2022 අරගලයෙන් උගත් පාඩම් – ව්‍යවස්ථා සම්පාදනය සදහා මහජන අදහස් ලබාගැනීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය

නව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සමාජවාදී හා වාමාංශික සංකල්පය වනුයේ ඒ සඳහා පු`ඵල් මහජන සහභාගීත්වයක් ලබාගැනීමයි. මෙතෙක් ලංකාවේ සම්මත කරන ලද සෝලබරි, 1972, 1978 යන කිසිඳු ව්‍යවස්ථාවන් තුළින් එවැනි සහභාගීත්වයක් කෙසේ වෙතත් ඒ ව්‍යවස්ථාවන් සඳහා මහජන අදහස් ලබාගැනීමවත් නොකළ අතර ඒවා ජනමත විචාරණයකට බඳුන් නොකර පාර්ලිමේන්තු මගින් සම්මත කරන ලදී. ඒ පිළිබඳව අපගේ ප්‍රතිපත්ති මෙසේ සඳහන් කළ හැකිය.


1. නව ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වහා පත් කළ යුතුය

2. එම ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා නියෝජිතයන් තේරීමේදී වැඩ කරන ජනතාව ප්‍රමුඛ පීඩිත බලවේගයන් නියෝජනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සකස් කළ යුතුය. නිදසුනක් ලෙස වෘත්තීය සමිති භේදයකින් තොරව වැඩබිම් වල සෘජු කම්කරු ඡන්දයෙන් තෝරා පත් කරගන්නා කම්කරු නියෝජිතයන්ගෙන් හෝ ගොවි බිම් වල ගොවි ජනතාවගේ නියෝජිතයන්ගෙන් සමන්විත නියෝජිත සම්මේලන මගින් මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට කම්කරු හෝ ගොවි නියෝජනය තෝරා පත් කළ හැකිය.

3. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට මහජන අදහස් ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය.

4ග රාජ්‍ය ව්‍යුහයේදී ව්‍යවස්ථාදායකය හා විධායකය මගින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ හා එමගින් සම්මත කරනු ලබන පනත් මගින් සුලුතර ජාතික සංස්කෘතික ජන කොටස් වලට අසාධාරණයක් වීම වැලැක්වීම සඳහා ද්වී මණ්ඩල ව්‍යවස්ථාදායකයක් යෝජනා කරනු ලබයි. ඉන් එක් මණ්ඩලයක් සියලු ජාතික ජන කොටස් වලට සමාන නියෝජනයක් ලැබෙන සේ මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන මැතිවරණ ක්‍රමයක් සකස් කරනු ඇත. ජාතික සමගියට හා ජාතික සංස්කෘතික සමානාත්මතාවයට බලපෑම් සහගත විය හැකි පණත් කෙටුම්පත් හෝ යම් නීතියක් මෙම ද්වී මණ්ඩල වලම සම්මත වීම අනිවාර්්‍ය කෙරේ.  

5. අවසානයේදී සකස් කරනු ලබන ව්‍යවස්ථාව ප්‍රමාණවත් සංවාදයකට බඳුන්කර ජනමත විචාරණයක් මගින් සම්මත කළ යුතුය.

