Layout A (with pagination)

ඇවිදින විටත් නිදියන තාරුණ්‍යයේ නිර්මාතෘන් කවුරුන්ද?

මව හෝ පියාගෙන් යැපෙනා බහුතරයක් වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට සාමාන්‍ය ජනතාවගේ, එසේත් නොමැති නම් නිවෙසින් පිට මහජනතාවකගේ දුක් ගින්දර වේදනාව දැනෙන්නේද?, දැනිය හැකිද? මෙය සංවාදයට පාත්‍ර කලයුතු කාරණයක් බැවින්, ඒ සඳහා කතිකාව ආරම්භ කිරීමට මේ කෙටි සටහන ලිවීමට මා අදහස් කලෙමි.

ලමාකල ගෙවා වැඩිවියට පත්වූ තරුණ තරුණයින් තමන් ගේ අණසකට යටත්ව, තමන් ගේ අදහස් හා අභිමතාර්ථ අනුව යවමින් තමන් හා සමානම තවකෙකු මිස වෙනකෙකු ලොවට ඉතිරි නොකර මිය යන්නට බොහෝ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව වූ ශ්‍රී ලංකාවේ, තාරුණ්‍යයට මෙම රාමුවෙන් පිටතට පැනීම ඉමහත් අසීරු කාරියක් වෙන අතරම රාමුවට පිටතින් හෝ එයට ආසන්නයේ සිතීම පවා නිවැසේ පුරවැසිභාවය අහෝසිවීමටද හේතු කාරනාවක් විය හැක. ඒ බව අතීත හා වර්ථමාන සිදුවීම් මගින් අපට හොඳින් අවභෝද කරගත හැක.

ස්වාධීන චින්තනයක් නොමැතිවූ දු දරුවන්, දෙමව්පියන්ගේ පිය සටහන් ඔස්සේම පය තබනා අතර, ඔවුන් ස්වාධීන චින්තන රටාවෙන්ද ඈත්වීම පුදුමයට කාරනාවක් නොවෙන බව අප දනිමු. මේ හේතුවෙන්, දෙමව්පියන් ගෙන් උරුමවෙන ගති පැවතුම් අතර, “ගැති බවද” නිසැකවම ඔවුනට උරුමවෙනු කිසිවෙකුට වලකාලිය නොහැක.
ජීවිතය ගෙවන්නට, වගකීමක් දරන්නට, අයුක්තියට එරෙහි වන්නට සහ තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් දෙතොල් සෙලවීමට පවා ඔවුන් මැලි වන්නේය, ඔහේ ජීවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඇවිදින විටත් නිදිවැදුනු තාරුණ්‍යයක් බිහි වන්නේය. නව නිර්මාණ, නව අත්දැකීම්, දියුණුවෙන ලෝකයේ නව සොයාගැනීම් ඔවුනට මැජික් ම මිස වෙනෙකක් නොවන්නේය. මේ හේතුවෙන් අසහනයට මෙන්ම, අපහසුවට පත්වෙන තාරුණ්‍යය පිටස්තර ලෝකයක් ඉදිරියේ අතරමන් වීම සහ එතෙරට අතපෑම නොවැලක්විය හැකිය. මේ පිලිබඳ කිසිඳු අවභෝදයක් නොමැති මාපිය පරම්පරාව දරුවන් ගැන පම්පෝරි ගසමින් තව දුරටත් තම දරුවන් අසරණ කරනු විනා යහපතක් නොසලසන්නේය.

මේ පිළිබඳව මොහොතක් නැවතී සිතා බැලුවහොත්, දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව, ශක්තිය, ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට ඇති අවකාශ මුළුමනින්ම අහුරා ඇත්තේද අද දවසේ තාරුණ්‍යයේ මාපිය පරම්පරාවම වෙන බව අපට සහතික ලෙසම කිවහැකි ය. එසේනම් අද දවසේ අප, ජනතාව මුහුණ දී ඇති ගැටළු වලට විසදුම් සෙවීමේ ප්‍රමාදයට අඩු වැඩි වශයෙන්, මේ තාරුණ්‍යය බිහිකළ පරම්පරාව යම් තරමකට හෝ වගකිව යුතු බව කිව යුතුව ඇත.

