Layout A (with pagination)

නුඹේ අනාගතය නුඹ අතේය, රජය නුඹගේ නියෝජිතයෝය. දැන් තීරණය කා අතේ ද?

තමන්ගේ මඩියට තවත් මස්සක් එකතුකරමින් තමන්ගේ මඩිය තරකරගන්නා ජනයනි, නුඹ රැකගත් නුඹේ මුදල්, දේපල සහ සමහර විට දරුවන් රාජපක්ෂලාගේ සොරකම් කල ණය ගෙවීමට හිලව් වීමට ඉඩ හල හොත් නුඹ ජිවිත කාලයක් පුරාවටම අනෙකා පරදවමින්, තරඟ කරමින්, අභිබවා යමින් රැස්කරගත් දෑ වක්කඩේ සැඟවූ හකුරු මෙන් දියවී යනවා ඇත.

එය එසේ නොවන්නට නුඹ වෙනුවෙන් කෑමොර දුන් අරගලයේ තරුණයින් අද සිරකූඩු වේය. දැන් නුඹගේ වක්කඩේ සැඟවූ හකුරු කෙසේ ආරක්ෂා කර ගන්නේද?

තවත් දවසක් නිහඬතාවය රකින්නේද? නැතිනම් විදී බසින්නේද?

නුඹ දහදිය මහන්සියෙන් ගොඩනගා ගත් සියල්ල රාජපක්ෂ ඇතුළු 225ක් වූ හොරු රැලට කාබාසිනියා කිරීමට ඉඩ හරින්නේද?

තීරණය නුඹ සතුය.!!!

Read More

මේ මහලු හොරුන් පන්නා දැමීමට කාලයයි

ජනාධිපති ගොටාභය විහිළුවක් වී අවසානය, රාජපක්ෂ පවුලම මහා විහිළුවක් වී ඇති සමයක රනිල් දුවවිත් අගමැති කම භාරගත්තේ හදිසියෙවත් හිස්වීමට ඉඩ ඇති ජනපති පුටුවේ වාඩිවීමේ අභිලාෂයෙන් ද? ගෝටා පත්කළ නව අගමැති ආර්ථිකයේ අවදානම ගැනම මිස රට දියුණු කිරීමට කිසිඳු වැඩපිළිවෙලක් නොමැතිව තුෂ්නිම්භූතව විකාර දොඩමින් සිටි. රනිල්ගේ අතීතය ගැන අපි සියල්ලෝටම හොඳින් මතකය. බටලන්දේ ශිෂ්‍ය ඝාතන වලට මුලිකවූ අගමැති දැන් අලුත්ම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටි. ඒ අරගලයේ තරුණයින් දඩයම් කිරීමේ ක්‍රියාවලියයි. තරුණයින් ඝාතනයේ නිර්මාතෘ වූ රනිල් තවදුරටත් අගමැති පුටුවේ සිටීම මුළු මහත් ජාතියටම කරන අවමානයක් ය.
තෙල් නැතිව රටම අඩපන ඇතිවී මොහොතක, ගෑස් නැතිව කිසිවක් උයා පිහා ගත නොහැකි මොහොතක, රටවෙනුවෙන් පාරට බැස පොදු මහජනතාව වෙනුවෙන් කෑමොර දෙන තරුණයින් දඩයම් කිරීම, ඔවුනට තර්ජන ගර්ජන කිරීම පාලකයිගේ බියසුලු බව මුළු මහත් ජාතියකටම පෙන්වාදෙන අවස්ථාවකි මේ.
මේ මොහොතේ ගෝටාභය, රාජපක්ෂ පවුල සහ නව අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයම පඹයින් වී අවසානය. අවුනට කල හැක්කේ මේ බියගුළු ක්‍රියා පමණකි.
එහෙයින් දැන්, ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම මහා මගට බැසිය යුතු කාලය එළඹ තිබේ. ජනතා අරගලයට එකතු වීමට කාලය එළඹ තිබේ. බියගුළු නායකයින් අන්දසිටිනා වස්ත්රද නොමැතිව මහපාරේ දැක්කීමට කාලය පැමිණ තිබේ.
මේ ඔබේ වාරයයි, ඔබේ අයිතීන් වෙනුවෙන් නැගීසිටින අරගල කරුවන් සමග එකතුවී මේ මහල්ලන් පන්නා දැමීමට මේ කාලයයි.

Read More
Video

ඔව්හූ ඔබට අසීමිතව ප්‍රේම කළහ – මේ ඔවුනට අපගේ උපහාරයි

මේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ සමරන ලද සිසු විරු දිනයේ තේමාවයි. 1969 ජුනි 18 වෙනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඇරඹි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) මියගිය සිසු විරුවන් සැමරීමට සෑම වසරකම ජුනි 20වෙනිදාට සිදු කරනු ලබයි.

