
මහජන සභා
මෙම ව්‍යුහයේ මූලික ඒකකය වන්නේ වැඩබිම් මට්ටමින්, ගොවි බිම් මට්ටමෙන්, ධීවර තොටුපොල මට්ටමෙන්, විශ්වවිද්‍යාල හෝ වෙනත් ආයතන මට්ටමෙන්, ගම් හෝ නගර මට්ටමෙන් ඒවායේ සිටින ප්‍රජාවන් නිදහස් ඡන්දයෙන් තෝරා ගැනෙන මහජන සභාවන්ය. බොහෝ සමාජවාදී රටවල රාජ්‍ය ව්‍යුහයෙහි මූලික ඒකකය වූයේ ප්‍රදේශ මට්ටමින් තෝරා ගනු ලබන මහජන සභාවන්ය. මෙම සභාවල නියෝජිත සංඛ්‍යාව තීරණය වනුයේ භූමියේ ප්‍රමාණය, බලවේගයේ ස්වභාවය, ජන සංඛ්‍යාව වැනි භෞතික සාධක මතය. මෙම මහජන සභාවල නියෝජනයේ ප්‍රමුඛතාව ලැබෙන්නේ කම්කරු, ගොවි, ධීවර, ශිෂ්‍ය, තරුණ, කාන්තා වැනි බලවේග වලටය. එමෙන්ම සංයුතියේදී ජාතිකමය, ආගමිකමය, සංස්කෘතිකමය හා භාෂාමය විවිධත්වයද සැලකේ. මෙසේ මූලික මට්ටමේ මහජන සභා විසින් තෝරා යවන නියෝජිතයන්ගෙන් කොට්ටාස සභා, දිස්ත්‍රික් සභා යලි නිර්ණය කිරීමට සිදුවනු ඇත. ලංකාවට අදාලව ගත් විට වත්මන් දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාස පලාත් ආදී සීමාවන් බි්‍රතාන්‍ය යටත් විජිතවාදීන්ගේ පරිපාලනමය අවශ්‍යතා අනුව අවිද්‍යාත්මකව සකස්කල ඒවා නිසා ස්වභාවික ජන ඒකරාශී වීමේ ස්වරුපයට ආර්ථික ජීවිතයේ සම්භන්ධයට භූගෝලීය දේශගුණික සාධක වලට හා ජනගහනයට අනුව එය යලි විද්‍යාත්මකව නිර්ණය කල යුතුය. කෙසේ වෙතත් සමස්ථ ලංකාවේම තේරී පත්වන නියෝජිතයන්ගෙන් සමන්විත වන සමස්ථ මහජන සභා සම්මේලනයක් පවතිනු ඇත.
සිවිල් පරිපාලන සේවය හමුදාව සහ පොලීසිය
පැරණි යටත් විජිත ක්‍රමයේම දිගුවක් ලෙස පවත්වා ගෙන යනු ලබන සිවිල් පරිපාලන සේවය ජනතා නියෝජිත පරිපාලන ක්‍රමයක් මගින් විස්ථාපනය කල යුතුය.
වත්මන් පරිපාලන ප්‍රදේශ වෙන් කිරීම විද්‍යාත්මක ලෙස යළි සකස් කළ යුතුය.
ජනතාව මර්දනය කිරීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන හමුදා, පොලීසි, බුද්ධි තොරතුරැ ඒකක, ස්වේච්ඡා හමුදා සහ ආයතනත් විසුරැවා හැර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාවගේ සන්නද්ධ සේවා ගොඩනැගිය යුතුය. ඒවා තුල සමානත්මතාව හා සහෝදරත්වය තහවුරු කරන අතර එහි පරිපාලනය නිලධාරී තන්ත්‍රයක් මගින් නොව සෙබල කමිටු මගින් සිදු කල යුතුය.
දැනට රාජ්‍ය හමුදා වල (මර්දන ආයතන වල) සේවයේ නියුතු වූවන් ඔවුන්ගේ හැකියා හා කුසලතා අනුව ශ්‍රම බලකායේ විවිධ අංශ වලට සම්බන්ධ කල යුතුය.
ජනතාවට පීඩාකාරී ආයතනයක් ලෙස පවතින ධනේශ්වර පොලීසිය වෙනුවට ප්‍රජා සහභාගී ස්වේච්ඡා සාම සේවයක් ගොඩනැගිය යුතුය.
අධිකරණ පද්ධතිය
දැනට පවතින අධිකරණ ක්‍රමය තුල ආසියාතික ක්‍රමයෙන් උරුම වූ පසුගාමී ලක්ෂණ, යටත් විජිත යුගයේ නශ්ඨවශේෂයන්, රෝම ලන්දේසි ධනේශ්වර නීතිය මත පදනම් වූ අසමානතා ලක්ෂණ මෙන්ම නිලධාරීවාදී ලක්ෂණද මුල් බැසගෙන ඇත. ඒ වෙනුවට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පුරවැසියාගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි, අධික ලෙස මුදල් මංකොල්ල කෑමට ඉඩ නොතබන කාර්යක්ෂමව සිදු කල හැකි ක්‍රියාවලියක් බවට පත් විය යුතුය. දණ්ඩනයේ යුක්ති ගරුක පදනම නිවැරදි වීම සඳහා අවකාශ සැලසීමයි, පුනරුත්ථාපනයයි, නැවත සමාජානුයෝජනයයි. ඒ සඳහා වන නව නීති පද්ධතියන් නව අධිකරණ පද්ධතියක් පිහිටුවීම ප්‍රමුඛස්තානයෙහි ලා සැලකිය යුතු කරුණකි. විනිශ්චයකාරවරැන් නීතියට පමණක් පක්ෂපාතී පුද්ගලයන් හා නිදහස්, ස්වාධීන පුද්ගලයන් බවට පත් කිරීම සඳහා අධිකරණ සේවාවට එල්ලවන සකල විද බලපෑම් ඉවත් කිරීම අවශ්‍ය වේ.
