Layout A (with pagination)

අපි අපිව සොයායමු – “ඊයේ මා සුහුරුය, මම ලෝකය වෙනස් කිරීමට උත්සහා කලෙමි. අද මා ඥානවෘද්ධය, එනිසා මම වෙනස් වීමට තීරණය කලෙමි” 13 සතවර්ෂ පර්සියානු කිවිදු – ජලාලුදීන් රුමී .

අද ලංකාවේ පවතින අනර්ථකාරී වාතාවරණය සහ එයට ප්‍රස්තුතවූ දේශපාලන ආර්ථික හා සමාජ ක්‍රමය ගැන කතාකරන බොහෝ දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිතර මතුරන දැනට බොහෝ ජනප්‍රියවූ උදෘතයක් වේ. ඒ ව්‍යවස්තානුකුලව, ප්‍රජාතාන්ත්‍රිකව, සර්වපාක්ෂිකව එසේත් නැතහොත්  මහාජන අරගලයකින් හෝ කලයුතු ක්‍රම වෙනසක් පිළිබඳවයි. සැබවින්ම, පසුගිය අවුරුදු 74ක් පුරාවට සිදුවුන, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප, අප වෙනුවෙන්ම, අප අතරින්ම තෝරාගත් නියෝජිත ගොන්නුන් ලවා ( ගොනා යන යෙදුම, ගොනාට අපහාස කිරීම සඳහා නොවේ) ලගාකරගත් නස්පත්තියෙන් ගොඩ ඒමට නම් ක්‍රම වෙනසක් අවශ්‍යමය. උභතෝකෝටික ප්‍රශ්නය වන කලයුතු ක්‍රම වෙනස කලයුත්තේ දැනට පවතින ක්‍රමය වෙනස් කිරීමෙන්ද, එසේත් නැති නම් පවතින ක්‍රමය ඉදිරිපත් කොට, පවත්වාගෙන යමින් පැවතෙන ජරාජීර්ණ වූ මිනිසුන් වෙනස් කිරීමෙන්ද යන්න ක්‍රම වෙනසක් ගැන කතාකරන දේශපාලන විචාරකයින්, බුද්ධිමතුන් හා ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නිකමට වත් කතා කර නොමැත. එය අහඹුවක් නොවන බව මේ ලියුම් කරුගේ අදහසයි. 

මා දන්නා තරමට දැනට මේ ගැන තම පක්ෂය තුලත් බහුජන සමාජය තුලත්, ඔවුන් ක්‍රියාකාරීව ජන අරගලයේ නිරතවන වැඩබිම් තුලත්, පිටත් ප්‍රාමානික කතිකාවක් ගොඩනගා ඇති එකම දේශපාලන පක්ෂය පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. පුද්ගලයෙකු හෝ  ඔලුගෙඩියක් මාරුකිරීමට 69 ලක්ෂයක් චන්දය දුන් ලාංකික ජනතාව, මිනුසුන් වෙනස් කිරීමෙන් සමාජය වෙනස් කරමු යනුවෙන් දේශපාලනයේ බොහෝ කැපකිරීම් කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලබා දුන්නේ චන්ද 8000 ක් පමණි. ඔවුනට චන්දය දුන් ඒ මිනුසුන් තම ප්‍රජාව ගැන “සහකම්පනයෙන්” හොඳ  සමාජයක් අපේක්ෂාවෙන් ස්වයංව  වෙනස් වූ මිනිසුන් බව මගේ හැගීමයි.

මයිනා ගෝ ගම, ගෝටා ගෝ ගම වෙනුවෙන් ගාලුමුවදොර අරගලයට එකතුවූ ලංකාවේ මධ්‍යම පාන්තික තරුණ හා වැඩිහිටි ප්‍රජාවට අවුරුදු 30ක අමානුෂික යුද්ධයේදීත් , තරුණ නැගිටීම් දෙකකදීත් 83 කළු ජුලියේ දීත් ඇති නොවුන “සහකම්පනය – Empathy” ගාලුමුවදොර අරගලයට දායකවීමට බලපෑ බව හිතාගැනීමට අසීරුය. ගාලුමුවදොර අරගලයට එකතුවූ ලංකාවේ මධ්‍යම පාන්තික තරුණ හා වැඩිහිටි ප්‍රජාවට”සහකම්පනය” වෙනුවට තිබුනායයි සිතිය හැක්කේ එදා ගෙදරටම ගෙන්වා ගත්  සියලුම අවශ්‍ය හා අත්‍යවශ්‍ය දේ ගැනීමට පෝලිං ගානේ තපින්නවීමයි. තෙල් ප්‍රශ්නයද, ගෑස් ප්‍රශ්නයද, අත්‍යාවශ්‍ය ආහාර ප්‍රශ්නයද කොහෙන් හෝ හිගාකා රනිල් වික්කම සිංහ නැමති  ලාංකීය දේශපාලන පසමිතුරා යන්තමින් හෝ විසදුවහොත්, අවුරුදු 74ක් පුරාවට තම මුලික අයිතීන් දිනාගැනීම වෙනුවෙන් නිරන්තර අරගලයක යෙදුන හොඳින් සංවිධානය නොවුන ලාංකීය නිර්ධන පංතිය හැරුනුකොට මයිනා ගෝ ගම, ගෝටා ගෝ ගම වෙනුවෙන් ගාලුමුවදොර අරගලයට එකතුවූ ලංකාවේ මධ්‍යම පාන්තික තරුණ හා වැඩිහිටි ප්‍රජාව කොහේදැයි සොයාගැනීමටත් නොහැකිවෙනු ඇත.