Read More
Video

රනිල්ගේ දුර්දාන්ත පාලනය විසින් අදුරු සිරකුටියක සිරකර ඇත්තේ අපේ රටේ අනාගතයයි 

රනිල් රාජපක්ෂගේ දුර්දාන්ත පාලනය විසින් වසන්ත මුදලිගේ, හෂාන් සහ සිරි ධම්ම හාමුදුරුවෝ යන තරුණ අරගලකරුවන් තිදෙනා හිරු එලිය වත් නොවැටෙන අදුරු සිරකුටියක සිරකර තබමින් සිරකර ඇත්තේ අපේ  රටේ දු දරුවන්ගේ  අනාගතයයි. අනීතික බලයට එරෙහිව අරගල කිරීමේ ජනතාව සතු පාරිසුද්ධ අයිතිය ඊනියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දඩමීමා කරගෙන සිරකර තැබීම ඉදිරියේ, දිනන තුරු, මේ ක්‍රමය උඩු යටිකුරු කර උත්තරීතර ජනතා පරමාධිපත්‍යයෙන්, ජනතාවට වගකිය යුතු, වගවෙන, ජනතාවගෙන් සැදුම්ලත් ක්‍රමයක් සදහා දියත් කර ඇති මේ අරගලයට මුළු මහත් ලාංකීය ජනතාව ම එකා මෙන් සහබාගී නොවෙන්නේ නම් “මේ ලාංකීය ජන සමාජය පරිහානික සමාජයකි”

Read More

අපි පොලිසියට බයද? නැතිනම් පොලිසිය අපිට බයද?

අපි පොලිසියට බයද? නැතිනම් පොලිසිය අපිට බයද?

police යන වචනය සෑදී ඇති අන්දම ගැන සිතා බැලුවහොත්, එය Polite, Obedient, Loyal, Intelligent, Courageous and Encouraging ලෙස අර්ථ දක්වියහැකි අතර, සිංහලයෙන් එය විනීත, කීකරු, පක්ෂපාතී, බුද්ධිමත්, නිර්භීත සහ දිරිගන්වන සුළු ලෙස අර්ථවත් වේ. ඒවායේ මුලකුරු සම්බන්ද කලවිට POLICE යන්න “විකීපබුනිදි” ලෙස භාවිතා කිරීමේ කිසිඳු වැරද්දක් නොපෙනේ. ඉංග්‍රීසීන් ගෙන් ලද බොහෝ දෑ ඉතා ආඩම්බරයෙන් වැළඳගන්නා ජාතියක් ලෙස අපි, POLICE යන්න භාවිතාකිරීමේ කිසිඳු වැරද්දක් ද නොමැත.

ඉතා ඈත අතීතයේ සිට ලාංකිකයින් ගේ මුවට හුරු වදනකින් කතිකාව ආරම්භ කිරීම වඩා සුදුසුයැයි මම සිතමි.
“මොකද නිකන් හරියට පැන්ෂන් ගිය පොලිස් කාරයෙක් වගේ” අප මුතුන් මිත්තෝ කීහ. අතීතයේ පටන් ලාංකිකයින් මෙය හාවිතා කිරීමට හේතුව කුමක් විය හැකිද?

පොලිස් නිලධාරින් පොලිස් ඇඳුමෙන් සැරසී නොමැති අවස්ථාවල කිසිවෙකුත් ගණන් නොගන්නා කුලෑටි, ආත්මශක්තියක් නොමැති, නිතර බියෙන් පසුවන්නන් වෙන අතර, නිල ඇඳුම දාගත් සැනින් සිංහ සෙයියාවෙන් හැසිරීමත්, පැන්ෂන් ගියපසු, කල පව් පස්සෙන් එන්නා සේ කිසිවෙකුත් ගණන් නොගන්නා තත්වයට වැටීමත් මෙයට හේතුකාරකය වූ බව අප මුතුන් මිත්තන්ගෙන් අසා ඇත්තෙමු.