1. සියලු අසමානතාවයන් හා මර්ධනීය ලක්ෂණත් ඉවත් කර නව ජනතාවාදී නීති පද්ධතියක් ස්ථාපිථ කරනු ලැබේ.
2. නිලධාරීවාදයද අකාර්‍යක්ෂමතාවයද අවසන්කර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින සංකීර්ණතාවය හා ප්‍රමාදයන් වලකන නව අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරනු ලැබේ.
3. විනිශ්චය කරුවන්ගේ හා අධිකරණ ක්‍රියාවලියට සම්භන්ධ සියලු නිලධාරීන්ගේ ස්වධීනත්වයත් අපක්ෂපාතීත්වයත් තහවුරු කරවන නව බඳවා ගැනීම් පටිපාටියක් සහිත අධිකරණ සේවයක් ස්ථාපිත කරනු ලැබේ. විධායකය වෙනුවට විනිශ්චය කරුවන් පත් කිරීමේ බලය ව්‍යවස්ථාදායකයටත් ජන සභා වලටත් හිම්වනු ඇත.
අධිකරණ ව්‍යුහය
අධිකරණ ව්‍යුහය පිරමීඩාකාර ස්වරුපයක් ගන්නා අතර ඉහලින් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ද පවතින අතර මහාධිකරණය ද පහලින් ප්‍රාදේශිය අධිකරණ හා ජනතා අධිකරණ ද සහෝදර අධිකරණ වැනි ආකෘතින්ද යොදා ගැනේ. හදුන්වාදෙන නව අධිකරණ ආකෘති නම්
■ ජනතා අධිකරණ
අධිකරණය සඳහා නෛතික වෘත්තිකයන්ගෙන් යුත් අධිකරණ මෙන්ම ජනතා අධිකරණද පිහිටුවනු ලැබේ. ඒ සෑම අධිකරණයකම විනිශ්චයකාරවරුන් උසුලන්නේ සමාන තත්වයකි. අධිකරණ ක්‍රියාවලිය විනිවිද පෙනෙන සු`ඵ හා ජනතාවට වග කියන ක්‍රියාවලියක් බවට පත් කෙරෙන අතර විනිශ්චයකාරවරුන් නැවත කැදවීම සඳහා බලය ඔවුන් පත්කල ව්‍යුහයටම හිමිවේ. පහල උසාවි ජනතාව විසින් තොරා ගැනීමේ පදනම හා විෂය ප්‍රවීනත්වයේ පදනම යන පදනම් දෙකෙන්ම තෝරාගන්නා විනිශ්චයකාර වරුන්ගෙන් සමන්විත වේ. මෙය ජූරි සභාවකට සමාන නැත. ජූරි සභා ක්‍රමයේදී විනිශ්චයකරුවා සහ ජූරි සභාව වෙනස් ක්ෂේත්‍ර වලට අදාලව වෙන වෙනම තීරණ ගනී. මෙම ක්‍රමයේදී තීරණය නැගෙනුයේ දෙපාර්ශවයම එක්වී සාකච්ඡා කිරීමෙනි.
■ සහෝදර අධිකරණ
කම්හල්, ගොවි බිම්, සිරගෙවල්, මහල් නිවාස, නාවික යාත්‍රා, විශ්ව විද්‍යාල වැනි ප්‍රජාවන් සඳහා ප්‍රජාව විසින්ම පත් කරනු ලබන සහෝදර අධිකරණ ක්‍රියාත්මක වන අතර මේවායේ බලතල වනුයේ සමතකරණය, ප්‍රසිද්ධියේ අවවාද කිරීම, දෝෂ දර්ශනයට ලක් කිරීම ආදියයි.
■ බේරුම්කරණ අධිකරණ
මෙහිදි දෙපාර්ශවයෙන්ම තම තමන්ගේ පාර්ශවයෙන් විනිශ්චයකාර වරුන් දෙදෙනෙකු පත්කල හැකි අතර ඒ දෙදෙනා එක්ව තුන්වැන්නෙකු තෝරා පත්කර ගනී. බේරුම්කරණය සඳහා තීන්දු ලබා දෙන්නේ එම ත්‍රීපුද්ගල විනිශ්චය මන්ඩලයේ බහුතරය විසිනි. බේරුම්කරණ තීරණය ක්‍රියාත්මක කල හැක්කේ මහා අධිකරණය හරහාය.
■ ප්‍රතිකාරක මණ්ඩල හා ප්‍රොකියුරේටර් කාර්යාලය
මෙම ප්‍රතිකාරක මණ්ඩල හරහා පුරවැසියන්ට යම් මහජන නිහෝජිතායතනයන්ට හා මහජන නිහෝජිතයන්ට හා රාජ්‍ය නිළධාරීන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. ඒවා නීතිමය කටයුතු පිළිබඳව රජයට උපදෙස් ලබා ගැනීමට ද මග පෙන්වයි. මහජන අභිචෝදකයාගේ හා රජයේ නීතීඥයාගේ කාර්යය ද ප්‍රතිකාරක මණ්ඩල ඉටු කරයි. පොකියුරේටර් ජනරාල් වරයා හා පොකියුරේටර් කාර්්‍යාලය යනු නීතිය ක්‍රියාවේ යොදවන කවරම ආකාරයේ විෂමාචාරයක් සඳහා හෝ ජනතාවට විසදුම් ලබා ගැනීමට ඇති යාන්ත්‍රණයයි.