Layout A (with pagination)

Video

අරගලකරුවන්ගේ හිමිකම් ජිනීවා සැසියේ අවධානයට

පසුගිය සැප්තැම්බර් 6 වෙනිදා, ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය නිකුත් කල පුවත් පත් නිවේදනයක සදහන් වන්නේ “ස්ථීරසාර වර්ධනයක් ලංකාවේ සිදුවෙන්න නම්, අතීතයේ සිදුවුන සහ වර්තමානයේ සිදුවෙමින් පවතින, මානව අයිතීන් උලන්ඝනය කිරීම්, ආර්ථික අපරාධ සහ පැලපදියම් වූ දුෂණය සදහා කිදාබැස ඇති මුක්තිය ඇතුලත් ආර්ථික අර්බුධයට පදනම් වන, සාධක පිළිගැනීමත්, ඒවා ආමන්ත්‍රණය කිරීමත් අතිශයින් වැදගත්” බවයි.

සැබවින්ම අරගලයට කලහැක්කේ අතීතයේ සිදුවුන සහ වර්තමානයේ සිදුවෙමින් පවතින, මානව අයිතීන් උලන්ඝනය කිරීම්, ආර්ථික අපරාධ සහ පැලපදියම් වූ දුෂණයට වගකිය යුතු චුදිතයින් නිරාවරණය කර, අවතැන් කර යුක්තිය පසදලීමට නීතිය ඉදිරියට පමුණුවීමට බලකිරීම පමණක්ද? එසේ නැතහොත්, අතීතයේ සිදුවුන සහ වර්තමානයේ සිදුවෙමින් පවතින, මානව අයිතීන් උලන්ඝනය කිරීම්, ආර්ථික අපරාධ සහ පැලපදියම් වූ දුෂණය සදහා කිදාබැස ඇති මුක්තිය ඇතුලත් ආර්ථිඅර්බුධයට පදනම් වන, සාධක පිළිගැනීමත්, අවංකවම ඒවා ආමන්ත්‍රණය කොට නැවත අන් කවරදාකවත් ලාංකික භුමිය මත එවන් මානව විරෝධී ක්‍රියාකාරකම් සිදු නොවීමට රටක උත්තරීතර නීතිය යයි සැලකෙන ව්‍යවස්ථාවේ සිට අනෙක් සියලුම අමන කම් ඓන්ද්‍රීයව වෙනස් කිරීමට විභවයන් එක්රැස් කර ගැනීම නොවේද? සැබෑ අරගල කරුවනි, අපි ඔබට කියමු, සටන් පාට, දිරිය, කැපවීම, සහභාගීත්වය මෙන්ම ඉදිරි දැක්ම, දුරදර්ශි ඥානාවූර්ධ නායකත්වය සහ සැලසුම් සහගත විසදුම් මෙන්ම, ආරක්ෂාව/අනාරක්ෂාව පිළිබද නිරන්තර අවදානම් විශ්ලේෂණයක් කිරීමද අරගලයට පමණක් නොව සැම පෙරළියකම අනුලන්ඝනීය සාධක වේ.

Read More

නෙලුම් කුළුණ දිගේ ස්වර්ගයට යන පාර ඇරෙවිද ?

නෙලුම් කුළුණ දිගේ ස්වර්ගයට යන පාර ඇරෙවිද ?

අපේ ලංකාවේ මිනිස්සු හිතන්නේ හරිම අමුතුම විධිහකට.
හැමෝම හිතන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මුලිකත්වය අරගෙන ලෝකේ හැම රටකටම වෙසක් පෝයට නිවාඩු දෙන්න වැඩ සැලැස්සුවා කියල.
ඒ වගේම තමයි රනිල් ට ජාත්‍යන්තර සම්බඳතා තියෙනවා කියල.
ඒ වගේම තමයි විදේශිකයින් ඩොලර් ගෙවල ටිකට් අරගෙන නෙලුම් කුළුණ බලන්න ඒවි කියල.

මේ කතා කිහිපය ගත්තොත්, මිනිස්සුන්ගේ බුද්ධිමට්ටම පිලිබඳ ලොකු ගැටළුවක් තියෙනවා කියල පෙනෙන්න මහාචාර්ය වරු අවශ්‍ය නැහැ. පොලවේ පය තියල ඇවිදින ඕනෑම කෙනෙක්ට තේරෙනවා මේ කතා තුනම දේශපාලන නිර්මාණ කියල.

