Layout A (with pagination)

පීඩිත ජනතාවගේ බලය කොතරම් දැයි පෙන්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඊයේ ඇරඹුනු යුගය, ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් විය යුතුය!

ජනතාවගේ බලය පෙන්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ ඊයේ ඇරඹුනු යුගය, ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් විය යුතුය!

දවස මුළුල්ලේ නොයෙක් දුක් විඳිමින් කෑගසමින් දෙපයින්, පාපැදියෙන්, පෞද්ගලික වාහනයෙන්, බසයෙන් හෝ දුම්රියෙන් අරගල බිමට පැමිණි සියලූම ශ්‍රී ලාංකික ප්‍රජාවට අපගේ කෘතහස්ත ප්‍රණාමය පුද කරමු.
ඊයේ අරගල භූමියට පැමිණි ඔබ, එහි නොසිටින්නට ශ්‍රී ලංකාවේ අනාගතය හාත්පසින්ම වෙනස් වන්නට ඉඩකඩ තිබුණි. එහෙයින් ඒ ජයග්‍රහණයේ සුවය සහ සතුට ඔබ සැමරිය යුතුමය, ඒ ගැන කිසිවෙකුට තර්ක කල නොහැකි වෙනු ඇත.
දවස් 100යකට ආසන්න කාලයක් දහසක් කම්කටොලු විඳිමින් අරගල භුමියට ස්ඵන්දනය ලබා දුන් අරගලයේ නියමුවන් හට ඊයේ අරගලයට පැමිණි නොපැමිණි අප සියලු දෙනාම ණයගැති වෙමු, අනාගතයේ දිනෙක මේ උත්කෘෂ්ටවත් අවස්ථාව සමරන විටෙක ඔවුන් අපගේ ජාතික වීරයින් වෙනු නොඅනුමානය..

දැන්, මොහොතකට නැවතී ආපසු හරි බැලුවහොත්, ඊයේ සිදුවීම් සමූහය විමසා බැලුව හොත්, අප අපගේ බලාපොරොත්තු කීයක් 9 වෙනිදා අරගලයෙන් ඉෂ්ට සිද්ධ කර ගත්තෝ ද?
ප්‍රධාන ඉල්ලීම අතර පළමු ඉල්ලීම් තුන පමණක් සලකා බැලුව හොත්,

  1. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි.
  2. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය රෙජිමය බලය අත්හළ යුතුයි.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.)
  3. ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
    ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.

අප ඉහත කී කිසිවක් මෙතෙක් දිනාගෙන නොමැත.
රනිල්, තමන් ඉවත්වන්නේ අන්තර් කාලීන පාලන ක්‍රමයක් ස්ථාපිත වීමෙන් අනතුරුව බව ප්‍රකාශ කරයි. ගෝටා 13 වෙනිදා ඉවත්වීමට බලා පොරොත්තු වෙන බව ප්‍රකාශ කරයි.
එසේනම් වසර 74ක් තිස්සේ අප රැවටු මේ හොර නඩය, නැවත වතාවක් එවන් රැවටීමකට මුල පුරනවා දැයි සැක සහිතව ඉතා අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතුය.
තවමත්, පක්ෂ නායක රැස්වීම් කැඳවන්නේ අස්වීමට බල කල රනිල් ය, ජනාධිපති ලෙස වැඩ භාර ගැනීමට ලක ලෑස්ති වන්නේ හොරු රැල විසින්ම පත්කළ කතා නායකයාය. එසේ නම් ඊයේ ජයග්‍රහණය රන් අකුරින් ලියවීමට තරම් “අකුරු” දිනා ගත යුතුය.

අරගලය නිමා වී නොමැත, එහි දුෂ්කරම කාලය දැන් උදා වී ඇති බව අප සිහියේ තබා ගත යුතුය.

මේ ලිපිය කියවූ ඔබ හට ඊයේ ලැබූ අත්දැකීම අනාගතයේ මෙවැනිම වූ දිනයන්ට පෙරහුරුවක් වූවා වන්නටත් පුළුවන.

Read More

Someday you’ll understand

Someday you’ll understand the blisters on my feet from walking miles with you in my arms, while you cried for me to put you down. You’ll understand why we were only having one meal a day and why the school van never came. You’ll understand why we couldn’t stay home, while others took to the streets.

Someday you’ll understand why I wrapped my arms around you to protect you from the howling winds instead of taking you home. You’ll understand why I could only give you water while we sat on the cold pavement with nothing to eat.

