Layout A (with pagination)

කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ…

කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි නුඹ බිමින් තියන්න කියල අඬද්දිත් මම නුඹව වඩාගෙන යටි පතුල් වල කර ගැට එනකම්ම හැතැප්ම ගණන් ඇවිද්දේ කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි අපි එක වේලක් විතරක් කාල හිටියේ කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි නුඹව පාසල් ගෙනියන වෑන් එක ආවේ නැත්තේ උඹව ගෙනියන්න කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි අපිට ගෙදර ඉන්න බැරිවුනේ අනිත් උන් පාරට බහිද්දී කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි මම නුඹව ගෙදර එක්ක නොගිහින් මහා සුලඟින් බේරගන්න උඹව බදාගෙන හිටියේ කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි උඹට දෙන්න කෑම නැතිව ඇයි වතුර විතරක් මට තිබුනේ අපි සීතල පදිකවේදිකාවේ වාඩිවෙලා ඉන්දැද්දී කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි මගේ පපුව මහා හය්යෙන් ගැහුනේ පොලිසියේ මාමලා අපිව වටකරගෙන ඉන්දැද්දී කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි අයි මම උඹව පරිස්සම් කලේ අපිව ආරක්ෂා කරන අය කියල මම උඹට උගන්නවපු මිනිස්සුන්ගෙන්.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ අරගොල්ලෝ අල්ලාගෙන ඉන්න පලිහ, කට වහගෙන ඉන්න ඒවයින් ආරක්ෂා කලේ අපිව නොවෙයි ඒ ගොල්ලන්වම බව.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි මගේ කටේ හඬ නැතිවගියේ උඹව එල්ලගෙන රටවෙනුවෙන් සටන් කරන්න ගිහින් කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි නුඹට නිදාගන්න බැරි තරමට මහා හඬින් GO HOME GOTA කියල කෑගහපු ඒ හඬවල් වල තිබූ වේදනාවේ ගැඹුර.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ මම සටන් කලේ මම වෙනුවෙන් නොවෙන වග, මම සටන් කලේ මට කන්න නැති නිසාවත්, මට මහන්සි නිසා වත්, මට උණුහුම සිසිල නැති නිසාවත් නොවෙන වග, මම සටන් කලේ මගේ රට වෙනුවෙන් වග, මම සටන් කලේ අනෙක් මිනිසුන් වෙනුවෙන්, නුඹ වෙනුවෙන් වග.

Read More
Video

69 ලක්ෂයේ නියෝජිතයෝ, 69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද?

රාජපක්ෂලා අධිවේගී මාර්ග රත්තරං වලින් හැදුව වගේ මුදල් කාබාසිනියා කරලා රට තවත් ණය වුනා කියල, අපි එදා රනිල් මයිත්‍රී එක්ක එකතුවෙලා සන්ධානයක් හදාගෙන ආවහම මුන් හොඳයි කියල මයිත්‍රී ජනාධිපති කළා. අපි උන් රට හදයි කියල අවුරුදු ගානක් බලාගෙන හිටිය. මයිත්‍රී එයාට ඕන වැඩ කර ගත්තා ඒ අතරේ රනිල් මහා බැංකුව හොරා කෑවා. පාස්කු බෝම්බය පිපුරුවා ජාත්‍යාලය මතුවෙලා අපි ආයිත් රාජපක්ෂ (සමහර අයට දුටුගැමුණු වුනු) පරපුරේ ගෝඨා පත්කලා. අන්තිමට අද මොකක්ද අපිට ඉතුරු වුනේ?

