Layout A (with pagination)

පොහොට්ටුවේ උන් දැන් “Sleeping with enemy”

මේ ඉන්නේ අරගල භුමියේ හිටපු අංශු මාරසිංහ ගේ ගෝලයෙක්. මේගොල්ලෝ රනිල් ජනාධිපති වුනාට පස්සේ අරගලයෙන් අතුරුදහන් වෙච්ච අය. අප්‍රේල් 21 වෙනිදා අරගල භූමියේදී රනිල්ගේ ගෝලයත් එක්ක ගත්තු චායාරුපයක් මෙම ලිපියේ පහල තියෙනවා.
රනිල්ගේ මුල්ම තේපැන් සංග්‍රහයේත් මෙයා ඉන්නවා. අරගලයෙන් ඵල නෙලාගෙන තියෙන්නේ රනිල් කියන එක මේවගෙන් පැහැදිලිවම පෙනෙනවා. බැසිල් සමග පොහොට්ටුවේ උන් ඔක්කොම ඒ රනිල්ට තමයි රැවටිලා, උන්ගේ ආරක්ෂකයා හැටියට රනිලව පත්කර ගත්තේ. නමුත් පොහොට්ටුවේ එකෙක් වත් දන්නේ නැතිව ඇති රනිල්ගේ ගේම. අන්තිමට රාජපක්ෂලා එලවන අරගලයේ කොටසක හිටි රනිල් රාජපක්ෂලාගේ ම පොහොට්ටුවෙන් ජනාධිපති කළා. දැන් ඉතින් ඒගොල්ලෝ ඔක්කොම “sleeping with enemy” තමයි.

Read More

මේ කව්ද මොනවද කරන්නේ? මේ පුෂ්පලාල් ද?

නමට පුශ්පලාල් කුමාරසිංහය. අම්බලන්ගොඩ ප්‍රදේශීය සභාවේ සභාපතිය. සභා බල ප්‍රදේශයේ සියලු පස්කඳු මොහුගේ බූදලයන්ය. ආගමික නායකයින්ට එලව එලවා පොලු පහර දීමට දක්ශයෙකි. සභා බල ප්‍රදේශයේ පැරණි ලිඳක තිබු විශාල ගල් කුට්ටි වලින් මොහුගේ ගෙදර තාප්පය හැඩවී තිබේ. වරක් සභාවේ මන්ත්‍රී කෙනෙකුගේ බිරිඳක ඇසුරි කිරීමට ගොස් ගුටිනොකා බේරුනේ නුලෙන්ය.

Read More

ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත.