රාජ්‍යයේ ලෞකික ස්වරූපය ( අනාගාමික භාවය )
1. රාජ්‍යයේ ලෞකික ස්වරූපය සහතික කළ යුතුය.ආගමික කටයුතු සඳහා දේශපාලන මැදිහත්වීම මෙන්ම දේශපාලන කටයුතු සඳහා ආගමික ආයතනවල මැදිහත්වීමද අහෝසි කළ යුතුය.
2. ආගම පුරවැසියන්ගේ පෞද්ගලික කටයුත්තක් වන අතර සෑම කෙනෙකුටම තමන් කැමති ආගමක් ඇදහීමට හෝ නො ඇදහීමට ඇති අයිතිය සහතික කළ යුතුය. ආගමික හේතු මත වෙනස්කම් කිරීම තහනම් කළ යුතුය.
3. සියඵම ආගම් සම තත්වයේ ලා සැලකිය යුතු අතර කිසිදු ආගමකට විශේෂ ප්‍රමුඛතාවයක් හෝ වරප්‍රසාදයක් ලබා නොදිය යුතුය.
මූලික මිනිස් අයිතිවාසිකම්
ලංකාවේ වර්ථමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද ලබ්ධියක් හෝ ආගමක් විශ්වාස කිරීමේ නිදහස, වද හිංසා වලට හෝ කෲර, අමානුශික හෝ අවමන් සහගත සැලකිල්ලට භාජනය නොවීමේ නිදහස, නීතියේ රැකවරණය, වර්ගය-ආගම-භාෂාව-කුලය-ලිංගිකත්වය දේශපාලන මතය හෝ උපන් ස්ථානය මත වෙනස්කමකට භාජනය නොවීමේ නිදහස ආදී අයිතිවාසිකම් 3 වන පරිච්ඡේදය තුළ තහවුරැ කර ඇත. භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශනයේ අයිතිය, රැස්වීමේ හා සමාගමයේ අයිතිය, වෘත්තීය සමිති හා සංගම් පිහිටුවීමේ අයිතිය ආදියද තහවුරු කර තිබේ. ප්‍රයෝගිකව ක්‍රියාත්මක වීම කෙසේ වුවද ව්‍යවස්ථාව තුළ සඳහන්ව ඇති මූලික අයිතිවාසිකම් ලංකාවේ ව්‍යවස්ථාව තුළ අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තියේ මට්ටමට හෝ ළඟා වී නැත. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥාප්තියේ තුන් වැනි වගන්තියේ ඇති ‘ජීවිතයට, නිදහසට හා ජීවිතාරක්ෂාවට ඇති අයිතිය’ වත්මන් ව්‍යවස්ථාව තුළ සඳහන්ව නැත. අ`ඵතෙන් නිර්මාණය වන ව්‍යවස්ථාවක අවම වශයෙන් පහත අයිතීන් ව්‍යවස්ථානුකූලව පිළිගත යුතුය. 
1. සිය සම්භවය, සමාජ තත්වය, ජාතිය, ආගම, භාෂාව, අධ්‍යාපනය, ලිංගික අනන්‍යතාවය, රැකියාවේ ස්වභාවය ආදී කිසිඳු භේදයකින් තොරව සියඵ පුරවැසියන් සමානත්වයෙහි ලා පිළිගැනීම
1. 1 ලබ්ධියක් හෝ ආගමක් විශ්වාස කිරීමේ නිදහස මෙන්ම විශ්වාස නොකිරීමේ නිදහසද
1. 2 වද හිංසා වලට හෝ කෘර අමානුශික හෝ අවමන් සහගත සැලකිලල්ට භාජනය නොවීමේ නිදහස, නීතියේ රැකවරණය ලැබීමේ අයිතිය 
2. ස්ත්‍රී/ පුරැෂ සමානාත්මතාවය පිළිගන්නා අතරම කාන්තාවන් සඳහා විශේෂ සෞඛ්‍යය හා ශ්‍රම ආරක්ෂක පියවර, ස්ත්‍රීන්ගේ ශ්‍රම කාර්යයන් ඇගේ මාතෘත්වය සමග ඒකාබද්ධ කළ හැකි කොන්දේසි සැපයීම, ගර්භණී මව්වරුන්ට හා කුඩා දරැවන් සහිත මව්වරුන්ට වැටුප් සහිත නිවාඩු හා වැඩ කරන කාලය අඩු කිරීම ඇතු`ඵ විශේෂ අවස්ථාද වරප්‍රසාදද සැපයීම අයිතියක් ලෙස පිළිගැනීම.
2.1 ගෘහීය කටයුතු වල යෙදෙන කාන්තාවන්ගේ ශ්‍රම කාර්යය සමාජමය කර්මාන්තයක් වශයෙන් සලකනු ඇත. එනම් විවිධ තත්වයන් යටතේ දරුවන් රැක බලා ගැනීමට යොමු වීමේදී පවුලේ අත්‍යාවශ්‍ය කටයුතු සිදුකිරීමේදී වැය කරන ශ්‍රමය සමාජමය සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍ය කටයුත්තක් වශයෙන් සලකා බලා කටයුතු කරනු ලැබේ. එමගින් ගෘහීය කටයුතුවල නියලී සිටින කාන්තාව පත්ව ඇති අසමාන සැලකිල්ල වෙනුවට එම කාර්යයන්හි ඇති සමාජමය වටිනාකම නිවැරදි ලෙස අවධාරණය කෙරෙනු ඇත.
