය වර්ධනය වන්නේ නිශ්පාදනයේ විවිධ අංශ අතර තිබිය යුතු සමානුපාතයන් කඩා බිඳ දමමිනි. මෙය නිශ්පාදන අරාජිකත්වයක් බිහිකරයි. වරින් වර ලෝක ආර්ථික අවපාත පැනනැගීමේත් ඒ හැම අවපාතයක්ම කලින් අවපාතයට වඩා ගැඹුරැ හා කල් පවතින බවට පත්වීමේ මූල හේතුව ධනවාදයේම ජාති ලක්ෂණය වන තරඟය හා අරාජිකත්වයයි. අර්බුදයට පිළිතුරැ සෙවීම සඳහා සැලසුම් සහගත ආර්ථිකයක් ගොඩනගා ආර්ථිකය පාලනය කළ යුතුය. මෙසේ සැලසුම් කිරීම යනු යම් සර්ව බලධාරී ආයතනයක් විසින් සියල්ල පාලනය කිරීම නොව අර්බුද මඟහැරෙන ආකාරයෙන් සිදු කෙරෙන සැලසුම්කරණයකි. එම සැලැස්ම නිර්මාණය කෙරෙන්නේ වැඩකරන ජනතාවගේ සහභාගී ක්‍රියාවලියක් හරහා වන අතර ක්‍රියාත්මක කෙරෙන්නේ මධ්‍යගත සැලසුමක ස්වරුපයෙනි. එනම් නිශ්පාදන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මධ්‍යගත කිරීමකි. එවිට තරඟය අත්තේ අනෙකා පරයා වැඩි ලාභ ඉපයීම සඳහා නොව නිශ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීම සඳහාය. සමාජයේ සෑම අයෙකුටම එම නිශ්පාදිතයන් වෙත වන ප්‍රවේශය පහසු කරලීම සඳහාය. එය ධනවාදී තරඟය මෙන් අරාජිකත්වයක් ජනිත නොකරනවා පමණක් නොව එහි ප්‍රතිපත්තියක් ලෙස අරජිකත්වයක් ඇතිවීම වලක්වාලයි.
සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීම
වර්ථමානයේ පවතින ලාභ පාදක ආර්ථිකය වෙනුවට සමාජ පාදක ආර්ථිකයක් ගොඩනැගීම අර්බුදයට විසඳුම් දීමේදී අත්‍යාවශ්‍ය සාධකයකි. ධනේශ්වර ක්‍රමයේදී නිශ්පාදනය සඳහා ජවය හා ඉලක්කය සපයන්නේ සමාජමය අවශ්‍යතාවය නොව ලාභයයි. භාණ්ඩ නිශ්පාදනයේදී ඉලක්ක කර ගන්නේ සමාජය නොව වෙළඳපොලයි. ධනේශ්වර නිශ්පාදනය හා බෙදාහැරීම පරිභෝජන ක්‍රියාවලිය තුළ මිනිසුන් අතුරැදහන් වී යන අතර දෘශ්‍යමාන වන්නේ වෙළඳපොලක් පමණි. මිනිසා වෙළඳපොල තුළ ආධිපත්‍ය දරමින් එය තමන්ට අවශ්‍ය ලෙස හසුරුවනවා වෙනුවට වෙළඳපොල තුල සංසරණය වන විවිධාකාර වෙළඳභාණ්ඩ මිනිසා මත අධිපත්‍ය පතුරවමින් මහා බලයක් බවට පත්ව ඇත. ඒ නිසාම පොදු ජන සමාජය සිය`ඵම වෙළඳ භාණ්ඩ වලට වන්දනාමාන කරන තත්වයක් නිර්මාණය වී වෙළඳභාණ්ඩ අධිවන්දනාවක් නිර්මාණය වී ඇත. අනෙක් අතට