පවතින ආණ්ඩු ක්‍රමයේ විශාල වරදක් ඇතිබව අපි හොඳාකාරව අවබෝධ කරගත්තේය. පැවතුනු සහ තවමත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල එකම ආසනයක් වත් හිමි නොවූ රනිල් වික්‍රමසිංහ, තම පක්ෂයට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී වරුන් 134 දෙනෙකුගේ මනාපයෙන් ජනාධිපති වුයේ එහෙයිනි. ඉන්පසුව පැවති රාජාසන කතාවේදී, තමනට මනාපව සහ විරුද්ධව චන්දය දුන් සියලුම මන්ත්‍රී වරුන් උදෙසා ඔහු පැවසු වදන් අතර,
” කතා කරන්න, සද්ද නොකර ඉන්න එපා”
“ඇයි අපි එකතු වෙන්නේ නැත්තේ”
“ඇයි බය, බලය තියෙන්නේ අපේ ලඟ?”
වැනි වදන් අප මතකයෙන් ගිලිහි ගොස්ය.
මේ ඔහු ඇමතුයේ ජනතාවට නොවන වග අප බොහෝ දෙනෙකු තේරුම් නොගත්තේය.
ඔහු ඇමතුයේ ඔහුගේම පන්තියේ හොරු රැලකටය.
පිඩනයට පත් ජනතාව විසින් තම පන්තියේ පැවැත්ම මුළුමනින්ම අතුගා දැමීමට පෙර රාජපක්ෂලා විසින් තෝරාගත් තම පංතියේ රනිල්, පාර්ලිමේන්තුවේ හොරුන් 225 ට ආත්මශක්තිය, රැකවරණය සහ වගකීම සහතික කලේ එදා දළඳා මාලිගාව අභියසදීය. එය ඔහු සහතික කල ලෙසම සිදු කරමින් ඇත. දැන් විරුද්ධ පක්ෂයක් නැත. රජයේ වැරදි තීරණ, මන්ත්‍රණ සභාවේ විවාදයට ලක්කරණ කණ්ඩායමක් නොමැත. විවාද කලද රජයේ යෝජනා සියල්ල වැඩි චන්දයෙන් සම්මත වෙනු ඇත. හදිසිනීතිය සම්මතවීමෙන් ඒබව මනාව ඔප්පු කරනු ලද්දේය. ඒ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කර ගැනීමේ තීරණාත්මක සන්ධිස්ථානය පසුකරලීමට මිසෙක ජනතාව වෙනුවෙන් නොවේ. පාක්ෂිකයින් හැමෝම එක්වී නමින් පමණක් සර්වපාක්ෂිකවූ රජයක් ගොඩනැගීමද එහිම කොටසකි. වැඩිකල් යන්නට මත්තෙන්, හොරා කෑම යලිත් ආරම්භ කරනු ඇත. වෙනසකට ඇත්තේ මෙවර එය ජනතාවට හෙළි දරව් කිරීමට විපක්ෂයක් නැතිවීමය. එමගින් හොරකම මුළුමනින්ම වසන් කිරීමට රනිල් ප්‍රමුඛ රජය සමත්වෙනවා ඇත.
ජනතාව තවමත් පිඩනයේය. රුපියල් සියයක් – දෙසියයක් අඩුකරනු ලබන භාණ්ඩ මිල දහස් ගනින් මිල ඉහල දැමු භාණ්ඩ වල මිල බවවත් අප මතකයේ නැත. සමහරෙකුට මෙම භාණ්ඩ මිල පහත දැමීම රනිල්ට වන්දනා මාන කිරීමට තේවාව ඇරඹුවා වැනිය.
සාක්ෂරතාව ඉතා ඉහල තිබෙනා ශ්‍රී ලංකාවේ බුද්ධිය අවමයට ලිස්සා ගොස් ඇතිබව මෙයින් පැහැදිලි වෙන අතර එය අප සියල්ලන්ගේම අභාග්‍යය වී ඇත.
පසුගිය දශක ගණනාව තුල, රජය සහ ඒ හා බැඳුනු මාධ්‍ය ජනතාවගේ බුද්ධිය අගාධයටම අද දැමීමේ කාර්‍යය අකුරටම ඉටුකර තිබේ, එලිමහන් සංගීත සංදර්ශන, රුපවාහිනී නාලිකා හරහා වැපිරූ නොයෙකුත් සංගීත තරඟ, නැටුම් තරඟ සහ ප්‍රේමනීය ලෝකයන් අතර හිරවුණු තරුණ පරම්පරාව බුද්ධිය වෙනුවට මනං කල්පිත ලෝකයන්ට ඇදදමා හමාරය.
ගාලු මුවදොර අරගලයේ හදවත් තුල ස්පන්දනයවූ වේදනාව තේරුම් ගත හැකිවූ තරුණ පරම්පරාවක් සිටියේ නම් එවන් තරුණයින් ගාලුමුවදොර තනි නොකරනු ඇත. එසේ නොමැති රැල්ලට එක්වූවන් සියල්ලෝම පාහේ අතුරුදහන් වී ගොස්ය. එය එදිනෙදා ජිවිතයට බුද්ධිමය දායකත්වයක් ලබා දෙන්නන් දුබල වීම මිස, අරගලයේ කරුණු කාරණා ඉටුවීම නිසා නොවෙන බව අප හොඳින් දනිමු.
“අරගල කරුවන්” කියා වෙනම ජාතියක්, කණ්ඩායමක් හෝ පන්තියක් නොමැත, ඇත්තේ දුක්විඳින ජනතාවගෙන් කොටසක්ය.
QR සංකේතය දැන් ජිවිතයේ කොටසක් ය, හදිසිනීතිය ජිවිතයේ කොටසක්ය, තැනින් තැන අතුරුදහන් වෙන තරුණයින් ගැන ලැබෙනා ආරංචිත් ජිවිතයේම කොටසක් ය. නමුත්, ජීවත්වීම ජිවිතයෙන් ඈත්වී ගොස් කොතරම් කල්දැයි කිවහොත්, ඒ බවද අමතකවී හමාරය. එවැන්නක් අවභෝද කරගැනීමට තරම්වත් බුද්ධියක් බහුතරය සතු නොවීම ජාතියේම අභාග්‍යයකි. අරගලය තුලින් අවදිවූ බුද්ධිමතුන්ද දැන් දැන් නිදිකිරා වැටෙමින් සිටී. එසේනම් අපගේ හෙට, අනිද්දා සහ අනාගතය තීරණය කිරීමට මේ පට්ට හොරු රැලටම ඉඩදී බලා සිටිමුද?
නැතිනම් නින්දෙන් අවදිවී හෙට ඉපැදෙන පරම්පරාවේ සාපයෙන් ගැලවෙමුද?
එසේ නොවුව හොත් සොරාගත් දේපල නැවත ලබාගැනීම සිහිනයක්ම වන්නේය.
ජීවිතය අත්විඳිම ප්‍රබන්ධ කතාවලින් මිස වෙනත් අයුරකින් අවබෝධ කරගත හැකි නොවෙනු ඇත.

