Layout A (with pagination)

Murders and disappearances during the past two decades in Sri Lanka.

Murder – 1 the Year 2012

An insight into several involuntary disappearances, murders and death threats that the Sri Lankan government authorities miserably failed to bring perpetrators to justice. In most of them, there is more than evidence and reasons to believe that the culprits are powerful politicians of the time’s ruling party.

Read More
Video

දැන් මේ අරගලයේ අරමුණ මොකද්ද?

දැන් මේ අරගලයේ අරමුණ මොකද්ද කියල නැවත නැවතත් අහන කොටසක් බිහිවෙලා.
ඒ ප්‍රශ්නය අහන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද අපේ රටේ ගොඩාක් අයට ඉක්මනට අමතක වෙනවා පොදු වේ බලපාන දේවල්. පෞද්ගලික දේවල් නම් මැරෙනකම්ම මතකයි. ඒ ඉතින් අපේම කරුමය තමයි.
මේ ගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕනි ඇයි මේ තරුණයින් අරගලය කරන්නේ කියල.
එක හරිම ලෙහෙසියෙන් තේරුම් කරවන්න පුළුවන්, ඒවගේම හරිම ලෙහෙසියෙන් තේරුම් ගන්නත් පුළුවන්.

ප්‍රධාන කාරනා තුනයි.

  1. ගෝටා ගෙදර යවන්න ඕනෑ (මේ කියන්නේ ගෝටා විතරක් නෙවෙයි එයා වාඩිවෙලා ඉන්න විධායක ජනාධිපති පුටුවත්)
  2. 225 ම එපා. (මේ කියන්නේ ඔක්කොම, ජනතා විමක්ති පෙරමුණත් ඇතුළු සියල්ලෝම)
  3. හොරා කෑ මහජන මුදල් රාජ සන්තක කරනු. (මේ කියන්නේ සොරා කෑ සියලුම මහජන මුදල්. රාජපක්ෂ පවුල විතරක්ම නෙවෙයි 225හේ උන් ඔක්කොම)

මෙන්න මේ ටික වෙනකම් තමයි තරුණයෝ අරගලය කරන්නේ. උද්ධමනයේ පෝලිමට හුරු වෙලා…. මොනවා කරන්නද? මොකටද පෝලිම් නැත්තේ?, කරන්න දෙයක් නැහැ පෝලිමේ ඉඳල හරි ගන්න වෙනවනේ කියා කියා එකට හුරු වුනොත්, තව තවත් පෝලිම් වැඩිවෙනවා මිසක් අඩුවෙනවා දකින්න ලැබෙන එකක් නැහැ. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි මේ තරුණ පරම්පරාව කරන්නේ. පෝලිමට හුරු නොවී සොරා ගත මුදල් වෙනුවෙන් අරගල කරන්නේ.
ශ්‍රී ලංකාව, ඔබට මට සැමටම සෙනෙහසින්, සෞභාග්‍යයෙන් පිරි රටක් කරන්නයි මේ තරුණයින්ගේ වෑයම.
මිට පස්සේ රාජ්‍ය දේපල සොරාගත් උන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නත් වේවි. සමහර විට මේ කියවන ඔබෙට මතක ඇති සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහෝසි කළා ජේ ආර් ජයවර්ධන.

Read More
aragalaya