මිනිස් අවශ්‍යතාවය ඉක්මවා ලාභය අරමුණු කරගනිමින් පමණක් සිදුකරන මේ ධනේශ්වර නිශ්පාදනය හේතුවෙන් ඒවා පරිභෝජනය කරන්නන්ගේ ශරීර සෞඛ්‍යයට, මානසිකත්වයට, සමාජීය සංස්කෘතියට හෝ පරිසරයට සිදුවන හානිය අදාල නොවන දෙයක් බවට පත්ව යයි. මීට අමතරව බොහෝ දේ නිපදවන්නේ අවශ්‍යතා තෘප්ත කිරීමට නොව ලාභය වෙනුවෙන් නිශ්පාදනය කරන අතර ඒවා විකුණා ගැනීම වෙනුවෙන් කෘතීමව අවශ්‍යතා නිර්මාණය කර ගැනේ. ආර්ථිකයේ මෙම තත්වයන් වෙනස්කර ආර්ථිකය සමාජමය යහපැවැත්ම ඉලක්ක කරගත් එකක් බවට පත්කළ යුතුය. එවැනි ආර්ථිකයට ඉලක්කය ලාභය නොව සමාජමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමයි. ඒ තුල නිශ්පාදනය කෙරෙන්නේ සමාජීය අවශ්‍යතා මුල් කරගෙනය. ලාභය වෙනුවෙන් කෘතීමව අවශ්‍යතා නිර්මාණය කිරීම අත්හිටවනු ඇති අතර සමාජීය සංවර්ධනය අරමුණු කර ගනිමින් නිර්මාණය වන විවිධාකාර වූ නව අවශ්‍යතාව නිශ්පාදනයේ පදනම බවට පත්වනු ඇත. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සමාජමය සේවාවන්ගේ ලාභ වෙනුවෙන් වෙළඳපොලකරණය කිරීම නතර කර ඒවා නිදහස් සමාජ ආරක්ෂණ සේවාවන් බවට පත් කෙරෙනු ඇත. ධනේශ්වර ආර්ථික න්‍යායන්ට අනුව හා වර්තමානයේ ජනප්‍රිය ආර්ථික චින්තනයන්ට අනුව ධනවාදය තුළ හුවමාරු භාණ්ඩ වල ගුණාත්මක භාවය ‘තරඟය’ හේතුවෙන් නිර්මාණය වන බවත් සැලසුම් සහගත ආර්ථිකයක් තුලදී මෙම තරඟය අහෝසි වී භාණ්ඩ වල ගුණාත්මකභාවය බිඳවැටී එකතැන පල්වීමේ තත්වයක් පෙන්නුම් කරන බව අවධාරණය කරයි. මෙයට උදාහරණ පැරණි සෝවියට් දේශය ප්‍රමුඛ පැවති සමාජවාදී රාජ්‍ය පද්ධතියෙන් නිරන්තරයෙන්ම ගෙනහැර දක්වයි. නමුත් සැලසුම් සහගත ආර්ථිකය තුළ අඛණ්ඩව සාමූහිකවාදී නිශ්පාදනය තුළ පවත්වාගත යුතු, භාණ්ඩ වලට වැඩි මූල්‍ය වටිනාකමක් ලබා ගැනීම සඳහා නොවන එහෙත් එහි ගුණාත්මකභාවය ඉහල දැමීම පමණක් අරමුණු කරගන්නා ජනනාත්මක තරඟය, රාජ්‍යයේ මැදිහත්වීමෙන් හා අනෙකුත් කළමණාකරන ව්‍යුයහන් විසින් අඛණ්ඩව සංවිධානය කොට පවත්වා ගත යුතුය. නිශ්පාදනයේ ජාතික මට්ටමේදී පමණක් නොව ජාත්‍යන්තර වෙළඳාමේදී ද මෙම පදනම් ආරක්ෂා වන අයුරින් කටයුතු කල යුතුය.