Read More

We salute you!

Even though I was not fully aware of how dangerous the situation was in the “Struggle Grounds”, this excellent piece of photojournalism tells us a story.
Led by the puppet, his no excellency President Ranil Wickramasinghe, it is apparent that the “Regime” has begun safeguarding its hastily cobbled illegal government. I do not know the name of this catholic priest running for safety, but I salute him for his courage and empathy in supporting this inevitable and historical struggle in Sri Lanka.
You might be wondering, what could possibly happen if you are actively engaging, supporting and opposing an unlawful government, which brings about misery in catastrophic proportions? The answers are clear. Historically we have seen that the ruling illegitimate governments’ solutions for people fighting for their rights and survival are suppression, unlawful arrest and detention, abductions, involuntary disappearances and murder.
Salvadorian Archbishop Romero spoke out against social injustice and violence amid the escalating conflict between the Military Government and left-wing insurgents that led to the Salvadoran Civil War. In 1980, Romero was shot by an assassin while celebrating Mass. Though no one was ever convicted for the crime, investigations led by the UN Truth Commission for El Salvador concluded that Major Roberto D’Aubuisson, a death squad leader, had ordered the killing. Major Roberto was the founder of the right-wing Nationalist Republican Alliance (ARENA) political party.

Whether it’s in Sri Lanka or elsewhere, history shows that corrupt governments tend to focus their efforts on silencing the people instead of finding solutions for the crisis. We know it, they know it and so does this Catholic Priest willing to put his life on the line for our people. We salute you!

Read More

ලංකාවෙන් අවතැන් වූ ලාංකිකයෝ “ඩයස්පෝරාව” ද?  නැතහොත් “සරණාගතයෝද” ?

“ඩයස්පෝරාව” හෝ එහි වාඩාත් නිවැරදි අර්ථයෙන් ගතහොත් “සරණාගතයා” ලාංකික ජාතිවාදීන්, වර්ගවාදීන් හා ගෝත්‍රිකයින් විසින් වෙනස් කිරීමේ අරගලය අරභයා අලුතින් නිර්වචනය කිරීම

ඊයේ පෙරේදා, මුළු මහත් අරගලය පුරාම අභීතව තම අදීන අදහස් ප්‍රකාශ කල, ලංකාවේ පුංචි සිනිමාව එලියකළ රංගන ශිල්පිනි දමිතා අබේරත්නගෙන් තමන් නොදන්න බව වත් නොදන්නා මාධ්‍යවේදියෙකු “අරගලයට සල්ලි එන්නේ ඩයස්පෝරාවෙන්ද”? ඇසුවිට, ඇය නිහතමානීව සිනාසුනේ ලංකාවේ සියලුම ජාතිවාදීන්, වර්ගවාදීන් හා ගෝත්‍රිකයින් ට විය යුතුය.

අප කලින් ලියු ලිපියක සදහන් කළපරිදි “නව පරපුරේ ලාංකීය අරගලකරුවා” අපට දිනාදුන් සියලු ජයග්‍රහණයන් සඳහා නිරතවුයේ, අප ඉදිරියේ බෞතිකව පැනනගින “අරගලයේ” පමණක් නොව, අපට නොපෙනෙන, පැති කිහිපයකින් අමෝරාගෙන එන අවි, අවලාද, අපවාද සහ නොදන්නා බවවත් නොදන්නා සමාජයක් සමගය බව ලියා තැබුවේ එහෙයිනි. අපේ මවුබිමේ (ලංකාවේ) හැර ලෝකයේ අනෙක් සියලුම සියලුම රටවල ජීවත්වන සියලුම ලාංකිකයෝ වචනයේ පුළුල් අර්ථයෙන්ම සරණාගතයෝය නැතහොත් සිංහල, දමිල, මුස්ලිම් හා බර්ගර්”ඩයස්පෝරාව” ය.  අපේ සමාජයේ සර්ව අසුභාවාදීන්, පසුගිය මාස කිහිපයක් පුරාවටම, ලංකාවේ අප දැකිය යුතු, තිබියයුතු සහා දිවිහිමියෙන් රැකගත යුතු “ජාතික සමගිය” අරගල භූමියේදී ඇස්පනාපිට දකිමින්, එහෙත් කුහක වත සඟවා ගත නොහී ප්‍රශ්න කරන්නට ඇත්තේ අරගලයට සල්ලි එවන්නේ දමිල ඩයස්පෝරාවෙන්ද? යන්න දැනගැනීමට වියහැක. එසේ නම් අරහගලයට පිටරටින් සල්ලි එවූ සිංහල, මුස්ලිම් හා බර්ගර් ජනතාව “ඩයස්පෝරාව” ට අයිති නොවන්නේද?

නොනවතින, නොනැවතෙන, නැවතිය නොයුතු  අරගලයට ජයවේවා!

Read More
aragalaya