“Yesterday I was clever, I tried to change the world. Today I am wiser, I decide to change myself” Jalaluddin Rumi – 13thCentury Persian Poet.

Read More

ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.

අපි අවට දුමාරයෙන් පිරිලා, එයින් පෙනහළු පිරෙනවා දෑස් වේදනාවෙන් කකියනවා.
දෑසින් ගලා එන කඳුළු මගේ කම්මුල දිගේ රුරා ගලා බහිනවා නුඹගෙත් එහෙම ම වෙන්න ඇති මට දැනෙනවා.
ඔබේ වේදනාව තුනී වෙන්න මම මගේ වතුර ඔබ සමග බෙදා ගන්නවා, ඒ මනුෂ්‍යත්වය.
මම හිතනවා උඹට තේරෙනවා කියල, දවසේ අවසානයේ අපි දෙන්නගෙම ඇස් වලින් වැටෙන කඳුළු වැටෙන්නේ අපි රකින්න මහන්සිවෙන එකම පොලවටයි කියල.
නමුත් මම හිතන්නේ මම වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ.
උඹට තේරිලා නැහැ මගේ කඳුළු වල බර, මොකද ඊළඟ කඳුළු ගෑස් කැනිස්ටරේ වැටිලා අවට දුමාරයෙන් පිරෙන විට අපි වටා පැතිරෙන්නේ නුඹේ මනුෂ්‍යත්වයේ තරම.
මගේ කඳුළු නුඹට නොපෙනේවි ඉතින්, නුඹ අපි දෙදෙනාම රකින්නට තැත්කරන රට විනාශ කරන උන් වෙනුවෙන්ම පෙනී සිටිනා හෙයින්.

~ උමේෂ් ~

Read More

For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect

The smoke surrounds us, filling our lungs and burning our eyes.

Tears stream down my cheeks, as they trickle down yours too.

I help you ease the pain by sharing my water with you.

For at the end of the day, I hope you’ll understand that our tears are falling upon the same soil we wish to protect.

But I was mistaken.

You don’t understand the weight of my tears as when the next canister drops and smoke fills the air, it clouds your sense of humanity.

My tears and pain invisible to you yet again as you continue to serve the very demons destroying our precious motherland.

Read More

නිමනොවූ අරගලයක බර දරන දියණියේ

මුළු මහත් ජාතියක් අනේක දුක් විඳිමින් ගතකෙරෙන වර්තමානය වෙනත් මගකට ගෙනයෑමට මහ මගට බට තාරුණ්‍යයේ පිරුවට, ආයිත්තම්, ආටෝප නැතිබව මේ දර්ශනය අපට සිහිපත් කර තිබේ.
ටික් ටොක් සමාජයේ, දෙමාපියන්ගේ අයිතීන් තම වරප්‍රසාද කරගත් පැලැන්තියක මෙවන් තරුණියන් දැකීම ජාතියේම භාග්‍යය වන්නේය. බැටන් පොලු අමෝරා තරුණ අරගලයට පහර දුන් ආරක්ෂක සෙබළුන් ඉදිරියේ, ඉස්තෝප්පුවේ වාඩිවී මගදෙපස බලමින් සිටිනායුරින් කිසි භීතියකින් තොරව හිඳිනා දූවරුන් තැනූ දෙමාපියන් ජාතියේ අභිමානයට ලක්විය යුතුය.
හිමිනොවූ සිහිනයක් හෙට උදා වෙනතෙක් නිමනොවූ අරගලයක බර දරන දියණියේ, නුඹට අපේ හිස නැමූ ආචාරයයි මේ පුංචි සටහන.

Read More
Video

ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva – witness statement to the International Courts

ජූනි 16, 2022 ශ්‍රී ලංකා නඩු විභාගය සඳහා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග නොවිසඳුණු ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන අභිචෝදකයා විසින් විමර්ශනය කර ඇත. ස්වාධීන ස්ථීර ජනතා විනිශ්චය සභාව (PPT) විසින් පැමිණිල්ලේ අධිචෝදනා පත්‍රය පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දී ඇත. ලසන්ත වික්‍රමතුංග ආරක්ෂා කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයේ සඳහන් වේ. නඩු විභාගයේදී තම ආරක්‍ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන ලෙස රජයට ආරාධනා කර ඇත. Jun 16, 2022 For the Sri Lanka case hearing, the Tribunal’s Lead Prosecutor has investigated the conduct of the Sri Lankan government in the case of the unsolved murder of journalist Lasantha Wickrematunge. The Government of Sri Lanka has been officially notified about the Prosecution’s indictment by the independent Permanent People’s Tribunal (PPT). The indictment alleges the government’s complicity in failing to protect Lasantha Wickrematunge. The government has been invited to exercise its right of defense during the hearing.

Read More
aragalaya