Someday you’ll understand why my heart was beating faster, holding you close as the police uncles surrounded us. Why I was shielding you from the people I had taught you were there to protect us. Someday you’ll understand my son that those shields and masks were to save themselves not us.

Someday you’ll understand why I lost my voice fighting for our country with you straddled to my hip. Someday you’ll understand the pain behind the loud cries of GO HOME GOTA keeping you awake as I tried to rock you to sleep.

Someday you’ll understand my son that I wasn’t fighting for me. I wasn’t fighting because I was hungry or cold or tired. I was fighting for my country, for my people and for you. 

Read More

FUTURE OF THE STRUGGLE – The Action Plan

FUTURE OF THE STRUGGLE

The Action Plan

The following Action Plan articulates the supreme purpose archived by the historic Sri Lankan people’s uprising, launched on the demand that president Gotabaya Rajapakse and his entire brutal government resign with immediate effect; drafted with deep respect for the various views of the multitudes who have joined the people’s protest; held together through consensus but allowing for the right to disagree; created through the strength of solidarity, in the midst of multiple debates, arguments and conversations; drafted in the month of July in 2022, released to the public from the Galle Face Protest Site, for the purpose of bringing relief and peace of mind to all of the people of Sri Lanka.

GGG Demands

1. Gotabaya Rajapaksha must /should resign from the post of Executive President with immediate effect.

2. Ranil Wickremesinghe, and the Government including the Rajapakse regime must/should resign with immediate effect. (This includes all Cabinet, Non Cabinet, Deputy and Project Ministers, Secretaries, Directors and Consultants to Ministries, Presidents of State Institutions and Corporations, Ambassadors.)

3. Subsequent to the resignation of the Gota –Ranil Government, an interim Governance which subscribes to the economic, social and political aims and aspirations of the ‘peoples struggle/Janatha Aragalaya’ should be established. A Peoples Council which has legal standing , through which representatives of the ‘Janatha Aragalaya’ will be able to effectively engage and mediate with the Interim Governance should be established.

3.1 Frame an urgent short term course of action to provide relief to the people oppressed by the current economic crisis. Areas to be addressed:

  • a programme for the provision and distribution of essentials such as food, fuel, gas, and the provision of facilities such as education, health, public transport and energy.
  • Cancellation of Micro finance and Farmers debts.
  • Cancellation of Leasing and Small Enterprise debts or framing a methodology for long term repayment.

3.2 Release peaceful protestors who are currently under arrest, including all political prisoners. Ensure a process of justice for those who are victims of political intimidation and revenge.

3.3 A programme to provide justice to all families of victims of extra judicial killings and disappearances.

3.4 An investigation based on an audit, to recover all monies and assets stolen by the political regime and deal with all those guilty according to the law. Areas to be addressed:

  • The wealth acquired deviously  by politicians.
  • Tax evasions of Corporates that make enormous profits.
  • Unethical profits earned by individuals and companies that received political patronage.
    • A complete revision of the current system of taxation (85.15) :

Revise the Tax policy In order to minimise the percentage of indirect taxation and increase the percentage of direct taxation, so that large Corporates and Businesses will be charged higher taxes under a serialised tax system.

4. Subsequent to the expulsion of GR from power, the following steps need to be taken until a new Constitution that affirms the power of the people is in place.

  • Reduction of the Executive powers of the President.
  • Just law for all
  • Strengthening democratic institution and wherever possible, a further democratisation of the existing constitution.

5. A new constitution that endorses people’s sovereignty to be established through a referendum as quickly as possible. Areas to be addressed:

  • The right to life to be recognised as a fundamental right.
  • The Executive Presidency to be abolished.
  • An appropriate process for a fair Election.
  • A process that provides the right to recall elected representatives  who are not accountable to the people.
  • A process that enables the people to participate in making and  amending the law.
  • Address the limitations in the current constitution on human  rights and the rights of women and children and strengthen these rights.
  • Endorse the right of the people to education and health.
  • Take appropriate legal action against those responsible for violating the environment under the guise of development. To make following scientific approach mandatory when decisions regarding the environment are taken.
  • To eradicate racism and racial oppression. To strengthen the relevant legal foundations that affirm the equality of religion, language, sexuality, and other cultural identity as well as democracy and political freedom.
  • The right of the people to call for a referendum subject to the consent of a given percentage of registered voters.

6. The fundamental objective of the interim Governance is to implement the above proposals. It should function for a maximum period of a year during which time the new constitution should be should be passed.

