Layout A (with pagination)

Video

”මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන එක නතර කරපල්ලා” – මිහින්තලේ විහාරාධිපතිහිමි

මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන එක නතර කරපල්ලා” – මිහින්තලේ විහාරාධිපති

ජාතියක් ලෙස අපිගැන අපිම, ප්‍රභුද්ධ යයී කියාගත් වන්දිභට්ටයින් ලවා “නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි, නිවහල් නිමවුන් මවනා හිසත් උදාරයි, එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි – යශෝ කැලුම් මල් ජෝතිය පිනෙන් උදාරයි” වැනි ප්‍රසස්ති කියා ගත්තා මිසක්, රටක් ලෙස, එකමුතුවූ ලාංකීය පුරවැසියන් ලෙස, පාලක හා පාලිත සහ ආගමික නායකයින්ද ඇතුළුව නිදහස්, නිවහල් සහ සමානාත්මතාවය වැනි වචන වල සැබැ අරුතවත් දන්නේ යයි විශ්වාස කිරීමට පවා අසීරුය.

ලෝකයේ මානව අයිතීන් උල්ලන්ඝනය කරනා රටවල් අතරින් “හොඳටම කරන්න” වලිකන අපේ රට නොබෝදා එක්සත් ජාතීන්ගේ සංගමයේ ලෝකයේ දිළිදු කම නැති කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ ආධාර ලැබිය යුතු දිළිදු රටක් ලෙස නම්කොට ඇත.

මෙතෙක්, උඩබලා කෙලගසා ගනිමින් අපි අපිටම කරගත්තා මදිය. තව තවත් හොරණෑ පිබිමින් හෙළුවෙන් වැනිය යුතුය. දැනටමත් අපි පරිහානික සමාජයකි, ඒ අපේම ප්‍රශ්න වලට අපිට පිළිතුරු සොයාගැනීමට තරම් අපොහොසත් ජාතියක් වීමය.

සියලුම ලාංකීය ජනකොටස් එකතුවිය යුතුය, අරගල කල යුතුය, නිදහස, සැබෑ ප්‍රජාතන්ත්‍ර වාදය හා සමානාත්මතාවය ජයග්‍රහණයෙන් නිමැවෙන තුරු නොනැවතී අරගලයෙහි නිරතවිය යුතුය. ප්‍රඥාවන්තයින් නායකයින් කරගත යුතුය.

Read More

මේ “ආදරයේ අරගලයයි”, පොලිසියට හා ආරක්ෂක හමුදාවට දැන් කාලය පැමිණ තිබේ.

“අ ර  ග ල ය” බහ තෝරන පුංචි දරුවන් නිතරයෙන් මුමුණ අකුරු පහ. ජාතික ප්‍රශ්ණයට විසඳුමක් සොයන තාරුණ්‍යයේ එකම විකල්පය. දිනෙන් දින අහිමි වී යන අපේ මුතුන් මිත්තන් ගොඩ නැගූ දේශීය කර්මාන්ත රැක ගැනීමට ඇති එකම සීමා මාලකය. නිරාහාරව පන අදිනා දරුවන්ගේ හුස්ම පොද රැකගන්නට ඉතිරි වී ඇති එකම විසඳුම. වේලක් කා දෙවේලක් නිරාහාරව සිටිනා දිලින්දන්ගේ සුසුමට බලා පොරොත්තුව එක් කරන “අ ර  ග ල ය”.

ලක්ෂ ගණනින් එක්වී දුෂ්‍ය පාලකයෙක් පන්නා දැමූ අඩක් නිමකළ අයිතිහාසික “අ ර  ග ල ය” සතියෙන් දෙකින් දියකරන්නට හමුදාව හා පොලිසියට බලතල බෙදාදුන් නායකත්වය, මෙතෙක් ජනතාවගේ එකඳු ගැටලුවක් හෝ විසඳීමට සමත් වුවා ද? පැලැස්තර දැම්මා පමණි.

ආර්ථිකය ගොඩනගා ගන්නට දේශීය නිෂ්පාදන දියුණු කලේ නැත, අපනයන ප්‍රමාණය වැඩි කලේද නැත, වැඩිපුර ඩොලරයක් හෝ මෙරටට ගෙන ඒමට ක්‍රමවේදයක්ද නැත. එසේනම් ආර්ථික අර්බුධයට විසඳුම?