පරසරය කෙරෙහි වගවීම
නිශ්පාදන ක්‍රියාවලියේදී මිනිසා පරිසරය වෙනස් කරන නමුදු මිනිස් සමාජය සහ පරිසරය අතර සතුරු ප්‍රතිවිරෝධයක් නොවේ. ධනවාදය තුළ ලාභ පමණක් ඉලක්ක කරගත් ආර්ථික ක්‍රියාවලිය විසින් පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකර ඇත. අඛණ්ඩව විනාශයක් සිදු කරමින් සිටී. ධනේශ්වර සංවර්ධනය මහා ජයග්‍රහණයක් ලෙස හුවාදැක්වුවද ඉක්මනින් හෝ කල්ගත වී එම ජයග්‍රහණ ව්‍යාජ ඒවා බවත්, ඒවා වෙනුවෙන් පරිසරයට කළ හානියට ස්වභාවධර්ම විසින් කිහිප ගුණයක වන්දියක් අයකරගෙන ඇති බවත් නිතරම දැක ගන්නට ලැබේ. මේ වන විට පාරිසරක සංහාරය මිනිස් ජීවිත බිලිගන්නා හා සමාජමය ඛේදවාචක නිර්මාණය කරන ව්‍යසනයක් බවට පත් වී ඇත. ඊට එරෙහිව ආර්ථික විකල්පය නිශ්චිතවම පදනම් විය යුත්තේ පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් මතය. පරිභෝජණවාදී උන්මාදයක් උත්කර්ෂයට නංවන සංස්කෘතිය වෙනුවට ස්වභාවික පරිසරයේ දිගුකාලීන පැවැත්ම සහ අනාගත පරම්පරාවන්ට ස්වාභාවික දායාදයන් උරැමකර දීම පිළිබඳ වගකීම් සහගතභාවය සහිත ආර්ථික වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම තුළින් ඊට විසඳුම් සෙවිය හැකි වනු ඇත.
අධිරාජ්‍යවාදී වියගසෙන් මිදුනු ආර්ථිකයක්
මේ වන විට ලංකාව ඇතු`ඵ පරිවාරයේ රටවල ආර්ථිකය අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වල ණය උගුලට හසුව තිබෙන අතර එම ණය සමග කොන්දේසි වලින් ආර්ථිකය තවදුරටත් අධිරාජ්‍යවාදී නව ලිබරල් උගුලේ සිර කරනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් පණවන ණය කොන්දේසි පිළිබඳ අද්දැකීම් ලංකාවට දුලබ නැත. වත්මන් පාලකයන් මූල්‍ය අරමුදලේ කොන්දේසි රටේ පොදු නිතිය බවට පත් කිරීමට ද අණ පනත් රැගෙන විත් ඇත. එමෙන්ම ලෝක වෙළඳ සංවිධානය වැනි අධිරාජ්‍යවාදී සංවිධාන ජාත්‍යන්තර වෙළඳාම ගෝලීය ප්‍රාග්ධන උවමනාවන්ට සහ ඒකාධිකාරවල ලාභ අරමුණු වලට අනුව මෙහෙයවයි. සමාජවාදයේ ප්‍රධාන කර්තව්‍යක් වන්නේ මේ විය ගසෙන් ආර්ථිකය මුදා ගැනීමයි. මේ අයුක්ති සහගත ලෝක ක්‍රමය සාධාරණීකරණය කරනු ලබන්නේ ගෝලීයකරණයේ නාමයෙනි. ආර්ථිකය පිළිබඳ ක්ෂේත්‍රයේදීද අප ජාතිකවාදී පටුසීමා තුළ සිරවී සිටින්නේ නැති නමුදු සමාජවාදී ආර්ථිකයක් ලෝකය සමග සම්බන්ධ වන්නේ ප්‍රාග්ධනය ගෝලීයකරණයේ දෘශ්ඨිකෝණයෙන් නොව නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයේ පදනමිනි. ණය උගුලෙන් ගැලවීම සඳහා තව දුරටත් ණය ගැනීම මතම විසඳුම් සෙවීම වෙනුවට අසාධාරණ හා අයුක්ති සහගත කොන්දේසි මත රැගෙන ඇති ණය හා පාලකයන්ගේ අදූරදර්ශි ප්‍රථඵල