  • Accordingly, clauses 3&4 above should be considered urgent requirements and should be implemented within a maximum period of 6 months.
  • Clause 5 should be implemented within a maximum period of 12 months
  • Until such time as all the above, the peoples Aragalaya will continue in new ways.

The Protestors of Galle Face

05.07.2022

Read More
Video

රට වෙනුවෙන් සටන් වැදි හුදකලා වූ අපේ පුංචි වීරයෝ

මේ ඉන්නේ ලංකාව ලස්සන රටක් කරන්න ආදරෙන් කතාකරන දරුවෙක්. මේ තරුණයා මේ කතා කතාකරන්නේ මෙහි සිටින අම්මලාට තාත්තලාට. බලන්න මෙය කොතරම් දුක්ඛ දායක තත්වයක්ද? මෙහි අසුන් ගෙන සිටිනා එකදු වැඩිහිටියෙක් වත් මේ දරුවා අසලටවත් පැමිණියේද? අඩුම තරමේ ඔහු දුටු බවවත් පෙන්වීමට අකමැත්තෙන් වෙනතක් බලාසිටීමට ද දැඩි උත්සාහයක යෙදෙන්නේය.
හිතන්න මොහොතක්.
මේ තරුණයාටත් ගෙදරට වෙලා ඉන්න තිබ්බේ නැද්ද? තරුණ වයසට කෙල්ලෙක් ගේ පස්සෙන් යන්න තිබ්බේ නැද්ද? එහෙමත් නැතිනම් කොල්ලෝ රංචුවක් එක්ක එකතු වෙලා රස්තියාදුවේ යන්න තිබුනේ නැද්ද? ෆෝන් එක අරගෙන මුහුණු පොත බලාගෙන සිහින මාලිගාවක ඉන්න තිබ්බේ නැද්ද? එහෙනම්….
ඇයි ඒ ?
ඇයි මේ තරුණයා විතරක් මෙතන තනියම?
ඔන්න ඕක තමයි අද දවසේ අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුව.

ලංකාවේ අඩකට ආසන්න ප්‍රමාණයක් පිරිමින්. එයිනුත් තරුණ පරම්පරාවට වැඩි විශාලත්වයක් හිමිවෙද්දී, පදික වේදිකාවක තනිවූ එකම එක තරුණයෙක් නිදා සිටින අනෙකුත් තරුණයින් සියලු දෙනා වෙනුවෙන් රට බේරා ගන්නට දරන උත්සාහය කොයි තරම් ඛේදනීය දර්ශනයක් ද?

කලට වෙලාවට කරන්න ඕනි දේ දරුවන්ට නොකියා දීමේ ආනිසංස ලෙස, උපන් දා පටන් දරුවන් ලොකු මහත් කර ඉන්පසුවත් උන්ගේම බර අදින දෙමාපියන් විසින් නිර්මාණය කර ඇති තමන් ගැන පමණක් සිතනා තරුණ පරම්පරාවක පසුගාමී ප්‍රවණතාවය මේ දර්ශනයෙන් පැහැදිලි නොවේ ද?

පදික වේදිකාවක හුදකලා සටනක් ගෙනයන මෙම තරුණයාටත් මෙවන් දරුවන් දැරූ , වැදූ , සැදූ දෙමාපියනට අපගේ ප්‍රණාමය මින් පුද කරන්නට මේ සටහන තැබූ වෙමි.

Read More

“අරගලයේ හෙට දවස” ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීම.

  1. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි.
  2. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය රෙජිමය බලය අත්හළ යුතුයි.(අමාත්‍ය ධූර/ අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු,අධ්‍යක්ෂකවරැ, උපදේශකවරැ, රාජ්‍ය ආයතන සහ සංස්ථා සභාපති වරු, තානාපතිවරු ඇතුලු පිරිස.)
  3. ගෝඨා රනිල් ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව ජනතා අරගලයේ ආර්ථික, සමාජයීය, දේශපාලන අරමුණු සහ අභිප්‍රායන්ට අනුකූල අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතුය.
    ජනතා අරගලයේ නියෝජිතයන්ට එම අන්තර්කාලීන පාලනයට නෛතික බැඳීමක් හරහා බලපෑම් සහගත මැදිහත්වීමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපිත කළ යුතුය.

3.1 ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.