රජයට අයත් දේපල කොටසින් කොටස විකිණීම අරඹා ඇත. මෙරටට එන විදේශිකයන්ගෙන් අයකර ගන්නා වීසා ගාස්තු ඉහල දමා ඇත. රට හැර ගිය ලාංකිකයින්ගෙන් නැවත ශ්‍රී ලංකාව පැමිණීමට බලාපොරොත්තුවෙන ඉතා සුලුපිරිසකගෙන් පුරවැසිභාවය සඳහා අයකර ගන්නා ගාස්තුද දෙගුණ කර ඇත. ජාත්‍යන්තර මුලය අරමුදල් කාර්යාංශය පසුපස හඹා ගොස් මුදල් ඉල්ලා හඬා වැටීමට අමතරව රටට යහපතක් වෙන කිසිඳු ක්‍රියා මාර්ගයක් රජය විසින් ගෙන නොමැත.

“අ ර  ග ල ය” මර්ධනය කිරීමට හා අරගල කරුවන් සිරගත කිරීමට පොලිසිය සහ ආරක්ෂක හමුදා යෙදවීමට රනිල් වග බලාගත්තේය. යාන්තම් ශබ්දය අඩුකිරීමක් මිස ඉන් එහා යමක් වූ බවක් අපට පෙනෙන්නට නොමැත. දැන් දැන් මේ රනිල් ගේ, අතීසාරයට ගැසූ අමුඩයේ කොණින් කොණින් අතිසාරයේ ඕජාව ගලා එන්නට පටන්ගෙන තිබේ.

හමුදාවේත්, පොලිසියේත් සේවය කරන්නවුන් ඕපපාතිකයින් නොවේය. උන්ටත්, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දරුවන් සහ සහකරුවන් සිටින්නේය. ඔවුනටත් අනෙකුත් ජනතාව මෙන්ම ඉහත කී සියලුම ගැටලු වලට මුහුණ පාන්නට සිදුවන්නේය. ඔවුනගේත්, අපගේත් එමෙන්ම සියල්ලන්ගේම චන්දයෙන් එපා කි රනිල් දැන් අපි සියල්ලෝම පාලනය කරන්නේය.

අපි පොහොට්ටුවට චන්දය දී රනිල් ඉල්ලුවේ නැත.

අපි සජිත් ට චන්දය දී රනිල් ඉල්ලුවේ නැත.

අපි අනුර කුමාරට චන්දය දී රනිල් ඉල්ලුවේද නැත.

එසේනම් අපි කුමක් කරමුද? රනිල්ව තෝරා පත්කළ උන් සියල්ල සමග රනිල්වත් පන්නා දැමිය යුතුය.

දැන් මෙයට, දරුවන්ගේ වේදනාව දරා ගන්නට බැරි දෙමාපියන්, හොරකම දුෂණය දරා ගන්නට බැරි මහත්වරුන්, අසාධාරණය වෙනුවෙන් නැගී සිටින තරුණයින් හා එක්වන්නට, පීඩිත ජනයා සමග අත්වැල් බැඳගන්නට හමුදාවට සහ පොලිසියට කාලය පැමිණ තිබේ.

අන් කිසිවක් නොව, මෙය වාමාංශිකවත්, දක්ෂිණාන්ෂික වත් නොවෙන අප සියල්ලන්ගේම ජිවන “අ ර  ග ල ය” යි. මෙයට තත්වය, තරාතිරම, රක්ෂාව අදාළ නොවේ. අද දුක් පීඩා විඳින්නේ අපි සියල්ලෝමය. ජයග්‍රහණය විඳින්නේද අපි සියල්ලෝමය. ඉන් අත්වන සුවය ලබන්නේද අපි සියල්ලෝමය.  “අ ර  ග ල ය” හැර වෙනත් කිසිඳු විසඳුමක් අපට ඉතිරිවී නොමැත. පොලිසියට හා ආරක්ෂක හමුදාවට දැන් කාලය පැමිණ තිබේ. මේ “ආදරයේ අරගලයයි” අපි එකම  රටක එකම මවකගේ දරුවෝය. එකමුතුව මේ දුකින් එතෙර විය යුතුය.

Read More

ලබන පාර එන්නේ සුනාමියක් ~ නිකන් ගං වතුරක් නෙවෙයි.

පිංපි හිට්ලර්,
උඹ තමයි අපේ අරගලයට ජවය දෙන්නේ.
උඹේ අතීතයේ කළු පැල්ලම් තිබුනාට අපේ එහෙම නැහැ
එහෙව් එකෙක් ඔතනට ආවේ කොහොමද කියල හිතෙන කොට
අපේ ජවය තව තවත් වැඩිවෙනවා.
ඒ උඹ වගේ එකෙකුටත් ඔතනට එන්න පුලුවන්නම්
අපිට ඕක මහා දෙයක් නෙවෙන නිසා.
උඹලා අපේ දේපල තව තවත් හොරා කයි කියල
හැම මොහොතේම අවදියෙන් ඉන්න අපිව
ආයෙත් රවට්ටනවා බොරු.