විරහිත ව්‍යාපෘති සඳහා ගත් ණය ද පාලකයන් විසින් කොල්ලකෑම හා ගසාකෑම සඳහා යොදාගත් ණයද නොගෙවා සීටීම සඳහා වන තෙරපුමට ජාත්‍යන්තරව සහය දිනා ගැනීමට කටයුතු කරනු ඇත. ඒ අනුව අධිරාජ්‍යවාදී ලෝක පද්ධතිය මගින් අසාධාරණ කොන්දේසි මත පදනම් කර ඇති ජාත්‍යන්තර වෙළඳාම සාධාරණ සහ සමානාත්මතා පදනමට ගෙන ඒම සඳහා ලෝක පරිමාණයෙන් ප්‍රගතශීලි රාජ්‍යයන් සහ ලොව පුරා සු`ඵ නිශ්පාදකයන්ගේ සාමූහිකයන් එක්කර ගත් නව ආර්ථික සහයෝගීතාවක් ක්‍රියාත්මක කරනු ඇත. ආර්ථිකය ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අධිරාජ්‍යවාදී මූල්‍යායතන වල ග්‍රහණයෙන් මුදා ගැනීමටත්, වඩා සාධාරණ පදනමක් යටතේ ලෝකය සමග ගණුදෙනු කිරීමටත් අවස්ථාව විවර කරගනු ඇත. බහුජාතික සමාගම් ඇතු`ඵ ඒකාධිකාරවල ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා විකල්ප සකස් කෙරෙනු ඇත. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහ ගෝලීය ප්‍රාග්ධනයේ බලපෑම් වලට ආවරණයක් ලෙස ආහාර සුරක්ෂිතතාව, බලශක්ති ස්වෛරීත්වය ආදියට සමාජවාදී ආර්ථිකයක් තුළ ප්‍රමුඛතාව දෙනු ඇත.
වත්මන් ධනේශ්වර ආර්ථික උපාය මාර්ගය එලෙසම පවතින අතරම වංචා දූෂණ නැති කිරීම, ධනපතියන් සූරාකෑමේ අවස්ථා සහතික කිරීම, කාර්යක්ෂමතාව ඉහල නැංවීම, නාස්තිය අවම කිරීම වැනි පැලැස්තර යෝජනා කිරීම් වෙනුවට වත්මන් ආර්ථිකයේ පදනම්වලට සහමුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කළ යුතුය. ඒ නිසා අප පෙනී සිටින්නේ වත්මන් කොල්ලකාරී ආර්ථිකයට ආදේශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නොව එයට විකල්පයක් නිර්මාණය කිරීම වෙනුවෙනි. එය නිශ්පාදනයේ ඵල සාධාරණ ලෙස බෙදා හැරීම, වැඩ කරන ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී කර ගැනීම, මූල්‍ය සේවාවන් වෙනුවට සැබෑ වටිනාකම් උත්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය ඉලක්ක කර ගැනීම, අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් ආර්ථිකය නිදහස් කර ගැනීම, සැලසුම් සහගතබව, ලාභය වෙනුවට සමාජමය ආවශ්‍යතා වලට ප්‍රමුථතාවය ලබා දීම, පරිසරය පිළිබඳ වගකීම් සහගත බව යන යන ලක්ෂණ වලින් සමන්විත ආර්ථික විකල්පයකි. එම මූලධර්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී මහා පරිමාණ නිශ්පාදනයන්ගේ අයිතිය සමාජය සතු කිරීම, සමාජයීය අවශ්‍යතාවයන්ට අනුව මහා පරිමාණ නිශ්පාදනයන්ගේ නව ක්ෂේත්‍රයන් ආරම්භ කිරීම, සු`ඵ හා මධ්‍ය පරිමාණ දේපොල වල අයිතිය ක්‍රමිකව පොදු හා සාධාරණ දේපොල ක්‍රමයකට අවශෝෂණය කර ගැනීම, අධිරාජ්‍යවාධී බහුජාතික