3. වැඩ කිරීමේ අයිතිය, සිය නිපුනතා හා හැකියාවත් සමාජයීය අවශ්‍යතාවයත් අනුව රැකියාවක් තෝරා ගැනීමේ අයිතිය, රැකියාව අහිමිවීමේ හා විරැකියාවේ අවධානමෙන් නිදහස් වීමේ අයිතිය.
3. 1 වෘත්තීය සමිති සංගම් පිහිටුවීමේ අයිතිය, වෘත්තීය ඉල්ලීම් හා වෘත්තීය ආරක්ෂාව වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය
3. 2 සමාජයේ සෑම සාමාජිකයෙකුටම තෘප්තිමත්ව තම ශ්‍රම කටයුතු කිරීමේ හැකියාව සහතික කරනු ලැබේ. එනයින් විවිධ කර්මාන්තයන් හෝ විවිධ ශිල්පීය නිපුණතාවයන් වෙත සංක්‍රමණය වීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන්ම සහතික කරනු ලැබේ. මෙසේ තම රැකියාව හෝ ශ්‍රම කටයුත්ත තෘප්තිමත්ව සිදුකිරීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීම මගින් ශ්‍රම ඵලදායකත්වය වඩා ඉහල තත්වයකට වර්ධනය කර ගත හැකි වන එමඟින් වැඩ කරන කාලය අවම කර ගැනීමටත් පවුලේ හා සමාජයීය කටයුතු සඳහා තෘප්තිමත්ව සහභාගී වීමටත් අවශ්‍ය මිනිසෙකු නිර්මාණය කෙරෙණු ඇත. මෙමගින් සමස්ථ සමාජය වෙත සාමූහික හා මානුෂවාදී ගුණයෙන් අවතීර්ණ වන මිනිසෙකු නිර්මාණය කෙරෙනු ඇත.
4. කිසිදු අඩු සැලකිල්ලකට බදුන් නොවී සමාන වැඩට සමාන වැටුප් ලැබීමට අයිතිය, සමාජ ආරක්ෂණ ප්‍රධානයන් සහිතව සාධාරණ වේතනයක් ලැබීමේ අයිතිය. 
5. දෛනික වැඩ පැය ගණන සීමා කිරීම හා නිවාඩු දින සහිතව ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීමේ අයිතිය
6. මහඵ වියට එලඹීම හෝ ආබාධීත වීම හෝ අසනීප තත්වයන් නිසා වැඩ කිරීමට නොහැකිවන සෑම දෙනාටම සමාජමය ලෙස යැපුම් මාධ්‍ය හිමි කර ගැනීමට ඇති අයිතිය.
7. රැකියාවේ යෙදෙන්නා මියගිය හොත් මෙකී අයිතීන් එම පවුලට හිමිකර දීමට ඇති අයිතිය.
8ග සිය වෘත්තීය තුළ වෘත්තීමට ලෙඩ රෝග හෝ හදිසි අනතුරු වලින් ඉවත්ව ආරක්ෂිතව ශ්‍රමය වැය කිරීමට ඇති අයිතිය
9. රෝග වැලඳීමෙන් ආරක්ෂා වීමටත් ලෙඩරෝග වලට ප්‍රතිකාර ගැනීමටත් සිය`ඵ මිනිසුන් සතු සම අයිතිය. ( නිදහස් සෞඛ්‍යය සේවයක් සඳහා වන අයිතිය)
10. අධ්‍යාපනය සඳහා ප්‍රවේශ වීමට සෑම මිනිසෙකුටම ඇති අයිතිය. ( අධ්‍යාපනය ලැබීමේදී විශේෂ අවශ්‍යතා හා ගැටලු ඇති අයද ඇතුලත්ව ) එහිදී සියඵ ක්ෂේත්‍රවල ගුණාත්මක වශයෙන් උසස් නිදහස් අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය. ප්‍රථම උපාධිය දක්වා සහ නිශ්චිත වෘත්තීය මට්ටමක් දක්වා නොමිලේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය. මෙහිදී ධනේශ්වර ආර්ථිකයේ ශ්‍රමිකයෙකු වීම සඳහා පුහුණුව ලබාදෙන සීමාව ඉවත් වී එය මානව සමාජයේ දැනුම හා අද්දැකීම් අනාගත පරම්පරාවන්ට දායාද කරන ක්‍රමයක් බවට පත් කරනු ඇත.
11. ක්‍රීඩාවේ නියලීමටත් ඒ සඳහා පුහුණුව ලැබීමටත් ක්‍රීඩා නැරඹීමටත් ඇති අයිතිය.
12. ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට, රැස්වීමට, සමාගමෙහි යෙදීමට, තොරතුරැ ලබාගැනීමට ඇති අයිතිය. රාජ්‍ය වාරණ වලට හෝ සීමාවන්ට යටත් නොවී මුද්‍රත මාධ්‍ය හා විද්‍යුත් චුම්භක තරංග භාවිතා කිරීමට ප්‍රජාවය ඇති අයිතිය.
13. සිය ලිපි, ෆැක්ස්, විද්‍යුත් ඇපෑල, දුරකතන ඇතු`ඵ සනනිfවිදන මාධ්‍යයන්ට රාජ්‍ය ආයතන හෝ අන් කවරෙකු විසින් රහසේ ඇතු`ඵවීම වලක්වාලීමට ඇති අයිතිය. පුද්ගලිකත්වයේ අයිතිය නීතියෙන් ආරක්ෂා කෙරෙනු ඇත.
14. සංස්කෘතික ජීවිතයට නිදහසේ ප්‍රවේශ වීමටත් කලාව රස විදීමටත් විද්‍යාත්මක දියුණුවේ කොටස්කරැවන් වීමටත් ඇති සම අයිතිය. මෙහිදී විශේෂ කායික හෝ මානසික සුවිශේෂිතා ඇති පුරවැසියන්ට සංස්කෘතික අයිතීන් භුක්තිවිදීමට ඇති අයිතිය තහවුරැ කිරීම සඳහා විශේෂ විධි විධාන සකස් කෙරෙනු ඇත.
15. ජනතාවගේ නිවසේ අනුලංඝනීය බව සඳහා ඇති අයිතිය. නිවැසියන්ගේ කැමැත්තකින් තොරව නීත්‍යානුකූලභාවයකින් තොරව කිසිවෙකුට නිවසට ඇතුඵවීමට අයිතියක් නැත.
16. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ලැබීමේ අයිතිය. පාරිසරික විනාශයන්ගේ ගොදුරු බවට පත් නොවීමේ අයිතිය. 
සමාජවාදී සමාජ ක්‍රමයක් තුළදි ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට අමතරව මූලික යුතුකම් පිළිබඳ පරිච්ඡේදයක්ද ඇතුළත් කෙරෙනු ඇත. ඒ අනුව වැඩ කිරීම අයිතියක් පමණක් නොව යුතුකමක් ද වේ. අධ්‍යාපනය අයිතියක් පමණක් නොව යුතුකමකි. පවුල සැලසුම් කර ගැනීම මෙන්ම වැඩිහිටි නොවූ දරැවන් ආරක්ෂා කර ගැනීම යුතුකමකි. අනෙක් පුරවැසියන්ගේ සහ තමන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම ද, සමාජවාදය පවත්වා ගෙන යාම ආදිය ද යුතුකම් වශයෙන් එහි විශේෂ පරිච්ඡේදයකට ඇතුලත් වනු ඇත.
නියෝජිතයන් විශේෂ වරප්‍රසාද භුක්ති නොවිඳීම
1. සියඵම රාජ්‍ය බලයේ නියෝජිත ආයතන සඳහා නියෝජිතයන් පත් කර ගත යුත්තේ ජනතාවගේ නිදහස් ඡන්දය තුළිනි. වයස අවු 16 ඉක්මවූ සෑම පුරවැසියෙකුටම නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට සහභාගී වීමටත් අවු 18 ඉක්මවූ සෑම පුරවැසියෙකුටම නියෝජිතයෙකු ලෙස තේරී පත්වීමටත් අයිතිය තිබේ.
2. ජනතාව සහ නියෝජිතයන් රාජ්‍ය කටයුතු වලදී සහ පරිපාලනයේදී ක්‍රියාකාරීව සහභාගී කර ගනු ලැබේ.
3. යම් කාලයක් සඳහා තෝරා පත් කර ගනු ලබන නියෝජිතයන් ඕනෑම අවස්ථාවකදී යළි කැදවීමේ බලය ඡන්ද දායකයන් සතු වේ.
4. නිලධාරීවාදය පෝෂණය වීම වැළැක්වීම සඳහා පහත පියවරයන් යෝජනා කරනු ලැබේ.
5. ජනතා නියෝජිතයන් කුමන ආකාරයකින් හෝ සාමාන්‍ය ජනතාවට වඩා වෙනස් වරප්‍රසාද භුක්ති විදීම අහෝසි කිරීම.
6. එම නියෝජිතයන්ගේ වේතන පුහුණු කම්කරුවන්ගේ වේතන නොයික්මවීම
7. එම නියෝජිතයන්ගේ වත්කම් බැරකම් පිළිබඳ තොරතුරැ දැනගැනීමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කිරීම
8. ඕනෑම ජනතා නියෝජිතයෙකු අධිකරණය හමුවට පැමිණවීමට ඇති අයිතිය පිළිගැනීම