කවදාවත් දිනේ පරක්කු කරලා බිල ගෙවල නැති, ණයට කරන්ට් එක ගත්තු නැති අපිට ඕනෑ වෙලාවට ලයිට් නැහැ.
දවස් පහම ඉස්කෝලේ යවලත් හරි අධ්‍යාපනයක් නැති දරුවන්ට දැන් ඉස්කෝලේ තියෙන්නේ යලට මහට.
කන්න මුකුත් නැතිනම් කන්න තිබ්බ පාන් කෑල්ල ගන්න අපි කිරිපිටි වලට ගෙව්ව ගණන් ගෙවන්න වෙලා.
ටැංකියේ තෙල් නැති වුනු ඕනෑ වෙලාවක ෂෙඩ් එකෙන් ගහගන්න තිබ්බ තෙල් ටික ගහගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න වෙලා.
බස් එකට නැග්ගම වේලක් කාල ඉන්න තිබ්බ සල්ලි ගෙවලත් බස් එකේ වවුලෝ වගේ එල්ලිලා යන්න වෙලා.
එළවලු හාල් පොල් ටික ගන්න මාසෙම හම්බු කරන සල්ලිත් මදිවෙලා.
ඉස්පිරිතාලවල බෙහෙත් නැතිව ඉස්පිරිතාල වහන්න වෙලා.
කිරිපිටි නැති පුංචි දරුවන්ට දෙන්න දෙයක් නැතිව වතුර පොවන්න වෙලා.
ගෑස් පෝලිම් වල ගෑස් ගන්න එක සති ගණන් බලාගෙන ඉන්න වෙලා.

දැන් අපි මොකද කලේ ? මුකුත් කලේ නැහැ නේද ? ඇයි ඒ ?

තරුණයින්ට මේක වාවන්නේ නැතිව උන් අරගලය පටන් ගත්තා. ගෝඨා, රනිල් ඇතුළු පාර්ලිමේන්තුවම අපිට එපා කියල. අපි ඔක්කොම ඒගොල්ලන්ගේ උදව්වට ගාලුමුවදොරට ගිහින් ගෝඨා එලෙව්වා, රනිල් එල්ලිලා හිටියා, හරියට අපි බස් එකේ එල්ලිලා යනවා වගේ.

අපි ඔක්කොගේම ඇස් වහල, උන් ටික ආයිමත් හැමදාම උන්ට රැවටුණු හැත්තව (අපිව) රවැට්ටුවා. ගෝඨා යන්න කලින් රනිල් ව අගමැති කළා, ජාත්‍යාලෙන් පොහොට්ටුවට චන්දෙ දීලා පත්කරපු රාජපක්ෂ මැති ඇමතිවරුන්ගේ වැඩි චන්දයෙන් අපි එදා එපා කිව්ව රනිල්ව ජනපති කළා.
කොහොමද එහෙම කරන්නේ.?
69 ලක්ෂයක් එපා කිව්ව මිනිහෙක්ව පත් කරන්නේ කොහොමද හැටනම ලක්ෂය පත්කරපු මැති ඇමතිවරු හෙවත් ඒ 69 ලක්ෂයේ නියෝජිතයෝ?
ඒ කියන්නේ ඒගොල්ලෝ අපිව නියෝජනය කලේ නැද්ද?
ඒ කියන්නේ ඒගොල්ලෝ අපි ඒගොල්ලන්ව පත්කළ හේතුව දන්නේ නැද්ද?
ඒ කියන්නේ ඒගොල්ලෝ අපිව පාවලා දුන්න නේද? එහෙම කොහොමද වුනේ?
ඒ කියන්නේ විරුද්ධ පක්ෂයට පුළුවන් නම් අනික් පැත්තෙන් කෙනෙක් ජනාධිපති කරන්න ඒගොල්ලන්ගේ හිතු මනාපෙට, ඒවගේම ඒක (ව්‍යවස්ථාවට අනුව) නිතියානු කුල නම්, එහෙනම් අනිවාර්යයෙන්ම මේ ක්‍රමයේ මහා විසාල වැරද්දක් තියෙනවා.
එහෙම නම් අපි දැන් මොකද්ද කරන්නේ..?
අපි ක්‍රමය වෙනස් කරන්න ඕනි. ඔව් මේ ක්‍රමය වැරදියි, මුන් හැමදාම අපිට කෙලිනවා.
මුන් ප්‍රජාතන්ත්‍රවාදී කියල කියන එකේ, කිසිම ප්‍රජා – තන්ත්‍රයක් නැහැ කියන එක නේද ඒ කියන්නේ ?
අන්න ඒ නිසා අපි ආයෙත් මේ උගුල් වල නොවැටෙන්න මෙන්න මේ ජරා ජීර්ණ ක්‍රමය වෙනස් කර ගන්න ඕනි.
එහෙම නොවුනොත් අපිට කවදාවත් මේකෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ.
අන්න ඒ නිසයි කොල්ලෝ “system change” එකක් (ක්‍රමයේ වෙනසක්) ඉල්ලන්නේ.
අපිට වෙන කිසිම මගක් නැහැ මේකෙන් ගැලවෙන්න “system change” එකක් නොකර.