ඒ අතරම ඉතා කලාතුරකින් තමන්ගේ ආත්ම ශක්තියෙන් නැගී සිටිනා පොලිස් නිලධාරීන්ද අපට දැකගත හැක. අරගල සමයේ මෙවන් සිද්ධීන් කීපයක් අප දුටුවෙමු.

අඩුම තරමේ බැටන් පොල්ලක්වත් නොමැති කිසිඳු පොලිස් නිලධාරික් ඉහතකී “විනීත, කීකරු, පක්ෂපාතී, බුද්ධිමත්, නිර්භීත සහ දිරිගන්වන” ගණයට නොවැටෙන බව අප අත්දැකීමෙන්ම දන්නා කාරණයකි. එය අප මුතුන් මිත්තන් කී කාරනාව ස්ථාපිත කරවන්නට විනා එය බිඳ දමන්නට අසමත් වී ඇත.

මේ අතර ” බුද්ධිමත්, නිර්භීත සහ දිරිගන්වන” ගුණාංග ඉතා ඉහලින් ප්‍රදර්ශනය කරනු ලෑබූ සාමාන්‍ය ජනතාවේම පැතිකඩක් වූ නිරායුධ “අ ර ග ල” කරුවන් මේ පොලිස් නිලධාරීන්ට වඩා ඉතා ඉදිරියෙන් සිටි බව පසුගිය වකවානුව තුල සිදුවූ සිද්ධි මාලාවෙන් පැහැදිලිවම දක්නට ලැබුණි.

එසේ නම් ගැටලුව වන්නේ පොලිසිය හදිසිනීතිය, ඇඳිරිනීතිය, ගෑස් කැනිස්ටර් , ජල ප්‍රහාරක, බැටන් පොලු, තුවක්කු සහ බයිනෙත්තු නොමැතිව නිරායුධ අරගල කරුවන් හා හැපී ජයගත් අවස්ථා කීයෙන් කීයක් අප දැක තිබේද යන්නයි?
කාරණය ඉතා පැහැදිලිය…..

පොලිසිය අපිට බයද? නැතිනම් ජාතියේ පැතිකඩක් වෙන සාමකාමී අරගල කරුවන් වෙන අපි, පොලිසියට බයද?
හදිසිනීතිය, ඇඳිරිනීතිය, ගෑස් කැනිස්ටර් , ජල ප්‍රහාරක, බැටන් පොලු, තුවක්කු සහ බයිනෙත්තු නොමැතිව පොලිසියට නිරායුධ අරගල කරුවන් ජයගත හැකිද?

මෙය අප බුද්ධිමත්ව විමසා බැලිය යුතුය.

Read More
Video

මේ ජනතා අරගලය නිසැකවම ජයග්‍රහණයෙන් නිමවනු ඇත – ඉතින් ඊට පස්සේ?

සැබවින්ම අරගලකරුවනි, ඔබලාගේ දිරිය, දිවිහිමියෙන් කැපවීම, මානව දයාව සහ නොපසුබසින අධිෂ්ටානය ගැන අපට ඇති විශ්වාසය නිසාම අපි ඔබට කියමු. අතට හිතට මෙන්ම ඔලුවටත් කන්දෙන්න. අරගලයෙන් 225 පලවා දැමු පසු, යම් කාල පරාසයන් තුල කඩිනමින් ජනතාවට ලබාදිය යුතු අරගලයේ අපේක්ෂිත ජනතා ජයග්‍රහණයන්  කිහිපයක් –