රට වෙනුවෙන්, රටේ අනාගත පරපුර වෙනුවෙන් සැමදා පෙරමුණ ගත් අන්තරය, ගෝටා ගෝ ගමේද වැඩි බරක් දරා සිටීම ආශ්චර්‍යයක් නොවේ. මෙවන් අරගල වලට මුලිකත්වය දුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දස දහස් ගණනින් මියගියේය. ඔවුන් රට වෙනුවෙන් දිවිදී නිහඬව මියගිය වීර වරුන්ය. ඔවුන් සඳහා විරු සැමරුම් තනා නැත. ඔවුන් සඳහා පිළිම නෙලා නැත. එනමුදු ඔවුන්ගේ පරමාදර්ශයෙන් පෙරමුණ ගත සිසු විරුවන් අදත් රට වෙනුවෙන්, පොදු ජනතාව වෙනුවෙන්, අනාගත පරම්පරාව වෙනුවෙන් අයුක්තියේ උණ්ඩයට මුහුණ දෙමින්, තම සහෝදර විරුවන් මෙසේ සැමරූහ.

මේ ඔවුනට අපේ උපහාරයි.

Read More

පොලිසියට සහ හමුදාවට උදාවී ඇති සංක්‍රාන්ති සමය

ජනතාවගේ චන්දයෙන් තෝරා පත්කරන ලද රජයේ, විශේෂ කටයුතු සඳහා අමාත්‍යංශ පිහිටවනු ලබයි. ඉන් එකක් වන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන හමුදාව සහ පොලිසිය අද 20වෙනිදා සාමකාමී ජනතා “අරගලය එරෙහිව” ගෝල් ෆේස් අභියස මහා මග මෙසේ අවුරුවා ඇත.
පොලිසියේ රාජකාරිය ජනතාව ආරක්ෂා කිරීමද නැතිනම් එසේත් නැතිනම් ජනතාවගේ නියෝජිතයින් ලෙස පත්වී පොලිස් සහ හමුදා නිලධාරින් ඇතුළු පොදු ජනතාවගේ ධනය සුරා කෑ සොරුන් රැක ගැනීමද?
පොලිසියේ සහ හමුදාවේ මහත්වරුන් තම ඇස් හැර බැලිය යුතු කාලය පැමිණ තිබේ. නුවණින් තත්වය වටහා ගතයුතු කාලය එළැඹ තිබේ. මේ ගෙවෙන්නේ ඒ සංක්‍රාන්ති සමයයි.
තමන්ගේම නංගිට, මල්ලීට , අම්මාට තාත්තාට එසේත් නැතිනම් පවුලට ජිවත් වන්නට ගෑස් සොයාගැනීම කළුනික සෙවීම බඳුය. ඉන්ධන සිහිනයක් මය. ඒ හේතුවෙන් හවසට ගෙදර ගොස් කළුවරේ සිටි දවස් කොපමණ ඇත්ද? කඩයට ගොස් බත් පාර්සලයක් ගතහැකිද? සිත යටින් රජයට බැනවැදුණු අවස්ථා කොපමණ ඇත්ද? වැඩි කලක් නොගොස්, බත්, රත්තරන් වලට වඩා ගණන් යෑම නවතාලීමට කිසිවෙකුට හැකි නොවනු ඇත.
ගෝල් ෆේස් හී උගුරේ ලේ රහ දැනෙන තුරු කෑගසන ඔබේ සොහොයුරන් ඉල්ලා හඬන්නේ ඔබටත් ඔබේ පවුලටත් මුළු ශ්‍රී ලංකා වාසීන්ටත් ජීවත් වීමට හැකි දිනයක් උදා කර ගැනීමටය.
මේ සටන තරුණයින් සඳහා පමණක් නොවේ. මේ සටන දේශපාලනය කිරීම සඳහා නොවේ. මේ සටන අප සියල්ලන්ගේම ජිවිත වල සුභ සිද්ධිය තකාය.
පොලිසියේ සහ හමුදාවේ නිලධාරින් මේ පිළිබඳව ඤානාන්විතව සිතා බලා නිවැරදි දිශාව තෝරා ගතයුතු කාලය පැමිණ තිබේ.
මේ ඔබට කාලයයි. ඉක්මනින්ම මෙම සංක්‍රාන්ති සාමය නිමා කර ගැනීමට ඔබට හැකිවේවායි අප ඉතා සිතින් ප්‍රාර්ථනා කරමු.

