Layout A (with pagination)

Finally, when they came for me, there was no one left to speak out for me – Pastor Martin Niemuller

අපේ රටේ නීතිය, නීතියේ ආධිප්‍යය නොව නීතියේ ස්වාධීනත්වය හා භාවිතාව “සැමටම එකහා සමානයයි” හිතන්නනට නොව කියන්නවත් අඩුතරමින් තව අවුරුදු 30ක් වත් අපට පාඩම් ඉගනගන්නට වේයයි අනුමාන කලහැක. එසේ කියන්නට සිදුව ඇත්තේ මේ සටහන්කරු සර්ව අසුභාවාදියෙකු වන නිසා නොව, අවුරුදු 74 ක කාල පරාසයක් දී වත් ඉගෙන නොගත් බොහෝදේ අලුතින් ඉගෙනගන්නට, ඒ සඳහා අරගල කරන්නට, ජීවිත පුජාකරන්නට සිදුව ඇතත් අප තවමත් නිවැරදි දේ ඉගෙන නැති නිසාත් , එය අප හැමට ප්‍රත්‍යක්ෂ වී ඇති යථාරත්යක් ද වන නිසාය. මේ අවුරුදු 74ක් වන ඉතිහාසය පුරාවට කොයිතරම් අහිංසක මිනිසුන් සිරගත කර ඇත්ද, තම සාධාරණ අයිතීන් වෙනුවෙන් අරගල කල ක්‍රියාකාරිකයින් ගේ ඝාතන ගැන යුක්තිය ඉෂ්ට කිරීමට අත්හැර ඇත්ද, කොයිතරම් ළමා අපයෝජකයින්, ඉස්ත්‍රී දුෂකයින්, මිනීමරුවන්, අපරාධකරුවන්, මහා පරිමාණ මත් ද්‍රව්‍යය ව්‍යාපාරිකයින්, මහා පරිමාණ මුල්‍ය වංචාවන්ට අනුබලදුන් මෙන්ම වංචා කල දෙශාපාලකයින් නිදොස් කොට නිදහස් කර ඇත්ද? රටේ මුළු මහත් නීති පද්ධතියම ජරා ජීර්ණව ඇතිවග අග්‍ර විනිශ්යකාරවරයා, ශ්‍රේෂ්ටාධිකරණ විනිසිරුවන් සහ දිස්ත්‍රික් විනිසිරුවන්, නීතිවේදී ප්‍රජාව පමණක් නොව පහලම ස්ථරයේ කාර්යාල කාර්ය සහකරුවා දක්වා නීති යාන්ත්‍රණය තුල හැසිරෙන ක්‍රියා කරන ආකාරයෙන් ඉතා පැහැදිලිය.

මේ වනවිට පැනනැගී ඇති අරගලයේ නව ප්‍රවනතාවයන් තුල, මෙතෙක් රටේ නීතිය, යුක්තිය පසධිලන යාන්ත්‍රනයේම යාවජීව සාමාජිකයින් වූ ලංකාවේ නීතිවේදී සංගමය ඇතුළු නීතිවේදී ප්‍රජාව දීර්ග නිද්රාවකින් හදිසියේ අවදිවුවන් මෙන් නව තරුණ අරගලයේ කොටස් කරුවන්ද, අධාරකරුවන්ද සහ ගැලවුම් කරුවන්ද වශයෙන් වීදි බැස ඇත. අරමුණ හෝ අවශ්යතාව කුමක් වුවත් ක්‍රියාව ප්‍රසස්තය. පොදු ආපදාවකදී “මම” ගිලිහී “අපි” ඉස්මතුවිය යුතුය. කෙසේවෙතත් මේ අරගල බිමට අවතීර්ණව ඇති ලංකාවේ නීතිවේදී සංගමය ඇතුළු නීතිවේදී ප්‍රජාව සැබවින්ම කළයුත්තේ, අපේ රටේ නීතිය, නීතියේ ආධිප්‍යය නොව නීතියේ ස්වාධීනත්වය හා භාවිතාව “සැමටම එකහා සමානයයි” හිතන්නනට හා අත්විදින්නට සාමුහිකව ක්‍රියාකිරීමය. ලංකාවේ නීතිවේදී සංගමය ඇතුළු නීතිවේදී ප්‍රජාවගේ අද දවසේ අනුලංඝනීය යුතුකම “නීතියේ ස්වාධීනත්වය හා භාවිතාව” රටේ සියලුම ජනතාවගේ විස්වාසය උසුලන මෙවලමක් කිරීමයි. 