සමාගම් වලට අනුව හැසිරෙන ආර්ථිකයක් වෙනුවට පොදු මහජනතාවගේ අවශ්‍යතාවයන් මූලික කරගත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම, ජාත්‍යන්තර කටයුතු වලදී ඒකාධිකාරයන්ට පොදු මහජනතාව ගොදුරු නොවන ආකාරයෙන් ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය සංවිධාන සමගද ඉහත ප්‍රතිපත්තීන් මත පදනම් වූ එකඟතාවයන්ට අනුව කටයුතු කිරීම, වැටුප් විශමතා අවම මට්ටමකට ගෙන ඒම, සැලසුම් සහගත ආර්ථික ක්‍රමයක් ඇති කිරීම, පොදු ජන වුවමනාවන් වර්ධනය කරමින් ලාභය වෙනුවට පොදුජන අවශ්‍යතාවය පෙරට ගැනීම, ඒ සඳහා නිශ්පාදකයන් අතර දැන් පවතින මාරාන්තික තරඟය වෙනුවට පොදු ජන වුවමනාවන් හැකි උපරිම වශයෙන් සපුරාලීමේ තෘප්තිමත් කිරීමේ තරඟ සංවිධානය කිරීම, එමගින් පාරිභෝජනය කරන භාණ්ඩවල හා සේවාවල ප්‍රයෝජණවත් භාවය හා ගුණාත්මක භාවය ඉහළ දැමීම, සමහර භාණ්ඩ හා සේවා කෙරෙහි වත්මන් සමාජය තුල ආරෝපණය කොට ඇති අසිමිත බලය අහෝසි කරමින් ඒවා ඉදිරියේ වැඳ වැටෙන ස්වභාවය ඉවත් කිරීමට කටයුතු කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ ගණන් පහළට ගෙන ඒම මගින් සමාජයේ සෑම සමාජිකයෙකුටම ඒවා ලබා ගැනීම පහසු කරලීම, පීඩාකාරී ශ්‍රම විභජනය තුරන් කිරීම, තමන් කැමති ආර්ථික ක්ෂේත්‍රයක හෝ ක්ෂේත්‍රයන්හි නියලීම සඳහා අවශ්‍ය නිදහස හා පුහුණුව තහවුරු කිරීම, නිශ්පාදනයේ තීන්දු තීරණ වැඩ කරන ජනතාව සෘජුවම සම්බන්ධ කරගැනීම මගින් නිශ්පාදනය ප්‍රතිසංවිධානය කිරීම, ශ්‍රම දිනයේ කාලය හැකිතාක් අවම මට්ටමකට ගෙන ඒම මගින් පවුල් කටයුතු හා සමාජයීය කටයුතු සඳහා යෙදීමට ඇති කාලය ඉහළ දමා ගැනීම හා එමගින් තෘප්තිමත් මිනිසෙක් හා සමාජයක් නිර්මාණය කිරීම, වැනි බොහෝ පියවර සංයුක්ත කරගනු ඇත. මෙවැනි ලක්ෂණ සහිත ආර්ථිකයක් අප සමාජවාදය ලෙස හදුන්වන අතර වත්මන් අර්බුදයට අපගේ වැඩපිලළිවෙල වන්නේ ධනේශ්වර ආර්ථිකය සමාජවාදී ආර්ථිකයක් හරහා ප්‍රථිශ්ඨාපනය කොට ප්‍රාග්ධනයේ පරිපථය ක්‍රමානුකූලව බිඳ දැමීම හා ප්‍රාග්ධනයේ ආක්‍රමණය පරාජය කිරීමයි.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව, පිරිසිදු පානීය ජලය, නිවාස, සනීපාරක්ෂක පහසුකම්, ඇඳුම්, සෞඛ්‍යය පහසුකම් ආදී මූලික භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම පිළිබඳ වගකීම රජය විසින් භාර ගන්නා, ඒ සඳහා වන සමාජ ආරක්ෂණ සේවාවන් තහවුරැ කෙරෙන ප්‍රතිපත්තියක් මගින් වැඩකරන ජනතාව ජීවිතයේ භෞතික අවශ්‍යතා වලට මෙන්ම අධ්‍යාපනය, කලාව, ක්‍රිඩාව, දාර්ශනික සංවාද දේශපාලන ආදී මානව සංස්කෘතියේ උරුමයන්ටද අස්වාමික වීම වලක්වාගත