Layout A (with pagination)

Our Unknown Hero

While many Sri Lankans were rejoicing after storming the Presidential Palace on the 9th of July, a battered protestor was driven away in an ambulance to the nearest hospital. While some were diving into pools, raiding closets, and eating food from the refrigerator, he lay in excruciating agony from a broken leg. A leg he broke from being brutally assaulted after courageously climbing the Presidential Palace gate, jumping to the other side, and coming face to face with armed forces.

In the video shown below, you can see how these officers repeatedly hit him and another protestor with their batons. The armed officers keep swinging at him, taking aim at his legs as he curls up against the gate to protect himself.

https://youtu.be/fqyRukENk04

We may not know him, his name or his religion but we do know that he is human just like the rest of us. If it weren’t for selfless protestors like him who took the first leap of fate over that gate, today we may still be shouting ‘Go Home Gota’. Instead, while we celebrate our success, this young man remains in severe pain. We can not make his pain go away, but we can seek justice for his injuries by helping abolish a system that allows such police brutality and human rights violations.

His act of heroism will be recognized in history even though he will remain an unknown hero to us all. As the protests continue, we can only hope that such selfless heroes will emerge in the days to come.

Read More
Video

කතා කරහම බලේ එනවලු… උන්ට බලේ එන්න කතා කරන්න ලු… අපි කතා කලොත් ඉතින් අඬු බඬු කඩලා කුදලාගෙන යයි.

රනිල් කතා කරනවා කිව්වා හින්දා හනිකට තෙල් පෝලිමේ ඉඳන් දුවගෙන ආව, උන්නැහේ මොනවද කියන්නේ කියල අහගන්න. ගෙදරට ආව හැටියේ සරමේ කැහැපොට ගලවල බිත්තියේ කුලුණකට හෙත්තුවුනා විතරයි නැන්දම්මාගේ කන්කෙන්දිරිය.
අනේ හොඳයි දන්ත ධාතු වඳින්න යන්න තිබුනානම් මටත් හොඳයි නොවැ කොහෙද මුන් මාව එක්ක යන එකක් ය. ඇහුවොත් තෙල් නැහැ. ඇයි බොලන් මේ කතාකරන එකා ගිහින් තියෙන්නේ. තොපිලට තමයි ඔය තෙලේ නැත්තේ. කවද්දැයි බං ඕක ලැබෙන්නේ? නැන්දම්මට රනිල් උන්නැහේ දළඳා වදින්න ගිය බව ඇහිලා වගේ. 94ක් වුනාට උන්දැගේ කන නම් ඇහෙනවා අගේට.
ප්‍රෙෂර් පෙති පාමසි එකේ නැති එකේ කටපියාගෙන ඉන්න එකෙන් ප්‍රෙෂර් නගින එකක් නැහැ නේද කියල මම ඔන්න ඔහේ නෑහුනා වගේ හිටිය.
මේක විපර්යාසයක් ලු, ගොටා අයින් වෙලා එයා අපු එක. අනේද කියන්නේ. එනකම්ම නේ අපි බලාන හිටියේ. ව්පර්යාසයක් තමයි අපි හැමෝටම. උන්දැත් ගැහුවේ නැද්ද හොඳ කස්තිරමක්.

“මොකද්ද බොල අර පැටිස් කතාවක් කිව්වේ? ඕව හදන්නේ මාළු පිලි දාල නේද? යකෝ උන්නැහේ දළඳා වඳින්න ගියේ එවායිත් කාලද? අනේ අනිච්චන්, අබුද්දස්ස කාලේ.” අනේ මන්ද මේ උන්දැ ගේ කරච්චලේ, තෙල් පෝලිමේ මිට වැඩිය හොඳයි වගේ.
හිට්ලර් අඳුනනවා වගේ නේ මේකා කතා කරන්නේ, යකෝ මුන්දෙන්න ඒ කාලේ එකට හිටියව ත් ද?
තවත් වැටුනොත් රටක් නැහැ කියන්නේ, දැන් කියලත් ඉතින් අපිටය කියල රටක් තියෝනවයි? දැනටම කෑලි වලට කඩලා කීදෙනෙක් ට විකුනලාද?මොනවා කරන්නද, මේවා ඇහෙන කොට මගෙත් රතු කට්ට ටික ටික ඉහල යනවා හරියට තෙල් පෝලිමේ ඉඳල තෙල් ටික ගහ ගන්න කොට වගේ.
උද්දමනයද මොකද්ද එක වැඩිවෙලා ලු. යකෝ මෙච්චර කල් ඕක අඩුවෙලාද තිබුනේ?
මිනිස්සු කියනවලු ඒගොල්ලෝ නය ගත්තු නිසා කියල එක වැඩිවුණේ. මෙයා මේ කියන්නේ හරියට අපි නයට අරගෙන අපි කාල බිල ජොලි කරා වගේ නේ.