වෙනදා වගේම ලංකාවේ දේශපාලකයින්ගේ ගුලි හොඳට අඹරලා බොන මිනිස්සු මේපාරත් එවිධිහටම ගුලි නොබී, නෙලුම් කුළුණ පිටින්ම ගිලලා. මිනිස්සු හිතාගෙන ඉන්නවානම් සංචාරකයෝ නෙලුම් කුළුණ බලන්න ලංකාවට එයි කියල, එහෙම හිතන අයට වැඩි ඈතක් යන්න කලින් කඹයක් සොයාගන්න වෙනවා එල්ලිලා මැරෙන්න. මොකද එක නිකන්ම නිකන් ගොන් බූරු සිතුවිල්ලක් නිසා. මේවගේ කුළුණු ලෝකේ වටේ කොච්චර තියෙනවද? නෙලුම් කුලුන පුදුම හතෙන් එකක් ද? නැහැ, ඒක නිකන්ම නිකන් රාජපක්ෂලා ගසා කන්න හදා ගත්තු කුළුණක්.

නෙලුම් කුළුණ ජනතාවට විවර්ත කරලා පළමු දිනයේම ලක්ෂ 15ක් ආදායම් ලබා ගත්තලු. ඉතින්, මේ සල්ලි ඩොලර් වලින් ලැබුන ඒවාද? නැහැ ඒ අපේ ගොන්නුන්ට කන්න නැති වුනත් නිෂ්ඵල දේවල් වලට, ශෝබනේට වියදම් කරන්න පුදුම ආශාවක් තියෙන නිසා උන්ගේ අතේ තිබ්බ කිසිදෙයක් කරගන්න බැරි රුපියල් උං ඒකට වියදම් කරලා.
අල්ලපු ගෙදර එකාට ඇහෙන්න නෙලුම් කුළුණ ගැන කතා කරන්න තියෙන තරඟය නිසා. මිනිස්සුන්ගේ මේ පුස් බව නැති කරන්නේ කොහොමද කියන එක විශාල ප්‍රශ්නයක්. නෙලුම් කුලුණෙන් ස්වර්ගයට යන්න පුළුවන් කියල හිතන එක වෙනස් කරන්න වෙනමම අරගලයක් කරන්න වෙනවා. ඒක වෙනස් කරන්න අපේ ජිවන රටාව, හිතන පතන විධිහ, ලෝකේ ගැන අවභෝදය වගේ ගොඩාක් දේවල් දියුණු කරගන්න වෙනවා. මිනිස්සුන්ගේ මේ චින්තනය සුළුවෙන් හරි වෙනස් කරන්න අපි ඔක්කොටම පුංචි හරි වගකීමක් තියෙනවා.

Read More

අපිව වලලන්න අපේ වලවල් කපා දීල තියෙන්නේ අපිම නේද?