උඹලා මොන නීති පාස් කලත්
තවමත් බලය තියෙන්නේ ජනතාව ළඟ.
වතාවක් පෙන්නපු විධිහට
ආයිත් ඒවි කියල හිතන්න එපා.
ලබන පාර එන්නේ සුනාමියක්
නිකන් ගං වතුරක් නෙවෙයි.

කරන්න පුළුවන් හැමදෙයක් ම කරපං
ඔය ඉතින් අන්තිම වතාව.
අපි එනවා රොත්ත පිටින්ම
ගෝනි දාල උඹලව කුදලාගෙන යන්න
අන්න එදාට උඹට දැනෙයි
උඹ දැක්කේ හීනයක් විතරයි කියල.

Read More

අරගල කරුවන්ගේ “පුනරුත්ථාපනය”, “මරණීය දණ්ඩනය” ට තල්ලු කිරීමේ ව්‍යායාමය.

අයිස් මත් ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයින්ට එරෙහිව අධිකරණය මගින් “මරණීය දණ්ඩනය” නියම කිරීම පසුගිය 24 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි “විෂ වර්ග, අබිං අන්තරාදායක ආඥාපනත” සංශෝධනය කිරීමෙන් බලාත්මක විය.
මේ පිලිබඳ ඉතා සියුම් ව සිතා බැලුව හොත්, මෙම විෂ සහිත මත්ද්‍රවය මහා පරිමාණයෙන් මෙරටට ගෙන ඒමේ නිරතව සිටිනා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට මෙතෙක් පැවති කිසිඳු රජයක් සමත්වී නොමැත. මත්ද්‍රවය ජාරාවම්කරුවන්ගේ අතිජාත මිත්‍රයින් ජනබලයෙන් හෝ අනෙක් විවිධ මාර්ග වලින් පාර්ලිමේන්තුවට පැමිණ තිබීම මෙයට මුලිකවූ කරුණු වෙන බව නොදන්නේ බහතෝරන දරුවන් පමණි. එහෙව් පරිසරයක් යටතේ, රජය කර ඇත්තේ තම මිත්‍ර සගයින්ගේ ව්‍යාපාර අඩපන කිරීමට නීති පැනවීමකි. එයද හිස මුදුණින් පිළිගන්නා මොලය හිසතුල පිහිටා ඇති කිසිඳු සත්වයෙක් ශ්‍රී ලංකාව තුල නොවේ. එමෙන්ම, තැනෙක රජයේ මන්ත්‍රී වරියක් කංසා වැවීමට පිඹුරුපත් සකස් කරනා අතර ඇගේ තනපටේ එල්ලී සිටින ජනපති මෙම නීතිය බලාත්මක කිරීමට කැමැත්ත පලකලේ ඇයි දැයි යන්න මොලේ පොට යන තරමට කල්පනා කලයුතු ගැටලුවකි. එසේ නම් මෙම නීතිය හදිසියේ පන ගැන්වූයේ ඇයිදැයි අප බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.
අරගලය සමයේ කංසා පැලයක් අරගල භූමියට ගෙන ආවේ කවුරුන්ද? කංසා පැලයක් ගෙන ඒමට හේතුව කුමක්ද? අරගල කරුවන් කංසා වැවුයේ යයි රටපුරා ප්‍රචලිත කලේ කවුරුන්ද? මේසියල්ල සිහිබුද්ධියෙන් විමසිය යුතුය.
අවසානයේ මෙකී කංසා පැලයද අරගලයේ සහෝදරත්වය තුල මිය ගියේය. ඒපිලිබඳ කතිකාව වෙනත් දිනකට තබමු.
දැන් අපි නැවතත් මේ අයිස් කතාවට, එසේත් නැතිනම් විෂ මත්ද්‍රවය ලඟතබා ගතහොත් ලැබෙන දඬුවම “මරණීය” කිරීම පිටුපස ඇති සැලැස්ම ගැන සිතා බැලුව හොත්, මෙම කංසා සංදර්ශනයේ පසුබිම පහසුවෙන්ම තෝරා බේරා ගත හැක.
නව වැනිදා වූ අයිතිහාසික අරගලයෙන් පසු ගෙවීගිය කාල පරිච්චේදය තුල, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මත්ද්‍රවය වලට ඇබ්බැහි වී ඇති කතාන්තර බොහොමක් ද අපට අසන්නට ලැබුණි. දැන් මේ මරණිය දණ්ඩනය සර්ව සාධාරණිය ලෙස, ශිෂ්‍යයින්ට හෙවත් තාරුණ්‍යයට උරුම කරවීමට අවශ්‍ය බලපත්‍රය රජය සන්තකයේ ඇත. බොහෝ විට පුනරුත්තාපනය කලයුතු යැයි ලොකු පුතා කී කණ්ඩායම, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ අරගලයේ තරුණයින්ට මරණිය දණ්ඩනය හිමිකර දීමට මෙය බලාත්මක කර ඇතැයි අප තදින්ම විශ්වාස කරමු.
අරගල භූමියට කංසා ආ අයුරින්ම, අරගල කරුවන්ගේ, අන්තරේ සාමාජිකයින්ගේ හා අනෙකුත් තරුණයින්ගේ ගමන්මලු වලට හා සාක්කු වලට ඉබේම අයිස් වැටීමටද බොහෝ ඉඩකඩ ඇති බව අප අවබෝධ කරගත යුතුය. අරගලයේ නියුතු වන සහ එහි නොඑළඹෙන සෑම මොහොතකම ඉතා සිහි කල්පනාවෙන් සිටීම ඉතා වැදගත් බව අරගලයට සම්බන්ධ අප සියල්ලෝම හොඳින් මතක තබා ගත යුතුය. එසේ නොවුවහොත් වටිනා ජීවිත ගණනාවක්ම නිකරුනේ මේ සොරුන්ගේ නීතියට අනුව අපටත් රටටත් නැතිවී යනු නොඅනුමානය.