“ආච්චි අම්මේ දන්නවද මේ කතා කරන එක්කෙනා ගේ වයස?” මෙන්න එපාර ආයිත් කනක් අහිල්ලේ ඉන්න නැතිවෙන්න පුත්තරයා නැන්දම්මාව අවුස්සනවා.
“මට මොකටෙයි බොල එක? මොකෝ මම ඒ උන්නැහ එක්ක දීග යන්ටයෑ.”
“නැහැ, මම කියන්නේ මෙයයි ආච්චිට වඩා අවුරුදු 20යි බාල. බලන්න කෝ ලස්සනට කෙලින් හිටගෙන ඉන්න හැටි.”
“ඈ බන්, ඒකියන්න බොලා ලැයි අර මැරුණු මාමගේ වයස නොවැ. ඔය වයට ගියාම ඔහොම තමයි හිතාගෙන ඉන්නේ, හැමදාම ඉන්නවා කියල තමයි උන්නැහේලා හිතාන ඉන්නේ. එත් බලුප් එකපත්තු කළා වගේ තමයි, සැරෙන් සැරේ නිවී නිවී තියෙල හිටි ගමන්ම නිවිලා යනවා දන්නෙම නැතිව. ඔය තරුණ කම ඉස්මුදුනේ තියාගෙන ඉන්න උන්ට මනමාල ගාය එක නොව ඔය එලිදාන්නේ.”
“ඈ පුතේ උඹේ අප්පොච්චත් පැන්සොන් ගියෙ 55 දී නෙව? එතකොට මේ උන්ද ගේ කියෙයි වයස කිව්වේ බොල ?”
“74යි ආච්චි යේ.”
“එතකොට මේ උන්දලා පැන්සොන් යන්නේ 55 නෙවිද?”
“නැහැ ආච්චියෙ, ඒගොල්ලන්ගේ මොලේ වයසට යනකොට ලු මෝරන්නේ”. කොල්ල නැන්දම්මව අවුස්සගන්න වගේ මයේ හිතේ.
“අනේ මයේ කට. මන් දන්නේ නැද්ද වයසට යනකොට මෝරන එව්ව”.

ඕන් ඒගමන කාටවත් බය වෙන්න එපයි ලු. මට පෙනෙන්නේ කට්ටිය හොඳටම බයවෙලා වගේ. නැතිනම් මෙච්චර ප්‍රසිද්දියේ කියන්න ඕන කතාවක්ය ඕක.
“ආබන් කොල්ලෝ, ඔය යන්න ගෙයක් නැහැයි කිව්වේ මේ උන්නැහේට ද? “
“නැහැ නැහැ ආචිචියේ. එයාට ගෙයක් තියෙනවා, එයා ඔය බොරු කියන්නේ. එයා කට ඇරියොත් කියන්නේ බොරු.”
“බොරු කියනවද බන් මේවට ගිහින්? මුළු රටම දැනගන්නවගේ ඒකා බොරු කියන්නේ කියල. ගෑනියෙක් නැද්ද බන් මුන්දාට?”
“ඉන්නවා ආච්චියෙ,”
“ඒ උන්දාවත් මේ උන්දෑට කියල දෙන්න එපාය ඕව හොර රහසේ කතාකොරනවා හැර, රටටම කියන ඒවා නොවෙයි කියල.”
“කාගෙන්ද බන් උන්දැ ඔය සල්ලි ඉල්ලා ගන්න ගියැයි කියන්නේ? උන්නැහේගේ ගේ හදා ගන්න ද?”
“නැහැ ආච්ච්යේ රට හදන්න, රට හදන්න. “
“ණයවෙලා මොකටද බන් රටක් තියා බතක් හදලාවත්. ඌ හම්බකොරලා එපායැ ඒක කොරන්න.”
“ඇයි බන් ඔය බැංකු වල සල්ලි නැතැ ඕනේ හැටියට. මුන්නැහේට දෙන්නේ නැතිව අපිට දෙනවැයි “

