
Layout A (with pagination)

ඊයේ, අපේ චන්දය එහෙමත් නැතිනම් අපේ කතිරය ඉල්ලගෙන, කියන්න පුළුවන් තරමක් බේගල් ඇදබෑ අපෙන්ම මන්ත්‍රී රස්සාව ඉල්ලා ගත් මන්ත්‍රීන් රැල පිරිවරා රනිල් රාජපක්ෂ 2023 අයවැය ප්‍රකාශයට පත් කරනු අප දුටුවෙමු.
ලංකාව විශාල අර්බුධයකට වැටි ඇතිබව ලංකාවේ දේශපාලකයෝ හැර රටේ මහ ජනතාවටත්, මුළු ලෝකයමත් හොඳින්ම අවබෝධ කරගත් අවස්ථාවක රජය අමාත්‍යංශ නඩත්තුවට, මුදල් අමාත්‍යංශයට සහ ආරක්ෂක අමාත්‍යංශයට අයවැයේ ප්‍රමුඛත්වය දී තිබීමෙන් පොදු ජනතාව ගැන රජයේ ඇති අවධානය ඉතා පැහැදිලිවම අවබෝධ කර ගත හැක.
අත්‍යාවශ්‍ය විදුලිබලයට, කෘෂි කර්මාන්තයට, අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ ප්‍රවාහනයට හිමිවී ඇත්තේ ඉතා අල්පයකි.
මුළු අයවැයෙන් විදුලිබලයට 1.3% ද, කෘෂි කර්මාන්තයට 4%ද, අධ්‍යාපනයට 8.2%ද, සෞඛ්‍යට 11%ද, වෙන් කර ඇති අතර අමාත්‍යංශ නඩත්තුවට මුළු අයවැයෙන් 25% වෙන්කිරීමෙන් රජය මහජනතාව ගැන දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවක් තම අමාත්‍යංශ නඩත්තුව සඳහා දක්වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන ලක්ෂණයකි. ජනතාව මහා මගට ඇද දැමූ රජයක් තව තවත් උන් උන් ගැනම පමණක් සොයා බැලීම කොයිතරම් ඛේදවාචයක් ද?
එසේනම් අප තවදුරටත් මෙවැනිම මන්ත්‍රණ සභා සහිත පාලනයක් පතා චන්දය දීමට සුදානම් ද? එසේ නැතිනම් අරගල කරුවෝ දැඩි විශ්වාසයක් තිබු, අරගල කරුවන්ගේ ඉල්ලීම් අතර මුලිකත්වය දැරූ ජනතාවට බලය හිමිවෙන ආණ්ඩු ක්‍රමයකට අවතීර්ණ විය යුතුද?
එසේනම් තවදුරටත්, හොරුන් පලවා හැර වෙනත් මුහුණු දාගත් තවත් හොරු රැලක් අපගේ නායකයින් ලෙස පත්කර ගන්නවාද, එසේත් නොමැතිනම් අපටම බලය ඇති ජනතා ආණ්ඩුක්‍රමයක් සඳහා පෙළ ගසෙනවාද යන්න ඔබ විසින්ම තීරණය කල යුතුව ඇත.

” ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම්, ලෝකයා වෙනස් කිරීමට උත්සාහ නොකර තමන් වෙනස් වන්නට වෑයම් කලයුතුයි” ලෝක ප්‍රකට පඬිවරුත්, බුදුන් වහන්සේත්, ක්‍රිස්තුස් වහන්සේත් මහුම්මත් තුමාත් ඇතුළු බොහෝ දාර්ශනිකයින්නුත් නොයෙක් ආකාර වදන් වලින් නිරන්තරයෙන් අපිට ලබාදුන් පණිවිඩයයි.
මේ පිලිබඳ කතා බහ කරන්නට ඕනෑවටත් වඩා කාලය කා දැමු අප, මොහොතකට නැවතී අප ගැනම සිතා බැලුවහොත් නිවැරදි කලයුත්තේ කොතැනද යන වග අපටම පැහැදිලිවම පෙනී යනු ඇත.
අපේ නිවෙස් වලට නිතර ගොඩවදින ගෙදර වැඩ කටයුතු වලට අත් උදව්වට ගෙදරට එන බොහෝ පිරිස් ඇත. වත්තේ ඉතිරිව තිබෙන පොල් ගස් දෙක තුනේ පොල් කඩන්නට, ගෙමිදුල අතුගා තබන්නට අම්මාට උදව්වට ගෙදරට එන අයට අප සලකන්නේ කෙසේද? එසේත් නැතිනම් ඔවුන් අපට සලකන්නේ කෙසේද යනවග සලකා බැලුවහොත් අප වරදවා ගත් තැන් ඉතා පහසුවෙන් අපටම අවබෝධ කරගත හැක.