Read More

අහුවෙන්න බැහැ ආයිමත් කිසිදිනෙක, අ ර ග ල ය විතරයි එකම විසඳුම.

උන් අපිව ඇන්දුවා, කාලයක් තිස්සේ.
අපි තරහා වුණා, මරා ගත්තා අපේ ආගම් වලට.
අපි වෙන්වෙලා රට බෙදාගන්න තරමට අපි අපිට ද්වේශ කරවන්න උන් දක්ෂ වුනා.
අපි උන්ට අහු වුනා.

උන් අපේ දුප්පත් කමට අපි වෙනුවෙන් ලැබුණු ආධාර ගසා කෑවා.
මහා උත්සව තියල ඉන් ටිකක් යන්තමට අපිට බෙදලා දුන්නා.
අපි උන්ට ණයයි නේද කියල හිතෙන තරමටම උන් අපේ හදවත මොලෙන් විසන්ධි කළා.
අපි උන්ට අහු වුනා.

කට කණේ තියාගෙන අම්මේ, තාත්තේ දුවේ පුතේ කියාගෙන උන් ආවා මනාපෙ ඉල්ලගෙන.
මුන් අපි වෙනුවෙන් මොනවා හරි කරයි නේද කියල අපි හිතුවා.
අපේ කතිර එකතු කර ගත්තු උන් අපිව පාරෙන් එළවලා පාර අයිති කර ගත්ත.
අපි උන්ට අහු වුනා.

කිරිපිටි නැතිබව අම්මා කියන කොට ගෑස් නුත් නැතිබව තාත්තා කිව්වා.
අපි ඉතින් ගන්න යමු කියන කොට තෙලුත් නැහැ කියල ලයිට්නුත් කපන්න ගත්තා.
හෙට ඉස්කෝලේ නැහැ දැන් බඩුත් මිල වැඩිවෙලා නේද අම්මා කිව්වා.
අපි උන්ට අහු වුනා.

කොල්ලෝ කෙල්ලෝ මෙන්න තදවෙලා උන් එක්ක බනිනවා පලුයන්න රටවටේ හැම තැනම.
දුෂණය කළා රට කියා හැම එක්වෙන්න ගාලුමුවදොරට එන්න දැන් මුන්ව පන්නලා දාන්න
අපි ආවා පැන්නුවා එක හොරෙක්, තවත් සියයක් දෙනා ඉඳී පන්නන්න හෙට
අහුවෙන්න බැහැ ආයිමත් කිසිදිනෙක, අ ර ග ල ය විතරයි එකම විසඳුම.

Read More
Video

අයිස් ක්‍රීම් විකුණු තැනැත්තියකටත් රනිල්ගේ භට හමුදාවෙන් ප්‍රහාර.