“නැහැ ආච්චියේ එයැයි තමයි බැංකුව සුද්ධ කලේ”
“ඈ බොල, එහෙව් එකේ උන්දැ එහෙනං මොන කෙන්ගෙඩියට මේ ටැලිවිසෝන් එකේ සල්ලි නැහැ නැහැ කියන්නේ.”
“එහෙම තමයි ආච්චියේ, ඒගොල්ලෝම උස්සලා ඒගොල්ලෝම නැහැයි කියනවා. ඕක තමයි ඒගොල්ලෝ හැමදාම කලේ.”
“හැබෑට?”
දේශපාලන වෙනස්කම් තිබුනට අපි අතර තියෙන මිත්‍ර කම් නැතිකර ගන්න උවමනා නැහැල්ලු. අනේද කියන්නේ. මේ උන්දලගේ මිත්‍ර කම නිසා නොවෙන්න දෙගොල්ලෝ දෙපිලකට වෙලා හැමදාම ගසා කෑවේ. මෙයත් එක්ක තරහෙන් ඉන්න කට්ටියකුත් ඉන්නවා වගේ. එහෙම නැතිව මුන්නහේ එහෙම කියන්නේ මොකැයි? එහෙනම් පැණි වරක ගහටත් හෙණ වදින්න වගේ යන්නේ. අනේ පව් මූණ බලපුවාම නම් සන්තෝසෙන් ඉන්න පාටයි එත් උන්නැහේ ගේ හිත ඇතුලේ ලොකු බයක් තියෙනවා නේද කියලයි මට හිතෙන්නේ.

“මේකට හොඳම විසදුම සර්වපාක්ෂික ආණ්ඩුවක්.” කවුරුත් එකට වාද කරන්නේ නැහැල්ලු, අප්පද බොල මැක්කෙක් ගිය උඩ කිව්වලු. මේකා මේ චන්දයක් වත් දිනලා ඔතෙනට ආව මනුසයෙක් නම් ඔං ඕව කිව්වට කමක් නැහැ. මේක හරියට ඉස්කෝලේ වත්ත අතුගාන එකා ප්‍රින්සිපල් වෙලා ගුරුවරුන්ට උගන්වන්න කියනවා වගේ වැඩක් නේ. මේවා අහල පිස්සු හැදුනේ නැති නම් තමයි පුදුමේ.
අනික දැන් සර්වපාක්ෂික වෙන්න කියල ඔය පාර්ලිමේන්තුව කියන කැඳ හැලියේ ඉන්න උන් ඔක්කොම එකම පක්ෂේ නොවේද කියල මේ උන්නැහේ ට මතක නැතිවෙලා වත් ද? සමහර විට වයස නිසා අර නැන්දම්මා කිව්වා වගේ ගැහෙන ටියුබ් ලයිට් එකක් වගේ සිහිය එනවා යනවා වෙන්නත් පුළුවනි.
මෙන්න මේ උන්නැහ කියනවා මන්තිරි ගොල්ලන්ට ගමට යන්නලු, පණිවිඩේ ගෙනියන්නලු ගමට. මට පේන්නේ මෙයා මේ මන්තිරිලාට වට කරලා ගස්සන්න වගේ පැලැන. මෙච්චර දෙයක් වෙලත් මේගොල්ලෝ රට වටේ යන්න? රනිල් උන්නැහේ ගේ ලඟින් ගියොත් ඇහැක් නැහැ කියල අපේ අප්පුච්චා කිව්ව කතාව කොයි තරම් ඇත්තද කියල දැන් තමයි තේරෙන්නේ.
“කාගේද බන් අර ගෙවල් ගිනිතිබ්බ කියල කියන්නේ? ඔය මරල දානවත් කියන්නේ කවුදැයි ඔය?”
“ඒ අනිත් හොරු ටික ආච්චියෙ.” මිනිස්සු ඒගොල්ලන්ව මරල දාන්නේ නැති එකට ඒගොල්ලෝ සතුටු වෙන්න ඕන.
“හැබෑට ? උන්දැත් එක්ක ඉන්න ඔක්කොම හොරු යැ ?” “ඕක තමයි පොඩි එකෝ මං උදේ හවහ කියන්නේ කුණු තියෙන තැනටම තමයි කියල කුණු එකතුවෙන්නේ. බලාපන් ඒ කතාව මසුරන් වටිනවා නොවැ.”