  • ආහාර, ඉන්ධන, ගෑස්, හා අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, පොදු ප්‍රවාහන හා බලශක්ති ආදී පහසුකම් ලබාදීමට ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම.
  • ක්ෂුද්‍ර මූල්‍ය, ගොවි ණය කපා හැරීම.
  • ලීසිං හා සුළු ව්‍යාපාරික ණය කපා හැරීම හෝ ගෙවීම් සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කිරීම.

3.2 දැනට අත්අඩංගුවේ පසුවන සාමකාමි අරගලකරුවන් ඇතුළුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා/හෝ දේශපාලන පලිගැනීම් වලට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

3.3 ඝාතන සහ අතුරුදහන් කිරීමට අදාළ සියලු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කළහැකි ක්‍රමවේදයක් සකස් කිරීම.

3.4 විමර්ශනයක් සහිත විගණනයක් තුළින් හොරා කෑ මුදල් දේපළ නැවත රාජ්‍යයට පවරා ගැනීම සහ දඬුවම් කිරීම.

  • දේශපාලකයන් අයථා ලෙස උපයන ලද ධනය.
  • අධික ලාභ ලබන සමාගම් විසින් පැහැර හරින ලද බදු මුදල්.

*දේශපාලන අනුග්‍රහය යටතේ සමාගම් සහ පුද්ගලයන් අයුක්ති සහගත ලෙස උපයන ලද ධනය.

3.5 දැනට පවත්නා බදු ක්‍රමය (85:15)පූර්ණ වෙනසකට ලක් කොට වක්‍ර බදු ප්‍රතිශතය අවම කිරීමත් ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමත් අරමුණු කරමින් අනුක්‍රමික බදු ක්‍රමයක් යටතේ අධික ලාභ ලබන සමාගම් හා ව්‍යාපාරිකයන්ගෙන් ඉහළ බද්දක් අය කරන අයුරින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම.

4. ගෝඨාභය බලයෙන් පහ කිරිමෙන් අනතුරුව ජනතා බලය සහතික කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක්,

  • විධායක බලතල කප්පාදු කිරීම,
  • නීතිය සැමට සාධාරණ කිරීම,
  • ප්‍රජාතත්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම ආදිය සදහා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් කළ යුතුය.

5.ජනතා බලය සහතික කෙරෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයක් මගින් කඩිනමින් සම්මත කළ යුතුය.

  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
  • සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාල නිසි ක්‍රමවේදයක් සකස් කිරීම.
  • ජනතාවට වග නොකියන මහජන නියෝජිතයන් ආපසු කැඳවීමට ඇති අයිතිය තහවුරු කරන ක්‍රමවේදයක් සකස් කිරීම.
  • නීති සම්පාදනය , සංශෝධනය සදහා ජනතාවට දායකත්වය දිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  • මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සදහා දැනට ඇති සීමාවන් ඉක්මවන වගන්ති ඇතුලත් කිරීම.
  • අධ්‍යාපනය,සෞඛ්‍යය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම.
  • ජාතිවාදය, ජාතික පීඩනය මුළුමනින්ම අහෝසි කර සමානාත්මතාවය තහවුරු කිරීමටත් සෑම ජන කොටසකගේම ආගමික, භාෂා, ලිංගිකත්වය හා අනෙකුත් සංස්කෘතික අනන්‍යතාවයන් තහවුරු කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන නිදහස තහවුරු කිරීමටත් අදාල මූලික නීතිමය පදනම් ශක්තිමත් කිරීම.
  • ජනතාවගෙන් නිශ්චිත ප්‍රතිශතයක් විසින් ඉල්ලා සිටින මොහොතක ජනමත විචාරනයක් කැඳවීමේ බලය සහතික කිරීම.

6. අන්තර්කාලීන පාලනයේ මූලික අරමුණ ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම වන අතර, එලෙස ගොඩනැගෙන අන්තර් කාලීන පාලන
ව්‍යුහය මාස 12ක උපරිම කාලසීමාවට යටත්ව නව ආණ්ඩුක්‍රම වයවස්ථාවක් සම්පාදනය කිරීම සමගින් අවසන් විය යුතුය.

  • ඒ අනුව ඉහත 3,4 වගන්ති කඩිනම් අවශ්‍යතා ලෙස සලකා උපරිම මාස 6ක කාල සීමාවක් තුල ඉටුකල යුතුය.
  • තවද ඉහත 5 වගන්තිය උපරිම මාස 12ක කාලසීමාවකට යටත්ව ඉටුකල යුතුය.
  • ඉහත සියල්ල ඉටු කරන තෙක් පොදුජන අරගලය නව ආකෘතීන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.
Read More
aragalaya