පරිවර්තනයේදී මුක්‍යඅර්ථය ගිලිහී යා හැකි බැවින් බටහිර ජර්මානුවෙකු වන මාර්ටින් නිඕමුලර් නමැති දේවගැතිවරයා ගේ මානව අයතීන් සහ නිදහස ගැන විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ උදෘතය ඔහුට කරන කෘතුගුණ පළකිරීමක් ලෙසත් ලංකාවේ නීතිවේදී සංගමය ඇතුළු නීතිවේදී ප්‍රජාවගේ තෙවෙනි ඇස ඇරවීම සදහාත් ඉංග්‍රීසියෙන්ම පලකරමු.

Pastor – Martin Niemoller

Martin Niemöller is best known for writing First They Came, but he is a complicated figure. Initially an antisemitic Nazi supporter, his views changed when he was imprisoned in a concentration camp for speaking out against Nazi control of churches.

First, they came for the Communists
And I did not speak out
Because I was not a Communist
Then they came for the Socialists
And I did not speak out
Because I was not a Socialist
Then they came for the trade unionists
And I did not speak out
Because I was not a trade unionist
Then they came for the Jews
And I did not speak out
Because I was not a Jew
Then they came for me
And there was no one left
To speak out for me

Read More

නැතිවී ගිය අතීතය සහ ඉන් ලැබූ සතුට හා සැනසුම නැවත ලඟා කරගැනීම ඔබට සිහිනයක් ම වන්නේය.

යලිත් පාසැල් වසා දමා ඇත. “තව ටික දවසකින් ඉස්කෝල අරිවී නේ ” ඔබ සිතනු ඇත.

රජයේ සේවකයින් සිව් දින සේවයට වාර්තා කරනු ඇත. “පඩිය හම්බ වෙනවනම් දවස් හතරක් වැඩ කරන එක කොයි තරම් දෙයක් ද” රජයේ සේවකයා සිතනු ඇත.

ඉන්ධන එනතෙක් දවස් ගණන් පෝලිමේ සිට අවසානයේදී ටෝකන් එකක් රැගෙන ආපසු එනු ඇත. “යන්තම් ඇති ටෝකන් එකක් ලැබුනා දැන් ඉතින් තෙල් ආපු දවසක ලැබෙන්නේ නැතැයි” ඔබ සිතනු ඇති.

ගෑස් නැතිව විදුලිබලයෙන් හෝ දර පාවිච්චියෙන් ආහාර සිස ගන්නවා ඇත. “කමක් නැහැ එක අතකට දර ටිකක් දාල කෑම හදා ගන්න එක වඩා හොඳයි” ඔබේ බිරින්දෑ හෝ මව කියනු ඇත.