නැන්දම්මා මේ මොනවා කියනවද, උන් පාර්ලිමේන්තුවට ගන්නෙත් හොරු, නීති හදන්නෙත් හොරම් කොරන්ට, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. වැඩක් නැහැ ඕව උන්දෑට කියල. තව ටික දවසයි නේ උන්දැ දුක් විඳින්නේ. අපි එපෑය තව කාලක් මුන් එක්ක ඉන්න.
“අපි නිහඬ වෙලා හිටිය ඇති දැන් කතා කරන්න පටන් ගන්න හැම එක්කෙනාම කතා කරහම බලය ආපහු එනවා එතන ඉඳන් ඉදිරියට යමු.”
මේක පුදුම වැඩක් නේ යකෝ. කතාකරහම බලේ එනවලු. උන්ට බලේ එන්න කතා කරන්න ලු. අපි කතා කලොත් ඉතින් අඬු බඬු කඩලා කුදලාගෙන යයි.
ඔය අරගලේ කියන එකට ගිය එවුන් වත් කුදලාගෙන යන එකේ, කතා කරන්නේ කොහොමද?

බලන්න ඕනේ ගමේ තැන තැන කතා කරලා මටත් බලයක් හදා ගන්න පුලුවන්ද කියල? පුදුම රටක නොවැ අපිත් ඉපදිලා තියෙන්නේ.
“අපි හදන්නේ තෙල් පෝලිම් නැති කරන්න, ගමේ තියෙන ප්‍රශ්න අපිට කියන්න. අපි එකට එකතුවෙලා වැඩ කරමු.” අනේ කාටද කියන්නේ.
මේ රනිල් උන්නැහේට, එයත් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න අයටයි අපි හැමදාම කිව්වේ අපේ ප්‍රශ්න තමයි. කෝ මොකද්ද අපිට කරලා දෙන්නේ? යකෝ මුන් නිකන් කතා කරන්නේ මැරිලා ඉපදුනා වගේ නොවැ. අනුමානයක් නැහැ මෙයාගෙත් බල්බ් එක නිවෙනවා පත්තු වෙනවා වගේ දැන් ඉස්සරටත් වැඩිය. එකනේ මේ විකාර කියවන්නේ. අනික අහගෙන ඉන්න එවුන්ගෙත් කීයෙන් කියකගේද බලුප් හරියටම එක දිගට පත්තු වෙන්නේ? උන්ටත් නිකන් පිස්සු වගේ ඇති මේ කතා. ඒක තමයි අයි කතා නොකර ඉන්නේ ඇයි, කියල රනිල් උන්නැහේ ඇහුවේ. මේවා අහන් ඉඳලා නිකන් පිස්සු හදා ගන්නේ නැතිව අපරාදේ තෙල් පෝලිමේ ම හිටියා නම් හොඳයි කියල මට හිතෙන්නේ. දැන් ඉතින් තෙල් පෝලිමට ගිහින් ෂොට් එකක් දාගත්තා නම් මේ විකාර ඔක්කොම අමතක වෙලා යයි. යන්න ඕනේ ආපහු තෙල් පෝලිමට.