වත්තේ වැඩට හෝ ගෙදර වැඩට ආවේද අප වැනිම මනුස්සයෙකි. වෙනසකට ඇත්තේ දුප්පත්කමය. කොහේ හෝ වූ වැරදීමකින් ඔවුන් මුල්‍යමය වශයෙන් දුප්පත්ව ඇත. දුප්පත් කමට මුදලක් හිඟා නොකා ගෙදරක වැඩපල වලට උදව් වී ජීවිතය ගැට ගසා ගන්නා ඔවුනට තමන් සමග එකම මේසයේ වාඩිවී ආහාර ගැනීමට අප කීදෙනෙක් ඔවුනට ආරාධනා කර ඇති ද? අඩුම තරමේ අප හා සමාන උස ඇති ආසනයක වාඩිවීමට වත් ආරාධනා කර ඇත්ද?
අද මුළු ශ්‍රී ලංකාවම දුප්පත් රටක් වී අවසානය. රටින් රට ගොස් හිඟා කෑම වෙනුවට රටවල් සියල්ලම එක්තැන්වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අප මුදල් ඉල්ලා ගන්නේය. එම ආධාර එනතුරු බලා ඉන්නේය. ආධාර ඉල්ලා (හිඟා කෑමට) ගිය රාජ්‍ය නියෝජිතයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටවල් හා සමානමවූ පුටුවක වාඩිවී ගිහිඟමන් ඉල්ලන්නිය. ඔවුන් සමග එකම මේසයේ වාඩිවී දිවා භෝජනයද ගන්නේය. ඔවුන් රාජ්‍ය නායකයින්ය. එසේත් නැතිනම් අතිවිශේෂ නියෝජිතයෝය. එනමුදු ඔවුන් ශ්‍රී ලංකික නියෝජිතයින්ට මිටි ආසන වල හිඳගන්නට ඉඩ නොදුන්නේය. බත්පත බෙදා එළියේ ගලක් උඩට වී කන්නට ඉඩ නුදුන්නේය. මේ අපට ජාත්‍යන්තරයෙන් උගත හැකි මිල කල නොහැකි පාඩම් ය.
අප, රාජ්‍ය නායකයින්වත් අතිවිශේෂ පුද්ගලයින්වත් නොවේ. එසේම ඔවුන් ආවේ හිඟා කෑමටද නොවේ. එසේනම් අප ඔවුනට සැලකිය යුත්තේ කෙසේද?
අපි වෙනස් නොවී පරිසරය වෙනස් කල නොහැකිබව මින් ඉතා හොඳින් තේරුම් ගත හැකිය. මෙය අඩු වැඩි වශයෙන් ලංකාව පුරාම පැතිරී පවතින පුහු මානසිකත්වයක් බව අප සියල්ලෝම දනිමු.
පාලකයින් කතිරය ඉල්ලා හිඟා කා ආවිට මල්මාලා දමා පිළිගන්නටත්, ඔවුන් සොරාකා රට අන්ත අසරණ තත්වයකට ඇද දමා අපටම වින කරනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කරගත්තද ඔවුන් අපිට “තුමෙකි”. එනමුදු ලඟා නොවිය හැකි දුරින් ඇති පොල්ගෙඩියක් කඩා දී ගෙදර දොර වැඩපලට උදව් වී අපගෙන් හොරා නොකෑ අහිංසක මිනිසුන් “අර මිනිහය, අර ගෑණිය” . මෙය ඉතා සීරුවෙන් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණයකි.
එසේනම් සතුටින් සිටීමට කලයුත්තේ කුමක් ද, වෙනස් විය යුත්තේ කුමක් ද, වෙනස කල යුත්තේ කව්රුන් විසින්දැයි ඔබටම වැටහෙනවා ඇත.

දිනක රට හෙල්ලූ තාරුණ්‍යයේ අරගලය දිනෙන් දින සීරුවෙන් දියපල්ලට තල්ලු කරන්නට රාජපක්ෂ කල්ලියේ අනුග්‍රාහක වික්‍රමසිංහ අර අදිමින් සිටිනා බව අප සියල්ලන්ටම පෙනෙන්නටත් දැනෙන්නටත් ඇති කටුක සත්‍යයයි.
නිර්පාක්ෂික අරගලයට සර්වපාක්ෂික නායකත්වයක් ලබාදීමත් සමගම අරගලකරුවන් ගේ සැලසුම් සහගත උපාය මාර්ගික ඤාණය ගිලිහෙමින් පවත්නා බව අපට පැහැදිලිවම පෙනෙන්නට ඇති තත්වයයි.
වසර පනහකට ආසන්න කාලයක් දේශපාලනයේ යෙදිසිටියද කිසිදිනෙක ජනාධිපති නොවූ අතිශය අසාර්ථක වික්‍රමසිංහට අනුග්‍රහය දෙමින් ඔහුට අත්වැලක් වූ දේශපාලනයෙන් තෙම්පරාදුවූ රාජපක්ෂ කල්ලියට දේශපාලක උපදේශකයින් ඕනෑ තරම්ය.