මෙම පුවත අපවෙත දැන්වූයේ අපගේ පාඨකයෙක්, රටේ පවතින තත්වය මත ඇයගේ නම සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අප තීරණය කළෙමු. ඇය විසින් ඉංග්‍රීසියෙන් ලියා අපවෙත දැන්වූ පුවත සිංහල සාරාංශයෙන් පහතින් දක්වා ඇත්තෙමු.

මෙපුවතට අනුව, 22දා උදෑසන අයිස් ක්‍රීම් වෙළඳාමේ නියැලී සිටි මෙම කාන්තාවට බරපතල ලෙස පහර දී තිබේ. එහෙයින් ඇයගේ ඇඟ පුරා බොහෝ තැන්වල තුවාල සහ තැලුම් ඇතිවී තිබුණි. යට ඇඳුමක් වත් හරිහැටි ඇඳ ගැනීමට නොහැකිවීමේ අපහසු තාවයකටද ඇය පත්වී තිබේ. එපමණක් ද නොව රනිල්ගේ භටහමුදාව ඇයගේ අයිස් ක්‍රීම් අසුරා තිබු බයිසිකලයද පැහැරගෙන තිබුණි. ගාලු මුවදුර පුරා තම බයිසිකලය සොයා ගිය ඇයට මෙවෙන තෙක් ඇයගේ බයිසිකලයවත් අයිස් ක්‍රීම් වත් සොයාගත නොහැකි වී ඇත. මෙම බයිසිකලය කාගීල්ස් ආයතනය සතුවෙන අතර ඇය එයට වගකිවයුතුබවද ඇය සඳහන් කරයි. තමනට සිදුවූ අවනඩුව ප්‍රකාශ කරමින් ආරක්ෂක හමුදා භටයින් ඉදිරියේ තම කේන්තිය මුසු වේදනාව ඇය විසින් ප්‍රකාශ කල අන්දම මෙම වීඩියෝවේ ඔබට අසන්නට දකින්නට හැකිවෙනු ඇත.

වසර ගණනාවක් පුරා අහිංසක ජනතාවගේ මිලමුදල්, දේපල සහ ජිවිත මුළුමනින්ම විනාශයට පත් කල රාජ්‍ය නායකයින්, තම බලය සුරක්ෂිතව තබාගැනීමට අරගලයට එරෙහිව ක්‍රියාත්මක කල ප්‍රහාරයේ වේදනාකාරී අතුරුඵල මෙසේ හෙළිවෙමින්, හෙට මැකී යන්නේය. එය මෙතෙක් සිදුවී ඇතිබවත් ඉදිරියටත් එය එලෙසම සිදුවිය හැකි බව හොඳින් දන්නා බහුතරක් වූ ජනතාවද එදත්, අදත් හෙටත් මර නින්දේම පසුවීම ශ්‍රී ලංකාවේම අභාග්‍යය වී ඇතිබව අප විශ්වාස කරමු.

This video I’m sending you was recorded on the 22nd of July, last friday after the military attack on Gotagogama and the protestors. I went to Gotagogama that morning and was there till night, and this video was taken in the evening.

This lady came to struggle grounds while us protestors were there sitting on ground in front of the barricades, and began to confront the police and army. Questioning where the hell they threw her bicycle in. That bicycle is her only way of income where she get an opportunity to feed her family. She sells popsicle ice cream at galle face, and during the early hours of 22nd, when the army attacked these people, she was also there and she had also been beaten pretty badly, to the point where she couldn’t even wear undergarments, as her body was swollen. By the time she came to the struggle grounds that evening, she had searched each and everywhere she possibly could, to find her bike. But she had no luck. She’s responsible for that bike as it is Cargills Sri Lanka’s company property, and the military just threw away somewhere she couldn’t find, along with the popsicles that was in it. Please watch this and share this on your page, in order to gain help from somebody for this lady. Listen carefully to understand everything she says on this video.