Read More
Video

චමුදිත, දේශපාලුවෝ 225 න් සහ ලංකා ඖසධ සංස්ථා මාෆියාවෙන් ඇසිය යුතු ප්‍රශ්නවලට පුබුදු ගෙන් පිළිතුරු

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සමග යුටියුබ් සම්මුඛ සාකච්චාවේදී, චමුදිත, ලංකාවේ මහා බැංකු මංකොල්ලයේ මහා මොලකරු යනුවෙන් කුප්‍රකටවූ, ගෝටා පැනගිය දිනට පසුදින වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ ගෙන්ද ටෙන්ඩර් පටිපාටිවලින් වංගු දමා අයතා ලෙස රටේ ජනතාවට අහිමිකළ මුදල් ගනුදෙනු ගැනද, ලංකා ඖසධ සංස්ථා මාෆියාවේ ගෝඩ්ෆාදර් ලෙස අපකීරිතිමත් නමක් දිනා ඇති තිස්ස ලියනගේ වැනි අයෙකුව එදිනම රනිල් වික්‍රමසිංහ ඖසධ සංස්ථාවේ සබාපති ලෙස දෙවන වරටද පත්කිරීම පිළිබඳවද ඇසියයුතු ප්‍රස්න ඇසුවේ පුබුදු ජයගොඩ ගෙන්ය. නිකරුනේ ගෝරනාඩු කරමින් අනෙකා අපහසුවට පත්කිරීමට, වික්ෂිප්ත කිරීමට අසාර්ථක උන්ත්සාහයක් දැරූ චමුදිතට, පුබුදු කරුණු, දිනවකවානු, නම්ගම් සහා ලිකිත සාක්ෂි සහිතවත් පිළිතුරු සැපයු අයුරු 225 ටම ආදර්ශයකි.

Chamuditha, fire cracking YouTuber, is asking critical questions regarding Pharmaceutical Mafia from FLSP Education Secretary Pubudu Jayagoda.
Chamuditha should ask these questions from the mastermind of the great bank robbery in Sri Lankan history and the incumbent president, Ranil Wickramasinghe who appointed the Godfather of Lankan Pharmasuitical mafia, Tissa Liyanage, as SPC Chairman on the first day as interim President just after Gotabhaya fled the country.

“Do not raise your voice, raise your word” – Jallaludin Rumi

Read More

“ජන බලය”, රටක අනාගතය තීරණය කල හැකි, අපිට නොදැනෙන, අපේ බලය උරගා බැලූ මොහොතක්.

“ජන බලය”, රටක අනාගතය තීරණය කල හැකි, අපිට නොදැනෙන අපේ බලය උරගා බැලූ මොහොතක්.

ජූලි 9 ශ්‍රී ලංකා වාසී මිලියන 22කට ආසන්න මහජනතාවගෙන් ඉතා සුළු ප්‍රමාණයක් ගාලුමුවදුර පිටියට පැමිණ ඉතිහාස ගතවන දිනයකට සටහන් තැබීම ඉතා සාර්ථක ලෙස නිමාවිය.
අරගලයේ එකම එක නාමික ඉල්ලීමක් සඵල කරගැනීමට ඒ අවස්ථාව අපට උදා කරලීය. ඒ ගෝඨා එළැවීමය, රටිනුත් එලවා දැමීමය.
දිනා ගැනීමට බොහෝ දෑ ඇතිබව ඉන් සතියට පසු අප සියල්ලන්ටම නැවත සිහිපත් කරවමින් රනිල් ජනාධිපති තනතුරේ වැඩ භාර ගත්තේය.

අද ශ්‍රී ලංකාවේ උද්ධමනය පහලට නොව ඉතා සීග්‍රයෙන් ඉහල යමින් පවතී, එමගින් දිළිඳු ජනතාව අතරට එකතුවෙන පහල මධ්‍යම පාන්තිකයින්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහල යමින් පවතී. මේ අතර අන්ත දුක්ඛිත තත්වයේ පසුවෙන ඉතා දිළිඳු පවුල් දරිද්‍රතාවයේ චන්ද මාරුතයට හසුවී ගසාගෙනු යනු අපට දකින්නට හැකිව ඇත. ඉහල මධ්‍යම පාන්තිකයින් ඔවුනටත් නොදැනීම පහල මධ්‍යම පාන්තිකයින් ගේ තත්වයට ලිස්සා යනු ඇත.
මේ අතර අපේක්ෂා භංගත්වය හේතුවෙන් රට හැර යන්නන් සහ ජිවිතය පරදුවට තබා කුඩා මුහුදු යාත්‍රා වලින් එතෙර යන්නන්ගේ සංඛ්‍යාවද ඉහල යනු වලකාලිය නොහැක. සෙමෙන් ලෝකයේ උතුම් රට යැයි කියූ ශ්‍රී ලංකාව, ලෝකයේ දිළිඳුම රට බවට පරිවර්තනය වෙනවා ඇත.

