Layout A (with pagination)

අරගලය ජග්‍රහණය කරා ගෙනයාමට නම්, අපි මුලින්ම කලයුතු වන්නේ කුමක් ද?

අද ලංකාවේ ජනතාවගෙන් සාතිශය බහුතරය, රටේ රාජ්‍යය පාලන ව්‍යුහය පමණක් නොව, මෙතෙක් පැවති, අදටත් පවත්වාගෙන යන සියලුම ක්‍රමවේදයන් වෙනස් කොට, ජනතාවට වගකියන, ජනතාවගේ අවශ්‍යතාවයන්ට හා විධානයන්ට අනුකුලව කටයුතු කරන, නව ක්‍රම වෙනසක් ඉල්ලා නිරන්තර, නොනවතින අරගලයක නිරතව සිටී. මෙය කළහැකි කාර්යක්ද? කලහැකිනම් ඒ කෙසේද? බොක්කෙන්, හදවතෙන් නොව ඔලුවෙන් සිතා බැලිය යුතුය. එවැනි තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ඉල්ලා අරගලයක නිරතවන ජනතාවකගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නීතියේ ආධිපත්වය නොව නීතියේ ස්වාධීනත්වය ස්ථාපිතකොට පවත්වාගෙනයාමට ඇති බාධක කවරේද?

ගෝටා පමණක් නොව, පාර්ලිමේන්තුව ඇතුළු මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රනය ම ගෙදර යන්න බලකලත්, මේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ඉල්ලා අරගලයක නිරතවන ජනතාවකගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නීතියේ ආධිපත්වය නොව නීතියේ ස්වාධීනත්වය ස්ථාපිතකොට පවත්වාගෙනයාමට ඇති බාධා ඉවත් කල නොහැක. එවැනි බාධා වේ නම්, ඒ කවර බාධාද?

උදාහරණයන් ලෙස, අධ්‍යාපනය ලබාගැනීමේ අසමානතාවයන්, බෞධයන් නොවීම, සිංහල, දෙමල, ඉංග්‍රීසි හෝ මැලේ වැනි එක බාශාවකින් පමනක් ගනුදෙනු කිරීම, ජාතිය, කුලය හෝ ලිංගික නැභූරුව. අරගලය ජග්‍රහණය කරා ගෙනයාමට නම්, අපි මුලින්ම කලයුතු වන්නේ කුමක් ද?

සංවාදයට විවුර්තයි.

Read More

නිල් – කහ – රතු – කොල අවස්ථාවට සරිලනසේ පාට වෙනස් කිරීම

Yellow: The colour of the ignorant

අවැසි විටකදී තම ඇදුමේ පාට කහ පාටට මාරු කරන එක කොයි තරම් පහසු දෙයක් ද?

කහ පාට ඇඳගෙන ක්‍රිකට් මැච් එක බලන්න ගිහින් ඕස්ට්‍රේලියානුවන්ට අපේ කෘතඥතාව ප්‍රකාශ කිරීමෙන් රටේ පවතින ආර්ථික අර්බුධය මදකට අමතක කර දැමිය හැකියයි බොහෝ ක්‍රිකට් ලෝලීන් හිතන්න ඇති. එදාට කහ පාට ඇඳගෙන යන්න කියල කොයි තරම් උජාරුවෙන් කතා වෙන්න ඇත්ද? කොතරම් සමාජ මාධ්‍ය හරහා මේ ගැන එකිනෙකා හා සංවිධානය වෙන්න ඇත්ද? රුපවාහිනී නාලිකා මේ ගැන කොතරම් දේශාභිමානයෙන් පම්පෝරී ගහන්න ඇත්ද ? නමුත් කහ ඇඳගෙන යාමෙන් පමණක් අප ලඟා කරගත්තේ කුමන ජයග්‍රහණයක් ද ? තරඟ අවසානයේ ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කණ්ඩායම ආපසු තමන්ගේ මවු රට බලා පිටත් වේවි, ඒත් අපි? අපි තවමත් තෙල් නැති, ගෑස් නැති, බෙහෙත් නැති රටක, නැතිවුන දිනපතා නැතිවෙමින් පවතින බලාපොරොත්තු අතර තව තවත් අතරමන් වේවි.