Read More

හාමතින් මිය යමුද? සටන් කර මිය යමුද?

2019 වර්ෂයේදී ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකාව, ඉහල මධ්‍යම පාන්තික රටක් ලෙස පිළිගෙන තිබු බව ශ්‍රී ලාංකිකයින් සුළුතරයක් පමණක් දැන සිටින්නට ඇතැයි මම විශ්වාස කරමි. අද ශ්‍රී ලංකාව දිළිඳු රටක් වී අවසානය. වසර තුනක කාලයක් තුල, රටක් මෙවැනි තත්වකට අද දැමු රාජ්‍ය නායකයින් අදත් ශ්‍රී ලංකාවේ පාලන බලය අතැතිව රට දිනෙන් දින අඝාදයට ගෙනයමින් තිබෙන බව පැහැදිලිවම දැකගත හැක.
නවීන මුල්‍ය ප්‍රතිපාදන න්‍යාය සහ කාබනික කෘෂිකර්මය මේ කඩා වැටීමට හේතූන් වූ අතර, දූෂණය සහ වංචාව එය අධිගමනය වීමට ප්‍රධාන හේතු සාධකය විය.
ප්‍රසිද්ධ සංකලනයක් වූ පවුල්වාදීන් සහ අවස්ථාවාදීන් ගේ මුලිකත්වයෙන් මෙය සිදුවුවද ඔවුන් පසුපස හඹා යමින් ඔවුනට ගැති කම් කරමින් පොදු ජනතාව අඝාධයට අද දැමීමට ඔවුන් හා එක්ව කටයුතු කරන්නාවූ සුළු පිරිසක් අප අතර තවමත් සිටී. ඔවුන්ගේ අවලාද, අනුශාසනා පැහැර හරිමින් නව ලොවක් උදා කර ගැනීමට පෙරමුණ ගන්නා තාරුණ්‍යය මේ මහල්ලන් හට වහකදුරු සේය. කුසට හරි අහරක් නොලැබ උසස් අධ්‍යාපනයේ නිරතව ඇති මෙම තරුණ තරුණියන් අද ගැන නොව හෙට ගැන සිතනා අන්දම අපහට අනන්තවත් අසන්නට ලැබිණ. හාමතින් දුර්මුඛව සුසුම් හෙළනා ජනතාවකට හුස්ම ලබාදෙන්නට පෙරමුණ ගන්නා තාරුණ්‍යයට බාල මහලු, උස මිටි, ජාති භේද සහ පක්ෂ-පාට අතහැර දමා එකතු වී මේ සටන ජයගන්නවාද යන්න අප තීරණය කළයුතුව ඇත. අප දෙමාපියන්, අප පවුලේ සැම, දරුවන් සහ දරුවන්ගේ දරුවන් ට හාමතින් මියන්නට රටක් දායාද කරමුද, එසේත් නැතිනම් අප මියෙන්නට පෙර මුන් පන්නා දැමීමට සටන් කල යුතුද යන්න පැහැදිලිවම තීරණය කිරීමට දැන් කාලය පැමිණ ඇති බව අවභෝද කරගත යුතුව ඇත.

Read More
aragalaya