රටේ ජනතාවට මේ තරම් දුෂ්කරතා තියෙද්දී ක්‍රිකට් ගැනත් දැල් පන්දු ගැනත් කතාකරනවා හැර වෙන දෙයක් දැන් නැහැ නේද? ඒ ඇයි කියල හිතෙන්නේ නැද්ද? ජාතියක් හැටියට අපි ඒතරම් උදාසීන වගේම ආත්මාර්ථකාමී වෙලා.
මාස් පතා පඩි ගන්න මධ්‍යම පාන්තිකයින් ලැබෙන පඩියට මොනවා හරි ඔන්න ඔහේ කාලා ඉන්නවා කියල වත්තේ බතල මයියොක්කා ටිකකුත් වවා ගන්නවා. පොල් ටිකක් ගාගෙන සම්බෝලයි බතුයි හරි කාල ඉමු කියල පහල මධ්‍යම පාන්තිකයෝ හිතනවා. දුප්පත් වෙලා උපන්නේ අපේ කරුමෙට කියල දුප්පතුන් වේලක් හැර වේලක් කාල හරි ඔහේ ඉන්නවා. ඔන්න ඕක තමයි දැන් වෙන්නේ.
මේ ගොල්ලන්ට බඩේ ඇවිලෙන ගින්දර අමතක කරවන්න ඉඳල හිටලා පොඩි චූන් එකක් දෙන්න මැච් එකක් දෙකක් පෙන්නනවා. මැච් එකක් දින්නම නොකා හරි නිදාගන්න පුළුවන් නේ කියල මෙගොල්ලොත් රුපවාහිනිය ගිලින්න වගේ බලාගෙන ඉඳල වතුර වීදුරුවක් බීල නිදා ගන්නවා.
අනේ අපි ඉස්සර වගේ කෑවේ නැහැ නේද කියල හිතෙන්නේ නැහැ. බඩු ගණන් ගිහින් නේද කියල අමතක වෙලා.
අපේ රටේ මුදල් කොල්ල කාපු එවුන් නේද මේ දත් තිස්දෙක පෙන්න පෙන්න පොරොන්දු දෙන්නේ කියන එකත් අමතක වෙලා. “අපිට පුලුවන්ද උන්ව එලවන්න” කියලත් කියනවා. “ව්‍යවස්ථාව ට පිටින් වැඩ කරන්නේ කොහොමද” කියලත් කතා වෙනවා. ඊට පස්සේ නිදාගෙන උදේට නැගිටලා හිත යටින් බැන බැන පොලුයි බතුයි කාලා ආයිත් ඔහේ දවස ගෙවනවා.
ඒවුනාට මේක තමයිලු ලෝකෙන් උතුම් රට. අනේද කියන්නේ.
සාක්‍ෂරතාවය ඉතා ඉහලයි වුනාට බුද්ධිමට්ටම ඉතා පහල තත්වයක කියලවත් තේරෙන්නේ නැහැ නේද?
ඉතින් අපි තව තවත් එතෙරට ණය වෙමු. ඉල්ලගෙන කන්න මිසක් වැඩක් කරලා කන්න දන්නෙම නැහැ නේද?
ඉපදෙන්න ඉන්න එකාත් ණය කාරයෙක් කලේ අපිම නේද? දැනෙන්නේ නැහැ නේද?
අපි මෙහෙම ණය කාරයෝ වුනේ අපි මේගොල්ලෝ ඉල්ලා ගත්තු ණය වලට මොනවද කලේ කියල ඒවා ගැන හොයල බැලුවේ නැති නිසා කියල වත් හිතුනේ නැහැ නේද?
“අපිට ජීවත්වෙන්න ප්‍රශ්නයක් නැහැනේ, අපි මොකටද ඕව හොයන්නේ?” එහෙම නේද අපි හිතුවේ. ඔන්න ඔහේ අපේ පාඩුවේ ඉන්නවා එක නේද කලේ?
දැන් තේරෙනවද වැරැද්ද කොතනද? වැරැද්ද කලේ කව්ද කියල? අපි ඇස් පියාගෙන, උදාසීනව අපි ගැන විතරක් හිතපු නිසා නේද?
එහෙමනම් උන්ට අපිව වලලන්න අපේ වලවල් කපා දීල තියෙන්නේ අපිම නේද?
අඩුම තරමේ ඒක ගැනවත් හිතන්න පටන් ගන්න, නැතිනම් අපි මේකෙන් ගොඩ එනවා බොරු.

මේකත් කැමති නම් අහලා බලන්න…

Read More

පාලකයෝ කියන්නේ චන්ද කොලේ අරගෙන අපේ ලඟට රස්සාවල් ඉල්ලගෙන ආපු අය

IMF එකෙන් ණයක් ගන්න පාලකයෝ නොකල දෙයක් නැහැ. ණය ගෙවා ගන්න බැරුව ඒගොල්ලන්ගේ නීති රීති වලට යටත් වෙලා ඉන්න පාලකයෝ කොහොම හරි බලන්නේ කාගෙන් හරි කියක් හරි ණයට ඉල්ලගෙන වියදම් කරන්න.