මෙවන් පසුබිමක සිරගතවීම් අවම කර ගැනීම, තත් කාලින විකල්ප ක්‍රමවෙධයන්ට වේගයෙන් අනුගත වීම ජිවන බරින් හිස ඔසවා ගත නොහැකිවූ අරගලකරුවන්ගේ හිසමත පැටවෙන දැරිය නොහැකි බරක් වෙනු මිසක අරගලය ශක්තිමත් කර ගැනීමට ඉවහලක් නොවෙනු ඇත. එහෙත් ඒ හැර වෙනත් විසඳුමක් සොයා යෑම දැලිපිහියෙන් කිරිකනවා වන්නට සමාන වෙනු නොඅනුමානය.
පසුගිය දශක කීපය තුල ලොව සිදුවූ අසාර්ථකවූ විප්ලවයන් දෙවනුව ජයගත්තේද, නොයෙකුත් විදේශ ආක්‍රමණයන් මැඩපැවැත්වූයේද මෙවැනිම වූ පියවරයන් අනුගමනය කිරීමෙනි.
එසේනම් මිනිස් බලය, ශක්තිය පෙන්වා රනිල් – රාජපක්ෂ ජයග්‍රහණය කිරීමට තැත් කිරීම මදකට නවතා සැලසුම් සහගතව උපාය මාර්ගික ඤාණයෙන් අරගලය ජය ගැනීමට කාලය පැමිණ ඇතිබව අප හොඳින් අවබෝධ කර ගත යුතුය.

බොහෝ රටවල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත්, බාල වයස්කාර අපරාධකරුවන් ඉන් මුදවා ගැනීමටත් සොරකම් කොට සිරගතවූ සහ වරද කොට සිරගතවූ ස්ත්‍රී දුෂකයින් එම පුරුදු වලින් බේරා ගැනීමට සහ සමාජයට යලි මුසු කිරීමට පෙර ඔවුන්ව පුනරුත්ථාපනය කිරීමේ විවිධ ක්‍රමවේධයන් හඳුන්වා දී තිබේ.
මෑතකදී ශ්‍රී ලංකාවේද මෙලෙස මහා පරිමාණයෙන් මහජන මුදල් සොරකම් කල, කොල්ල කෑ බොහෝ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබුණි. සමහරෙක් ජනතාවගේ මුදලින් ව්‍යාපාර, කර්මාන්තශාලා මිලදී ගෙන ඇති අතර සමහරෙක් කොමිෂන් සහ අල්ලස් ගනිමින් තම මඩි තරකරගත් අතර ස්ත්‍රී දුෂකයින්ද මහා මග කාන්තාවන්ගේ රත්රන් මාල කඩා ගන්නා ලදැයි ප්‍රසිද්ධියට පත් පුද්ගලයින්ද බොහෝ ගණනක් නීතියේ රැහැනට හසු කරගැනීමට නොහැකිව නිදැල්ලේ ජනතාවගේ මුදල් කොල්ල කමින් ජිවත් වෙති. ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට තරම් බලයක් හෝ ශක්තියක් අප නිතිපොත්වලට නොමැති බැවින්දෝ ඔවුන්ගේ වරදට සිරගත කොට පුනරුත්ථාපනයකින් පසු ඔවුන් යලි සමාජයට මුසු කිරීමට අවශ්‍ය පරිසරයක් මෙතෙක් උදා වී නොමැත.
මෙහි හාස්‍යජනකත්වය වඩා තීව්‍ර වන්නේ, මහජනතාවගේ මුදල් මංකොල්ලකමින් රටම මහා අගාධයකට අද දැමුවන්ට එරෙහිව වීදි බැසි ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගනිමින් ඔවුන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ලහි ලහියේ සුදානම් කරමින් සිටිනුයේ ද මහජන මුදල් කොල්ල කෑ සොරු කණ්ඩායමම වීමයි. මෙවැනි අවස්ථාදී අප මුතුන් මිත්තන් “බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ ” යැයි කියමින් නිහඬවූ වාර අනන්ත අප්‍රමාන වූ බව අප දනිමු.
දැන් ගැටලුව වන්නේ පුනරුත්ථාපනයට පෙර සිරගත කලයුතු මහජන මුදල් කොල්ල කෑ පිරිස නිදැල්ලේ සිටියදී තම අයිතීන් වෙනුවෙන් කෑ මොරදුන් ජනතාව පුනරුත්ථාපනය කිරීමට නීති සකස් කිරීමෙන් මෙරට පත්වී ඇති අගාධයෙන් ගොඩ ගත හැකිද යන්නයි.
එසේම නීතියේ රැහැනට හසුනොවූ සොරුන්, දුෂිතයින් සහ කොල්ලකරුවන් සිරගතකොට, කොල්ල කෑ මහජන මුදල් කෙසේ හෝ නැවත පවරා ගැනීමට අවශ්‍ය නීතියේ ආධිපත්‍ය නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි.
මෙවන් පසුබිමක් යටතේ ජාත්‍යන්තර ප්‍රජාව, එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ජාත්‍යන්තර සම්බඳතා දිනෙන් දින අගාධයකට මිස වර්ධනයකට පත්වේයැයි එතෙරට අතපාමින් දිවි ගැට ගහ ගන්නා අපට බලාපොරොත්තු විය හැකිද?