පිටිය මැද ශ්‍රී ලංකා කණ්ඩායම තම රට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරඟ කරමින් තරඟය ජය ගැනීමට උත්සාහ කරනා සැටි නරඹමින් සතුටු වෙන අප, හැබැහින්ම ජයගත යුත්තේ රට දිනෙන් දින අගාධයට ගෙනගිය තවමත් රට කරවන පාලකයින් පලවා හැරීමේ ක්‍රියාව බව අපට අමතකව ගිය බව ඉතා පැහැදිලිය.

ගෝල් ෆේස් හී රට වෙනුවෙන් දිවා රෑ නිදි නැතිව අනන්ත දුක් විඳිමින් අරගල කරනා ඔබේම සොයුරු සොයුරියන් අමතක කොට, පිටිය පුරාවටම ශ්‍රී ලංකා ධජය වනමින් ශ්‍රී ලංකාව ගැන ආඩම්බර වන ඔබ, ඇත්තටම රටට ආදරේ දැයි ඔබගෙන්ම ප්‍රශ්න කල යුතුය. අරගලයට නායකත්වය දෙමින් ඔබ වෙනුවෙන් රට බේරා ගැනීමට සටන් කල ඔබේම සොයුරු සොයුරියන් සිරගතව ඉඳිද්දී, ක්‍රිකට් ක්‍රීඩාව නැරඹීමට ක්‍රීඩා පිටියට දිව ආ ඔබ, යන්තමින්වත් රටට ආදරයක් ඇත්තෝද? එසේනම් ඔබට ශ්‍රී ලංකා ධජය වනමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ සැමරිය හැකි වේද? මෙය සිතා බැලිය යුතුය.

ක්‍රිකට් ක්‍රීඩා ජයග්‍රහණයේ උද්දාමයෙන් නැගෙන සංගීත ගෝෂාව, අරගලයේ ජයග්‍රහණය අපේක්ෂාකරන කාල ගෝට්ටිය මොහොතකට නවතා ලිය හැකිමුත්, ජයග්‍රහණයෙන් මිස අතරමග නොනවතින මේ අරගලයේ ගින්න නොනිවී දැල්වෙනු ඇත.

Read More

Yellow: The colour of the ignorant

If only it was as easy as changing our outfit to yellow.

We thought that wearing yellow to show our gratitude for the Australian Cricket team would somehow distract us from the country’s looming economic crisis. We made such a fuss over wearing yellow but what difference did it really make? The Australians will get on a flight and leave the country and we’ll be left behind with no fuel, no gas, no medication and no hope.

Whether it’s green, blue, red or yellow, the colour you wear is not fooling anyone including yourself. Sri Lanka is still your country and while the boys are at the stadium defending our country against Australia on the field, it’s only a distraction from who we really should be defending our country against.   

While the stadium fills with our national flag all waving in union, ask yourself…how patriotic are you if you can abandon our boys on the street for a cricket match? How much do you really care about your country if you can rush to a stadium when our girls and boys, truly defending our country, are being dragged to jail?

The loud papare may drown out the sounds of protests and anger spreading across the country but at the end of the day, the crowd will disperse and the cheers will die down but the struggle will still go on.

Read More
Video

උපතේ සිට විපත දක්වා අප විඳිනා දුක…

අරගලය…ඔව් අරගලය ගෝල් ෆේස් එකේ පමණක් නොවේ.. හැමතැනම, රට පුරාම. ජිවන අරගලයෙන් මිරිකී සිටිනා සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහ
පොදුවේ කාන්තාවන් විඳින දුක වෙනුවෙන් මහමගට බට කාන්තාවනි, අපට ඔබගේ ආචාරය.

Read More
aragalaya