  • 21 වෙනි සතවර්ෂයට ගැලපෙන නව ව්‍යවස්ථාවක් දින 21 තුලදී සම්පාදනය කොට ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීම
  • රජය නිරාගමික වීම – කිසිදු ආගමකට හෝ ආගමික නායකයෙකුට වරප්‍රසාද පිරිනොනැමීම
  • රට පිළිගත් ජනතා නියෝජිතයින්, උගතුන්, වියතුන්, සියලුම ආගමික නායකයින් සහ ලෝකය දිනියහැකි ව්‍යාපාර කරුවන්ගෙන් සැදුම්ලත් ව්‍යවස්ථා මණඩලයක් පිහිටුවා අගමැති ඇතුළු සියලුම පාර්ලිමේන්තු නියෝජිතයින් ව්‍යවස්ථා මණඩලයේ අධීක්ෂණයට හා නිරන්තර විපරමට ලක්කිරීමට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන ලබාදීම
  • රජය, රටේ ජනතාව කතා කරන/ලියන කියන ඕනෑම  භාශාවකින් ගනු දෙනු කිරීමට බැදී සිටීම
  • සියලුම පුද්ගලික මාධ්‍ය ආයතන රජයේ දේශපාලන හස්තයෙන් මුදවා, විශේෂයෙන්ම රජයේ මාධ්‍ය ආයතන ව්‍යවස්ථා මණඩලයේ අධීක්ෂණයට හා නිරන්තර විපරමට ලක්කිරීමට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන ලබාදීම

රට සාධනීය දිශානතියකට යොමුකල හැකියයි අප සිතන මෙම මුලික වෙනස්කම් මාස 6 වැනි කෙටි කාලයක් තුල ඉටුකිරීමට විභවයන් ඇතිව සිටීම අරගලයේ ජයග්‍රහණය නිසැකවම ජනතා ජයග්‍රහණයන් කරා ගෙන යාමට ඉවහල් වනු ඇත.

STRUGGLE – a hard fight in which people try to obtain or achieve something, especially something that somebody else does not want them to have

අරගළය –  සටන, පරිශ්‍රමය, ප්රෝත්සාහය, විශේෂයෙන්ම තමන්ට නොදෙන තමන්ට අයිති දෙයක්‌ ලබාගැනීමට කරන වෙහෙසකර උත්සාහය

Read More
Video

ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට රනිල්, තම නිරුවත පෙන්වයි.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් රනිල් සමග කරනා ලද සාකච්චා තුනකදී, රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් තමන්ගේ “නොසුදුසුකම” ප්‍රදර්ශනය කල අවස්ථා තුනක් මෙහිදී අපට දැකබලා ගත හැක.
දේශපාලනයෙන් තෙම්පරාදුවී ඇති ඔහු, මාධ්‍යවේදීන් ඉදිරියේ තමන්ගේ “හිවල් ” ගති මොනවට එළිදරව් කරනා අතරම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයින් මහත් අපහසු තාවයකට පත් කිරීමක් ද ඉන් සිදුවෙනු නොවැලක්විය හැකිය.

ප්‍රශ්නය: ඔබ රාජපක්ෂලාගේ පරණම මිත්‍රයෙක්, ජනතාව ඉල්ලන්නේ වෙනසක් නම් ඔබ කොහොමද ඒගොල්ලන්ට වඩා වෙනස් වෙන්නේ?
රනිල්: කොහොමද මම රාජපක්ෂලාගේ පරණ මිතුරෙක් වෙන්නේ? කවද ඉඳන්ද මම රාජපක්ෂලාව දන්නේ? මම ඒගොල්ලන්ට විරුද්ධ වුනා හැමදාම. ඔයා මේ අද ඇවිල්ල කියනවා මම රාජපක්ෂලාගේ මිත්‍රයෙක් කියල. පේනවද එක රාජපක්ෂ කෙනෙක් වත් මේ හරියේ ඉන්නවා?