එළවලු සහ අනෙකුත් දෑ මිල ඉහල යෑම හේතුවෙන් වත්තේ යමක් කෑමට, කට සහ බඩ හුරු කරගන්නවා ඇත. “කමක් නැහැ ඔන්න ඔහේ වත්තේ තියෙන දෙයක් කාල ඉමු” ඔබ යලිත් කියනු ඇත.
අභිමානවත් අතීතය ගැන නිතර කයිවාරු ගසන ඔබ, වැඩි ඈතකට නොව මිට වසර දෙකකට කලින් ලංකාව තිබු සැටි මොහොතකට හෝ සිතා බැලුව හොත්, ඔබ අද නිවසේ ජිවත් වූවද, ඔබ තෝරා පත්කළ ඔබේ නියෝජිතයා සහ ඔවුන් ගේ නායකයින් විසින් ඔබව මහා මගට ඇද දමා ඇත.
පසුම්බියේ මුදල් වලින් ගත හැකි කිසිවක් නැති වෙන දවස වැඩි ඈතක නොවේ. හාල් සේරුවක් රත්තරන් වලට වඩා වටිනා දවසක් ඔබට දැකගත හැකි වෙනු ඇත. අසල් වාසීන්, ඥාතින් සහ දරුවන් නිරාහාරව මියයනු දකින කාලය වැඩි ඈතක නොවේ. බෙහෙත් නැතිව වේදනාවෙන් මිය ඇදෙන ඔබේ වැඩිහිටි මව හෝ පියා හෝ ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත. හිටි හැටියේ නිවෙසට කඩා වැදී ඔබේ බත්පත උදුරාගෙන යන නන්නාදුනන පුද්ගලයින් දිනෙන් දින වැඩිවනු ඔබට අත් විඳීමට සිදු වෙනවා ඇත. මුදලේ වටිනා කම නැතිවී ජීවත්වීමේ නියම අරගලය ඔබ අත්විඳිනු ඇත. මේ සියල්ල අවභෝධ කරගත නොහැකි ලෙසින් ඔබ තවමත් එදිනෙදා කටයුතු කරනු ලබනවා ඇත.
නොඅනුමානව මේ සියල්ල සිදුවෙනු ඇතිබව දන්නා තරුණයින් තව දුරටත් අඝාධයට යමින් පවතින රට බේරාගෙන, මෙම ඛේදවාචකයෙන් ඔබ ගලවා ගැනීමට අරගලය ආරම්භ කලෝය. ඊයේට දින 80 පිරුණු අරගලයට ඔබේ දායකත්වය සිහිපත් කලයුතු කාලය පැමිණ ඇත.
අද අදම ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ, රැකියා කරන තැන, පාසලේ සහ රෝහලේ මේ අරගලය සවිමත් කිරීමට ඔබ පෙරමුණ නොගන්නේ නම්, ඔබට නැතිවී ගිය අතීතය සහ ඉන් ලැබූ සතුට හා සැනසුම නැවත ලඟා කරගැනීම ඔබට සිහිනයක් ම වන්නේය. එබැවින් එම සිහිනය සැබෑ කර ගන්නට නම් ඔබේ අරගලයේ පෙරමුණ ඔබ විසින් ම දැරිය යුතු බව සිහි තබා ගත යුතුය.

Read More
Video

තෙල් ගෑස් සොරකම් කරණ සමාජය තුල “සොරුන් නැති සමාජයක්” ගොඩ නැගීමට සටන් කරනා අරගලකරුවෝ.