මර්ධනය පටන් ගත්ත.
මැති ඇමතිවරු කීප දෙනෙක්ව උසාවි ගෙනාව, ගෙනැත් උන්ගේම නිතිපතිගේ උදව්වෙන් උන්ට ඇප දුන්න.
අරගලයේ ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ රඳවාගෙන උන්ගේ කටවල් වැහුවා. උන්ට නඩුත් නැහැ ඇපත් නැතිකළා.
තෙල් නැතිබව පෙනෙන්නෙත් දැනෙන්නෙත් නැතිවෙන්න, තෙල් වලට QR කෝඩ් එකක් දීලා තෙල් පෝලිම අඩු කළා.
අත්‍යාවශ්‍ය කියල පෝලිමේ ඉඳන් ගත්තු ගෑස් වගේ දේවල් වල මිල සොච්චමකින් අඩුකරලා ගෑස් ගෙනාවා. ගෑස් ගන්න තිබ්බ පෝලිම් නැති කළා.
විදුලිය කපන එක අඩුකරලා ගාන වැඩි කළා.
පාන්, පරිප්පු, භූමිතෙල්, බිත්තර යනාදී අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල වැඩිකලා.
18න් වැඩි අය ගෙන් බදු අයකරන බව ප්‍රකාශ කළා නමුත් බදු නොගෙවා කට්ටි පැන්න හොරු අල්ලා ගන්න ක්‍රමයක් හැදුවේ නැහැ. 16න් වැඩි ඕනෑම කෙනෙක්ට රැකියාවක් කරන්න පුළුවන් කිව්වා. නමුත් රැකියා විරහිත උපාධිදාරීන් ඇතුළු අනෙකුත් අයට රැකියා හදන්න ක්‍රමයක් හැදුවේ නැහැ.
සුකෝපභෝගී භාණ්ඩ 300 ආනයනය තහනම් කළා. නමුත් රනිල්ගේ මිලියන ගණනක් වටිනා කාර් එක හදාගන්න කොටස් ගෙන්නන්නේ කොහොමද කියන එක කියන්නේ නැහැ.
දුරකථන සැටලයිට් රුපවාහිනි මිල වැඩිකලා. මේවගෙන් පාලකයිනට ගැටළුවක් වෙන්නේ නැතිබව අපි ඔක්කොටම අමතක වුනා.
නැතිවෙච්ච රත්තරන්, විශාල මැණික් ගල, රටින් පන්නපු ඩොලර් ගැන කතා කරන එක අමතක කළා.
උන්ම ගිනිතියාගත්තු උන්ගේම ගෙවල් හදාගන්න මුදල් උන්ම අනුමත කර ගත්ත.
බැංකු වලින් ගත්තු ණය ගෙව්වේ නැති පාලකයින්ගේ ණය බොල් ණය කළා. ජනතාව ගත්තු ණය වල පොළී වැඩිකලා.
එලවපු ජනාධිපති, හිටපු ජනාධිපති හැටියට ආපහු ලංකාවට එක්කගෙන ආව.

මේකට ගොඩාක් හේතු තියෙනවා. ප්‍රධාන හේතු ගැන හිතුවොත්,
ප්‍රධානම හේතුව තමයි සුද්දන්ගෙන් පස්සේ රට කරවපු උන් විශාල වශයෙන් රාජ්‍ය දේපල මංකොල්ල කෑම. අනිත් හේතුව තමයි රටේ ජනතාවට හරියන ආර්ථික ප්‍රතිපත්තියක් නැතිව මැති ඇමතිවරුන් ගේ මල්ලට කියක් හරි වැටෙන ආර්ථික ප්‍රතිපත්තිම හදන්න උන් වග බලාගත්තු එක.
මේ හේතුවෙන්, පිටරැටියන්ට දත නියවලා මුදල් ලබාගන්න හදනවා මිසක රටේ නිශ්පාදන ක්‍රියාවලිය නැත්තටම නැතිකර ගැනීම.
බලාගෙන ගියාම මේ ඔක්කොටම හේතුව ජනතාව මුලික කරගත්, ජනතාවට හිතැති රාජ්‍ය පාලනයක් නොතිබීම.
එහෙමනම් අපට ප්‍රශ්නයක් එනවා.
එහෙම නම් අපි කතිරේ ගහල තියෙන්නේ ඇත්තටම උන්ව අපේ නියෝජිතයෝ හැටියට තෝරා ගන්නද එහෙමත් නැතිනම් උන්ට අපි වෙනුවෙන් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ යන්න එපා කියන්නද කියන එක.
ඔව් එහෙම හිතුවොත්, අතින් කතිරේ ගැහුවට හිතින් උන්ව එපා කියල නේද තියෙන්නේ කියල අපිට දැන් දවසින් දවස තේරුම් යනවා නේද?
කොහොම වුනත් මේ තියෙන ක්‍රමය යටතේ තව අවුරුදු ගානකට ගොඩ එන්න බැරිවෙන විධිහට රට අන්ත අසරණ තත්වයකට පත්වෙන එක නවත්වගන්න කිසිකෙනෙක්ට බැරිවෙනවා. සෑම පුරවැසියෙකුටම ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය දැනට තියෙන රුපියල් ලක්ෂ 10 ඉක්මවා යනවා. ප්‍රශ්නය තියෙන්නේ කිසිම දවසක ණයක් නොගත්තු අපිටත් අනුන්ගේ නයකට කරගහන්න වෙන එක. ඒගොල්ලෝ නැතිනාස්ති කරන, වංචා කරන ජනතාව සතු දේවල් වල බර, ජනතාව දරන්නවත් ගෙවන්න වත් උවමනා නැහැ.