රජයේ රැකියාවල නියුතු ස්ථිර වැටුපක් ලබමින් නිදහසේ ජීවිතය ගතකල බොහෝ දෙනෙක් අද නානාප්‍රකාර පෝලිම් වල දින ගණන් ගතකිරීම හේතුවෙන් රජයට ලැබිය යුතු රාජ්‍ය සේවක ශ්‍රමය ඉහලට දිශාවකට නොව තව තවත් පහල දිශාවටම ගමන් කිරීම වැළක්විය නොහැකිවෙනු ඇත.
පාසල් නිසිකලට නොපැවැත්වීමේ හේතුවෙන් අධ්‍යාපනය අනාගතයේ එකම කඩයිම වූ පවුල් වල ඉහල අධ්‍යාපනයට සුදුසුකම් ලැබිය යුතු දු දරුවෝ අනාගයේ ඉදිවන පවුල් සංස්ථාවේ මුල්‍ය ඉපයන්නන් නොව අතරමන් වුවන්ගේ සංඛ්‍යාවට ගැනෙනු නොවැලක්විය හැකිය.

ආර්ථික අර්බුධය හේතුවෙන් පවුල් සංස්ථාවේ බිඳවැටීම් දරුවන්ගේ ජීවිතවලට වන බලපෑමේ හේතුවෙන්, රැකියා විරහිත අසහනයෙන් පිරුණු මන්ද බුද්ධික අනාගත පරපුරක් අපට හිමිකර දෙමින් මේ පාලකයින් ශ්‍රී ලංකාව අතැර දමා මෙතෙක් ජනතාවගෙන් සොරකම් කල මුදල් සම්භාරයද රැගෙන විදෙස් ගතවෙනු නො අනුමානය.

තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ සහ එදිනෙදා නොයෙකුත් කරදර බාදක මධ්‍යයේ දින සති ගෙවා දමන ඔබ, මොහොතකට හෝ නැවතී හෙට බිහිවෙන රට ගැන නොසිතීමෙන් ඉහතකී සියල්ලම එලෙසින්ම සිදුවීමට ඉඩහරිනු ලබන අතරම එහි වගකිමෙන්ද ඔබට මිදී යා නොහැකිය. මේ කරුණු පිලිබඳව ස්වබුද්ධියෙන්ම තර්කානුකුලව සිතා බැලීමට කාලය දැන් පැමිණ තිබේ. අද කලයුතු දෑ පසුවට කල් දැමීමෙන්, දිනෙක වියපත් වෙන ඔබටද එහි අනිසි පල විපාක විඳීමට සිදුවෙනවා ඇත. එවිට පසුතැවිලි වීමෙන් ඔබට කිසිඳු පලක් ඇති නොවෙනු ඇත.

Read More
Video

225හේ සැබෑ පින්වතුන් සිටී නම් “අරගලකරුවන් වෙත පලමුවෙනි ගල වීසි කරන්න” .

පාර්ලිමේන්තුව නියෝජනය කරන සාතිශය බහුතරයෙන් මොනයම්ම සමාජ අකටයුතුකමකට මොන ආකාරයකින් හෝ සම්බන්ධ නොවුන පින්වතුන් සිටී නම් “සැබෑ අරගලකරුවන් වෙත පලමුවෙනි ගල වීසි කරන්න” . දිනන තෙක් අරගල කර, දිනු පසුවද පවත්වාගෙන යාමට නිරන්තර අරගලයක නිරතවීමම පමණි අප ඉදිරියේ ඇති එකම විසදුම.

Throw the first stone at the struggle if you can at least find one non-wrongdoer from 225 representatives in the parliament. Struggle until victory and continue to struggle to maintain; that is the only justifiable path in front of us today.

Read More
aragalaya