හැක. වර්ථමානයේ සමාජය මුහුණ දී තිබෙන ආතතිය, අතෘප්තිය, අසහනකාරීත්වය, පරාරෝපනය සඳහා විසඳුම් සෙවීමේ පදනම එයයි. වත්මන් සමාජයේ විනාශකාරී අද්දැකීම් ලෙස පවතින අපරාධ, මත්ද්‍රව්‍ය උවදුර, සිය දිවි නසාගැනිම් මානසික අවපීඩනය, ප්‍රචන්ඩත්වය ආදී බොහෝ ගැට`ඵ මේ ආතතිය සමඟ බැඳී තිබෙන අතර එම සමාජීය-ආර්ථික තත්වයන් සමඟ බැදී තිබේ. මෙම මිනිස් විෂයේ සමකාලීන අර්බුධය එයට හේතුවී තිබෙන සමාජ ආර්ථික කොන්දේසි අහෝසි කිරීමෙන් පමණක් ස්ව්‍යංව අහෝසි නොවන අතර ඒ සඳහා සමාජ විඥාණය වෙනස් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ද අවශ්‍ය වේ. එබැවින් මෙම අර්බුධයට විසඳුම වන්නේ සමාජ ආර්ථික කොන්දේසි පමණක් නොව සමාජයේ ආකල්ප, ආචාර ධර්ම, සෞන්දර්ය චින්තනය, දැනුම් සංස්කෘතිය ජීවන දර්ශනය සහ ජීවන පැවැත්මේ බහුතර අංග විප්ලවීය ලෙස පරිවර්ථනයකට භාජනය කිරීමයි. එබැවින් වත්මන් සමාජ අර්බුදය විසඳීමට අපට ඇති වැඩපිළිවෙල සමස්ථ සමාජයටම සුසමාදර්ශී වෙනසකට භාජනය කරන සමාජවාදී සමාජ පරිවර්ථනයකි. එනම් සමාජ සමානාත්මතාව-සහෝදරත්වය-සමාජ සාධාරනත්වය-යුක්තිය සහ සාමූහිකත්වය මත පදනම්ව සමාජය සංවිධානය කිරීමයි. මිනිස් සම්බන්ධතාවල සමාජමය ආකල්පවල, ජීවන දර්ශනය මත ආචාරධාර්මික ඇගයුම් පද්ධති වල දැවැන්ත පරිවර්ධනයක් සනිටුහන් කරවන නව ආකාරයේ සමාජ ජීවිතයකි.
කෘෂිකර්මාන්තය
කෘෂි කර්මාන්තයේත්, සත්ව පාලනයේත් ධිවර කර්මාන්තයේත් මූලික ප්‍රමුඛතාවය ජනතාවගේ ආහාර සුරක්ෂතතාවය තහවුරැ කිරීමට කටයුතු කිරීමය.
■ ඉඩම්, ජලය, බීජ, පොහොර හා කෘෂි රසායණ වැනි මූලික කෘෂි යෙදවුම් මෙන්ම කෘෂි උපකරණ හා පසු අස්වනු ක්‍රියාවලිය මත බලපවත්වනා ඒකාධීකාරයන් ගොඩනගාගෙන ඇති දේශිය හා බහුජාතික සමාගම් පලවා හැර තම ශ්‍රමයේ නිසි ඵල ලබන්නට හැකි වන ලෙස ගොවි ජනතාවගේ අයිතිය තහවුරැ කරනු ලැබේ.
■ ගොවි ජනතාවගේ ආදායම් සුරක්ෂිත කිරීමට සහතික මිල ක්‍රමයක් හා අස්වනු මත දිරි දීමනා ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරනු ඇත. කුමන ආකාරයෙන් හෝ සිදුවන වගා හානි අවම කිරීමට විධිමත් වැඩපිළිවෙලක් දියත් කරන අතර හානි පූර්ණය සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමටත් කටයුතු කරනු ලැබේ.
■ සාධාරණ හා සමානාත්මතා පදනමින් ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරැ කරනු ලැබේ.
■ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් පරිසර හිතකාමී කෘෂි ප්‍රතිපත්තියක් තහවුරු කිරීම සඳහාද ඵලදායීත්වය ඉහල නැංවීම සඳහාද ගොවි ජනතාව සමග පලල් ප්‍රජා අධ්‍යාපන ක්‍රමවේදයකට ප්‍රවේශ වෙනු ඇත.