Read More

“අමනයින්” දමනය කිරීමේ අරගලය – ආරම්භ කලයුතු අනෙක් අරගලය වියයුත්තේ ජනතාවගේ සිතුවිලි වෙනස් කිරීමේ අරගලයයි

ශි ලංකාව ආර්ථික, දේශපාලනීය ව්‍යසනයට රට ඇද දැමු පාලකයින්ට එරෙහිව ගෝල්ෆේස් සහ වෙනත් තැන් වල කෙරෙන අරගලයන්ට අමතරව, අප ආරම්භ කලයුතු අනෙක් අරගලය වියයුත්තේ ජනතාවගේ සිතුවිලි වෙනස් කිරීමේ අරගලයයි. මෙතරම් ප්‍රශ්න රාශියක් තිබියදීත් ඒ පිලිබඳ කිසිඳු තැකීමක් නොමැතිව අද දවසේ තමන්ගේ කුස පමණක් පුරවමින් අනාගතය, තරුණයින්ගේ අනාගතය, අලුත උපන් කිරි දරුවාගේ අනාගතය, උපදින්නට සිටිනා දරුවන්ගේ අනාගතය, තම පවුලේ සහ ඥාතින් අයගේ අනාගතය, ගමේ අනාගතය, රටේ අනාගතය හෙවත් මුළු මහත් ජනතාවගේම අනාගතය ගැන නොබලන නොසිතන පුද්ගලයින් “අමනයින්” ලෙස අප ව්‍යවහාරයේ පවතී. මෙම “අමනයින්” අප අතරේ සිටිනා තාක් කල් පාලකයින් වෙනස් කිරීම එතරම් පහසු කාර්යක් නොවෙනු ඇත.

මෙවන් මිනිසුන්ගේ අවධානය හරි මගකට යොමු කිරීමේ අරගලය, ගෝල්ෆේස් අරගලයට සමගාමිව රට පුරා පැතිර යා යුතුය. මෙය අද දවසේ වියයුතු ප්‍රධාන කාර්ය භාරය වන බව අප සියල්ලෝම මතක තබාගත යුතුය. එනමුදු නොනැවතී ගෝල්ෆේස් අරගලයට සමගාමිව මෙම “අමනයින්” දමනය කිරීමේ අරගලය අද සිටම ආරම්භ කල යුතුය.

දොරින් දොරට, ගෙයින් ගෙයට, ගමින් ගමට අරගලයේ අරමුණ පැහැදිලි කිරීමත්, පෝලින් වලට වී තෙල් ගෑස් එනතුරු දින ගණන් ගත කිරීමත් ජිවිතයේ කොටසක් කරගැනීම ජීවිතය අත්විඳිම නොවෙන බවත් “අමනයින්” ට පැහැදිලි කර දිය යුතුව ඇත. අමනයින් දමනය කරලීමට මෙවැනි ම වූ බොහෝ දෑ කල යුතුව ඇත. මේ අද දවසේ අපගේ යුතුකම සහ කාර්ය භාරය වී ඇතිබව අප මනා සේ අවභෝද කර ගත යුතුව ඇත.

රටේ මුදල් කොල්ල කා හමාරය, රනිල්ලා රාජපක්ෂලා මයිත්‍රීලා චන්ද්‍රිකාලා ඇතුළු සියලු දෙනාම අඩු වැඩියෙන් ජනතාවගේ මුදල් එසේත් නැතිනම් පොදු දේපල කොල්ල කා හමාරය. ඔවුන්ගේ කොල්ල කෑම අප අසා ඇති “looting” නොවේ, මහා පරිමානයෙනි. එනිසාම සාමාන්‍ය ජනතාවට එය අවබෝධ වීමට බොහෝ කාලයක් ගතවේ. එය එහි ස්වභාවයයි.

දැන් අපට ඉන්ධන නැත, එනිසා පාසැල් වැසෙමින් පවතී, රාජ්‍ය සේවාව දිනකින් කප්පාදු කොට ඇත. එහෙයින් එයද සෙමෙන් අඩපන වෙමින් පවතී. නිවසේ ආහාර පිසීමට ගෑස් නැත, ඉන්ධන ද නොමැති හෙයින් ආහාර පාන මිල ඉහල යමින් පවතී, එබැවින් සෙමින් සෙමෙන් බඩ ගින්දර දැවෙමින් පවතී. අලුත උපන් දරුවාට පිටි, මවට ආහාර නැති පවුල ගොඩ නගන්නේ මන්දපෝෂණයෙන් පෙළුණු අනාගත පරපුරක්ය. එම පරපුරද මෙවන් හොරු රැලකට අසුවීමේ සම්භාවිතාවය ඉතා ඉහලය. ඉන් අනාගත පරපුර බේරා ගැනීමේ හැකියාව අද අරගල කරනා මේ පරම්පරාව සතුව ඇත. එහෙයින්, අදත්, හෙටත් අනිද්දාත් සමග රටේ අනාගතයම ගොඩ ගැනීමේ කාර්ය භාරය අද ජීවත්වෙන අප සියලුදෙනාගේම වගකීම වෙන බව නො පිරිහෙලා සඳහන් කළයුතුව ඇත.

Read More
aragalaya