Read More

නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය

රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති “වෙරංග පුෂ්පික” කිසිඳු දැන්වීමකින් තොරව රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ඊයේ පැහැර ගන්නා ලදී. මෙම පහර ගැනීමේදී කිසිවෙකු විසින් සටහන් කරගනු ලැබූ තොරතුරු වලට අනුව ඔහු පහර ගන්නා ලද්දේ GC 0342 අංක දරණ නිල් පැහැති TOYOTA LAND CRUISER එකකින් පැමිණි කණ්ඩායමක් විසිනි.
ගාලු මුවදුර තනා ඇති බණ්ඩාරනායක පිළිරුවට හානියක් වේ යයි පවසමින් කොටුව පොලිසිය විසින් කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගන්නා ලද නියෝගයක් අනුව ඒ අසල සිටි තරුණයින් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනයනු ලැබුවේ ඉහත සිදුවීමට දිනකට පෙරය.
එසේම අධිකරණ නියෝගයකින් තොරව ඒ අසල තිබූ කුඩාරම් කොටුවේ පොලිසිය විසින් එහි නිලධාරින් යොදවා බලහත්කාරයෙන් ඉවත් කරනා ලදී.
පොලිසිය, පොලිසියේ විශේෂ කාර්‍යය බලකාය, ශ්‍රී ලංකා යුධහමුදාවේ සහභාගීත්වය තිබූ අවස්ථාවක ගුවන් හමුදා ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් විසින් අරගල භුමියේ නිදාසිටි අරගල කරුවන්ට දැඩි ලෙස පහර දීමක් ද සිදුවුයේ මින් වැඩි ඈතකදී නොවේ.
ගැටලුව වන්නේ පහර කෑ අය අත්විඳි හා අත්දුටු දෑ සමග ඉහත කි සිඳුවීම් තුලනය කිරීමේදීය.
එම ගැටලුව සංකීර්ණ වන්නේ, බලය ලැබීමට පෙර අරගලය තිබිය යුතුය, එය ප්‍රජාතාන්ත්‍රික අයිතියක් යයි කිවූ රනිල් අද විධායක ජනාධිපති ලෙස අසුන්ගෙන සිටියදී මෙවැනි දෑ සිදුවීමයි.
රනිල්ගේ අතීතය ශ්වේත වර්ණ නොවෙන බව අප දනිමු. අතීතයෙන් පාඩම් උගත් බවක් ද පෙනෙන්නට නැත. අඩුම තරමේ සය වතාවක් මෙම අසුන නොලැබුණේ මන්ද යන බව පිළිබඳව හීනවූ අවභෝයක් වත් ඔහුතුල පවතින බව පෙනෙන්නට නැත. එසේ නම් වයසට ගියද, රනිල්ට අඩුමතරමේ මරණින් මතු වටවත් සිහියේ තිබෙන ලෙස පාඩමක් ඉගැන්වීමට කාලය පැමිණ ඇතිබව පෙනී යයි.
අරගලයට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව නිතික්ඥ මහතුන් වහ වහා පෙළ ගැසිය යුතු කාලය පැමිණ තිබේ.
අරගලකරුවන් පහර ගෙන යාමට එරෙහිව, ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය සහ ජාත්‍යන්තර සංවිධාන වහා ඉදිරිපත් වියයුතු කාලය පැමිණ තිබේ.
නීතියේ ආධිපත්‍ය සුරැකමින් පාලක පාලිත දෙපාර්ශවයටම එකම නීතියක් ක්‍රියාත්මක කරලීමට මුළුමහත් ජනතාවම රජයට බලකර සිටිය යුතුය. එය කලහැක්කේ තම ප්‍රදේශයේ මහජන නියෝජිතයා හරහා නොවෙන බව අප හොඳින් දන්නා කාරණයකි. එහෙයින්, මේ ජරා ජිර්ණවූ පාලකයින් බලයෙන් ඉවත් කරලීමට අප සියල්ලෝම එකාවන්ව අරගලයට එකතු විය යුතුමය.

Read More
aragalaya