Layout A (with pagination)

Gallery

අරගලයෙන් ඔබ්බට ගිය නව අරගලය.

දානය, දීම සහ ආසාවල් අත්හැරීම වටා එතුණු ආගම ධර්මය අදහන ශ්‍රීලංකාවේ බහුතරය දීමෙන් තමන් නැත්තටම නැති වී යන්නට වෙයි දෝ භීතියෙන් දීම, දානයෙන් ඈත්වී බොහෝ කල් බව අපි සියල්ලෝම දනිමු. බොහෝ අය දානය දෙන්නේද යමක් පතා හෝ යම් බලාපොරොත්තුවක් යටි හිතේ තැන්පත් කරගෙනය. සියයට 99ක් ම ශ්‍රී ලාංකිකයින් දානයෙන් තමනට වැඩි වැඩියෙන් ලැබේවි යන මානසිකත්වයෙන් ම දානයට සහභාගී වේ.
මෙයට ප්‍රතිගාමි මතයක් දරමින් අරගල බිමේ බිහිවූ “උදව් අල්මාරිය”, අද අප දකිනා දේශපාලන සහ ආර්ථික අරගලයට එහා ගිය, ජයග්‍රහණය නොපෙනන මානයේ ඇති අරගලයකි.

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් බෙදා වෙන්කොට ඔවුන් අතර සාමාජිය ගැටළු ඇතිකරමින් ඉන් තම මල්ල පුරවාගත් දේශපාලකයින්ගේ සිතුවිලි වලට ප්‍රතිවිරුද්ධ වූ සිතුවිලි කරලියට ගෙන එන මෙම අරගල භුමියේ, දිනාගැනීමට අතිශයින් දුෂ්කර අරගලකට අතපොවන්නට මේ තරුණයින් නොපසුබට වී ඇත. ලාංකිකයින්ගේ සිතුවිලි වෙනස් කිරීම තරම් අපහසු ක්‍රියාවක් මේ මිහිපිට ඇතැයි මම නොසිතමි.
රටේ පොදු ගැටලුවලදීත්, තමනට පෞද්ගලිකවම බලපෑ ගෑස්, ඉන්ධන වගේ ගැටළු විසඳා ගැනීමට වත් අරගලයට නොපැමිණි ජනතාවගේ සිත් සතන් වෙනස් කිරීම මේ තරුණයින්ට කොතරම් අපහසු කාරියක් වනු ඇති ද?

ප්‍රථමයෙන්ම මෙම සත්ක්‍රියාව ආරම්භ කල සියල්ලන්ට ම අපගේ සුභ පැතුම් ප්‍රණාමය කල යුතුය.
දෙවනුව ඔවුන් හා එක්ව කටයුතු කරන්නට නොපසුබටවූ නිහඬ අරගල කරුවන්ට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

උදව් අල්මාරිය බොහෝ කලක සිට ශ්‍රී ලංකාවට නැතිවම බැරිව තිබු අල්මාරියක් බව කිව යුතුය. ඉන් අපට අනවශ්‍ය බඩු බාහිරාදිය ඒවා නැති වුන්ට ලබාදිය හැකිවාක් සේම අපට අවශ්‍ය යම් දෙයක් ඇතිනම් මෙම අල්මාරියෙන්ම ලබාගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.

මෙම අල්මාරියට භාණ්ඩ සැපයීමට හෝ භාණ්ඩ හුවමාරු කර ගැනීමට අරගල භූමියට යා හැකි අතර පහත නම් සඳහන් අරගලකරුවන් ඇමතීමෙන් වැඩි විස්තර ද ලබා ගත හැක.

මනුර 0776282559, ප්‍රභාත් 0704058059, රිෂාදි 077658 4684, හෝ ඉවන්ත 0764266671

Read More
Video

අපේ ඩොලර් කා දමන නාමල් රාජපක්ෂ

මේ නාමල් රාජපක්ෂ විනෝද වන්නේ ඔහු විසින් මහන්සියෙන් හම්බ කරන ලද ඩොලර් සංචිතයන් යැයි කිසිවෙකුටවත් කිව හැකිද? කිසිදා ශ්‍රී ලංකාවෙන් එපිට රාජ්‍යයක සේවය නොකළ ඔහුට මෙලෙස වියදම් කිරීමට ඩොලර් ලැබුනේ කොහින්ද?
එතෙර සිටින ශ්‍රීලාංකිකයින් මහන්සියෙන් උපයාගත් ඩොලර් වලින් පිනුම් ගසන රාජපක්ෂලා තව කොතරම් ඇතිද? ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ වුවන් කෙතරම් ඇතිද?
එසේ නම් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් මෙම හොරු පන්න තෙක් ශ්‍රී ලංකාවට ඩොලර් යවන්නේදැයි දෙවරක් සිතා බැලිය යුතුය.

Read More
Video

මියගිය ශ්‍රී ලාංකිකයින් සැමරීම

බෙදුම් වාදී ත්‍රස්තවාදය තුරන් කොට වසර දහතුනකට පසු, ඊයේ අරගල බිමේදී කුරිරු යුද්ධයෙන් මියගිය සහ අබාධිත වූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සියලු ආගමික පුජකයින් ගෙන් මුලිකත්වයෙන් පුන්‍යයෝත්සවයක් සිදු කරන ලදී.
2009 වර්ෂයේ මැයි 18 ශ්‍රී ලංකාවට ඉතා වැදගත් දිනයක් ලෙස ඉතිහාස ගතවී අවසන්ය. ඒ මහින්ද රාජපක්ෂ ප්‍රධාන කොටගත් රජය විසින් බෙදුම් වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කොට බෙදුම් වාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කළේයැයි ජාතියට සහ ජාත්‍යන්තරයට හඬ නගා කීමයි.
බෙදුම්වාදය රටපුරා ප්‍රචලිත කරමින් තරුණ, මහලු සහ ළමා ජිවිත දස දහස් ගණනක් බිලිගනිමින් තම දේශපාලන අවශ්‍යතා ඉටු කරගන්නා දේශපාලකයින්ට අරගල බිමේ තරුණයින් ඉතා වැදගත් පාඩමක් කියා දුන්නේය.
ඒ බෙදුම්වාදය නැවත කිසිදා ඇතිනොවන සේ එකමුතුකම වපුරා දැමීමයි.
අද දවසේ තාරුණ්‍යයේ මේ අභීත, නිර්භීත භාවය ලොවපුරා විසිරි ඇති ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම නොපිරිහෙලා අගය කල යුතුය.
නැවත වතාවක් මිනිසුන් ජාතින් වශයෙන්, ආගම් වශයෙන් බෙදා වෙන්කොට දේශපාලන වාසි ලබා ගන්නා කුහක දේශපාලකයින්ට මෙය ඇතුල් පහරක් වෙනු ඇත.

Read More

For the general public Litre of Diesel Rs. 338.00, for Parliamentarians Rs. 121.19, how do you digest that?

Once again, the country’s parliamentarians or, frankly speaking, “Crowned Bandits” are sacrificing for the common good by shedding crocodile tears. For the general public, a litre of diesel Fuel is Rs. 338.00, and for all parliamentarians (for all 225 of them, including the opposition), only Rs. 121.19. No wonder the CEYPETCO, the Petroleum Corporation, went bankrupt.

Read More
aragalaya