දෙවන මාධ්‍ය හමුව:

ප්‍රශ්නය: ඔබ ජනාධිපති වුන දවසේ ඉඳන් ආරක්ෂක අංශ, අරගල කරුවන් එල්ල කරගෙන විවිධ අන්දමේ අත්අඩංගුවට ගැනීම් සිද්ධ කරලා තියෙනවා. ඔබ හිතනවද එහෙම කලාම රටේ දැන් තියෙන ප්‍රශ්න නිරාකරණය වෙයි කියල?
රනිල්: මම හිතන්නේ නැහැ රජයේ නිවාස ගිනිබත් කිරීමෙන් මේ ගැටලුව නිරාකරණය වෙයි කියල. අපි ඔක්කොම එක තේරුම් ගන්න ඕන. ඔබ හිතනවද ජනාධිපති මන්දිරය අල්ලා ගැනීමෙන්වත්, අගමැති මැදුර අල්ලා ගැනීමෙන්වත්, මගේ ගෙදර ගිනි තැබීමේන්වත්, පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට යාමෙන් වත් මේ ගැටලුව විසඳෙයි කියල?
ප්‍රශ්නය: ඔබ හිතනවද අත්අඩංගුවට ගැනීමෙන් හෝ ….(රනිල් කතාව මැද්දට පැන උත්තර සපයයි)
රනිල්: අපි අත්අඩංගුවට ගත්තේ නිතිය කඩපු මිනිස්සු. මම නෙවෙයි ඒවා කරන්නේ. එක පොලිසියට භාර දීල තියෙන්නේ හරියට නුඹේ රටේ වගේ. ඉතින් පොලිසිය තීරණය කරලා ඒගොල්ලන්ට දඬුවම් කරන්න. හැමදෙයක්ම කරලා තියෙන්නේ නීතියට අනුව.
ප්‍රශ්නය: ගොඩක් අරගල කරුවෝ ජීවන්ත පියතුමා, විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායක වසන්ත ඒවගේ තව ගොඩක් අය …(නැවතත් රනිල් කතාව මැද්දට පැන උත්තර සපයයි)
රනිල්: මම දන්නවා උඹ කතාකරලා තියන කණ්ඩායම. මේ සුළුතරයේ ප්‍රශ්නය මගේ පිටින් දාන්නයි ඔයා හදන්නේ, නමුත් මම උත්තර දෙන්නේ බහුතරයක් ජනතාව වෙනේවෙන්.

තෙවන මාධ්‍ය හමුව:

ප්‍රශ්නය: අපි ඔයගොල්ලෝ පටන් ගත්තු ව්‍යාපෘති ගැන කතා කලොත් රට අවදානමකට මුහුණ දෙන හැම අවස්ථාවකම ඔයගොල්ලෝ කරලා තියෙන්නේ රජයට අයත් ප්‍රධාන දේපල විකිණීම. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවාව වගේ දේවල්, ඇයි එහෙම වෙන්නේ?
රනිල්: ඇයි ඔය ගොල්ලෝ ඉන්දියන් ගුවන් සේවාව විකුනන්නේ?
මාධ්‍යවේදිනිය: නැහැ, මට දන ගන්න ඕනේ.
රනිල්: ඉන්දියන් ගුවන් සේවාව ගොඩාක් පාඩු ලැබුවා, හරවා ගන්න බැරි තරමට. අපිටත් එහෙම ප්‍රශ්න තමයි තියෙන්නේ. ආර්ථිකය අස්තාවරයි, ඒ නිසා අපිට තව දුරටත් ඒකට උපකාර කරන්න බැහැ. ඔයගොල්ලන්ට ඉන්දියන් ගුවන් සේවාව එක්ක තිබුණු එකම ප්‍රශ්නය තමයි අපිට මෙහෙ තියෙන්නේ.
ප්‍රශ්නය: ඔබ හිතනවද එහෙමනම් පෞද්ගලිකරණය තමයි හරි උපාය මාර්ගය කියල?
රනිල්: වෙන මොනවද අපිට කරන්න පුළුවන්?

Read More
aragalaya