ආර්ථික අර්බුධයේ අතුරු ඵලයක් ලෙස මේ දිනවල ශ්‍රී ලංකාව පුරා පැතිරී යන තෙල් සොරම් සහ ගෑස් සොරකම් ගැන පොඩි සටහනක් තැබීම කාලෝචිතයයි සිතමි. බොහෝ දෙනෙක් නිරන්තරයෙන් ම තෙල් පෝලිම් වල දින ගණනක් ගෙවා ඇති බව අපට නිතර අහන්නට ලැබේ. එහෙත් රජය සිඟා කා ගෙනෙනා තෙල් වාෂ්පවී යන්නාසේද දක්නට ඇත. ඒ අවශ්‍ය ප්‍රමාණයට තරම් ඉන්ධන මිලදීගැනීමට මුදල් භාණ්ඩාගාරයේ නැති නිසාය. අප ඒ බවත් අසා ඇත්තෙමු.
පාරට බට කිසිම මොහොතක ත්‍රීවීලයක් හෝ වෙනත් කුලී වාහනයක් සොයා ගැනීමට තරමක අසීරු තාවයක් ද රට තුල පවතී. තම තමන්ගේ හදිසි අවශ්‍යතා සඳහා තෙල් ටැංකි පුරවා තබා ගැනීමටද සමහරෙක් කටයුතු කරනා බව අප දනිමු. එයට අමතරව ප්ලාස්ටික් බූලියකට ද තෙල් ටිකක් එකතු කරගෙන තබා ගැනීමට ද තවත් සමහරෙක් අමතක නොකරන්නේය.
දැන්, ප්‍රශ්නය වී ඇත්තේ වාහන වලට එකතු කරනා මේ තෙල් කළු කඩයට විකිණීමේ ජාවාරමක් ඇතිවීමයි. ඒ අතරම සමහරෙක් පිට පාරෙන් ගොස් තෙල් ගසා ගැනීමද, තවත් සමහරෙක් මහා මග යන ගෑස් ප්‍රවාහන රථ වලින් ගෑස් ලබා ගැනීමද යනාදී වශයෙන් වන අක්‍රමිතා රැසක් සිද්ධ වීමය.
ගැටලුව වන්නේ, මෙයට විසඳුමක් සෙවීමය.
පොලිසියේ නිලධාරින් පෝලිමේ නොසිට පෝලිමෙන් පිට තෙල් ලබා ගැනීම, තමන් සතු වරප්‍රසාදයක් යැයි සිතනා අතර කුලී වාහන පැදවීමෙන් ලැබෙනා මුදලට වඩා වැඩිමුදලක් නිවසේ සිටම රැස්කරගත හැකි නව ආදායම් මාර්ගයක්, කළු කඩයට තෙල් විකිණීමෙන් ලැබෙනා හෙයින්, කුලී රථ රියදුරන් මහන්සි නොවී කරනු ලබන මෙම රැකියාව තවත් කාලයක් තිස්සේ කිරීමට මැලි නොවෙනු ඇත.
දැන්, මෙම ගැටලුවට විසඳුමක් සෙවීම අසීරු වෙමින් පවතී.
තමන් ගැන පමණක් සිතනා කුසීත, පල් හොරුන් රජය කරනා රටෙක ඔවුන් ගේ අනුගාමිකයින් ඉන් බැහැරට ගොස් සිතන්නට කිසිවිටෙක නැඹුරු වන්නේ නැත.
උපන් දා පටන් විවාහ වෙන තෙක් සහ ඉන් මත්තට ද තම දෙමාපියන්ගේ මුදල්, දේපල බලාපොරොත්තුවෙන් ජීවත්වෙන සමාජයක අනුන්ගේ දේ කඩා වඩාගෙන නිකන්ම ලැබෙන මුදලින් ජිවත් වීමට බලාපොරොත්තුවෙන මිනිසුන් සිටීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ එසේ නොසිටියහොත් ය.
එහෙව් සමාජයක මිනිසුන්, රටවෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් උණ්ඩයට තම ජීවිතය පරදුවට තබන්නට පෙරට යන අතලොස්සක් වූ නිර්භය අරගල කරුවන් වෙනුවෙන් සහ අරගලයේදී අසාධාරණ ලෙස සිරගත වුවන් වෙනුවෙන් අරගල භූමියට වත්, නිවසින් එලිපෙහෙලියටවත් ඒවි යැයි අපට බලා පොරොත්තු විය හැකි ද?
එසේ නම් අරගලය සාර්ථක කර ගැනීමට අපට මුළු මහත් සමාජ ක්‍රමයම වෙනස් කල යුතු වේ.
වැඩිවියට පැමිණි පසු දෙමාපියන්ගෙන් යැපෙන්නට බලා පොරොත්තුවෙන තරුණයාගේ චින්තනයේ පටන් මේ සමාජ ක්‍රමය වෙනස් කල යුතු වේ.
අනෙකෙකු ගේ දුක් ගින්දර තමන්ගේ සේ නොදැනෙන්නේ ඒ නිසා ය. තමන් පමණක් ජිවත් වීම සැහෙන්නේ යැයි සිතන්නේ එනිසාය.
අනිකා පාගා ගනිමින් එකිනෙකා සමග තරඟ කරමින් ජිවිත විනාශය දක්වා යෑම තීව්‍ර වන්නේද අභ්‍යන්තරයේ ඇති ආත්මාර්ථය නිසාය.
සුළුවෙන් පටන් ගන්නා මේ සොරකම්, ග්‍රාම සේවගේ පටන්, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව, අගමැති සහ ජනපති දක්වා වර්ධනය වන්නේද මේ හේතුව නිසා ය. වෙනත් රටෙක ජනපති හෝ අගමැති වරයෙක් මෙවැන්නක් කර ඇතැයි අප අසන්නේ ඉතා කලාතුරකිනි. ඒ සමාජ ක්‍රමයේ ඇති වෙනස හේතුවෙන්ය. එසේ නම් අරගලය ජය ගැනීමට අප සිතුවිලිද වෙනස් කලයුතු කාලය පැමිණ තිබේ.

මේ නිසා අරගලයට සමාන්තරව කලයුතු වෙනත් බොහෝ අරගල අතර සමාජය වෙනස් කිරීමේ අරගලයද එළිපත්ත දැකීමට කාලය පැමිණ ඇති බව හොඳින් සිහිපත් කර ගත යුතුව ඇත. එය පවතින්නේ අප අතරමය. ක්‍රියාත්මක කලයුත්තේද අපමය.

Read More

மஞ்சள்: புறக்கணிப்பதின் நிறம்

நமது உடையை மஞ்சள் நிறமாக மாற்றுவது போல் நம் நாட்டின் நிலைமையையும் மாற்றுவது எளிதாக இருந்துவிடாதா?