ප්‍රජා සහභාගීත්වය මත ගොඩනැගෙන රාජ්‍ය ව්‍යුහය


ආභ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සමාජවාදී ප්‍රතිපත්තිය සකස් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතකරණයේ මූලධර්මයට අනුවය. එය බෙහෙවින් මධ්‍යගත වන නමුදු එය මධ්‍යගත කෙරෙන්නේ ඒකාධිපති රාජ්‍ය වල මෙන් අත්තනෝමතිකව නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙසය. එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එක්වරම ප්‍රජාතන්ත්‍රවාදී ජන සහභාගී මූලධර්මය ක්‍රියාත්මක වන අතරම ක්ෂණික මැදිහත්වීම් වලට අදාල වන පරිදි මධ්‍යගත වේ. මධ්‍යගතභාවය යනු ප්‍රධාන රාජ්‍යය ප්‍රතිපත්ති අතින්ද පොදු මාර්ගෝපදේශන අතින්ද සමස්ථ රාජ්‍යයම සඳහා සැලසුම් කරන ආර්ථිකය තුලින්ද සිය`ඵ ඒකක එක් වැඩපිළිවෙලක් තුළ ඒකාබද්ධ කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු සෑම ඒකකයක්ම එකිනෙකට වගකියන අතර සමස්ථ ව්‍යුහයම ජනතාවට වගකීමයි. සෑම ඒකකයක්ම හා නියෝජිතයෙකුම ජනතාවගේ පාලනයට, නැවත කැඳවීමට යටත් වීමයි. කෙටියෙන්ම කියන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතභාවය යනු නියෝජිත ආයතන ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කර කර ගැනීම, සිය`ඵ නියෝාජිත ආයතන ජනතාවගේ අභිලාශයන් නියෝජනය කිරීම හා ජනතාවට වගකීම, සිය`ඵ නියෝජිත ආයතන තමන්ට ඉහල නියෝජිත ආයතන වලට වගකීම, සෑම නියෝජිත ආයතනයක්ම තමන්ගේ ස්වාධීත්වයේ වපසරිය තුල නිදහස භුක්තිවිදීම (ඉහල නියෝජිත ආයතන වල තීරණ වලට ප්‍රතිවිරෝදී නොවන) ලෙස යන සියල්ලේ සංයුක්තකරණයකි.

ජනතාවට වගවෙන මහජන සභා

aragalaya