මේ ගැටළු මද පමණකින් වත් ලිහිල් කරගෙන රට ගොඩ ගන්න නම්, මේ ක්‍රමය වෙනස් වෙන්නම ඕන.
ක්‍රමය වෙනස් වෙනවා කියන්නේ, පාලන ක්‍රමය ජනතාව සතුවෙන්න ඕන. ජනතාවට නිතර නිතර පාලකයිනට බලකිරීම් කරන්න පුළුවන් වෙන්න ඕන.
අපියි උඹලව ඔතනට යැව්වේ, උඹල අපිට හොඳ දේ, රටට හොඳදේ කරන්නේ නැතිනම් අපිට උඹලා එපා කියල ඕනෑම වෙලාවක එලියට දාන්න පුළුවන් බලයක් අපි, ජනතාව සතුවෙන්න ඕනි.
හොඳට හිතල බැලුවොත් දේශපාලකයෝ කරන්නෙත් අපිවගේම රස්සාවක්. අපි රස්සාව කරන තැන හරියට රස්සාව කලේ නැතිනම් අපිව අනිවාර්යයෙන්ම එලියට දානවා වගේ, අපිටත්, පාලකයෝ හරියට තමන්ගේ රාජකාරිය කරන්නේ නැතිනම් එලියට දාන්න පුළුවන් වෙන්න ඕනි. ඒකට අපිට අරගල කරන්න අවශ්‍ය නැහැ.
අපිට රස්සාවෙන් අස්වෙන්න කියල අපි වැඩ කරන තැන් වල හාම්පුත්තු අරගල කරන්නේ නැහැ වගේ, අපිටත් අපි වෙනුවෙන් වැඩකරන මේ පාලකයෝ අයින් කරන්න අරගල කරන්න අවශ්‍ය නොවෙන තරමට අපේ බලය අපේ අතට ගන්න ඕනි. එහෙම නොවෙන්න මේ ක්‍රමය කවදාවත් වෙනස් කරන්න බැරිවෙනවා.
මේකට අපි ඔක්කොටම අලුතින් හිතන්න පටන් ගන්න වෙනවා. පාලකයෝ කියන්නේ චන්ද කොලේ අරගෙන අපේ ලඟට රස්සාවල් ඉල්ලගෙන ආපු අය නේද කියල මතකතියා ගන්න වෙනවා. අපි ඒගොල්ලන්ගේ හාම්පුත්තු කියන එක මතක තියා ගන්න වෙනවා.
ඒගොල්ලෝ පත්කලා වගේම එලියට දාන එකත් සාමකාමිව කරන්න මහජනතාවට හැකියාවක් තියෙන්න ඕනි. අන්න ඒක තමයි අපිට පැටවිලා තියෙන අද දවසේ කාර්ය භාරය.

Read More

ජනතාවගේ බලය යලි යලිත් දුෂිත දේශපාලකයිනට මතක් කර දිය යුතුව ඇත.

ජනතාවගේ බලය යලි යලිත් දුෂිත දේශපාලකයිනට මතක් කර දිය යුතුව ඇත.