ஆஸ்திரேலிய கிரிக்கெட் அணிக்கு நன்றி தெரிவிக்க மஞ்சள் அணிவது நாட்டின் பொருளாதார நெருக்கடியில் இருந்து நம்மை எப்படியாவது திசை திருப்பும் என்று நினைத்தோம். மஞ்சள் அணிவதற்காக நாங்கள் இவ்வளவு வேலை செய்தோம், ஆனால் அது உண்மையில் என்ன வித்தியாசத்தை ஏற்படுத்தியது? ஆஸ்திரேலியர்கள் ஒரு விமானத்தில் ஏறி நாட்டை விட்டு வெளியேறுவார்கள். நாங்கள் இங்கு எரிபொருள், எரிவாயு, மருந்து மற்றும் நம்பிக்கை இல்லாமல் பின்தங்கியிருப்போம்.

நிறம் பச்சை, நீலம், சிவப்பு அல்லது மஞ்சள் எதுவாக இருந்தாலும், நீங்கள் அணியும் வண்ணம் உங்களை உட்பட யாரையும் ஏமாற்றாது. இலங்கை இன்னும் உங்கள் நாடு, நம்மவர்கள் மைதானத்தில் ஆஸ்திரேலியாவுக்கு எதிராக எங்கள் நாட்டைப் பாதுகாக்கும் வேளையில், இவ்விடயமானது நாங்கள் உண்மையில் யாரை எதிர்த்து நம் நாட்டைப் பாதுகாக்க வேண்டும் என்பதில் இருந்து ஒரு கவனச்சிதறல் மட்டுமே.

ஸ்டேடியம் முழுவதும் எங்கள் தேசியக் கொடியால் நிரம்பி வழியும் போது, ​​உங்களை நீங்களே கேட்டுக்கொள்ளுங்கள்… கிரிக்கெட் போட்டிக்காக எம்மவர்களை தெருவில் விட்டுவிட்ட நீங்கள் எவ்வளவு தேசபக்தி உள்ளவர்கள்? நம் நாட்டைப் பாதுகாக்கும் நம் பெண்களும் ஆண்களும் சிறைக்கு இழுக்கப்படும்போது, ​​​​நீங்கள் ஒரு மைதானத்திற்கு ஓடி செல்வீர்களானால், உங்கள் நாட்டைப் பற்றி நீங்கள் எவ்வளவு அக்கறை காட்டுகிறீர்கள்?

உரத்த பப்பரே (Papare) நாடு முழுவதும் பரவும் எதிர்ப்புகள் மற்றும் கோபத்தின் சத்தங்களை மூழ்கடிக்கலாம், ஆனால் நாள் முடிவில், ஸ்டேடியத்தில் கூட்டம் கலைந்துவிடும், ஆரவாரம் குறையும், ஆனால் நாட்டின் போராட்டம் இன்னும் தொடரும்.

Read More

The Pressure to Obey – “Since we were young we’ve been raised as a society to be obedient to authority.”

Since we were young we’ve been raised as a society to be obedient to authority. Whether it’s our parents, teachers or our government, we do not question their authority.
We’ve been raised to follow orders, no questions asked. Our parents and teachers praise us if we listen to them and scold us if we talk back. If we question their authority, we are told they know what’s best for us. Sound familiar?

So why do we so willingly oblige? Especially now as adults, why do we struggle to stand up for ourselves and for our people? Maybe it’s because all our lives we have been rewarded for such ‘good’ obedient behaviour and this mentality is so hard to unlearn. The Sri Lankan culture rates obedience so highly, that all of us fear confronting authority.

But maybe its not just about being rewarded for obedience, maybe it’s because we know that by doing as we are told, we are protecting ourselves from the responsibility of our actions? How easy is it to rid yourself of the guilt if you were only doing as you were told?

By taking initiative and standing up for ourselves, our families and our country we have suddenly stepped away from the behaviour we’ve been praised for all our life. This is why we struggle as a nation to stand up to authority, to stand against what is wrong because we don’t want to take responsibility for the consequences whether it’s good or bad. We want someone else to blame.

But is this really what we want to teach our children? Is this really the culture we want our future generations to be raised in? Don’t you think it’s time we finally stand up for ourselves and be apart of the change?

Read More
aragalaya