පොහොට්ටුවේ චන්දයෙන් ජනාධිපති වූ අපේ වචනයෙන් කියතොත්, පිං ජනාධිපතිවූ රනිල් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කොට ඇතිබව අප සැමටම ඉතා පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අන්තරේ ශිෂ්‍ය නායකයින් රඳවා තබාගැනීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, මුලික මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂණ සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකානු තානාපති කාර්යාංශය ට්විටර් පණිවිඩ වලට එහා ගිය බලපෑම් හෝ බලකිරීම් කිසිවක් ශ්‍රී ලංකා රජයට කිරීමට පසුබට වන බවක් පැහැදිලිවම දකින්නට තිබේ.
එයට හේතුව කුමක්දැයි සුළුවෙන් හෝ වටහා දීම අපගේ අද දවසේ කාර්යභාරය යයි අප විශ්වාස කරමු.
දින කිහිපයක් ආපස්සට ගොස් මෙය තේරුම් කරදීම ඉතා වැදගත් වෙනබව මෙහිලා සඳහන් කල යුතුය.
මුලින්ම පසුගිය කාලයේ රාජපක්ෂලා විසින් අරගල කරුවන්ට පහර දීමත්, රනිල් ගේ පෞද්ගලික භට හමුදාව, ගාලුමුවදොර අරගල කරුවන්ට දැඩි ලෙස පහරදීමත් සමගම ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකා රජය දැඩි විවේචනයට ලක් කර තිබුණි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා රනිල්ගේ රජයට සෑහෙන මට්ටමකට බලපෑම් කිරීමට සමර්ථ වී තිබුණි.
ඊට දින කිහිපයකට පසු කොහේදෝ සිට චීන යුධ නවුකාවක් ශ්‍රී ලංකාවට සැපත් විය. එය ජාත්‍යන්තරයට මුඛ වාඩම් බැඳීමට සමත්වෙන සේ රනිල් වික්‍රමසිංහ ගැසූ ඉතාමත් සාර්ථක ගැටයක් බව කිසිවෙකුටවත් සිතාගත නොහැකි විය.
භූගෝලීය වශයෙන් ඉතාම වටිනා සන්ධිස්තානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව, ඇමරිකාවට, චීනයට සහ ඉන්දියාවට ඉතා වටිනා දිවයිනකි. චීන නවුකාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් ලංකාවට චීනය කෙතරම් සමීප දැයි රනිල් ජාත්‍යන්තරයට පෙන්වා දුන්නේය. එහෙයින් ඇමරිකාවේ මුල්‍ය ආධාරයෙන් රැකෙන සංවිධාන වලට මුඛවාඩම් බැඳීම ඇමරිකාව ලවාම කරවා ගැනීමට රනිල් සමත් විය.
චීනය පසෙකට තල්ලු කරමින් හැකිතරම් ඉක්මනින් ශ්‍රී ලංකා රජය සමග ඉතා හොඳ මිත්‍රත්වයක් ඇතිකර ගැනීමට නම් ඇමරිකාවට ශ්‍රී ලාංකික පොදුජනතාව ගේ අයිතිවාසිකම්, රජයෙන් කෙරෙනු ලබන මර්ධන සහ වංචා දුෂණ සියල්ල නොදැක්කා සේ සිටීමට සිදුවී තිබේ. දැන් දැන් එය සිදුවෙමින් පවතින බව අප සියල්ලෝම දනිමු.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
ශ්‍රී ලාංකිකයින්ගේ එක පුද්ගල ණය ප්‍රමාණය දස ලක්ෂයේ සිට ඉහළට මිස පහලට නොයනු ඇත.
වංචාකාරී දුෂිත දේශපාලුවන් පන්නා ගැනීමට මුලිකත්වය ගත් පුද්ගලයින් සිරභාරයට ගනු නොඅනුමානය.
රජය විවේචනය කරනු ලබන සංස්ථා සහ සංවිධාන තහනම් කරනු ඇත. එසේනම් පිඩනයට පත් පොදු ජනතාව කෙසේ මේ සටන ජයගත යුතුද යන්නද මෙහිදී සිහිපත් කල යුතුව ඇත.
අරගල භූමියක් නොමැති අරගල කරුවන් ලක්ෂ ගණනින් දිවයින පුරා විසීරී ඇත. මුදලිගේ ඇතුළු ශිෂ්‍යයින් බේරාගැනීමට කඩිනම් නොවුවහොත් අපට ඉතිරිව ඇති අවසාන තුරුම්පුවද රනිල්ගේ දෙකේ කොලයට යට වෙනවා ඇත. එසේනම් කල යුත්තේ කුමක්ද?
අප කෙසේ හෝ අපගේ බලය, ජනතාවගේ බලය යලි යලිත් දුෂිත දේශපාලකයිනට මතක් කර දිය යුතුව ඇත. ජුනි 9 වැනිවූ දිනයන් ගණන සංඛ්‍යාවෙන් වැඩිකළ යුතුය.
නිතර නිතර ජනබලය ඔවුනගේ බලයට වඩා දස දහස් ගුණයකින් බලවත් බව දුෂිත දේශපාලකයින්ට පෙන්වා දිය යුතුය. මේ සඳහා අප වහ වහා වීදි බැසිය යුතුය. හදිසිනිතියේ සිට අසාධාරණ, තාඩන පීඩන සහ මර්ධන නවත්වන්නැයි බල කරමින් එකාමෙන් පෙළ ගැසිය යුතුය. ඒ හැර අන් කිසිම විසඳුමක් සාමකාමී ජනතාව වූ අපට ඉතිරිවී නොමැත.

Read More
aragalaya